أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَٰبِ يُؤْمِنُونَ بِٱلْجِبْتِ وَٱلطَّٰغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا۟ هَٰٓؤُلَآءِ أَهْدَىٰ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ سَبِيلًا
(නබියේ!) ධර්මයෙහි එක් කොටසක් දෙනු ලැබූවන්ව ඔබ දුටුවේ නැද්ද? ඔවුන් පිළිරූද, දේව පැටවුන්වද විශ්වාස කර, (අනිත්) ප්රතික්ෂේප කරන්නන්ව ගෙනහැර දක්වා “මොවුන්ම සත්ය විශ්වාසයින්ට වඩා ඉතාමත් ඍජු මාර්ගයෙහි සිටින්නෝය” යයි පවසන්නාහ.
අහෝ! දූතය, ඔබ නොදන්නෙහිද? දැනුමෙන් කොටසක් අල්ලාහ් වෙතින් දෙනු ලැබූ යුදෙව්වන්ගේ තත්ත්වය පුදුම සහගතය. අල්ලාහ් හැර දමා නැමදුම් පුදන්නට වෙනත් අය තෝරා ගෙන ඔවුන් ඒවා විශ්වාස කරති. (දෙවියන් ආදේශ කරන්නන් සඳහා නිර්මාණයන් කළ දෑ) සැබැවින්ම මොවුන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ සගයින්ට වඩා ඍජු මාර්ගයේ සිටිනේනේ යැයි පවසති.