فَبَعَثَ ٱللَّهُ غُرَابًۭا يَبْحَثُ فِى ٱلْأَرْضِ لِيُرِيَهُۥ كَيْفَ يُوَٰرِى سَوْءَةَ أَخِيهِ ۚ قَالَ يَٰوَيْلَتَىٰٓ أَعَجَزْتُ أَنْ أَكُونَ مِثْلَ هَٰذَا ٱلْغُرَابِ فَأُوَٰرِىَ سَوْءَةَ أَخِى ۖ فَأَصْبَحَ مِنَ ٱلنَّٰدِمِينَ
පසුව තම සහෝදරයාගේ දේහය කෙසේ සැඟවිය යුතුද යන්න ඔහුට දැනුම් දීම සඳහා අල්ලාහ් කපුටෙකු යැවුවේය. එය (ඔහුගේසහෝදරයාගේ දේහය කෙසේ සැඟවිය යුතුද යන්න ඔහුට පෙන්වීම පිණිස) භූමිය හෑරුවේය. (මෙය දුටු) ඔහු “අහෝ! මෙම කපුටා මෙන් (සුළු දැනුමක් ඇති කෙනෙකු වශයෙන්) මා සිටියේ නම්, මගේ සහෝදරයාගේ මිනිය මා සඟවා ඇත්තෙමි නොවෙද! (එයත්) මගෙන් සිදු වූයේ නැත නොවෙද!”යි (හඬා) වැළපෙමින් දුකෙහි ගැලී ගියේය.
තම සහෝදරයාගේ දේහය ආවරණය කළ යුතු ආකාරය දැන ගනු පිණිස ඔහු ඉදිරියේ මිය ගිය කපුටෙකු වළ දමන තවත් කපුටෙකු අල්ලාහ් එව්වේය. එම අවස්ථාවේ තම සහෝදරයාව ඝාතන කළ තැනැත්තා: අහෝ විනාශය! මියගිය කපුටාව වල දැමූ කපුටා මෙන් වීමට තරම් මට නොහැකි විය. මාගේ සහෝදරයාගේ දේහය මම වල දමමි යැයි පවසා පසුව ඔහුව වල දැමීය. අවසානයේ ඔහු අලාභවන්තයින් අතරට පත් විය.