Muslim99Muslim99
← Tafsir library

5. Al-Maaida

The Table · Medinan · 120 ayahs

سُورَةُ المَائـِدَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 120

101

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَسْـَٔلُوا۟ عَنْ أَشْيَآءَ إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْـَٔلُوا۟ عَنْهَا حِينَ يُنَزَّلُ ٱلْقُرْءَانُ تُبْدَ لَكُمْ عَفَا ٱللَّهُ عَنْهَا ۗ وَٱللَّهُ غَفُورٌ حَلِيمٌۭ

විශ්වාසවන්තයිනි! (අවශ්‍යතාවයකට මිස, නබිවරයාගෙන්) සෑම කාරණාවක් ගැනම (හාර හාරා) විමසමින් නොසිටිනු. (මන්දයත් ඒවා) ඔබට දැනුම් දුන්නහොත් (එය) ඔබට කණගාටුවක් ඇති කළ හැකිය. එයින්ද මෙම කුර්ආනය පහළ කරන අවසථාවේදී, එවැනි කාරණාවන් ගැන ඔබ විමසමින් සිටියහොත්, ඒවා ඔබට දැනුම් දෙනු ලබනු ඇත. (එමගින් ඔබව අමාරුකමකට ඇතුළු කරනු ලබන්නට ඉඩ ඇත. එහෙත් ඒ සමගම) ඒ ගැන අල්ලාහ් සමාව දෙන්නෙකු වශයෙන් හා ඉතාමත් ඉවසිලිවන්තයෙකු වශයෙන් සිටින්නේය.

අහෝ විශ්වාස කළවුනි! ඔබට ප්රයෝජනයක් නැති කරුණු පිළිබඳ ඔබේ ධර්ම දූතයාණන්ගෙන් නොවිමසනු. එය ඔබේ ආගමික කටයුතු වලදී ඔබට ප්රයෝජනවත් නොවන්නේය. ඔබට යම් දෙයක් හෙළි වූයේ නම්, එහි ඇති දුෂ්කරතාව හේතුවෙන් ඔබ නිරායාසයට පත් වනු ඇත. අල්ලාහ්ගේ දූතයාණන්හට වහී පහළ වන මොහොතේ විමසීමට තහනම් කරන ලද කරුණක් පිළිබඳ ඔබ විමසා සිටියෙහු නම්, එය ඔබට පැහැදිලි කර දෙනු ලැබේ. එය අල්ලාහ්ට පහසු කාර්යයකි. අල් කුර්ආනය නිහඬ ව සිටි කරුණු සම්බන්ධයෙන් අල්ලාහ් නොසලකා හරින්නේය. එහෙයින් ඒ ගැන නොවිමසනු. සැබැවින්ම ඒ ගැන ඔබ විමසා සිටියෙහු නම් ඔබ වෙත එහි නීති අනුගමනය කරන්නට සිදු වනු ඇත. අල්ලාහ් වනාහි, ඔහුගේ ගැත්තන් ඔහු වෙත පශ්චාත්තාපයේ නිරත ව සමාව අයැද සිටි විට, අල්ලාහ් ඔවුන්ගේ පාපකම්වලට අතිශය සමාව දෙන්නාය. ඒ හේතුවෙන් ඔවුනට දඬුවම් කිරීමෙන් ඔහු ඉවසන සුළුය.

Al-Maaida 5:101Listen in Qur'an →
102

قَدْ سَأَلَهَا قَوْمٌۭ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا۟ بِهَا كَٰفِرِينَ

ඔබට පෙර විසූ ජනතාවද, (ඔවුන්ගේ නබිවරයාගෙන් මෙවැනි ප්‍රශ්නයන්) මේ ආකාරයටම විමසමින් සිටියහ. (ඒවා ඔවුන්ට දැනුම් දෙනු ලැබීමෙන්) පසු, ඔවුන් ඒවා ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූහ.

ඔබට පෙර විසූ ජනයා ද මෙවැනිම ප්රශ්න විමසා සිටියෝය. ඔවුනට එවන් දුෂ්කරතා පැවරෙන කල්හි ඔවුන් එය ක්රියාත්මක නොකළෝය. ඒ හේතුවෙන් දෙවියන්ට ප්රතික්ෂේප කරන්නන් බවට ඔවුහු පත් වූහ.

Al-Maaida 5:102Listen in Qur'an →
103

مَا جَعَلَ ٱللَّهُ مِنۢ بَحِيرَةٍۢ وَلَا سَآئِبَةٍۢ وَلَا وَصِيلَةٍۢ وَلَا حَامٍۢ ۙ وَلَٰكِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۖ وَأَكْثَرُهُمْ لَا يَعْقِلُونَ

බහිරා, සායිබා, වසීලා, හාම් (ආදී) මේ සියල්ල අල්ලාහ් ඇති කළ දැය නොව. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන්ම (ඒවා අල්ලාහ් විසින් ඇති කළ දැය යයි) අල්ලාහ් මත බොරුවට මනක්කල්පිත කරන්නාහ. ඔවුන්ගෙන් බොහොමයක් නොදැනුවත් අය වශයෙන්ම සිටින්නාහ.

ගොවිපළ සතුන් අල්ලාහ් අනුමත කර ඇත. දෙවියන්ට ආදේශ තබන්නන් තම පිළිම සඳහා කැප කිරීමට අල් බහීරා (නියමිත ඔටු පැටුවන් ගණනක් බිහි කළ විට උගේ කන කපා හරින ලද ඔටු දෙන) අස්සාඉබා (නියමිත වයස් සීමාවට පැමිණි විට ඔවුන්ගේ පිළිම සඳහා අතහැර දමන ලද ඔටු දෙන), අල් වසීලා (ගැහැනු පැටුවන් ගෙන් ගැහැනු පැටවුන් බිහි කළ ඔටු දෙන) අල්හාමි (නියමිත ඔටු ගණනක් බිහි කිරීමට හේතු වුණු පිරිමි ඔටුවා) වැනි ඔටු වර්ග තහනම් කළාක් මෙන් ඉන් කිසිවක් අල්ලාහ් තහනම් නොකළේය. නමුත් දේව ප්රතික්ෂේපකයෝ ඉහත සඳහන් වර්ග අල්ලාහ් විසින් තහනම් කරනු ලැබ ඇතැයි යන අවලාදය හා බොරුව විශ්වාස කළෝය. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගෙන් බහුතරයක් දෙනා සත්ය හා අසත්ය අතරත් අනුමත හා තහනම් දෑ අතරත් වෙන් කර කටයුතු නොකරති.

Al-Maaida 5:103Listen in Qur'an →
104

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ قَالُوا۟ حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ ءَابَآءَنَآ ۚ أَوَلَوْ كَانَ ءَابَآؤُهُمْ لَا يَعْلَمُونَ شَيْـًۭٔا وَلَا يَهْتَدُونَ

“අල්ලාහ් පහළ කරන ලද දැය (ධර්මය) දෙසටද, (ඔහුගේ) දුතයා දෙසටද, පැමිණෙනු” යයි කියනු ලැබුවහොත් “අපගේ මුතුන් මිත්තන් කුමක් මත සිටියෝදැයි අපි දුටුවෙමුද, එයම (අපි අනුගමනය කිරීම) අපට ප්‍රමාණවත්ය” යයි පවසන්නාහ. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැනගෙන ඍජු මාර්ගයෙහි නොමැතිව සිටියත් වුවද, (ඔවුන් තම මුතුන් මිත්තන්ව අනුගමනය කරන්නේ)?

ඇතැම් ගොවිපළ සතුන් තහනම් යැයි අල්ලාහ් මත බොරු ගොතා පැවසූ මෙම බොරුකාරයින්හට 'තහනම් දැයින් අනුමත දෑ කුමක්දැ?යි ඔබ දැන ගනු පිණිස අල්ලාහ් පහළ කළ කුර්ආනය හා දේව දූතයාණන්ගේ පිළිවෙත වෙත පැමිණෙන්නැ'යි පවසනු ලැබූ විට, 'අපගේ මුතුන් මිත්තන්ගෙන් අපි උරුමකරගත් විශ්වාසයන් ප්රකාශයන් හා ක්රියාවන් අපට ප්රමාණවත්' යැයි ඔවුහු පැවසූහ. ඔවුන්ගේ මුතුන් මිත්තන් සත්ය වෙත මග පෙන්වනු නොලැබූ මෙන්ම කිසිවක් නොදැන සිටි තත්ත්වයේ ඒ සඳහා ඔවුන් ප්රමාණවත් වන්නේ කෙසේද? ඔවුන්ව අනුගමනය කරනුයේ ඔවුන් අතරින් වඩාත් අඥාන හා මාර්ගයෙන් වඩාත් නොමග ගියවුන් පමණි. ඔවුහු නොමග ගිය අඥානයෝ වෙති.

Al-Maaida 5:104Listen in Qur'an →
105

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ عَلَيْكُمْ أَنفُسَكُمْ ۖ لَا يَضُرُّكُم مَّن ضَلَّ إِذَا ٱهْتَدَيْتُمْ ۚ إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ جَمِيعًۭا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

විශ්වාසවන්තයිනි! ඔබ (වැරදි මාර්ගයක නොයන්නට) ඔබව ආරක්ෂා කර ගනු. ඔබ ඍජු මාර්ගයෙහි ගියහොත්, මාර්ගය වැරද ගිය කිසිවෙකුගේ නපුරක් ඔබට බලපාන්නේ නැත. ඔබ සියල්ල අල්ලාහ් වෙතම යා යුතුව ඇත්තේය. ඔබ (මෙහිදී) කරමින් සිටින දැය ගැන (ඒ අවස්ථාවේදී) ඔහු ඔබට දැනුම් දෙනු ඇත.

අහෝ! විශ්වාස කළවුනි, ඔබ ඔබේ ජීවිතය ගැන ප්රවේශම් වන්න. එහෙයින් එයට යහපත් දෑ පමණක් එකතු කරන්න. ඔබ යහමග ගියේ නම් නොමග ගිය මිනිසුන් විසින් ඔබට හානියක් සිදු කළ නොහැක. ඔවුන් ඔබට පිළිතුරු නොදෙනු ඇත. යහපත නියෝග කිරීමත් අයහපතින් වැළක්වීමත් ඔබ යහමග ලැබ ඇති බවට වූ සලකුණකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔබ යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත පමණි. එවිට මෙලොවෙහි ඔබ සිදු කරමින් සිටි දෑ පිළිබඳ ඔහු ඔබට දැනුම් දෙනු ඇත. ඒ සඳහා ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.

Al-Maaida 5:105Listen in Qur'an →
106

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ شَهَٰدَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ ٱلْمَوْتُ حِينَ ٱلْوَصِيَّةِ ٱثْنَانِ ذَوَا عَدْلٍۢ مِّنكُمْ أَوْ ءَاخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنتُمْ ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَأَصَٰبَتْكُم مُّصِيبَةُ ٱلْمَوْتِ ۚ تَحْبِسُونَهُمَا مِنۢ بَعْدِ ٱلصَّلَوٰةِ فَيُقْسِمَانِ بِٱللَّهِ إِنِ ٱرْتَبْتُمْ لَا نَشْتَرِى بِهِۦ ثَمَنًۭا وَلَوْ كَانَ ذَا قُرْبَىٰ ۙ وَلَا نَكْتُمُ شَهَٰدَةَ ٱللَّهِ إِنَّآ إِذًۭا لَّمِنَ ٱلْءَاثِمِينَ

විශ්වාසවන්තයිනි! ඔබගෙන් කිසිවෙකුටත් මරණය ළඟා වී, (ඔහු මරණ ශාසණය වන අන්තිම කැමැත්ත පැවසීමට අදහස් කළහොත්) ඔහු අන්තිම කැමැත්ත පවසන අවස්ථාවේදී ඔබගෙන් නීතිගරුක (දැහැමි) කෙනෙකු ඔබ අතරේ සාක්ෂි වශයෙන් සිටිය යුතුය. නැතහොත් ඔබ භූමියෙහි සංචාරය කරමින් සිටින අවස්ථාවේදී ඔබගෙන් කෙනෙකුට මරණය ළඟා වුවහොත් (ඒ අවස්ථාවේදී අන්තිම කැමැත්තට සාක්ෂි වශයෙන් මුස්ලිම් කෙනෙකු නොලදහොත්) ඔබ නොවන වෙනත් දෙදෙනෙකු (සාක්ෂි වශයෙන්) සිටිය යුතුය. (මෙම සාක්ෂීන් පවසන කාරණාවෙහි) ඔබට සැකයක් මතු වුවහොත් ඒ දෙදෙනාවම (අසර්) සලාතයෙන් පසු නවතා තබා ගනු. ඒ දෙදෙනාම “අපි පවසන දැය (සාක්ෂිය) මිලට විකුණා කිසිවක් ඒ වෙනුවෙන් අත් කර නොගන්නෙමු. ඔවුන් අපගේ ඥාතින් වුවද කම් නැත, අපි අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි දැරීමෙහි කිසිවක් සැඟවූවේ නැත. එසේ කළේ නම්, නියත වශයෙන්ම අපි පාපතරයන් බවට පත් වන්නෙමු” යයි අල්ලාහ් මත දිව්රා පැවසිය යුතුය.

අහෝ! විශ්වාස කළවුනි, මරණයේ සලකුණු අතුරින් බාහිරයෙන් පෙනෙන සලකුණක් ඔබගෙන් කෙනෙකු වෙත පැමිණි විට තමන් පවසන අන්තිම කැමැත්තට මුස්ලිම්වරුන් අතුරින් සාධාරණනීය දෙදෙනෙක් පත් කර ගනු. එසේ නැතහොත් ඔබ ගමනක නිරත ව සිටියදී ඔබට මරණය පැමිණ එසේ මුස්ලිම්වරුන්ගේ දෙදෙනෙකු නොමැති වූ විටක අවශ්යතාවට සරිලන සේ දේව ප්රතික්ෂේපකයින් අතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සාක්ෂි වශයෙන් පත් කර ගනු. ඔවුන් දෙදෙනාගේ සාක්ෂියෙහි යම් සැක සහිත දෙයක් කතාවට බදුන් වූයේ නම් අනිවාර්ය සලාත් අවස්ථාවකින් පසු ඔවුන් රඳවා තබා: තමන් දෙදෙනාගේ පංගුවෙහි කිසිදු වටිනාකමට නොවිකුණන බවටත් ඒ සම්බන්ධයෙන් අපක්ෂපාතී නොවන බවටත්, තමන් දෙදෙනා අල්ලාහ් වෙනුවෙන් දෙන සාක්ෂිය නොසගවන බවටත් දිවුරුමක් ගත යුතුයි. සැබැවින්ම ඔවුන් දෙදෙනා එයට පටහැණි ව ක්රියා කළේ නම් අල්ලාහ්ට පිටුපාන පාපතරයින් අතුරින් වනු ඇත.

Al-Maaida 5:106Listen in Qur'an →
107

فَإِنْ عُثِرَ عَلَىٰٓ أَنَّهُمَا ٱسْتَحَقَّآ إِثْمًۭا فَـَٔاخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ ٱلَّذِينَ ٱسْتَحَقَّ عَلَيْهِمُ ٱلْأَوْلَيَٰنِ فَيُقْسِمَانِ بِٱللَّهِ لَشَهَٰدَتُنَآ أَحَقُّ مِن شَهَٰدَتِهِمَا وَمَا ٱعْتَدَيْنَآ إِنَّآ إِذًۭا لَّمِنَ ٱلظَّٰلِمِينَ

(මෙසේ ඔවුන් දිව්රීමෙන්ද) ඔවුන් (බොරුවම පවසා) පාපයටම ඇතුළු වූහ යයි නියත වශයෙන්ම එළිදරව් වුවහොත් (මෙම බොරු සාක්ෂියෙන්) පාඩුව සිදු වූ අයගේ පැත්තෙන් වෙනත් දෙදෙනෙකු (දිව්රූ) ඔවුන්ගේ ස්ථානයෙහි සිටිමින් “ඔවුන්ගේ සාක්ෂියට වඩා අපගේ සාක්ෂියම සත්‍යය (යයි ස්ථීර කරන්නෙමු). අපි වැරදිව කිසිවක් පැවසුවේ නැත. එසේ පැවසුවහොත් නියත වශයෙන්ම අපි අපරාධකරුවන් බවට පත් වන්නෙමු” යයි ඒ දෙදෙනාම අල්ලාහ් මත දිව්රා පැවසිය යුතුය.

ඔවුන් දෙදෙනා දිවුරා සිටීමෙන් පසු දිවුරුමෙහි හා සාක්ෂියෙහි ඔවුන් දෙදෙනා පවසන දෑ බොරු යැයි පැහැදිලි වූ විට හෝ ඔවුන් දෙදෙනාගේ වංචාව අනාවරණය වූ විට සත්යය කුමක්දැයි යන්නට එම මිය ගිය පුද්ගලයාට සමීපතයින් දෙදෙනෙකු ඔවුන් දෙදෙනාගේ ස්ථානයේ සිට සාක්ෂි දැරිය යුතුයි. එසේ නැතහොත් දිවුරා සිටිය යුතුය. අපගේ සාක්ෂියට ඔවුන් දෙදෙනාගේ බොරුවට හා වංචාවට වඩා තමන් දෙදෙනාගේ වගකීමත් සත්යතාවත් වඩාත් සුදුසුය. අපි බොරුවට දිවුරුම් නොකරමු. සැබැවින්ම අපි බොරුවට සාක්ෂි දැරුවේ නම් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා ගිය අපරාධකරුවන් අතරට පත් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය.

Al-Maaida 5:107Listen in Qur'an →
108

ذَٰلِكَ أَدْنَىٰٓ أَن يَأْتُوا۟ بِٱلشَّهَٰدَةِ عَلَىٰ وَجْهِهَآ أَوْ يَخَافُوٓا۟ أَن تُرَدَّ أَيْمَٰنٌۢ بَعْدَ أَيْمَٰنِهِمْ ۗ وَٱتَّقُوا۟ ٱللَّهَ وَٱسْمَعُوا۟ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ

ඇත්ත ඇති සැටියෙන් ඔවුන් සාක්ෂි දෙන ලෙසට සැලැස්වීමට මෙය ඉතාමත් හොඳ මාර්ගයකි. නැතහොත් ඔවුන් (බොරු) දිව්රුම් කළද, අනිත් අයගේ දිව්රුම එය වළක්වා හරිනු ඇත යයි ඔවුන් බිය වීමටද, (මෙය ඉතාමත් අගනා මාර්ගයකි). එබැවින් ඔබ අල්ලාහ්ට බිය වනු. (ඔහුගේ නියෝගයන්ටම) ඔබ සවන් දෙනු. පාපයන් කරන ජනතාව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු නොකරන්නේය.

ඉහත සඳහන් පරිදි සලාතයෙන් පසු සාක්ෂිකරුවන් දෙදෙනාගේ දිවුරීම ගනු ලබනුයේ ඔවුන් දෙදෙනාගේ සාක්ෂියෙහි සැක ඇති වූ අවස්ථාවක හා ඔවුන් දෙදෙනා සාක්ෂිය ප්රතික්ෂේප කරනු ලබන අවස්ථාවකය. ආගමානු ක්රමයට අනුව සාක්ෂි ගෙන ඒම වඩාත් සුදුසුම ක්රමයයි. ඔවුන් දෙදෙනා සාක්ෂිය විකෘති නොකළ යුතුය. එය වෙනස් නොකළ යුතුය. වංචා නොකළ යුතුයි. ඔවුන් දෙදෙනාගේ දිවුරුමට පසු ව උරුමක්කාරයාගේ දිවුරීම ප්රතික්ෂේප කරනු ලැබීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා බියවීමට වඩාත් සමීප ක්රමය වන්නේය. එවිට ඔවුන් දෙදෙනා කවර සාක්ෂියක් ගෙන ආවේද එයට එරෙහි ව ඔවුහු දිවුරනු ඇත. එහෙයින් ඔවුන් දෙදෙනා පැහැදිලි ව සාක්ෂි ඉදිරිපත් කරනු ඇත. සාක්ෂියෙහි හා දිවුරුමෙහි වංචාව හා බොරුව අතහැර දමමින් අල්ලාහ්ට බිය විය යුතුය. කවර දෙයක් ඔබට අණ කරනු ලැබුවේද එය පිළිගන්නා අයුරින් සවන් දිය යුතුය. අල්ලාහ් තමන්ට අවනත වීමෙන් දුරස් වූවන්හට ආශිර්වාද නොකරනු ඇත.

Al-Maaida 5:108Listen in Qur'an →
109

۞ يَوْمَ يَجْمَعُ ٱللَّهُ ٱلرُّسُلَ فَيَقُولُ مَاذَآ أُجِبْتُمْ ۖ قَالُوا۟ لَا عِلْمَ لَنَآ ۖ إِنَّكَ أَنتَ عَلَّٰمُ ٱلْغُيُوبِ

(නබියේ!) එක් දිනකදී අල්ලාහ් (තමන්ගේ) දූතයින්ව ඒකරාශී කර, “(ඔබ මගේ දූත මෙහෙවර ජනතාව වෙත ගෙනහැර දැක්වූ අවස්ථාවේදී) ඔවුන් ඔබට කුමන පිළිතුරක් නම් දුන්නෙහුද?”යි විමසනු ඇත. එයට ඔවුන් “(අපි ජීවතුන් අතර සිටින තුරු ඔවුන්ගේ පිටස්තර හැඩයම දැන සිටියෙමු. ඊට වෙනස්ව ඇති දැය හෝ අපි මරණයට පත් වූවායින් පසුව, ඔවුන් කළ දැය හෝ) අපි නොදන්නෙමු. නියත වශයෙන්ම ඔබම සැඟවුනු සියල්ල හොඳින් දන්නෙකු” යයි පවසන්නාහ.

අහෝ! ජනයිනි, අල්ලාහ් සියලු රසූල්වරුන් එකට එක් රැස් කොට 'කවර සමූහයක් වෙත මම ඔබ එවනු ලැබුවේද එම සමූහයා ඔබට පිළිතුරු දුන්නේ කුමක් දැ?යි ඔහු ඔවුන්ගෙන් විමසන අවස්ථාව මෙනෙහි කර බලනු. 'අපට ඒ පිළිබඳ දැනුමක් නැත. ඒ පිළිබඳ සම්පූර්ණ දැනුම ඔබ සතුය. ගුප්ත කරුණු පිළිබඳ දන්නේ සැබැවින්ම ඔබ පමණය.' යැයි ඔවුහු අල්ලාහ් වෙත පිළිතුරු දෙමින් පවසති.

Al-Maaida 5:109Listen in Qur'an →
110

إِذْ قَالَ ٱللَّهُ يَٰعِيسَى ٱبْنَ مَرْيَمَ ٱذْكُرْ نِعْمَتِى عَلَيْكَ وَعَلَىٰ وَٰلِدَتِكَ إِذْ أَيَّدتُّكَ بِرُوحِ ٱلْقُدُسِ تُكَلِّمُ ٱلنَّاسَ فِى ٱلْمَهْدِ وَكَهْلًۭا ۖ وَإِذْ عَلَّمْتُكَ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَٱلتَّوْرَىٰةَ وَٱلْإِنجِيلَ ۖ وَإِذْ تَخْلُقُ مِنَ ٱلطِّينِ كَهَيْـَٔةِ ٱلطَّيْرِ بِإِذْنِى فَتَنفُخُ فِيهَا فَتَكُونُ طَيْرًۢا بِإِذْنِى ۖ وَتُبْرِئُ ٱلْأَكْمَهَ وَٱلْأَبْرَصَ بِإِذْنِى ۖ وَإِذْ تُخْرِجُ ٱلْمَوْتَىٰ بِإِذْنِى ۖ وَإِذْ كَفَفْتُ بَنِىٓ إِسْرَٰٓءِيلَ عَنكَ إِذْ جِئْتَهُم بِٱلْبَيِّنَٰتِ فَقَالَ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ

පසුව අල්ලාහ් (ඊසාට) මෙසේ පවසන්නේය: “ඕ මර්යම්ගේ පුත් ඊසා! ඔබ කෙරෙහිද ඔබ මව කෙරෙහිද (මා ලබා දී) ඇති මගේ වරප්‍රසාදයන් ඔබ මතක් කර බලනු. පරිශුද්ධ ආත්මය මගින් ඔබට උදව් කර, (ඔබ මවගේ පරිශුද්ධභාවය ගැන) ඔබ තොටිල්ලේ සිටින ළදරුවෙකු වශයෙන් සිටි අවස්ථාවේදීද, (ඔබගේ දර්ශණය ගැන) තරුණ වියේදීද, ඔබව මිනිසුන් ඉදිරියේ කතා කිරීමට සැලැස්වීම ගැනද (සිතා බලනු). ධර්මයද, ඥානයද, තව්රාතයද, ඉන්ජීලයද මා ඔබට ඉගැන්වීමද (සිතා බලනු). තවද ඔබ මගේ නියෝගයට අනුව මැටියෙන් පක්ෂියෙකුගේ හැඩයට අඹා, එහි ඔබ පිම්ඹ අවස්ථාවේදී එය මගේ අණ මගින් පක්ෂියෙකු බවට පත් වීමද, උත්පත්තියෙන් අන්ධයින්වද, ලාදුරු (කුෂ්ට) රෝගීන්වද, මගේ පිහිටෙන් ඔබ සුව කිරීම ගැනද (සිතා බලනු). ඔබ මගේ දයාවෙන් මරණයට පත් වූවන්ව (ගල් ගුහාවෙන් පණ ලැබී) පිටත්ව යාමට සැලැස්වීම ගැනද (සිතා බලනු). තවද ඉස්රායීල පරම්පරාවේ දරුවන් වෙත ඔබ පැහැදිලි සාධකයන් ගෙන ආ අවස්ථාවේදී ඔවුන්ගෙන් වූ ප්‍රතික්ෂේප කළ අය “ නියත වශයෙන්ම මෙය පැහැදිලි සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයි පැවසූ (අතර ඔබට හානියක් කිරීමට උත්සාහ කළ) අවස්ථාවේදී, ඔවුන්ගේ (විපත් වලින්) මා ඔබව බේරා ගැනීම ගැනද සිතා බලනු.

අල්ලාහ් ඊසා (අලය්හිස් සලාම්) තුමා සමග කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. අහෝ මර්යම්ගේ පුත් ඊසා! ඔබ ව පියකුගෙන් තොරව මැවූ අවස්ථාවේ ඔබ වෙත කළ මාගේ ආශිර්වාදය මෙනෙහි කරනු. එමෙන්ම ඔබේ මව වන මර්යම් තුමියගේ සමකාලීන කාන්තාවන් අතර ඇය ව විශේෂයෙන් තෝරා ගනිමින් මා ඇය වෙත පිරිනැමූ ආශිර්වාදය ද මෙනෙහි කර බලනු. එමෙන්ම ඔබ බිළිඳු වියේ සිටියදී අල්ලාහ් වෙත ජනයා ඇරයුම් කරමින් ඔවුන් සමග කතා කිරීමටත් ඔවුන් වෙත නබිවරයකු වශයෙන් අපි ඔබ එවූ අවස්ථාවේ ඔවුන් සමග කතා කිරීමටත් ජිබ්රීල් (අලය්හිස් සලාම්) තුමා මගින් ඔබ ව ශක්තිමත් කළ අවස්ථාවද මෙනෙහි කර බලනු. එමෙන්ම මම ඔබට අක්ෂර උගන්වා මූසා (අලය්හිස් සලාම්) තුමා වෙත පහළ කළ තව්රාතය හා ඔබ වෙත පහළ කළ ඉන්ජීලයද උගන්වා ආගමික පිළිවෙත් තුළ පවතින යථාර්ථයන්, එහි ප්රයෝජන හා එහි ප්රඥාව ඉගැන්වූ අවස්ථාවද මෙනෙහි කර බලනු. එමෙන්ම පක්ෂියකුගේ හැඩයෙන් යුත් යමක් මැටියෙන් තනා පසු ව ඔබ එයට පිම්ඹෙහිය. එවිට එය පක්ෂියෙකු බවට පත් විය; එම අවස්ථාවද මෙනෙහි කර බලනු. තවද ඔබ උපතින්ම අන්ධ වූවන් සුවපත් කරන්නෙහිය. කුෂ්ට රෝගීන්ට ප්රතිකාර කරන්නෙහිය. එවිට ඔවුන්හට නිරෝගිමත් චර්මයක් ලැබුණි. එමෙන්ම මළවුන් අවදි කරන මෙන් ඔබ අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කර සිටීම හේතුවෙන් මළවුනට ඔහු යළි ජීවය ලබා දුන්නේය. ඒ සියල්ල මාගේ අනුහසින් සිදු විය. එමෙන්ම ඔබ ඉස්රාඊල් දරුවන් වෙත පැහැදිලි ප්රාතිහාර්යයන් ගෙන ආ අවස්ථාවේ ඔබ ව ඝාතනය කිරීමට තැත් කළ කල්හි ඔවුන්ගෙන් මම ඔබ ව වළක්වමින් ඔබ වෙත කළ ආශිර්වාදයද මෙනෙහි කර බලනු. ඔවුන් එය ප්රතික්ෂේප කොට 'ඊසා ගෙන ආ දෑ පැහැදිලි හූනියමක් මිස වෙනකක් නොවේ යැයි පැවසූහ.

Al-Maaida 5:110Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.