ٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِن كَانَ لَكُمْ فَتْحٌۭ مِّنَ ٱللَّهِ قَالُوٓا۟ أَلَمْ نَكُن مَّعَكُمْ وَإِن كَانَ لِلْكَٰفِرِينَ نَصِيبٌۭ قَالُوٓا۟ أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُم مِّنَ ٱلْمُؤْمِنِينَ ۚ فَٱللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ وَلَن يَجْعَلَ ٱللَّهُ لِلْكَٰفِرِينَ عَلَى ٱلْمُؤْمِنِينَ سَبِيلًا
(වංචනිකයින් වන) මොවුන් ඔබව අවධානය කරමින්ම සිටින්නාහ. අල්ලාහ් මගින් (ඔහුගේ උදව්වෙන්) ඔබට ජයග්රහණය ලැබුණහොත්, (ඔබ වෙත පැමිණ) “අපිත් ඔබ සමග සිටියේ නැද්ද?”යි පවසන්නාහ. ප්රතික්ෂේප කරන්නන් හට යම්කිසි ජයග්රහණයක් ලැබුණහොත් (ඔවුන් වෙත ගොස්) “අපි (විශ්වාසවන්තයින්ට උදව් උපකාර කර), ඔබව ජයග්රහණය කිරීමට හැකිව තිබියදී, විශ්වාසය තැබූවන්ගෙන් අපි ඔබව ආරක්ෂා කර ගත්තේ නැද්ද?”යි පවසන්නාහ. ඔබ අතරේ අල්ලාහ් විනිශ්චය දිනදී විනිශ්චය දෙනු ඇත. එම ප්රතික්ෂේප කරන්නන් හට විශ්වාසවන්තයින්ගෙන් ජයග්රහණය අත් කර ගැනීමට අල්ලාහ් කිසිම මගක් තබන්නේ නැත.
නුඹලාට යම් යහපතක් හෝ අයහපතක් ඇති වීම ගැන මාන බලමින් සිටින්නන් වනාහි: නුඹලාට අල්ලාහ්ගෙන් වූ ජයග්රහණයක් පැමිණ නුඹලා සතුරන් විසින් දමා ගිය භාණ්ඩ අත්පත් කර ගත්තෙහු නම්, ඔවුහු: අපි නුඹලා සමග නොසිටියෙමු ද නුඹලා මුහුණ දුන් දෑට අපිත් මුහුණ දුන්නෙමු යැයි පවසා එම අත්පත් කර ගත් යුධ භාණ්ඩ ඔවුන් ද ලබා ගනිති. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට පක්ෂ වූ විට ඔවුහු ඔවුන් දෙස බලා: අපි නුඹලාගේ කටයුතු භාර නොගත්තෙමු ද? උපකාර කරමින් හා අවදානයෙන් හිඳ අපි නුඹලාව ආවරණය නොකළෙමු ද? නුඹලාට උපකාර කරමින් ඔවුන් පහළට ඇද දමමින් දෙවියන් විශ්වාස කරන්නන්ගෙන් අපි නුඹලා ආරක්ෂා නොකළෙමු ද? යැයි පවසති. එනමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සියලු දෙනා අතර අල්ලාහ් තීන්දු දෙනු ඇත. දේව විශ්වාසීන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. කුහකයින් නිරා ගින්නේ පහළම තලයට ඇද දමමින් ඔහු ප්රතිවිපාක දෙනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසීන්ට එරෙහිව කටයුතු කිරීමේ කිසිදු සාධකයක් දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් තම භාග්යය හේතුවෙන් තබන්නේම නැත. නමුත් අවසාන ජයග්රහණය, දේව විශ්වාසීන් සැබෑ විශ්වාසයෙන් යුතුව ආගමික කටයුතු සිදු කරන තාක් කල් ඔවුනට හිමි වනු ඇත.