Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 121–130 of 176

121

أُو۟لَٰٓئِكَ مَأْوَىٰهُمْ جَهَنَّمُ وَلَا يَجِدُونَ عَنْهَا مَحِيصًۭا

මෙවැන්නන් රැෙඳන ස්ථානය නිරයයි. ඔවුන් එයින් බේරීමට කිසිම මාර්ගයක් දකින්නේ නැත.

ෂෙයිතාන්ගේ පියවරවල් හා ඔහු යොමු කළ දෑ අනුගමනය කරන ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්නය. එයින් පලා ගොස් සරණ පතන්නට ඔවුනට ඉඩ නොලැබෙනු ඇත.

An-Nisaa 4:121Listen in Qur'an →
122

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَنُدْخِلُهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ وَعْدَ ٱللَّهِ حَقًّۭا ۚ وَمَنْ أَصْدَقُ مِنَ ٱللَّهِ قِيلًۭا

කවුරුන් (මෙවැනි ෂෙයිතාන්වරුන්ව ප්‍රතික්ෂේප කර දමා අල්ලාහ් මත) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව (පරලොවදී) අපි ස්වර්ගයන්හි ඇතුළු කරන්නෙමු. ඒවායෙහි දිය දහරා සදා ගලමින්ම ඇත්තේය. ඔවුන් ඒවායෙහි සදාකල් රැඳී සිටිනු ඇත. අල්ලාහ්ගේ (මෙම) පොරොන්දුව (සම්පූර්ණයෙන්ම) සත්‍යයකි! අල්ලාහ්ට වඩා ඇත්ත කියන්නේ කවරෙක්ද?

අල්ලාහ් ව විශ්වාස කොට ඔහු වෙත සමීප වීම සඳහා දැහැමි ක්රියාවන් ඉටු කළවුන් වනාහි, මාලිගාවන්ට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් වලට අපි ඇතුළත් කරන්නෙමු. එහි ඔවුහු සදා රැඳී සිටිති. එය අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවයි. අල්ලාහ්ගේ ප්රතිඥාව සැබෑය. එම ප්රතිඥාවන් ඔහු කඩ කරන්නේ නැත. කරන ප්රකාශ වලින් අල්ලාහ්ට වඩා සත්යය ප්රකාශ කරන කිසිදු ප්රැකාශයෙක් නැත.

An-Nisaa 4:122Listen in Qur'an →
123

لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلَآ أَمَانِىِّ أَهْلِ ٱلْكِتَٰبِ ۗ مَن يَعْمَلْ سُوٓءًۭا يُجْزَ بِهِۦ وَلَا يَجِدْ لَهُۥ مِن دُونِ ٱللَّهِ وَلِيًّۭا وَلَا نَصِيرًۭا

(විශ්වාසවන්තයිනි! පරලොවදී) ඔබගේ කැමැත්තට අනුව හෝ ධර්මය හිමි අයගේ කැමැත්තට අනුව හෝ (කාරණාවන් සිදු වන්නේ) නැත. කවුරුන් පාපයන් කරන්නේද, ඔහුට එයට සරිලන දඬුවම දෙනු ලබන්නේය. ඔහු අල්ලාහ් හැර තමන්ට උදව්කරන්නෙකු හෝ නැතහොත් සහායක් දෙන්නෙකු හෝ (එහිදී) දකින්නේ නැත.

මුස්ලිම්වරුනි, ජයග්රහණයේ කරුණ ඔබ ආශා කරන දෑ අනුගමනය කිරීමෙන් හිමිවන්නක් නොවේ. එසේත් නැතහොත් ආගම් ලත් ජනයා ආශා කරන දෑ අනුගමනය කිරීමෙන් හිමිවන්නක් ද නොවේ. එම කරුණ අත්වනුයේ ක්රියාවන් අනුගමනය කිරීමෙනි. එහෙයින් ඔබ අතුරින් කවරෙකු නපුරු ක්රිවයාවක් කරන්නේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. එහි අල්ලාහ්ගෙන් තොරව ඔහුට සෙත සලසන කිසිදු භාරකරුවකු හෝ පීඩාවෙන් ඔහු ව වළක්වන උදව් කරුවකු හෝ නැත.

An-Nisaa 4:123Listen in Qur'an →
124

وَمَن يَعْمَلْ مِنَ ٱلصَّٰلِحَٰتِ مِن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌۭ فَأُو۟لَٰٓئِكَ يَدْخُلُونَ ٱلْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًۭا

එබැවින් පිරිමි වුවද, ගැහැනු වුවද, ඔවුන් ඇත්තෙන්ම විශ්වාසය තබා, දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ම ස්වර්ගයට යන්නාහ. ඔවුන්ට පොඩියක් හෝ අසාධාරණයක් කරනු නොලබන්නාහ.

පිරිමියෙක් හෝ වේවා කාන්තාවක් හෝ වේවා කවරෙකු උත්තරීතර අල්ලාහ් කෙරෙහි සැබෑ ලෙසින් විශ්වාස කොට දැහැමි ක්රියාවන්හි නිරත වන්නේ ද එවැන්නන් දේව විශ්වාසය හා නැමදුම ඒකාබද්ධ කරන්නෝ වෙති. ඔවුහු ස්වර්ග උයන් වලට පිවිසෙති. ඔවුන්ගේ ක්රියාවන් අතරින් රට ඉදි ගෙඩියක මතු පිටින් ඇති කෙන්දක තරම් කුසලක් වුව ද ඒ කිසිවක් අඩු කරනු නොලබයි.

An-Nisaa 4:124Listen in Qur'an →
125

وَمَنْ أَحْسَنُ دِينًۭا مِّمَّنْ أَسْلَمَ وَجْهَهُۥ لِلَّهِ وَهُوَ مُحْسِنٌۭ وَٱتَّبَعَ مِلَّةَ إِبْرَٰهِيمَ حَنِيفًۭا ۗ وَٱتَّخَذَ ٱللَّهُ إِبْرَٰهِيمَ خَلِيلًۭا

කවුරුන් අල්ලාහ්ට සම්පූර්ණයෙන්ම අවනත වී, දැහැමි ක්‍රියාවන්ද කර, ඉබ්රාහීම්ගේ (මෙම) ඍජු ධර්මයම අනුගමනය කරන්නේද, ඔහුට වඩා අලංකාරවත් ධර්මය හිමි අය කවරෙක්ද? අල්ලාහ් ඉබ්රාහීම්ව (තමන්ගේ) සහායයෙකු වශයෙන් ඇර ගත්තේය.

අල්ලාහ්ට බාහිර මෙන්ම අභ්යතන්තරයෙන්ද යටහත් ව තම අධිෂ්ඨානයන් ඔහු වෙත අවංකවම පිළිගන්වා ඔහු ආගමානගත කළ දෑ පිළිපදිමින් තම ක්රියාවන් විධිමත් කර ගෙන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ දහමේ පදනම වූ ඉබ්රාහීම් තුමාගේ දහම පිළිපැද ආදේශ තැබීමෙන් හා ප්රතික්ෂේප කිරීමෙන් ඉවත් ව ඒක දේවත්වය හා දේව විශ්වාසය වෙත නැඹුරු වූවන් හට වඩා දහමින් වඩාත් අලංකාර වෙනත් කිසිවකු නැත. අල්ලාහ් තම නබිවරයා වන ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමාණන් ව සෙසු මැවීම් වලට වඩා පූර්ණ ආදරයෙන් යුතු ව තෝරා ගත්තේය.

An-Nisaa 4:125Listen in Qur'an →
126

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ بِكُلِّ شَىْءٍۢ مُّحِيطًۭا

අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ටම අයත්ය! අල්ලාහ් සියල්ල (තම ඥානය මගින්) වට කරගෙන ඇත්තෙකු වශයෙන් සිටින්නේය.

අහස්හි ඇති දෑහිද මහපොළොවේ ඇති දෑහිද සර්ව රාජ්යීය අල්ලාහ්ට පමණක් සතුය. ඔහු මැවූ සෑම දෙයක්ම දැනුමෙන්, හැකියාවෙන් හා සැලසුම් කිරීමෙන් ආවරණය කරමින් සිටී.

An-Nisaa 4:126Listen in Qur'an →
127

وَيَسْتَفْتُونَكَ فِى ٱلنِّسَآءِ ۖ قُلِ ٱللَّهُ يُفْتِيكُمْ فِيهِنَّ وَمَا يُتْلَىٰ عَلَيْكُمْ فِى ٱلْكِتَٰبِ فِى يَتَٰمَى ٱلنِّسَآءِ ٱلَّٰتِى لَا تُؤْتُونَهُنَّ مَا كُتِبَ لَهُنَّ وَتَرْغَبُونَ أَن تَنكِحُوهُنَّ وَٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلْوِلْدَٰنِ وَأَن تَقُومُوا۟ لِلْيَتَٰمَىٰ بِٱلْقِسْطِ ۚ وَمَا تَفْعَلُوا۟ مِنْ خَيْرٍۢ فَإِنَّ ٱللَّهَ كَانَ بِهِۦ عَلِيمًۭا

(නබියේ!) ඔබ වෙත ඔවුන් කාන්තාවන් ගැන වූ ධර්ම නීති රීති ගැන විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “ඔවුන් ගැන අල්ලාහ් ඔබට මෙසේ අණ කරන්නේය. (මෙයට පෙර කාන්තාවන් ගැන) ධර්මයෙහි ඔබට සමුදීරණය කර පෙන්වන ලද්දේ, අනාථ කාන්තාවන් ගැනය. ඔවුන්ට සඳහන් කරනු ලැබූ -(පංගුව, මහර් ආදී)- දැය ඔබ ඔවුන්ට ලබා නොදී ඔවුන්ව විවාහ කර ගැනීමට කැමති වීම ගැනද, (ඔවුන්ගෙන් වූ) ඛෙලහීන දරුවන් ගැනද, (එහිදී පවසමින්) “අනාථයින්ගේ කාරණාවෙහි ඔබ සාධාරණ ලෙස කටයුතු කරනු” යයිද (සඳන්ව තිබුණි). එබැවින් (ඔවුන්ට) ඔබ කුමන හොඳක් කළා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් එය දැන ගන්නේය”.

අහෝ දූතය, කාන්තා කටයුතු පිළිබඳවත්, ඔවුනට අනිවාර්යය වන කරුණු පිළිබඳවත් ඔවුන් කෙරෙහි පැවරෙන වගකීම් පිළිබඳවත් ඔවුහු ඔබෙන් විමසති. කවර කරුණක් ඔබ විමසා සිටින්නෙහුද එය ඔබට අල්ලාහ් පැහැදිලි කරනු ඇත. එමෙන්ම ඔබ භාරයේ සිටින කාන්තා, අනාථ දරුවන් විෂයයෙහි අල් කුර්ආනය ඔබ වෙත උගන්වන දෑ ද ඔබට පැහැදිලි කරනු ඇත. ඔවුනට අනිවාර්යය කළ මහර් හෝ උරුමයන් ඔවුනට නොපවරා, ඔවුන් විවාහය කිරීම සඳහා ආශා නොකරන්න. ඔවුන්ගේ සම්පත් භුක්ති විඳීම පිණිස ඔවුන් විවාහ කර නොදීමෙන් වළකින්න. දුර්වල කුඩා දරුවන් පිළිබඳ ඔවුනට අනිවාර්යය වූ ඔවුන්ගේ උරුමය ඔවුනට පිරිනැමීම පිළිබඳව ද ඔහු පැහැදිලි කරයි. ඔවුන්ගේ ධනය පවරා ගනිමින් ඔවුනට අපරාධ නොකළ යුතුයි. මෙලොව මෙන්ම මතු ලොව ඔවුන්ගේ කටයුතු විධිමත් කර ගත හැකි අයුරින් අනාථයින් සම්බන්ධයෙන් යුක්ති ගරුක ව කටයුතු කිරීමේ අනිවාර්යය කටයුතු ද ඔහු නුඹලාට පැහැදිලි කරයි. ඔබ අනත්දරුවන්ට හෝ වෙනත් අයට යම් යහපතක් කර ඇත්නම් ඒ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔබට කුසල් පිරිනමනු ඇත.

An-Nisaa 4:127Listen in Qur'an →
128

وَإِنِ ٱمْرَأَةٌ خَافَتْ مِنۢ بَعْلِهَا نُشُوزًا أَوْ إِعْرَاضًۭا فَلَا جُنَاحَ عَلَيْهِمَآ أَن يُصْلِحَا بَيْنَهُمَا صُلْحًۭا ۚ وَٱلصُّلْحُ خَيْرٌۭ ۗ وَأُحْضِرَتِ ٱلْأَنفُسُ ٱلشُّحَّ ۚ وَإِن تُحْسِنُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا

කුමන කාන්තාවක් හෝ තම ස්වාමිපුරුෂයා තමන්ව (දුෂ්ඨ අන්දමින්) කරදර කරනු ඇතැයි හෝ නැතහොත් ප්‍රතික්ෂේප කර දමනු ඇතැයි හෝ බිය වුවහොත් ඔවුන් දෙදෙනා (එකඟ වී) තමන් තුළ සමාදාන තීරණයක් ඇති කර ගැනීමෙහි ඔවුන් දෙදෙනා කෙරෙහි කිසිම වරදක් නැත. (කෙසේ වුවද, දෙදෙනාම එකඟ වූ) සමාදානයම ඉතාමත් උසස්ය. (මෙවැනි අවස්ථාවන්හිදී යම්කිසි වස්තුවක් දෙන බවට පත් වුවහොත් සාමාන්‍යයෙන්) මිනිසුන් මසුරුකමට ඇතුළු වී යන්නාහ. එබැවින් ඔබ (මසුරුකමට ඇතුළු නොවී සෑම කෙනෙකුම අනිත් කෙනාට) උපකාර කරන්නෙකු වශයෙන් හිඳිමින් (අල්ලාහ්ට) බිය වී (කටයුතු) කළහොත්, නියත වශයෙන්ම අල්ලාහ් ඔබගේ වැඩ කටයුතු හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.

තම ස්වාමි පුරුෂයා තමන්ගෙන් ඉවත් වන බවට හෝ ඇය විෂයෙහි ආශාවක් නොමැති බවට කාන්තාවක් බිය වූයේ නම් නඩත්තු වියදම, නවාතැන් ලබා දීම වැනි ඇතැම් අනිවාර්ය වගකීම් වලින් ඉවත් වීමෙන් ඔවුන් දෙදෙනා අතර යම් එකඟතාවක් ඇති කර ගැනීම වරදක් නැත. නමුත් දික්කසාදයට වඩා සමගි ව ජීවත් වීමය ඔවුන් දෙදෙනාහට වඩාත් උතුම් වන්නේ. ආශාවන් හා මසුරුකමෙහි ආත්මාවන් ගිලී පවතී. එහෙයින් ඇය සතු වගකීමකින් ඉවත් වන්නට ඇය ආශා නොකළ යුතුයි. ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනාම එකිනෙකාට සමාව දීම, උපකාරශීලී ව කටයුතු කිරීම වැනි කරුණු මත තම ආත්මය පුහුණු කරවා මෙම ගුණාංගයෙන් සුවය ලැබීම අත්යවශ්ය කරුණකි. ඔබගේ සියලුම කටයුතු වලදී ඔබ යහපත් අයුරින් කටයුතු කොට, අල්ලාහ්ගේ නියෝගයන් පිළිපදිමින්, ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නේ නම් සැබැවින්ම අල්ලාහ් ඔබ සිදු කරන දෑ පිළිබඳ අභිඥානවන්තය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඒ අනුව ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.

An-Nisaa 4:128Listen in Qur'an →
129

وَلَن تَسْتَطِيعُوٓا۟ أَن تَعْدِلُوا۟ بَيْنَ ٱلنِّسَآءِ وَلَوْ حَرَصْتُمْ ۖ فَلَا تَمِيلُوا۟ كُلَّ ٱلْمَيْلِ فَتَذَرُوهَا كَٱلْمُعَلَّقَةِ ۚ وَإِن تُصْلِحُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا

(විශ්වාසවන්තයිනි! ඔබට භාර්යයාවන් කිහිප දෙනෙකු සිටියහොත්) ඔබ (ඔබගේ) භාර්යයාවන් අතරේ (සම්පූර්ණ වශයෙන්ම) සාධාරණ ලෙස කටයුතු කළ යුතුය යයි (කොපමණ දුරට) කැමති වුවද, (එය) ඔබට ප්‍රායෝගික වන්නේ නැත. නමුත් (එකම භාය්‍ය_යාව දෙසට) ඔබ සම්පූර්ණයෙන්ම සේන්දු වී අන් අයව (අතරමං කර), ඒ මේ අත පැද්දෙන්නන් බවට පත් නොකරනු! ඔබ (අල්ලාහ්ට) බිය වී (ඔබ අතරේ) සාධාරණව හැසිරුණහොත් නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ වැරදි වලට) සමාව දී දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටින්නේය.

ස්වාමි පුරුෂයිනි, මුළු හදවතින් නැඹුරුවීම යන විෂයයෙහි ඔබ එයට ආශා කළ ද තම බිරියන් සමග පූර්ණ යුක්තියෙන් කටයුතු කිරීමට ඔබට නොහැකිය. එයට ඇතැම් කරුණු බලපාන්නේය. ඇතැම් විට ඔබ හිතන පතන ආකාරයට ඔබ්බෙන් ඇයගේ සිතුවිලි පිහිටිය හැක. නමුත් ප්රිය නොකරන බිරියගෙන් සම්පූර්ණයෙන් ඉවත් ව, ඇය යුතුකම් ඉටු කරන ස්වාමි පුරුෂයකුගේ බිරියක්ද එසේ නැතහොත් බිරියක් නොව, විවාහ අපේක්ෂක කාන්තාවක්ද යන්න තරමට ඇය ව අතහැර නොදැමිය යුතුය. බිරියගේ වගකීම් ඉටු කිරීම තුළින් ඇය අකමැති දෑ මත සාමකාමී ව ඔබව නිරත කරවා ඔබ අතර සාමය ඇති කරන්නට අවස්ථාව උදා වනු ඇත. ඇය සම්බන්ධයෙන් ඔබ අල්ලාහ්ට බියවන්න. සැබැවින්ම අල්ලාහ් නුඹලාට පාප ක්ෂමාව පිරිනමන්නාය. එමෙන්ම ඔබලා කෙරෙහි මහා කාරුණිකය.

An-Nisaa 4:129Listen in Qur'an →
130

وَإِن يَتَفَرَّقَا يُغْنِ ٱللَّهُ كُلًّۭا مِّن سَعَتِهِۦ ۚ وَكَانَ ٱللَّهُ وَٰسِعًا حَكِيمًۭا

(සමාදානව එක්කාසු වී ජීවත් වීමට නොහැකිව) ඒ දෙදෙනා වෙන්වුවහොත් වුවද, අල්ලාහ් තම වරප්‍රසාදයන් මගින් (ඔවුන්ගෙන් කෙනෙකු අනිත් කෙනාට) සම්පූර්ණයෙන්ම අවශ්‍යතාවයක් නොවන්නකු බවට පත් කරන්නේය. (දානමාන කිරීමෙහි) අල්ලාහ් අති විශාලවන්තයෙකු වශයෙන් හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

දික්කසාදය මගින් හෝ කුඃල්උ හෙවත් බිරියගේ තීරණය අනුුුව වෙන්වීම මගින් වෙන් වන්නේ නම් අල්ලාහ් ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුම ඔහුගේ මහත් වූ ආශිර්වාදයෙන් පොහොසත් කරනු ඇත. අල්ලාහ් මහත් ආශිර්වාදයෙන් හා කරුණා ගුණයෙන් යුක්තය. ඔහු සැලසුම් කිරීමෙහි හා නිර්ණය කිරීමෙහි මහා ප්රඥාවන්තය.

An-Nisaa 4:130Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.