Muslim99Muslim99
← Tafsir library

5. Al-Maaida

The Table · Medinan · 120 ayahs

سُورَةُ المَائـِدَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 111–120 of 120

111

وَإِذْ أَوْحَيْتُ إِلَى ٱلْحَوَارِيِّۦنَ أَنْ ءَامِنُوا۟ بِى وَبِرَسُولِى قَالُوٓا۟ ءَامَنَّا وَٱشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ

“තවද මාවද, මගේ දූතයාවද (ඔබවද), විශ්වාස කරන මෙන් (හවාරීහූන් වන ඔබගේ) ගෝලයින්ට මා දැනුම් දුන් අවස්ථාවේදී ඔවුන් “(ඒ අන්දමටම) අපි විශ්වාස කළෙමු. නියත වශයෙන්ම අපි (ඔබට සම්පූර්ණයෙන්ම අවනත වී සිටින) මුස්ලීම්වරුන් බවට ඔබම සාක්ෂී වශයෙන් සිටිනු මැනව!” යයි පැවසීමද, සිතා බලනු” (යයිද එදින පවසනු ඇත).

මා හා ඔබ ව විශ්වාස කරන මෙන් හවාරිය්යීන්වරුන්ට මා දැනුම් දුන් අවස්ථාවේදී උදව් කරුවන් බවට ඔවුන් පත් කරමින් මම ඔබට සතුට ගෙන දී ආශිර්වාද කළ අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට ඔවුහු යටත් වී එයට පිළිතුරු දුන්හ. තවද අපි විශ්වාස කළෙමු, අපගේ පරමාධිපතියාණනි! සැබැවින්ම ඔබට අවනත වූ මුස්ලිම්වරුන් බව ඔබ අප වෙනුවෙන් සාක්ෂි දරනු යැයි පවසා සිටියහ.

Al-Maaida 5:111Listen in Qur'an →
112

إِذْ قَالَ ٱلْحَوَارِيُّونَ يَٰعِيسَى ٱبْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَن يُنَزِّلَ عَلَيْنَا مَآئِدَةًۭ مِّنَ ٱلسَّمَآءِ ۖ قَالَ ٱتَّقُوا۟ ٱللَّهَ إِن كُنتُم مُّؤْمِنِينَ

(තවද නබියේ! ඔබ ඔවුන්ට මෙසේ මතක් කර දෙනු): එම ගෝලයින් (ඊසාට) “ඕ මර්යම්ගේ පුත් ඊසා! ඔබගේ දෙවියන් අහසින් අප වෙනුවෙන් “(ආහාර ද්‍රව්‍යන්ගෙන් පිරි) එක් බන්දේසියක් පහළ කරන්නට හැකිද?”යි විමසීමට, (ඊසා ඔවුන්ට “ඇත්තෙන්ම) ඔබ විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, (මෙවැනි ප්‍රශ්න විමසීම ගැන) අල්ලාහ්ට ඔබ බිය වනු” යයි පැවසුවේය.

අනුගාමිකයෝ ඔබ ඔබේ පරමාධිපතිගෙන් ප්රාර්ථනා කළ විට අහසින් ආහාර බන්දේසියක් පහළ කිරීමට ඔහුට හැකි දැයි විමසා සිටි අවස්ථාව මෙනෙහි කර බලනු. එවිට අල්ලාහ්ට බියවන මෙන් හා ඔවුන් විමසා සිටින දෑ පැතීම අතහැර දමන මෙන් ද එවිට ඔවුන් අතර ගැටලු ඇති වන්නට ඉඩ ඇතැයිද ඊසා (අලයිහිස් සලාම්) පිළිතුරු වශයෙන් පවසා සිටීය. තවදුරටත්: නුඹලා දේව විශ්වාසීන් ලෙස සිටින්නෙහු නම් ආහාර සම්පත් පැතීමේදී ඔබේ පරමාධිපති මත විශ්වාසය තබනු යැයි පැවසීය.

Al-Maaida 5:112Listen in Qur'an →
113

قَالُوا۟ نُرِيدُ أَن نَّأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَن قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ ٱلشَّٰهِدِينَ

එයට ඔවුන් “එයින් අපි අනුභව කර, අපගේ හෘදයන් තෘප්තියට පත් වීමටද, තවද ඔබ (ඔබගේ දූත මෙහෙවර ගැන) ඇත්තෙන්ම අප වෙත සත්‍යය පැවසුවෙහිය යයි අපි දැනගෙන, එයට අපි සාක්ෂි දැරීමටම කැමති වන්නෙමු” යයි පැවසූහ.

ඊසා තුමාට අනුගාමිකයෝ මෙසේ පවසා සිටියහ. මෙම ආහාර බන්දේසියෙන් අප අනුභව කිරීමටත් අල්ලාහ්ගේ පූර්ණ බලයෙන් හා සැබැවින්ම ඔබ ඔහුගේ දූතයකු වීමෙන් අපගේ හදවත් සැනසුම ලබන්නටත් අපි ප්රිය කරමු. ඔබ අල්ලාහ් වෙතින් කවර කරුණක් අප වෙත ගෙන ආවෙහිද එහි ඔබ අපට සත්ය පැවසූ බවට ස්ථීර ව දැනගන්නටත් එහි සහභාගී නොවූ ජනයා වෙනුවෙන් ඒ සඳහා සාක්ෂිකරුවන් වීමටත් අපි ප්රිය කරමු යැයි පවසා සිටියහ.

Al-Maaida 5:113Listen in Qur'an →
114

قَالَ عِيسَى ٱبْنُ مَرْيَمَ ٱللَّهُمَّ رَبَّنَآ أَنزِلْ عَلَيْنَا مَآئِدَةًۭ مِّنَ ٱلسَّمَآءِ تَكُونُ لَنَا عِيدًۭا لِّأَوَّلِنَا وَءَاخِرِنَا وَءَايَةًۭ مِّنكَ ۖ وَٱرْزُقْنَا وَأَنتَ خَيْرُ ٱلرَّٰزِقِينَ

එයට මර්යම්ගේ පුත් ඊසා “අපගේ දෙවියනේ! අහසින් එක් බන්දේසියක් ඔබ අපට පහළ කරනු මැනව! අපටද, අප ඉදිරියේ සිටින අයටද, අපගෙන් පසු පැමිණෙන්නන්ටද (මෙදින) එක් අළුත් අවුරුදු දිනයක් බවටද, ඔබගේ (බලමහිමයට) එක් සාධකයක් බවටද තිඛෙණු ඇත. එබැවින් (එසේම) අපටද ආහාර ලබා දෙනු මැනව! ඔබ නම් ආහාර ලබා දීමෙහි ඉතාමත් ශ්‍රේෂ්ඨය” යයි (ප්‍රාර්ථනා කර) කීවේය.

ඔවුන්ගේ ඉල්ලීමට ඊසා (අලය්හිස් සලාම්) තුමා ප්රතිචාර දක්වමින් අල්ලාහ්ගෙන් මෙසේ අයැද සිටීය. "අපගේ පරමාධිපතියාණනි! අප වෙත ආහාර බන්දේසියක් පහළ කරනු මැනව! එය පහළ වන දින, අප අතර ජීවත්වන හා අපෙන් පසුව පැමිණෙන්නන් සඳහා ඔබට තුති පුද කර සමරන උත්සව දිනයක් ලෙස අපි එය ගන්නෙමු. එය ඔබේ ඒකීයත්වය හා මා කවර කරුණක් වෙත එවනු ලැබුවේද එය තහවුරු කරන සාධකයක් හා සලකුණක් බවට පත් වනු ඇත. ඔබේ ගැත්තන්හට උපකාර කරන පෝෂණයක් අප වෙත ලබා දෙනු මැනව! අපගේ පරමාධිපතියාණනි! ඔබ පෝෂණය සලසන්නන් අතරින් අති ශ්රේෂ්ඨය.

Al-Maaida 5:114Listen in Qur'an →
115

قَالَ ٱللَّهُ إِنِّى مُنَزِّلُهَا عَلَيْكُمْ ۖ فَمَن يَكْفُرْ بَعْدُ مِنكُمْ فَإِنِّىٓ أُعَذِّبُهُۥ عَذَابًۭا لَّآ أُعَذِّبُهُۥٓ أَحَدًۭا مِّنَ ٱلْعَٰلَمِينَ

(එයට) අල්ලාහ් “නියත වශයෙන්ම මා (ඔබ ඉල්ලු පරිදි) එය ඔබට පහළ කරන්නෙමු. (එහෙත්) මින් පසුව ඔබගෙන් කවුරුන් හෝ (මගේ නියෝග) ප්‍රතික්ෂේප කළහොත් ඔහුව මෙලොවදී කිසිවෙකුටත් කර නොතිබුණු තරම් දරුණු දඬුවමක් මගින් නියත වශයෙන්ම මා දඬුවම් කරමි” යයි පැවසුවේය.

ඊසා (අලය්හිස් සලාම්) තුමාගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දෙමින්, ඔබ වෙත පහළ කරන මෙන් ඔබ පැතූ මෙම ආහාර බන්දේසිය සැබැවින්ම මම පහළ කරමි. නමුත් එය පහළ වීමෙන් පසු ව කවරෙකු ප්රතික්ෂේප කරන්නේද ඔහු තමන්ට මිස දොස් පැවරිය නොයුතුය. එවිට මම කිසිවකුට දඬුවම් නොකළ දැඩි දඬුවමින් දඬුවම් කරමි. ඊට හේතුව සැබැවින්ම ඔහු එම පැහැදිලි ප්රාතිහාර්යයට සාක්ෂිකරුවෙකු විය. එහෙයින් ඔහුගේ ප්රතික්ෂේපය හිතුවක්කාර ප්රතික්ෂේප කිරීමකි. අල්ලාහ් ඔවුනට ඔහුගේ ප්රතිඥාව සැබෑ කොට එය ඔවුන් වෙත පහළ කළේය.

Al-Maaida 5:115Listen in Qur'an →
116

وَإِذْ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبْنَ مَرْيَمَ ءَأَنتَ قُلْتَ لِلنَّاسِ ٱتَّخِذُونِى وَأُمِّىَ إِلَٰهَيْنِ مِن دُونِ ٱللَّهِ ۖ قَالَ سُبْحَٰنَكَ مَا يَكُونُ لِىٓ أَنْ أَقُولَ مَا لَيْسَ لِى بِحَقٍّ ۚ إِن كُنتُ قُلْتُهُۥ فَقَدْ عَلِمْتَهُۥ ۚ تَعْلَمُ مَا فِى نَفْسِى وَلَآ أَعْلَمُ مَا فِى نَفْسِكَ ۚ إِنَّكَ أَنتَ عَلَّٰمُ ٱلْغُيُوبِ

තවද අල්ලාහ් (විනිශ්චය දිනදී ඊසාට) “ඕ මර්යම්ගේ පුත් ඊසා! “අල්ලාහ් හැර, මාවද මගේ මවවද දෙවිවරුන් දෙදෙනෙකු වශයෙන් ඇර ගනු” යයි මිනිසුන්ට ඔබ පැවසුවෙහිද?”යි විමසනු ඇත. (එයට) ඔහු මෙසේ පවසන්නේය: “ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. මා හට පොඩියක් හෝ සුදුසු නැති දැයක් මා කිසිවිටෙකත් පැවසුවේ නැත. එසේ මා පැවසුවේ නම් නියත වශයෙන්ම ඔබ දන්නෙහිය! මගේ සිතෙහි ඇති දැය ඔබ හොඳින් දන්නෙහිය! ඔබේ සිතෙහි ඇති දැය මා නොදන්නෙමි! නියත වශයෙන්ම ඔබමය ගුප්ත දැය සියල්ල හොඳින් දන්නෙකු වන්නේ!”

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් මර්යම්ගේ පුත් ඊසා සමග කතා කරමින් පැවසූ අවස්ථාව සිහිපත් කරනු. අහෝ මර්යම්ගේ පුත් ඊසා! අල්ලාහ් හැර මා හා මාගේ මව නැමදුම් ලබන්නන් බවට පත් කරන මෙන් ඔබ මිනිසුන්ට පැවසුවෙහිද? එවිට ඊසා තම පරමාධිපති ව සුවිශුද්ධ කරමින් මෙසේ පිළිතුරු දුන්නේය. සත්ය මිස වෙනකක් ඔවුනට මා පැවසීම මට අවැසි නොවීය. එය මා පවසා සිටි බව නිර්ණය කරනු ලබන්නේ නම් සැබැවින්ම ඒ ගැන ඔබ දන්නෙහිය. හේතුව ඔබට කිසිවක් සැඟවෙන්නේ නැත. මාගේ සිත තුළ සඟවා ඇති දෑ ඔබ දන්නෙහිය. නමුත් ඔබ තුළ ඇති දෑ මම නොදනිමි. ගුප්ත ව ඇති සියලුම දෑ ද සැඟ වී ඇති සියලුම දෑ ද මතුපිටින් ඇති සියලුම දෑ ද දන්නේ ඔබ පමණය.

Al-Maaida 5:116Listen in Qur'an →
117

مَا قُلْتُ لَهُمْ إِلَّا مَآ أَمَرْتَنِى بِهِۦٓ أَنِ ٱعْبُدُوا۟ ٱللَّهَ رَبِّى وَرَبَّكُمْ ۚ وَكُنتُ عَلَيْهِمْ شَهِيدًۭا مَّا دُمْتُ فِيهِمْ ۖ فَلَمَّا تَوَفَّيْتَنِى كُنتَ أَنتَ ٱلرَّقِيبَ عَلَيْهِمْ ۚ وَأَنتَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدٌ

“(තවද) ඔබ මා හට අණ කළ අන්දමටම මා (ඔවුන්ට) “ඔබ, මටද ඔබටද දෙවියන් වන අල්ලාහ්වම නමදිනු” යයි පැවසුවා මිස, මා වෙන කිසිවක් (කිසි විටෙකත්) පැවසුවේ නැත. මා ඔවුන් සමග සිටින තාක් කල් ඔවුන්ගේ වැඩ කටයුතු බලා සිටියෙමි. ඔබ මාව අත්පත් කළ පසු, ඔබම ඔවුන්ව අවධානය කරන්නෙකු වශයෙන් සිටි අතර සියල්ලට ඔබම සාක්ෂි දරන්නෙහිය”.

ඊසා තම පරමාධිපති දෙස බලා 'ඔබට පමණක් නමදින්නට ඔවුනට නියෝග කරන මෙන් ඔබ මට පවසා සිටි දෑ හැර වෙනකක් මම ජනතාවට නොපැවසුවෙමි. ඔවුන් අතර මා සිටි කාලය පුරා ඔවුන් පවසන දෑ පිළිබඳ මා අධීක්ෂණය කරමින් සිටියෙමි. නමුත් ඔවුන් අතර මා සිටින කාලය ඔබ අවසන් කොට ජීවමානව අහස වෙත මා ඔසවා ගත් කල්හි මාගේ පරමාධිපතියාණනි, ඔවුන්ගේ ක්රියාවන් ආරක්ෂා කළේ ඔබය. ඔබ සෑම දෙයකටම සාක්ෂිකරුය. ඔබෙන් කිසිවක් සැඟවෙන්නේ නැත. ඔවුනට මා පැවසූ දෑ ද මගෙන් පසු ඔවුන් පවසා සිටි දෑ ද ඔබට සැඟවුණු දෙයක් නොවේ.

Al-Maaida 5:117Listen in Qur'an →
118

إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ ۖ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ

“ඔවුන්ව ඔබ දඬුවම් කළහොත් -නියත වශයෙන්ම ඔවුන් ඔබගේ වහලූන්ය! (ඔබගේ වහලූන්ව, ඔබ කැමති දැයක් කිරීමට ඔබට අයිතියක් ඇත). තවද ඔවුන්ට ඔබ සමාව දුන්නේ නම්, (එය වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකිය. මන්දයත්) නියත වශයෙන්ම ඔබම (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නෙහිය” (යයි පවසනු ඇත).

මාගේ පරමාධිපතියාණනි, ඔබ ඔවුන් වේදනාවට පත් කරන්නේ නම් සැබැවින්ම ඔවුන් ඔබේ ගැත්තන් වන බැවින් ඔබ අභිමත දෑ ඔවුනට සිදු කරනු ඇත. ඔවුන් අතුරින් විශ්වාස කළවුනට ඔබ සමාව පිරිනැමුවෙහි නම් එයින් ඔබ වැළැක්වීමට කිසිවකු නැත. ඔබ කිසිවකු විසින් අබිබවා යා නොහැකි සර්ව බලධාරීය. ඔබේ සැලසුම් තුළ ඔබ මහා ඥානීය.

Al-Maaida 5:118Listen in Qur'an →
119

قَالَ ٱللَّهُ هَٰذَا يَوْمُ يَنفَعُ ٱلصَّٰدِقِينَ صِدْقُهُمْ ۚ لَهُمْ جَنَّٰتٌۭ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

(එයට) අල්ලාහ් ඇත්ත කියන සත්‍යවන්තයින්ට, ඔවුන්ගේ ඇත්ත ප්‍රයෝජනවත් විය හැකි දිනය මෙය යයි සදාකල් දිය දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන්ද ඔවුන්ට ඇත. ඒවායෙහි ඔවුන් සදහටම රැඳී සිටිනු ඇත” යයි පවසන්නේය. (එදින) ඔවුන් ගැන අල්ලාහ්ද තෘප්තියට පත් වනු ඇත. ඔවුන්ද ඔහු ගැන තෘප්තියට පත් වනු ඇත. මෙය අති විශාල භාග්‍යයකි.

අල්ලාහ් ඊසා (අලය්හිස් සලාම්) තුමාට මෙසේ පවසා සිටීය. මෙය ඔවුන්ගේ සැබෑ ප්රකාශයන් ක්රියාවන් හා සැබෑ චේතනාවන් ඵල දෙන දිනයයි. ඒවායෙහි මාලිගාවන් හා ඒවායෙහි ගස් වලට පහළින් ගලා යන ගංගා සහිත උයන් ඔවුනට ඇත. එහි ඔවුන් සදා වාසය කරනු ඇත. ඔවුනට මරණය ඇති වන්නේ නැත. අල්ලාහ් ඔවුන් පිළිගත්තේය. කිසිවිටෙක ඔවුන් වෙත ඔහු කෝප වන්නේ නැත. සදා සැප සම්පත් වලින් කවර දෙයක් ඔවුනට හිමි වූයේ ද එය ඔවුන් තෘප්තියෙන් යුතු ව පිළිගත්තෝය. මෙම ප්රතිඵල හා ඔවුන් ගැන තෘප්තිමත් වීම අතිමහත් ජයග්රහණයකි. එයට සමීප විය හැකි වෙනත් ජයග්රහණයක් නැත.

Al-Maaida 5:119Listen in Qur'an →
120

لِلَّهِ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا فِيهِنَّ ۚ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌۢ

අහස්හිද, භූමියෙහිද, ඒවායෙහි ඇති සියල්ලෙහිද පාලනය අල්ලාහ්ටම අයිතිය! ඔහු (මේවා) සියල්ල කෙරෙහිද ඉතාමත් බලසම්පන්නයෙකි.

අහස්හි හා මහපොළොවේ සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙක මැව්වේ ඔහුය. ඒ දෙකෙහි කටයුතු සැලසුම් කරන්නේද ඔහුය. ඒවායෙහි ඇති සියලු මැවීම් හා පාලනය ඔහු සතුය. ඔහු සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. කිසිවක් ඔහු පාරාජය කළ නොහැක.

Al-Maaida 5:120Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.