يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَسْـَٔلُوا۟ عَنْ أَشْيَآءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْـَٔلُوا۟ عَنْهَا حِينَ يُنَزَّلُ ٱلْقُرْءَانُ تُبْدَ لَكُمْ عَفَا ٱللَّهُ عَنْهَا ۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٌۭ
විශ්වාසවන්තයිනි! (අවශ්යතාවයකට මිස, නබිවරයාගෙන්) සෑම කාරණාවක් ගැනම (හාර හාරා) විමසමින් නොසිටිනු. (මන්දයත් ඒවා) ඔබට දැනුම් දුන්නහොත් (එය) ඔබට කණගාටුවක් ඇති කළ හැකිය. එයින්ද මෙම කුර්ආනය පහළ කරන අවසථාවේදී, එවැනි කාරණාවන් ගැන ඔබ විමසමින් සිටියහොත්, ඒවා ඔබට දැනුම් දෙනු ලබනු ඇත. (එමගින් ඔබව අමාරුකමකට ඇතුළු කරනු ලබන්නට ඉඩ ඇත. එහෙත් ඒ සමගම) ඒ ගැන අල්ලාහ් සමාව දෙන්නෙකු වශයෙන් හා ඉතාමත් ඉවසිලිවන්තයෙකු වශයෙන් සිටින්නේය.
අහෝ විශ්වාස කළවුනි! ඔබට ප්රයෝජනයක් නැති කරුණු පිළිබඳ ඔබේ ධර්ම දූතයාණන්ගෙන් නොවිමසනු. එය ඔබේ ආගමික කටයුතු වලදී ඔබට ප්රයෝජනවත් නොවන්නේය. ඔබට යම් දෙයක් හෙළි වූයේ නම්, එහි ඇති දුෂ්කරතාව හේතුවෙන් ඔබ නිරායාසයට පත් වනු ඇත. අල්ලාහ්ගේ දූතයාණන්හට වහී පහළ වන මොහොතේ විමසීමට තහනම් කරන ලද කරුණක් පිළිබඳ ඔබ විමසා සිටියෙහු නම්, එය ඔබට පැහැදිලි කර දෙනු ලැබේ. එය අල්ලාහ්ට පහසු කාර්යයකි. අල් කුර්ආනය නිහඬ ව සිටි කරුණු සම්බන්ධයෙන් අල්ලාහ් නොසලකා හරින්නේය. එහෙයින් ඒ ගැන නොවිමසනු. සැබැවින්ම ඒ ගැන ඔබ විමසා සිටියෙහු නම් ඔබ වෙත එහි නීති අනුගමනය කරන්නට සිදු වනු ඇත. අල්ලාහ් වනාහි, ඔහුගේ ගැත්තන් ඔහු වෙත පශ්චාත්තාපයේ නිරත ව සමාව අයැද සිටි විට, අල්ලාහ් ඔවුන්ගේ පාපකම්වලට අතිශය සමාව දෙන්නාය. ඒ හේතුවෙන් ඔවුනට දඬුවම් කිරීමෙන් ඔහු ඉවසන සුළුය.