وَأَخْذِهِمُ ٱلرِّبَوٰا۟ وَقَدْ نُهُوا۟ عَنْهُ وَأَكْلِهِمْ أَمْوَٰلَ ٱلنَّاسِ بِٱلْبَٰطِلِ ۚ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًۭا
ඔවුන්ට පොළිය තහනම් කරනු ලැබ තිබියදී එය ඔවුන් ලබා ගනිමින් සිටි හේතුවෙන්ද, මිනිසුන්ගේ වස්තූන් ඔවුන් අසාධාරණයේ ගිල දමමින් සිටි හේතුවෙන්ද, (අපි ඔවුන්ට ශාප කළෙමු. පරලොවදී නම්) ඔවුන්ගෙන් (මෙවැනි) ප්රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙන දෙන දඬුවම ම අපි පිළියෙල කර තබා ඇත්තෙමු.
පොලිය හා බැඳුණු ගනු දෙනු අල්ලාහ් ඔවුනට තහනම් කළ පසු ව ඔවුන් ඒ සමඟ ගනු දෙනු කළ හේතුවෙන්ද, කිසිදු ආගමික න්යායකින් තොරව මිනිසුන්ගේ ධනය පැහැර ගත් හේතුවෙන්ද ඔවුන් අතර වූ දේව ප්රතික්ෂේපකයින්හට වේදනා සහගත දඬුවමක් අපි සූදානම් කළෙමු.