سَتَجِدُونَ ءَاخَرِينَ يُرِيدُونَ أَن يَأْمَنُوكُمْ وَيَأْمَنُوا۟ قَوْمَهُمْ كُلَّ مَا رُدُّوٓا۟ إِلَى ٱلْفِتْنَةِ أُرْكِسُوا۟ فِيهَا ۚ فَإِن لَّمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُوٓا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ وَيَكُفُّوٓا۟ أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَٱقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ ۚ وَأُو۟لَٰٓئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَٰنًۭا مُّبِينًۭا
(විශ්වාසවන්තයිනි!) වෙනත් සමහරෙකුද ඔබ දකින්නෙහිය; ඔවුන් ඔබ වෙතින් ආරක්ෂාව ලබා ගන්නා අතර, (ඔබගේ සතුරන් වන) තමන්ගේ ගෝත්රිකයින් වෙතින්ද ආරක්ෂාව ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නාහ. එහෙත් කිසිම නපුරකට මොවුන්ව කැඳවනු ලැබුවහොත් එහි (ඇස් පියා මුණින්) අතට වැටී යන්නාහ. මෙවැන්නන් ඔබගේ විරුද්ධවාදිකමින් ඈත් නොවීද, ඔබ වෙතින් සමාදානය ඉල්ලා නොසිටද, තමන්ගේ අත් (ඔබට හානියක් කිරීමෙන්) වැළකී නොසිටියහොත්, මොවුන්ව ඔබ දුටු තැන අල්ලා (සිර භාරයේ තබනු. සිර භාරයට පත් නොවී යුද්ධ කරන්නන්ව) කපා දමනු. මෙවැන්නන් සමග (යුද්ධ කිරීමට) ඔබට පැහැදිලි අනුමැතියක් ලබා දුන්නෙමු.
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, කුහකයින් අතර තවත් පිරිසක් සිටිති. ඔවුන්ගේ ජීවිත නුඹලාගෙන් ආරක්ෂා කර ගනු පිණිස ඔවුහු නුඹලා වෙත තම දේව විශ්වාසය පෙන්වති. නමුත් දෙවියන් ප්රතික්ෂේ කරන්නන් වෙත ඔවුන් ගිය විට ඔවුන්ගෙන් ආරක්ෂාව ලබනු පිණිස, දේව ප්රතික්ෂේපය ඔවුන් වෙත පෙන්වති. නමුත් අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමටත් ඔහුට ආදේශ කිරීමටත් ඔවුන් ඇරයුම් කරනු ලබන සෑම අවස්ථාවකව දීම ඔවුහු එහි ඉතා දැඩි ව නියැළෙති. මෙවැන්නන් නුඹලා සමග සටන් වැදීම අතහැර නොදැමුවේ නම්, දැහැමියන් ලෙසින් ඔවුන් නුඹලාගෙන් ආරක්ෂාව නොපැතුවේ නම්, ඔවුන්ගේ අත් නුඹලාගෙන් ඉවත් කර නොගත්තේ නම්, නුඹලා ඔවුන් ග්රහණය කරනු. ඔවුන් දුටු තැන මරා දමනු. මෙවන් ගුණාංග සතු උදවියට ඔවුන්ගේ කුමන්ත්රණකාරී මෙන්ම වංචාකාරී ක්රියාවන් වෙනුවෙන් ඔවුන් ග්රහණය කිරීමටත් මරා දැමීමටත් අපි නුඹලාට පැහැදිලි සාධකයක් මෙන්ම බලයක් නුඹලාට අපි පිරිනමා ඇත්තෙමු.