Muslim99Muslim99
← Tafsir library

5. Al-Maaida

The Table · Medinan · 120 ayahs

سُورَةُ المَائـِدَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 120

11

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَتَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ هَمَّ قَوْمٌ أَن يَبْسُطُوٓا۟ إِلَيْكُمْ أَيْدِيَهُمْ فَكَفَّ أَيْدِيَهُمْ عَنكُمْ ۖ وَٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ

විශ්වාසවන්තයිනි! ජනතාවගෙන් එක් පාර්ශවයක් ඔබට විපතක් කිරීමට තීරණය කර, තමන්ගේ අත් ඔබ වෙත දිගු කළ අවස්ථාවේදී ඔවුන්ගේ අත් ඔබ වෙතින් වළක්වා අල්ලාහ් ඔබට ලබා දුන් දයාව ඔබ මෙනෙහි කර බලනු. එබැවින් අල්ලාහ්ටම බිය වනු. තවද විශ්වාසවන්තයින් (සියල්ලන්ම) අල්ලාහ් (එක් කෙනෙකු) මතම විශ්වාසය තැබිය යුතුය.

අහෝ විශ්වාස කළවුනි, ඔබව ග්රහණය කොට වියවුල් කිරීමට ඔබේ සතුරන් ඔබ වෙත අත දිගු හරින්නට අපේක්ෂා කළ අවස්ථාවේ ඔබේ සිත් තුළ ඒ ගැන බිය පහ කොට ආරක්ෂිත තත්ත්වයක් ඇති කරමින් ඔබ වෙත ඔහු කළ ආශිර්වාදය පිළිබඳ ඔබේ සිතින් හා මුවින් මෙනෙහි කරනු. එවිට අල්ලාහ් ඔවුන් ඔබෙන් වෙනතකට යොමු කොට ඔබව ඔවුන්ගෙන් ආරක්ෂා කළේය. ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරනු. ඔවුන්ගේ මෙලොව හා ආගමික කටයුතු පිහිටු වීමේදී දේව විශ්වාසිකයෝ ස්ථාවර ව සිටිනුයේ අල්ලාහ් මත පමණය.

Al-Maaida 5:11Listen in Qur'an →
12

۞ وَلَقَدْ أَخَذَ ٱللَّهُ مِيثَٰقَ بَنِىٓ إِسْرَٰٓءِيلَ وَبَعَثْنَا مِنْهُمُ ٱثْنَىْ عَشَرَ نَقِيبًۭا ۖ وَقَالَ ٱللَّهُ إِنِّى مَعَكُمْ ۖ لَئِنْ أَقَمْتُمُ ٱلصَّلَوٰةَ وَءَاتَيْتُمُ ٱلزَّكَوٰةَ وَءَامَنتُم بِرُسُلِى وَعَزَّرْتُمُوهُمْ وَأَقْرَضْتُمُ ٱللَّهَ قَرْضًا حَسَنًۭا لَّأُكَفِّرَنَّ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَلَأُدْخِلَنَّكُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ ۚ فَمَن كَفَرَ بَعْدَ ذَٰلِكَ مِنكُمْ فَقَدْ ضَلَّ سَوَآءَ ٱلسَّبِيلِ

ඉස්රායීල පරම්පරාවේ දරුවන් වෙත අල්ලාහ් ඇත්තෙන්ම පොරොන්දු ලබා ඇත්තේය. තවද ඔවුන් වෙතින්ම ප්‍රධානීන් ෙදාළොස් දෙනෙකු අපි යවා ඇත්තෙමු. (එසේම පොරොන්දු ලබා ගත් අවස්ථාවේදී ඔවුන්ට) “නියත වශයෙන්ම මා ඔබ සමගම සිටින්නෙමි. ඔබ සලාතය (නොවරදවා) නොකඩවා ඉටු කර, සකාත්ද ගෙවා, මගේ දූතයින්ව විශ්වාස කර, ඔවුන්ට උදව්ද දී, (අමාරුකමෙහි සිටින අයට) අල්ලාහ් වෙනුවෙන් අලංකාරවත් අන්දමට ණය දුන්නහොත් නියත වශයෙන්ම මා (මේවා) ඔබගේ පාපයන්ට ප්‍රතිකාරයක් බවට පත් කර, සදාකල් දිය දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන්හිද ඔබව ඇතුළු වන්නට සලස්වන්නෙමු. එබැවින් ඔබගෙන් කවුරුන් හෝ මින් පසුවද ප්‍රතික්ෂේප කරන්නෙකු බවට පත් වුවහොත්, නියත වශයෙන්ම ඔහු ඍජු මාර්ගයෙන් වැරද ගියේය” යයි අල්ලාහ් පැවසුවේය.

පහතින් විස්තර කර ඇති පරිදි සැබැවින්ම අල්ලාහ් ඉස්රාඊල් දරුවන්ගෙන් ස්ථීර ගිවිසුමක් ගත්තේය. ඔවුන් වෙත නායකයින් දොළොස් දෙනෙකු පත් කළේය. සෑම නායකයෙකුම තමන් යටතේ සිටින්නන් කෙරෙහි අවදානය යොමු කරයි. අල්ලාහ් ඉස්රාඊල් දරුවන් දෙස බලා සැබැවින්ම උදව්ව හා ස්ථාවරත්වය සම්බන්ධයෙන් සැබැවින්ම මම ඔබ සමගය. පූර්ණ ලෙස සලාතය ඉටු කොට, ඔබේ ධනයෙන් ඔබ සකාත් පිරිනමා, මාගේ සියලු දූතයින් ඔවුන් අතර කිසිදු වෙන් කිරීමක් සිදු නොකොට, ඔවුන් සත්ය බව තහවුරු කර, ඔවුනට ගරුබුහුමන් කර, ඔවුනට උදව් උපකාර කර, යහපත් කටයුතු වලදී වියදම් කරන්නෙහු නම්, මේ සියල්ල ඔබ ඉටු කරන්නෙහි නම් ඔබ සිදු කළ පාපයන් ඔබෙන් මම පහ කරමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ, මාලිගා යටින් ගංගා ගලා බස්නා ස්වර්ග උයන් වෙත ඇතුළත් කරන්නෙමු. මෙම ස්ථීර ගිවිසුම ගත් පසු ව කවරෙකු ප්රතික්ෂේප කරන්නේද සැබැවින්ම දැන දැන උවමනාවෙන්ම සත්යයේ මාර්ගය ඔහු ඉවත හෙළන්නේය.

Al-Maaida 5:12Listen in Qur'an →
13

فَبِمَا نَقْضِهِم مِّيثَٰقَهُمْ لَعَنَّٰهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَٰسِيَةًۭ ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ ۙ وَنَسُوا۟ حَظًّۭا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٍۢ مِّنْهُمْ إِلَّا قَلِيلًۭا مِّنْهُمْ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱصْفَحْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُحْسِنِينَ

ඔවුන් තමන්ගේ පොරොන්දු වලට වෙනස්කම් කිරීමේ හේතුවෙන් අපි ඔවුන්ට ශාප කර, ඔවුන්ගේ හෘදයන් ඝන වීමට සැලැස්සුවෙමු. (එබැවින්) ඔවුන් (තමන්ගේ) ධර්ම ආයාවන්, ඒවායේ (සත්‍ය) අර්ථයන්ගෙන් වෙනතකට පෙරලා දමන්නාහ. තවද (අපගේ මෙම නබිවරයා ගැන) එහි (ඔහුට) මතක් කරනු ලැබ තිබූ කොටසද අමතක කර දැමූහ. එබැවින් (නබියේ!) ඔවුන්ගෙන් සමහරෙකු හැර, ඔවුන්ගෙන් (වැඩි දෙනෙකුගේ) වංචාව (ගැන වූ පුවත) ඔබට (නැවත නැවතත්) නොවරදවා ආරංචි වනු ඇත. එබැවින් මොවුන්ව ඔබ ක්ෂමා කර, ප්‍රතික්ෂේප කර දමනු මැනව! නියත වශයෙන්ම අල්ලාහ් දැහැමි දැය කරන්නන්ව ප්‍රිය කරන්නේය.

එසේ ඔවුන් ගත් පොරොන්දුව කඩ කිරීම හේතුවෙන් අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුන් පහ කළෙමු. ඔවුන්ගේ හදවත් ගල් හදවත් බවට පත් කළෙමු. එහෙයින් කිසිදු යහපතක් ඒ වෙත සේන්දු නොවනු ඇත. කිසිදු උපදෙසක් එයට ප්රයෝජනවත් නොවනු ඇත. නියමිත ප්රකාශ තිබූ තැනින් වෙනස් කොට වෙනත් වචන යොදා පෙරළා ඔවුහු විකෘති කරති. එමෙන්ම ඔවුන්ගේ ආශාවන්ට ගැළපෙන සේ ඔවුන් ඒවායෙහි අදහස් වෙනස් කරති. එහි සඳහන් කරනු ලැබූ ඇතැම් කරුණු ක්රියාත්මක කිරීමෙන් වැළකෙති. අල්ලාහ් හා තම ගැත්තන් වන දේව විශ්වාසීන්හට තම වංචාව හෙළි කරති. ඔවුන් වෙතින් ගත් පොරොන්දුව ඉටු කරනුයේ ඔවුන් අතර වූ ස්වල්ප පිරිසක් පමණි. එහෙයින් ඔබ ඔවුන් නොසලකා හරිනු. ඔවුනට සමාව දෙනු. එවිට නියත වශයෙන්ම එය ඉහ්සාන් ගණයට අයත් වූවකි. අල්ලාහ් සදැහැමියන් ප්රිය කරනු ඇත.

Al-Maaida 5:13Listen in Qur'an →
14

وَمِنَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّا نَصَٰرَىٰٓ أَخَذْنَا مِيثَٰقَهُمْ فَنَسُوا۟ حَظًّۭا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ فَأَغْرَيْنَا بَيْنَهُمُ ٱلْعَدَاوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ ۚ وَسَوْفَ يُنَبِّئُهُمُ ٱللَّهُ بِمَا كَانُوا۟ يَصْنَعُونَ

තවද කවුරුන් තමන්ව “ඇත්තෙන්ම අපි ක්‍රිස්තියානුවන්” යයි පවසන්නෝද, ඔවුන් වෙතද (මෙසේම) අපි පොරොන්දු ලබා ඇත්තෙමු. එහෙත් ඔවුන්ද (මෙම නබිවරයා ගැන තමන්ගේ ධර්මයෙහි) තමන්ට කියනු ලැබ තිබූ කොටස අමතක කර දැමූහ. එබැවින් ඔවුන් තුළ වෛරයද, ක්‍රෝධයද විනිශ්චය දින දක්වා (පහ නොවී සිටින සේ) පටලවා හැරියෙමු. (මෙලොවදී) ඔවුන් කුමක් කරමින් සිටියෝදැයි යන්න (පරලොවදී) අල්ලාහ් ඔවුන්ට ගෙනහැර දක්වනු ඇත.

අපි යුදෙව්වන්ගෙන් ඉතා ශක්තිමත් හා ස්ථීර ගිවසුමක් ගත් සේම තමන් පිවිතුරු කර ගත් ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ අනුගාමිකයින්ගෙන්ද ගිවිසුමක් ගත්තෙමු. නමුත් ඔවුහු එහි මෙනෙහි කළ පරිදි නොව, එයින් කොටසක් ක්රියාත්මක කිරීමට අතපසු කළෝය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන තෙක් වාද කිරීම හා දැඩි පිළිකුල ඔවුන් අතරට අපි හෙළුවෙමු. එවිට ඔවුන් එකිනෙකා ප්රතික්ෂේප කර ගනිමින් විරුද්ධවාදීන් හා මරාගන්නන් බවට පත් වූහ. ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු අල්ලාහ් මතු දැනුම් දෙනු ඇත. ඒ සඳහා වූ ප්රතිවිපාකයද ඔහු පිරිනමනු ඇත.

Al-Maaida 5:14Listen in Qur'an →
15

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ كَثِيرًۭا مِّمَّا كُنتُمْ تُخْفُونَ مِنَ ٱلْكِتَٰبِ وَيَعْفُوا۟ عَن كَثِيرٍۢ ۚ قَدْ جَآءَكُم مِّنَ ٱللَّهِ نُورٌۭ وَكِتَٰبٌۭ مُّبِينٌۭ

ධර්මය හිමි අයවළුනි! ඔබ වෙත ඇත්තෙන්ම අපගේ එක් දුතයෙකු පැමිණ ඇත්තේය. ධර්මයෙහි ඔබ සඟවා ගත් බොහොමයක් කාරණා ඔහු ඔබට පැහැදිලිව ගෙනහැර දක්වන්නේය. තවත් (ධර්මයන් ගැන ඔබ ගෙන ඇති වැරදි අදහස්) බොහොමයක් පහ කර හරින්නේය. නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙන් ඉමහත් වූ ආලෝකයද පැහැදිලිභාවයද ඇති එක් ධර්මයක් (දැන්) ඔබ වෙත පැමිණ ඇත්තේය.

ආගම් ලත් තව්රාතය හිමි යුදෙව් ජනයිනි! ඉන්ජීලය හිමි කිතුනුවනි! ඔබ වෙත පහළ කරනු ලැබූ පුස්තකයේ ඔබ සඟවමින් සිටි බොහෝ දෑ ඔබට පැහැදිලි කරනු වස් අපගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ඔබ වෙත පැමිණ සිටියි. ඔබට නිරාවරණය වූ දෑ හැර එහි යහපතක් නැති දැයින් බොහෝ දෑ ඔහු නොසලකා හරිනු ඇත. අල්ලාහ් වෙතින් වූ කුර්ආන් නම් පුස්තකය ඔබ වෙත සැබැවින්ම පැමිණ ඇත. එය එළිය ලබා දෙන ආලෝකයකි. මිනිසුන්ගේ මෙලොව හා මතුලොව සියලුම කටයුතු වලදී ඔවුනට අවශ්ය සියලු දෑ විස්තර කරන පුස්තකයකි.

Al-Maaida 5:15Listen in Qur'an →
16

يَهْدِى بِهِ ٱللَّهُ مَنِ ٱتَّبَعَ رِضْوَٰنَهُۥ سُبُلَ ٱلسَّلَٰمِ وَيُخْرِجُهُم مِّنَ ٱلظُّلُمَٰتِ إِلَى ٱلنُّورِ بِإِذْنِهِۦ وَيَهْدِيهِمْ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ

(ඔබගෙන්) කවුරුන් අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස අනුගමනය කරන්නෝද, ඔවුන්ව එමගින් අල්ලාහ් සමාදානයට අයත් මාර්ගයෙහි ඇතුළු කරන්නේය. තවද (ඝන) අන්ධකාරයෙන්ද ඔවුන්ව පිටතට ගෙන තම දයාව මගින් දීප්තිය දෙසට ගෙන හරින්නේය. තවද ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු වීමටද සලස්වන්නේය.

ඔහු විසින් පිළිගනු ලබන දේව විශ්වාසය හා දැහැමි ක්රියාවන් අනුගමනය කරන්නන්හට අල්ලාහ්ගේ දඬුවමින් ආරක්ෂා වන මාර්ගය මෙම පුස්තකය මගින් ඔහු මග පෙන්වයි. එය ස්වර්ගයට ඇතුළත් කරන මාර්ගයයි. එය ඔවුන් දේව ප්රතික්ෂේපය හා පාපකම් වලින් පිරුණු අන්ධකාරයෙන්, දේව විශ්වාසය හා ඔහුගේ අනුමැතිය මත අවනත වීම යන ආලෝකය වෙත ඔවුන් බැහැර කරනු ඇත. ඍජු ශක්තිමත් මාර්ගය වෙත ඔහු ඔවුනට ආශිර්වාද කරයි. එය ඉස්ලාමයේ මාර්ගයයි.

Al-Maaida 5:16Listen in Qur'an →
17

لَّقَدْ كَفَرَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ هُوَ ٱلْمَسِيحُ ٱبْنُ مَرْيَمَ ۚ قُلْ فَمَن يَمْلِكُ مِنَ ٱللَّهِ شَيْـًٔا إِنْ أَرَادَ أَن يُهْلِكَ ٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَأُمَّهُۥ وَمَن فِى ٱلْأَرْضِ جَمِيعًۭا ۗ وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۚ يَخْلُقُ مَا يَشَآءُ ۚ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

කවුරුන් මර්යම්ගේ පුත් මසීහ්ව අල්ලාහ්ම යයි පවසන්නෝද, ඔවුන් නියත වශයෙන්ම (සත්‍යය) ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම සිටින්නාහ. (එබැවින් නබියේ!) ඔබ මෙසේ පවසනු: “මර්යම්ගේ පුත් මසීහ්වද, ඔහුගේ මවවද, භූමියෙහි සිටින (අනිත්) සියල්ලන්වම අල්ලාහ් විනාශ කර දමන්නට අදහස් කළහොත් (ඔහුව වැළැක්වීමට) කවුරුන් නම් පොඩියක් හෝ ශක්තියක් ලබන්නෙහුද? (මන්දයත්) අහස්ද, භූමියද, ඒ අතර ඇති දැයෙහිද රාජ්‍යය අල්ලාහ්ටම අයත්ය! ඔහු කැමති දැය උත්පාදනය කරන්නේය. අල්ලාහ් සියල්ල කෙරෙහිම ඉමහත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා මසීහ් අල්ලාහ් වේ යැයි පවසන කිතුනුවන් දෙවියන් ප්රතික්ෂේප කර ඇත. අහෝ දූතය! ඊසා මසීහ් ව විනාශ කිරීමටත් ඔහුගේ මව විනාශ කිරීමටත් මහපොළොවේ ඇති සියලු දෑ විනාශ කිරීමටත් අල්ලාහ් සිතුවේ නම් ඔහු ව වළක්වන්නට ශක්තිය ඇත්තේ කාහටද? එය වළක්වන්නට කිසිවකු ශක්තිය නොදරන්නේ නම්, එයින් අදහස් කරනුයේ සැබැවින් අල්ලාහ් හැර නැමදුම් ලබන්නට කිසිවක් හෝ කිසිවෙක් නොමැති බවයි. සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා ඔහුගේ මව හා සෙසු මැවීම් සියල්ල අල්ලාහ්ගේම මැවීම්ය. අහස් හා මහපොළොවේ පාලනය හා ඒ දෙක අතර ඇති දෑ හි පාලනය අල්ලාහ් සතුය. ඔහු අභිමත දෑ මවන්නේය. එසේ මැවීමට අභිමත කළ අය අතුරින් ඊසා (අලය්හිස් සලාම්) තුමා ද එක් අයෙකි. එහෙයින් ඔහු ඔහුගේ ගැත්තාය; දූතයාය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය.

Al-Maaida 5:17Listen in Qur'an →
18

وَقَالَتِ ٱلْيَهُودُ وَٱلنَّصَٰرَىٰ نَحْنُ أَبْنَٰٓؤُا۟ ٱللَّهِ وَأَحِبَّٰٓؤُهُۥ ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم ۖ بَلْ أَنتُم بَشَرٌۭ مِّمَّنْ خَلَقَ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَلِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ

යුදෙව්වන්ද, ක්‍රිස්තියානුවන්ද “අපි අල්ලාහ්ගේ පුත්‍රයන් වශයෙන්ද, ඔහු විසින් ආදරය කරනු ලැබූවන් වශයෙන්ද සිටින්නෙමු” යයි පවසන්නාහ. (එබැවින් නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “එසේ නම්, ඔබගේ වැරදි වලට ඔහු ඔබව කුමක් නිසා (වරින් වර දඬුවම් කිරීමේ ආකාරයට) වේදනා කරන්නෙහිද? (සත්‍යය) එසේ නොව. ඔබත් ඔහු උත්පාදනය කළ (අනිත්) මිනිසුන් (මෙන්) වන්නේය. (ඔබ ඔහුට ඉපදුනු පුත්‍රයන් නොව. එබැවින් ඔබගෙන්ද) ඔහු කැමති අයව ක්ෂමා කරන්නේය. ඔහු අදහස් කරන අයට දඬුවම් කරන්නේය” (මන්දයත්) අහස්හිද භූමියෙහිද, මේවා මධ්‍යයේ ඇති දැයෙහිද රාජ්‍යය අල්ලාහ්ටම අයත්ය! ඔහු වෙතම (සියල්ලන්ම) යා යුතුව ඇත්තේය.

සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දරුවන් හා ඔහුගේ මිතුරන් බව යුදෙව් හා කිතුනු සෑම කෙනෙකුම වාද කරති. අහෝ දූතය, ඔවුනට පිළිතුරු වශයෙන් "ඔබ කළ වැරදි නිසාවෙන් අල්ලාහ් ඔබට දඬුවම් දිය යුත්තේ ඇයි?" දැයි ඔවුන්ගෙන් විමසනු. ඔබ සිතන පරිදි ඔබ ඔහුගේ මිතුරන් වන්නෙහු නම් මෙලොවෙහි හැඩරුව වෙනස් කරමින්, ඇතැමුන් ඝාතනය කරමින්, එමෙන්ම මතු ලොවෙහි නිරයට ඇතුළත් කරමින් ඔබ ව දඬුවමට ලක් කළ යුත්තේ ඇයි? ඊට හේතුව තමන් ප්රිය කරන්නන්හට අල්ලාහ් දඬුවම් නොදෙන බැවිණි. ඔබත් සෙසු මිනිසුන් මෙන් මිනිසුන් පමණි. ඔබ අතරින් කවරෙකු දැහැමි කටයුතු කරන්නේද ඔහුට ස්වර්ගය පිරිනමයි. කවරෙකු නපුරුකම් කරන්නේද ඔහු නිරාගින්නේ දඬුවමට ලක් කරයි. අල්ලාහ් තමන් අභිමත කරන්නන් ඔහුගේ ආශිර්වාදයෙන් සමා කරන්නේය. ඔහුගේ සාධාරණියත් ව මත ඔහු කැමති අයට දඬුවම් කරන්නේය. අහස්හි හා මහපොළොවේ පාලනයත් ඒ දෙක අතර ඇති දෑ හි පාලනයත් අල්ලාහ්ට පමණක් සතුය. නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතමය.

Al-Maaida 5:18Listen in Qur'an →
19

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍۢ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُوا۟ مَا جَآءَنَا مِنۢ بَشِيرٍۢ وَلَا نَذِيرٍۢ ۖ فَقَدْ جَآءَكُم بَشِيرٌۭ وَنَذِيرٌۭ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۭ

ධර්මය හිමි අයවළුනි! (ඊසාගෙන් පසුව මේ දක්වා) දූතයින් නොපැමිණෙමින් වැළකී සිටි කාලයෙහි “ශුභාරංචි දීමටද, බිය ගන්වා අනතුරු ඇඟවීමටද හැකි (එක් දූතයෙකු) අප වෙත පැමිණියේ නැත නොවේද!”යි ඔබ (ෙදාස්) නොනගා සිටීම පිණිස, (ධර්ම නියෝගයන්) ඔබට පැහැදිලිව දැනුම් දිය හැකි අපගේ (මෙම) දූතයා නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත්තේය. ඔහු බියගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද, ශුභාරංචි දෙන්නෙකු වශයෙන්ද ඔබ වෙත පැමිණ ඇත්තේය. අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

අහෝ ආගම් ලත් යුදෙව් හා කිතුනුවනි! දූතවරුන් පැමිණීම ඇණහිටීමෙන් පසු හා දූතයකු යැවීමේ අවශ්යතාව වැඩි වීමෙන් පසු අපි අපගේ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ව ඔබ වෙත එව්වෙමු. එය අල්ලාහ්ගේ තිළිණ පිළිබඳ අපහට ශුභාරංචි දන්වන, ඔහුගේ දඬුවම ගැන අපට අවවාද කරන දූතයකු අප වෙත නොපැමිණියේ යැයි නිදහසට කරුණු දක්වමින් ඔබ නොකියනු පිණිසය. සැබැවින්ම තිළිණ පිළිබඳ ශුභාරංචි දන්වන, ඔහුගේ දඬුවම පිළිබඳ අවවාද කරන්නෙකු වශයෙන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ඔබ වෙත පැමිණ ඇත. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. කිසිවක් ඔහු අබිබවා යා නොහැක. දූතවරු එවීමද ඔහුගේ බලය හා ශක්තිය විදහා පාන්නකි. ඔවුන්ගේ මුද්රාව මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසලලම්) තුමාණන් විය.

Al-Maaida 5:19Listen in Qur'an →
20

وَإِذْ قَالَ مُوسَىٰ لِقَوْمِهِۦ يَٰقَوْمِ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَعَلَ فِيكُمْ أَنۢبِيَآءَ وَجَعَلَكُم مُّلُوكًۭا وَءَاتَىٰكُم مَّا لَمْ يُؤْتِ أَحَدًۭا مِّنَ ٱلْعَٰلَمِينَ

තවද මූසා තම ජනතාවට “මගේ ජනතාවෙනි! ඔබ කෙරෙහි අල්ලාහ් පහළ කර ඇති වරප්‍රසාදයන් ගැන ඔබ සිතා බලනු. ඔහු ඔබ තුළ (මූසා, හාරූන් වැනි) නබිවරුන්ව නිර්මාණය කර (ඊජිප්තු ජාතිකයින් වෙත වහලූන් වශයෙන් සිටි) ඔබව රජවරුන් වශයෙන්ද පත් කර, සකල ලෝකයෙහිම වෙන කිසිවෙකුටත් ලබා නොදුන් (පුදුමාකාර දැය වන මුහුද ඛෙදා ඒ අතරින් යාමට සැලැස්වීම, මන්නු, සල්වා නමැති ආහාර ලබා දීම, වැනි) දැයද ඔබට ලබා දී ඇත්තේය” (යයි පැවසීම නබියේ! ඔබ ඔවුන්ට) මතක් කර දෙනු.

මූසා තම සමූහයා වන ඉස්රාඊල් දරුවන් දෙස බලා: "අහෝ මාගේ ජනයිනි, ඔබ ව යහමග වෙත ඇරයුම් කරන නබිවරුන් ඔබ අතරම පත් කරමින්, දුරස් කරනු ලැබ වහලුන් වශයෙන් ඔබ සිටියදී, පසු ව ඔබේ කටයුතු ඔබ විසින්ම නිදහසේ කරගෙන යාමට ඔබ අතර පාලකයින් බිහි කරමින්, ඔබේ යුගයේ වෙන කිසිදු ලෝවැසියෙකුට ලබා නොදුන් ඔහුගේ ආශිර්වාද ඔබට පිරිනමමින් අල්ලාහ් ඔබට දායාද කළ ආශිර්වාදය ඔබේ හදවත් හා දිවවල් වලින් මෙනෙහි කර බලනු" යැයි පවසා සිටි අවස්ථාව අහෝ දූතය, මතක් කර දෙනු.

Al-Maaida 5:20Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.