Muslim99Muslim99
← Tafsir library

5. Al-Maaida

The Table · Medinan · 120 ayahs

سُورَةُ المَائـِدَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 120

31

فَبَعَثَ ٱللَّهُ غُرَابًۭا يَبْحَثُ فِى ٱلْأَرْضِ لِيُرِيَهُۥ كَيْفَ يُوَٰرِى سَوْءَةَ أَخِيهِ ۚ قَالَ يَٰوَيْلَتَىٰٓ أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَٰذَا ٱلْغُرَابِ فَأُوَٰرِىَ سَوْءَةَ أَخِى ۖ فَأَصْبَحَ مِنَ ٱلنَّٰدِمِينَ

පසුව තම සහෝදරයාගේ දේහය කෙසේ සැඟවිය යුතුද යන්න ඔහුට දැනුම් දීම සඳහා අල්ලාහ් කපුටෙකු යැවුවේය. එය (ඔහුගේසහෝදරයාගේ දේහය කෙසේ සැඟවිය යුතුද යන්න ඔහුට පෙන්වීම පිණිස) භූමිය හෑරුවේය. (මෙය දුටු) ඔහු “අහෝ! මෙම කපුටා මෙන් (සුළු දැනුමක් ඇති කෙනෙකු වශයෙන්) මා සිටියේ නම්, මගේ සහෝදරයාගේ මිනිය මා සඟවා ඇත්තෙමි නොවෙද! (එයත්) මගෙන් සිදු වූයේ නැත නොවෙද!”යි (හඬා) වැළපෙමින් දුකෙහි ගැලී ගියේය.

තම සහෝදරයාගේ දේහය ආවරණය කළ යුතු ආකාරය දැන ගනු පිණිස ඔහු ඉදිරියේ මිය ගිය කපුටෙකු වළ දමන තවත් කපුටෙකු අල්ලාහ් එව්වේය. එම අවස්ථාවේ තම සහෝදරයාව ඝාතන කළ තැනැත්තා: අහෝ විනාශය! මියගිය කපුටාව වල දැමූ කපුටා මෙන් වීමට තරම් මට නොහැකි විය. මාගේ සහෝදරයාගේ දේහය මම වල දමමි යැයි පවසා පසුව ඔහුව වල දැමීය. අවසානයේ ඔහු අලාභවන්තයින් අතරට පත් විය.

Al-Maaida 5:31Listen in Qur'an →
32

مِنْ أَجْلِ ذَٰلِكَ كَتَبْنَا عَلَىٰ بَنِىٓ إِسْرَٰٓءِيلَ أَنَّهُۥ مَن قَتَلَ نَفْسًۢا بِغَيْرِ نَفْسٍ أَوْ فَسَادٍۢ فِى ٱلْأَرْضِ فَكَأَنَّمَا قَتَلَ ٱلنَّاسَ جَمِيعًۭا وَمَنْ أَحْيَاهَا فَكَأَنَّمَآ أَحْيَا ٱلنَّاسَ جَمِيعًۭا ۚ وَلَقَدْ جَآءَتْهُمْ رُسُلُنَا بِٱلْبَيِّنَٰتِ ثُمَّ إِنَّ كَثِيرًۭا مِّنْهُم بَعْدَ ذَٰلِكَ فِى ٱلْأَرْضِ لَمُسْرِفُونَ

මේ හේතුව නිසාම කවුරුන් හෝ අනිත් ආත්මයක් ඝාතනයට වන්දි වශයෙන් හෝ නැතහොත් භූමියෙහි ආරවුල් ඇති වීම වැළැක්වීම සඳහා හෝ මිස, (අසාධාරණයේ) මරා දමන්නේද, ඔහු මිනිසුන් සියල්ලන්වම මරා දැමූවෙකු බවට පත් වන්නේය. තවද කවුරුන් හෝ එක් ආත්මයක් ජීවත් කරවීමට සලස්වන්නේද, ඔහු මිනිසුන් සියල්ල ජීවත් කරවන්නෙකු මෙන් බවට පත් වන්නේය” යයි ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට (ලබා දුන් ගල් ලෑල්ලෙහි) අපි ඇඳ ඇත්තෙමු. තවද ඔවුන් වෙත අපගේ දූතයින් බොහොමයක් දෙනා නියත වශයෙන්ම පැහැදිලි සාධකයන්ද ගෙන පැමිණ සිටියහ. මින් පසුවද, ඔවුන්ගෙන් වැඩි දෙනෙකු භූමියෙහි සීමාව ඉක්මවා කටයුතු කරමින්ම සිටියහ.

කාබීල් තම සහෝදරයා ඝාතනය කළ හේතුවෙන් සැබැවින්ම සමප්රතිචාර දැක්වීමක් වශයෙන් හා දේව ප්රතික්ෂේපය හෝ මංකොල්ලය වැනි මහපොළොවේ කලහකාරී ව හැසිරීමට දඬුවමක් වශයෙන් විනා සාධාරණ හේතුවකින් තොර ව ආත්මයක් නැසීම මුළු මිනිස් සංහතියම නැසුවා හා සමාන බව අපි ඉස්රාඊල් දරුවන්හට ඉගැන්වූයෙමු. හේතුව එහිදී නිරපරාධියා හා පැහැරගන්නා අතර වෙනසක් නැත. ආත්මයක් නැසීමේ තහනම් දැඩිසේ සිතට ගෙන අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීමෙන් කවරෙකු වැළකී සිටින්නේද ඔහු සියලු මිනිසුන් ජීවත් කළා හා සමානය. එසේ කටයුතු කිරීම සියලු මිනිසුන්ට ආරක්ෂිත වන්නේය. අපගේ දූතවරු ඉස්රාඊල් දරුවන් වෙත පැහැදිලි සාධක හා පැහැදිලි සාක්ෂි සමග පැමිණියහ. ඒ සමගම ඔවුන්ගෙන් විශාල පිරිසක් පාපකම් සිදු කරමින් ඔවුන්ගේ දූතවරුන්ට පිටුපාමින් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන් වූහ.

Al-Maaida 5:32Listen in Qur'an →
33

إِنَّمَا جَزَٰٓؤُا۟ ٱلَّذِينَ يُحَارِبُونَ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَسْعَوْنَ فِى ٱلْأَرْضِ فَسَادًا أَن يُقَتَّلُوٓا۟ أَوْ يُصَلَّبُوٓا۟ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ وَأَرْجُلُهُم مِّنْ خِلَٰفٍ أَوْ يُنفَوْا۟ مِنَ ٱلْأَرْضِ ۚ ذَٰلِكَ لَهُمْ خِزْىٌۭ فِى ٱلدُّنْيَا ۖ وَلَهُمْ فِى ٱلْءَاخِرَةِ عَذَابٌ عَظِيمٌ

අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කර, භූමියෙහි අපරාධ කරමින්ද සැරිසැරූ අයට අයත් දඬුවම මෙයයි. (ඔවුන්ව) කපා දමනු ලැබිය යුතුය, නැතහොත් එල්ලා මරා දැමිය යුතුය, නැතහොත් මාරුවෙන් මාරුවට අත් පා කපා වෙන්කර දැමිය යුතුය. නැතහොත් (අත් අඩංගුවට ගෙන සිර කර තැබිය යුතුය. නැතහොත්) රටින් පිටුවහල් කර දැමිය යුතුය. මෙය මෙලොවදී ඔවුන්ට අවමන් ගෙන (දෙන දඬුවම) වන්නේය. තවද පරලොවදී නම්, ඉමහත් වූ දඬුවම් ඔවුන්ට ඇත.

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් වදින, සතුරුකමින් මහපොළොවේ මිනී මැරුම්, මුදල් පැහැර ගැනීම් මංකොල්ලකෑම් වැනි කලහකම් සිදු කරන අයගේ අවසානය වනුයේ එල්ලීමෙන් තොර ව මරා දැමීම හෝ ලීයක හෝ එවැනි යම් දෙයක එල්ලා මරා දැමීම හෝ ඔවුන්ගේ දකුණත වම් පාදය සමග කපා හැරීමයි. නැවතත් එසේ සිදු කරන්නේ නම් ඔහුගේ වමත හා දකුණු කකුල කපා හරිනු ලැබේ. එසේ නැතහොත් රටින් පිටුවහල් කරනු ලැබේ. මෙම දඬුවම ඔවුනට මෙලොව ලැබෙන පැහැදිලි දඬුවමයි. මතු ලොවෙහි ඔවුනට අතිමහත් දඬුවමක් ඇත.

Al-Maaida 5:33Listen in Qur'an →
34

إِلَّا ٱلَّذِينَ تَابُوا۟ مِن قَبْلِ أَن تَقْدِرُوا۟ عَلَيْهِمْ ۖ فَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ

එහෙත් ඔවුන් කෙරෙහි ඔබ යටත් කර ගැනීමට කළින්ම ඔවුන්ගෙන් කවුරුන් හෝ පසුතැවිලි වී (තමන්ගේ අපරාධයන්ගෙන් ඈත් වුවහොත්) නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ට) සමාව දී ඉතාමත් කරුණාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය යන්න ඔබ දැන ගනු.

නමුත් බලධාරියනි, ඔවුන් වෙත ඔබේ බලය භාවිත කිරීමට පෙර මෙම සටන්කරුවන් පාපක්ෂමාව ඇයැදි සිටින්නේ නම් දැන ගනු, එම පාප ක්ෂමාවෙන් පසු අල්ලාහ් ඔවුනට අතික්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. ඔවුන් කෙරෙහි දක්වන ඔහුගේ ආශිර්වාදය නම් ඔවුන්ගෙන් දඬුවම ඉවත් කිරීමයි.

Al-Maaida 5:34Listen in Qur'an →
35

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَٱبْتَغُوٓا۟ إِلَيْهِ ٱلْوَسِيلَةَ وَجَٰهِدُوا۟ فِى سَبِيلِهِۦ لَعَلَّكُمْ تُفْلِحُونَ

විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට බිය වී ඔහු වෙත යාමට ඇති මාර්ගය සොයා ගනු. තවද ඔහුගේ මාර්ගයෙහි (යුද්ධ කිරීමටද) අති විශාල වෑයමක් දරනු. (එමගින්) ඔබට ජයග්‍රහණය අත් කර ගත හැකිය.

අහෝ විශ්වාස කළවුනි, අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී, ඔහුට බැතියෙන් යුතු ව කටයුතු කරන්න. ඔබට කවර දෙයක් ඔහු අණ කර සිටියේද එය පිළිපදිමින් ඔහු වෙත සමීපවීමටත්, ඔහු කවර දෙයක් තහනම් කළේද එයින් දුරස් වීමටත් ඔහුගෙන් පතන්න. ඔහුගේ තෘප්තිය වෙනුවෙන් දේව ප්රතික්ෂේපකයින් සමග අරගල කරන්න. එවිට ඔබ පතන දෑ ඔබට ලැබිය හැකිය. එලෙස ඔබ නිරත වන්නේ නම් ඔබ කවර දෙයක් පිළිබඳ බිය වන්නේද එයින් ආරක්ෂාව ලබනු ඇත.

Al-Maaida 5:35Listen in Qur'an →
36

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ أَنَّ لَهُم مَّا فِى ٱلْأَرْضِ جَمِيعًۭا وَمِثْلَهُۥ مَعَهُۥ لِيَفْتَدُوا۟ بِهِۦ مِنْ عَذَابِ يَوْمِ ٱلْقِيَٰمَةِ مَا تُقُبِّلَ مِنْهُمْ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌۭ

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ට මෙම භූමියෙහි ඇති සියල්ල තිබී, ඒ සමග ඒවා මෙන් තවත් කොටසක්ද (අයිතිව) තිබී, ඔවුන් මේ සියල්ල (තමන්) විනිශ්චය දිනදී විඳින දඬුවමට වන්දි වශයෙන් ලබා දුන්නා වුවද, ඔවුන් වෙතින් (එය) බාර ගනු නොලැබේ. පසුව ඔවුන්ට වේදනා ගෙන දෙන දඬුවමම ලැඛෙනු ඇත.

සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වනාහි ඔවුන් සෑම කෙනෙකුටම මහපොළොවේ ඇති සියලු පාලනය නිර්ණය කරනු ලැබ ඒ සමග ඒ හා සමාන තවත් කොටසක් තිබුණ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවමින් තමන් ආරක්ෂා කර ගන්නට ඔවුන් ඒ සියල්ල ඉදිරිපත් කරනු ඇත. ඒ කිසිවක් වන්දි වශයෙන් පිළිගනු නොලැබේ. ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත.

Al-Maaida 5:36Listen in Qur'an →
37

يُرِيدُونَ أَن يَخْرُجُوا۟ مِنَ ٱلنَّارِ وَمَا هُم بِخَٰرِجِينَ مِنْهَا ۖ وَلَهُمْ عَذَابٌۭ مُّقِيمٌۭ

ඔවුන් (නිරා) ගින්නෙන් පිටමං වීමටම කැමති වනු ඇත. එහෙත් එයින් පිටමං වීමට ඔවුන්ට (කිසිසේත්) නොහැකි වනු ඇත. තවද ඔවුන්ට ස්ථීරවත් දඬුවමද ඇත.

නිරා ගින්නට පිවිසුණු විට ඉන් මිදීමට ඔවුහු අපේක්ෂා කරති. එය කෙසේ නම් විය හැකිද? ඔවුහු එයින් බැහැර නොවන්නේමය. එහි ඔවුනට සදාතනික දඬුවමක් ඇත.

Al-Maaida 5:37Listen in Qur'an →
38

وَٱلسَّارِقُ وَٱلسَّارِقَةُ فَٱقْطَعُوٓا۟ أَيْدِيَهُمَا جَزَآءًۢ بِمَا كَسَبَا نَكَٰلًۭا مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌۭ

පිරිමි වුවද, ගැහැනු වුවද, කවුරුන් සොරකම් කළද, (මෙම නපුරු) ක්‍රියාවට දඬුවම වශයෙන් ඔවුන්ගේ අත් කපා වෙන්කර දමනු. (මෙය) අල්ලාහ් විසින් ඇති කරන ලද ආදර්ශමත් දඬුවමකි. අල්ලාහ් බලසම්පන්න වන අතර ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

අහෝ නිලධාරියනි, හොරෙකු හෝ හෙරක හෝ වේවා අයුතු ලෙස මිනිසාගේ ධනය පැහැර ගැනීමේ වරදට අල්ලාහ්ගෙන් වූ දඬුවමක් වශයෙන් ද ඔවුන් දෙදෙනා හා සෙසු අය බිය ගැන්වීමක් වශයෙන් ද ඔවුන් දෙදෙනාට ක්රියාත්මක කරන පරිදි දකුණත කපා හරිනු.

Al-Maaida 5:38Listen in Qur'an →
39

فَمَن تَابَ مِنۢ بَعْدِ ظُلْمِهِۦ وَأَصْلَحَ فَإِنَّ ٱللَّهَ يَتُوبُ عَلَيْهِ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ

කවුරුන් හෝ තමන්ගේ නපුරු ක්‍රියාවෙන් පසු පසුතැවිලි වී (තම වැරදි) පිළිසකර කර ගතහොත් නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ සමාව ඉල්ලීමට බාර ගන්නෙකු වශයෙන් සිටින්නේය. (මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය.

කළ සොරකම් පිළිබඳ පසුතැවිලි වී කවරෙකු අල්ලාහ් වෙත පාප ක්ෂමාව අයැද තම ක්රියාවන් විධිමත් කර ගත්තේද ඔහුට පිරිනමන භාග්යයක් වශයෙන් අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත. එය තම ගැත්තන් අතුරින් පාප ක්ෂමාව අයැද සිටින්නන්ගේ පාපයට සැබැවින්ම අල්ලාහ් සමාව දීමෙනි. නමුත් එම කරුණ විනිසුරුවන් වෙත ගියේ නම්, පාප ක්ෂමාව කළ හේතුවෙන් දඬුවම ඔහුගෙන් ඉවත් වන්නේ නැත.

Al-Maaida 5:39Listen in Qur'an →
40

أَلَمْ تَعْلَمْ أَنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ يُعَذِّبُ مَن يَشَآءُ وَيَغْفِرُ لِمَن يَشَآءُ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

(නබියේ!) නියත වශයෙන්ම අහස්හි හා භූමියෙහි රාජ්‍ය පාලනය අල්ලාහ්ටම අයත්ය යන්න ඔබ දැන ගත්තේ නැද්ද? එබැවින් ඔහු අදහස් කරන අයට දඬුවම් කරන්නේය. ඔහු කැමති අයට සමාව දෙන්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි.

අහෝ දූතය, අහස්හි හා මහපොළොවේ පාලනය සැබැවින්ම අල්ලාහ් සතු බව ඔබ දන්නෙහිය. ඔහු අභිමත කරන පරිදි ඒවා ක්රියාත්මක කරයි. එමෙන්ම ඔහු අභිමත කරන අයට සාධාරණ ලෙසින් දඬුවම් පමුණුවයි. ඔහු අභිමත කරන අයට ඔහුගේ භාග්යයෙන් සමාව දෙයි. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. ඔහු අබිබවා යන්නට කිසිවක් නොමැත.

Al-Maaida 5:40Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.