يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوٓا۟ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ
විශ්වාසවන්තයිනි! ජනතාවගෙන් එක් පාර්ශවයක් ඔබට විපතක් කිරීමට තීරණය කර, තමන්ගේ අත් ඔබ වෙත දිගු කළ අවස්ථාවේදී ඔවුන්ගේ අත් ඔබ වෙතින් වළක්වා අල්ලාහ් ඔබට ලබා දුන් දයාව ඔබ මෙනෙහි කර බලනු. එබැවින් අල්ලාහ්ටම බිය වනු. තවද විශ්වාසවන්තයින් (සියල්ලන්ම) අල්ලාහ් (එක් කෙනෙකු) මතම විශ්වාසය තැබිය යුතුය.
අහෝ විශ්වාස කළවුනි, ඔබව ග්රහණය කොට වියවුල් කිරීමට ඔබේ සතුරන් ඔබ වෙත අත දිගු හරින්නට අපේක්ෂා කළ අවස්ථාවේ ඔබේ සිත් තුළ ඒ ගැන බිය පහ කොට ආරක්ෂිත තත්ත්වයක් ඇති කරමින් ඔබ වෙත ඔහු කළ ආශිර්වාදය පිළිබඳ ඔබේ සිතින් හා මුවින් මෙනෙහි කරනු. එවිට අල්ලාහ් ඔවුන් ඔබෙන් වෙනතකට යොමු කොට ඔබව ඔවුන්ගෙන් ආරක්ෂා කළේය. ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරනු. ඔවුන්ගේ මෙලොව හා ආගමික කටයුතු පිහිටු වීමේදී දේව විශ්වාසිකයෝ ස්ථාවර ව සිටිනුයේ අල්ලාහ් මත පමණය.