Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 176

91

سَتَجِدُونَ ءَاخَرِينَ يُرِيدُونَ أَن يَأْمَنُوكُمْ وَيَأْمَنُوا۟ قَوْمَهُمْ كُلَّ مَا رُدُّوٓا۟ إِلَى ٱلْفِتْنَةِ أُرْكِسُوا۟ فِيهَا ۚ فَإِن لَّمْ يَعْتَزِلُوكُمْ وَيُلْقُوٓا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ وَيَكُفُّوٓا۟ أَيْدِيَهُمْ فَخُذُوهُمْ وَٱقْتُلُوهُمْ حَيْثُ ثَقِفْتُمُوهُمْ ۚ وَأُو۟لَٰٓئِكُمْ جَعَلْنَا لَكُمْ عَلَيْهِمْ سُلْطَٰنًۭا مُّبِينًۭا

(විශ්වාසවන්තයිනි!) වෙනත් සමහරෙකුද ඔබ දකින්නෙහිය; ඔවුන් ඔබ වෙතින් ආරක්ෂාව ලබා ගන්නා අතර, (ඔබගේ සතුරන් වන) තමන්ගේ ගෝත්‍රිකයින් වෙතින්ද ආරක්ෂාව ලබා ගැනීමට කැමැත්තක් දක්වන්නාහ. එහෙත් කිසිම නපුරකට මොවුන්ව කැඳවනු ලැබුවහොත් එහි (ඇස් පියා මුණින්) අතට වැටී යන්නාහ. මෙවැන්නන් ඔබගේ විරුද්ධවාදිකමින් ඈත් නොවීද, ඔබ වෙතින් සමාදානය ඉල්ලා නොසිටද, තමන්ගේ අත් (ඔබට හානියක් කිරීමෙන්) වැළකී නොසිටියහොත්, මොවුන්ව ඔබ දුටු තැන අල්ලා (සිර භාරයේ තබනු. සිර භාරයට පත් නොවී යුද්ධ කරන්නන්ව) කපා දමනු. මෙවැන්නන් සමග (යුද්ධ කිරීමට) ඔබට පැහැදිලි අනුමැතියක් ලබා දුන්නෙමු.

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, කුහකයින් අතර තවත් පිරිසක් සිටිති. ඔවුන්ගේ ජීවිත නුඹලාගෙන් ආරක්ෂා කර ගනු පිණිස ඔවුහු නුඹලා වෙත තම දේව විශ්වාසය පෙන්වති. නමුත් දෙවියන් ප්රතික්ෂේ කරන්නන් වෙත ඔවුන් ගිය විට ඔවුන්ගෙන් ආරක්ෂාව ලබනු පිණිස, දේව ප්රතික්ෂේපය ඔවුන් වෙත පෙන්වති. නමුත් අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීමටත් ඔහුට ආදේශ කිරීමටත් ඔවුන් ඇරයුම් කරනු ලබන සෑම අවස්ථාවකව දීම ඔවුහු එහි ඉතා දැඩි ව නියැළෙති. මෙවැන්නන් නුඹලා සමග සටන් වැදීම අතහැර නොදැමුවේ නම්, දැහැමියන් ලෙසින් ඔවුන් නුඹලාගෙන් ආරක්ෂාව නොපැතුවේ නම්, ඔවුන්ගේ අත් නුඹලාගෙන් ඉවත් කර නොගත්තේ නම්, නුඹලා ඔවුන් ග්රහණය කරනු. ඔවුන් දුටු තැන මරා දමනු. මෙවන් ගුණාංග සතු උදවියට ඔවුන්ගේ කුමන්ත්රණකාරී මෙන්ම වංචාකාරී ක්රියාවන් වෙනුවෙන් ඔවුන් ග්රහණය කිරීමටත් මරා දැමීමටත් අපි නුඹලාට පැහැදිලි සාධකයක් මෙන්ම බලයක් නුඹලාට අපි පිරිනමා ඇත්තෙමු.

92

وَمَا كَانَ لِمُؤْمِنٍ أَن يَقْتُلَ مُؤْمِنًا إِلَّا خَطَـًۭٔا ۚ وَمَن قَتَلَ مُؤْمِنًا خَطَـًۭٔا فَتَحْرِيرُ رَقَبَةٍۢ مُّؤْمِنَةٍۢ وَدِيَةٌۭ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهْلِهِۦٓ إِلَّآ أَن يَصَّدَّقُوا۟ ۚ فَإِن كَانَ مِن قَوْمٍ عَدُوٍّۢ لَّكُمْ وَهُوَ مُؤْمِنٌۭ فَتَحْرِيرُ رَقَبَةٍۢ مُّؤْمِنَةٍۢ ۖ وَإِن كَانَ مِن قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌۭ فَدِيَةٌۭ مُّسَلَّمَةٌ إِلَىٰٓ أَهْلِهِۦ وَتَحْرِيرُ رَقَبَةٍۢ مُّؤْمِنَةٍۢ ۖ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ تَوْبَةًۭ مِّنَ ٱللَّهِ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا

කිසිම විශ්වාසවන්තයෙකු ඝාතනය කිරීම කිසිම විශ්වාසවන්තයෙකුට සුදුසු නැත; වැරදීමකින් මිස. (ඔබගෙන්) කවුරුන් හෝ යම්කිසි විශ්වාසවන්තයෙකුව ඝාතනය කර දැමුවහොත් (එයට වන්දි වශයෙන්) විශ්වාසවන්ත එක් වහලෙකු නිදහස් කළ යුතුය. ඒ සමගම මරණයට පත් වූවාගේ පවුලේ උදවිය (සමාව දී) දයාබරව අත්හැර දැමුවහොත් මිස, එයට සරිලන වන්දි මුදලක්ද ඔවුන් වෙත ගෙවිය යුතුය. (මෙයට) ඔහු, ඔබගේ සතුරු ගෝත්‍රිකයින් වශයෙන් සිට, විශ්වාසවන්තයෙකු වශයෙනුත් සිටියහොත්, විශ්වාසවන්තයෙකු වන වහලෙකු නිදහස් කළහොත් ප්‍රමාණවත්ය. (වන්දි ගෙවීමට අවශ්‍යය නැත. මෙයට) ඔහු ඔබ සමග ගිවිසුම් කර ගත් ගෝත්‍රිකයින්ගෙන් සිටින්නෙකු වශයෙන් සිටියහොත් ඔහුගේ පවුලේ උදවියට වන්දි මුදල ගෙවිය යුතු අතර විශ්වාසවන්තයෙකු වන එක් වහලෙකු නිදහස්ද කළ යුතුය. (මෙසේ වන්දි වශයෙන් ගෙවිය යුතු මුදල) කවුරුන් හෝ අත් කර නොගතහොත් ඔහු අල්ලාහ් වෙත (තම වරදට) සමාව ඉල්ලා මාස දෙකක් නොකඩවා උපවාසයේ යෙදිය යුතුය. අල්ලාහ් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

වැරදීමකින් සිදු වන ඝාතනයකින් මිස දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති අයකු උවමනාවෙන් ඝාතනය කිරීම දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති තවත් අයකුට කිසිදු අවශ්යතාවක් නැත. දෙවියන් විශ්වාස කරන්නෙකු වැරදීමකින් ඝාතනය කළේ නම් ඔහු කළ ක්රියාවට ප්රතිකර්මයක් වශයෙන් දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති වහල් කාන්තාවක් නිදහස් කළ යුතු වන්නේය. එමෙන්ම ඝාතනය කරනු ලැබූ පුද්ගලයාගේ පවුලට වන්දි ගෙවීම ඝාතකයාට උරුමකම් කියන සමීපතයින්හට පැවරෙන වගකීමක් වන්නේය. නමුත් ඔවුන් එය නොසලකා හැරියේ නම් එම වගකීම ඔවුන්ගෙන් ඉවත් වනු ඇත. නමුත් ඝාතනයට ලක් වූ පුද්ගලයා දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නෙකු ව සිට,, නුඹලාගේ සතුරු පාර්ශවයෙන් කෙනෙකු වී නම් දෙවියන් කෙරෙහි විශ්වාසය තබන වහල් කාන්තාවක් නිදහස් කිරීම අනිවාර්යය වන අතර වන්දි ලබා දීමක් අවශ්ය නොවන්නේය. ඔහු දෙවියන් කෙරෙහි විශ්වාසය තබන්නෙකු නොවී, නමුත් නුඹලා අතර හා ඔවුන් අතර ගිවිසුමක් කර ගෙන සිටින 'දිම්මි' අයකු (ඉස්ලාමීය රාජ්ය තුළ සිටින මුස්ලිම් නොවන්නෙකු) මෙන් වී නම්, ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ පවුලට වන්දි පිරිනැමීම ඝාතකයාට උරුමකම් කියන පවුලේ උදවියට පැවරෙන්නේය. එමෙන්ම තමන් කළ ක්රියාව වෙනුවට ප්රතිකර්මයක් වශයෙන් දෙවියන් විශ්වාස කරන වහල් කාන්තාවක් නිදහස් කළ යුතු වන්නේය. එසේ වහලියක් නිදහස් කිරීමට නොහැකි නම් හෝ එහි වටිනාකම ගෙවීමට ද නොහැකි නම් තමන් කළ ක්රියාවට අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු පිණිස අඛණ්ඩ මාස දෙකක් කිසිදු වෙන්කිරීමකින් තොරව උපවාසයේ නිරත විය යුතුය. අල්ලාහ් තම ගැත්තන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා ඔහුගේ ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

93

وَمَن يَقْتُلْ مُؤْمِنًۭا مُّتَعَمِّدًۭا فَجَزَآؤُهُۥ جَهَنَّمُ خَٰلِدًۭا فِيهَا وَغَضِبَ ٱللَّهُ عَلَيْهِ وَلَعَنَهُۥ وَأَعَدَّ لَهُۥ عَذَابًا عَظِيمًۭا

කවුරුන් හෝ යම්කිසි විශ්වාසවන්තයෙකුව (ඔහු විශ්වාසවන්තයෙකු යයි හොඳින් දැන සිටියදීම) උවමනාවෙන්ම මරා දැමුවහොත් ඔහුට නියමිත දඬුවම නිරයයි. එහි ඔහු (සදාකල්) රැඳී සිටින්නේය. (මෙය) හැර, ඉමහත් වූ දඬුවම්ද ඔහුට පිළියෙල කර ඇත්තේය.

කිසිදු යුක්තියකින් තොරව, දෙවියන් කෙරෙහි විශ්වාසය තබා ඇති යම් කිසිවකු උවමනාවෙන් කිසිවෙක් ඝාතනය කර සිටියේ නම් ඒයින් මිදුණද, සමාව අයැද නොසිටිය ද ඔහුට හිමි ප්රතිවිපාකය වනුයේ සදාකල් වෙසෙන නිරයට පිවිසීමය. අල්ලාහ් ඔහු කෙරෙහි කෝප වනු ඇත. ඔහුගේ කරුණාවෙන් පහ කරනු ඇත. මෙම මහත් පාපය සිදු කළ හේතුවෙන් ඔහු ඔහුට දැඩි දඬුවමක් සූදානම් කර ඇත.

94

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِذَا ضَرَبْتُمْ فِى سَبِيلِ ٱللَّهِ فَتَبَيَّنُوا۟ وَلَا تَقُولُوا۟ لِمَنْ أَلْقَىٰٓ إِلَيْكُمُ ٱلسَّلَٰمَ لَسْتَ مُؤْمِنًۭا تَبْتَغُونَ عَرَضَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ مَغَانِمُ كَثِيرَةٌۭ ۚ كَذَٰلِكَ كُنتُم مِّن قَبْلُ فَمَنَّ ٱللَّهُ عَلَيْكُمْ فَتَبَيَّنُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا

විශ්වාසවන්තයිනි! අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කිරීම සඳහා) ඔබ ගියහොත් (යුද බිමෙහි ඔබ හමු වන අය විශ්වාසවන්තයින්ද, ප්‍රතික්ෂේප කරන්නන්ද යන්න) පැහැදිලිව දැන ගනු. (ඔවුන්ගෙන්) කවුරුන් හෝ (තමන්ව විශ්වාසවන්තයින් යයි ඔබට දැන්වීම පිණිස) ඔබට සලාම් කීවහොත් (ඔවුන් වෙත ඇති) මෙලොව ජීවිතයට අයත් (අල්ප) වස්තුව ඔබ සතු කර ගැනීමට අදහස් කර “ඔබ විශ්වාසවන්තයෙකු නොව” යයි පවසා (ඔහුව කපා) නොදමනු. අල්ලාහ්ගේ සන්නිධානයෙහි විශාල වස්තූන් කන්දරාවක් ඇත. (ඒවා ඔබට අත් කර ගත හැකිය). මෙයට පෙර ඔබත් මේ ආකාරයටම (බිය වෙමින්ම ඉස්ලාමය එළිදරව් කරමින්) සිටියෙහිය. අල්ලාහ් ඔබ කෙරෙහි දයාව පහළ කළේය. (ඉන් පසුවම ඔබ සත්‍ය විශ්වාසවන්තයින් බවට පත් විය. එබැවින් යුද්ධ කිරීමට කළින්ම ඔබ ඉදිරියේ සිටින්නන් විශ්වාසවන්තයින්ද, නැද්ද යන්න) පැහැදිලිව දැන ගනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කරන්නට යුද පිටියට ගිය විට ඔබ සටන් කරන ප්රතිවාදියා පිළිබඳ තහවුරු කර ගනු. ඔහු සාමය වෙත ඇතුළු වන බවට යම් කිසි සාධකයක් ඔහුගෙන් නුඹලාට දැක ගන්නට ලැබූ විට ‘ඔබ දෙවියන් විශ්වාස කරන්නෙකු නොවේ' යැයි නොපවසනු. එසේ සාමය වෙත ඇතුළු වූ බව පවසන අයට එරෙහි ව නැගී සිටිය හැක්කේ ඔබේ ජීවිතය, ඔබේ ධනය කෙරෙහි ඔබ බිය වෙතොත් පමණි. නමුත් නුඹලා යුද්ධයෙන් අත්පත් කර ගන්නා මෙලොව අල්ප වස්තුව උදෙසා එසේ ඝාතනය කරන්නේ නම් සැබැවින්ම අල්ලාහ් අබියස අතිමහත් වස්තුව ඇති බවත්, එය මේ අල්ප වස්තුවට වඩා ශ්රේෂ්ඨ හා අති උතුම් බවත් දැන ගත යුතුය. ඔබේ ජනයාට බියෙන් ඔබත් දේව විශ්වාසය සඟවා සිටියාක් මෙන් ඔහුද එසේ සඟවා සිටිනවා විය හැක. එහිදී අල්ලාහ් නුඹලාට ඉස්ලාමය පිරිනමා නුඹලාගේ ජීවිත ආරක්ෂා කළේය. එබැවින් ඔබ ඔහු ගැන තහවුරු කර ගනු. සැබැවින්ම නුඹලාගේ කිසිදු ක්රිායාවක් එය සියුම් කරුණක් වූවත් අල්ලාහ් ට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

95

لَّا يَسْتَوِى ٱلْقَٰعِدُونَ مِنَ ٱلْمُؤْمِنِينَ غَيْرُ أُو۟لِى ٱلضَّرَرِ وَٱلْمُجَٰهِدُونَ فِى سَبِيلِ ٱللَّهِ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ ۚ فَضَّلَ ٱللَّهُ ٱلْمُجَٰهِدِينَ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ عَلَى ٱلْقَٰعِدِينَ دَرَجَةًۭ ۚ وَكُلًّۭا وَعَدَ ٱللَّهُ ٱلْحُسْنَىٰ ۚ وَفَضَّلَ ٱللَّهُ ٱلْمُجَٰهِدِينَ عَلَى ٱلْقَٰعِدِينَ أَجْرًا عَظِيمًۭا

විශ්වාසවන්තයින්ගෙන්, අසනීප වැනි (නියමිත) හේතුවකින් මිස, (යුද්ධයට නොගොස්) නැවතී සිටියවුන් (යුද්ධයට ගොස්) තමන්ගේ වස්තූන්ද, ජීවිතද අල්ලාහ්ගේ මාර්ගයෙහි පුද කළ අයට සමාන නොවන්නාහ. (මන්දයත්) තමන්ගේ වස්තූන්ද, ජීවිතද පූජා කර, (යුද්ධ කළ) අයගේ පදවිය (යුද්ධයට නොගොස්) රැඳී සිටියවුන්ට වඩා අල්ලාහ් උසස් කර තබා ඇත්තේය. එහෙත් (මේ කොටස් දෙකම විශ්වාසවන්ත-යින් වශයෙන්ම සිටින බැවින්) මොවුන් සියල්ලන්ටම හොඳක්ම අල්ලාහ් පොරොන්දු වී ඇත්තේය. එහෙත් යුද්ධ කරන්නන්ට ඉමහත් වූ ඵලවිපාකද පහළ කර, (යුද්ධයට නොගොස්) නැවතී සිටියවුන්ට වඩා උසස් කර තබන්නේය.

රෝගීන් හා වළක්වනු ලැබූවන් මෙන් නිදහසට කරුණු දැක්විය හැකි උදවිය හැර අල්ලාහ්ගේ මාර්ගයේ සටනට සහභාගී නොවී රැඳී සිටි දේව විශ්වාසීන් හා අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා ජීවිත කැප කළ මුජාහිද්වරුන් එක සමාන නොවන්නේය. ජිහාද් නොකොට රැඳී සිටියවුන්ට වඩා තම ධනය හා ජීවිත කැප කළ මුජාහිද්වරුන් අල්ලාහ් තරාතිරමින් උසස් කොට ඇත. සෑම මුජාහිද්වරයකුටම හා නිදහසට කරුණු ඉදිරිපත් කළ හැකි යුද්ධයට සහභාගී නොවූවන්හට ඔවුනොවුනට නියමිත ප්රතිඵල ඇත. අල්ලාහ් තමන් අබියස වූ අතිමහත් තිළිණ මුජිහිද්වරුන්ට පිරිනැමීම තුළින් සටනට සහභාගී නොවූවනට වඩා ඔවුන් උසස් කර ඇත.

96

دَرَجَٰتٍۢ مِّنْهُ وَمَغْفِرَةًۭ وَرَحْمَةًۭ ۚ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًا

(තවද ඔවුන්ට) තම සන්නිධානයේ ඇති (ඉමහත් වූ) පදවීන්ද, ක්ෂමාවද, දයාවද පහළ කරන්නේය. (මන්දයත්) අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන් හා (මෙවැන්නන් කෙරෙහි) දයාබරවද සිටින්නේය.

මෙම තිළිණ ඔවුන්ගේ පව් සමා කරමින් හා ඔවුන් කෙරෙහි ඔහුගේ කරුණාව පුදමින් එකිනෙකට ඉහළින් පිහිටයි. අල්ලාහ් තම ගැත්තන්හට සමාව දෙන්නාය. ඔවුන්් කෙරෙහි කරුණාව දක්වන්නාය.

97

إِنَّ ٱلَّذِينَ تَوَفَّىٰهُمُ ٱلْمَلَٰٓئِكَةُ ظَالِمِىٓ أَنفُسِهِمْ قَالُوا۟ فِيمَ كُنتُمْ ۖ قَالُوا۟ كُنَّا مُسْتَضْعَفِينَ فِى ٱلْأَرْضِ ۚ قَالُوٓا۟ أَلَمْ تَكُنْ أَرْضُ ٱللَّهِ وَٰسِعَةًۭ فَتُهَاجِرُوا۟ فِيهَا ۚ فَأُو۟لَٰٓئِكَ مَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَسَآءَتْ مَصِيرًا

කවුරුන් (තමන්ගේ ධර්ම නියමයන් නිසියාකාරව ඉටු කළ නොහැකි සේ ප්‍රතික්ෂේප කරන්නන්ගේ රටෙහි සිටිමින්) තමන්ට තමන්ම අපරාධ කර ගන්නෝද, ඔවුන්ගේ පණ මලායිකාවරුන් අත්පත් කර ගන්නා අවස්ථාවේදී, (ඔවුන්ගෙන් “ධර්ම නියමයන් ඉටු කළ නොහැකි රටෙහි) ඔබ කෙසේ නම් ජීවත් වූවෙහුද?”යි විමසන්නාහ. (එයට) ඔවුන් “එම භූමියෙහි අපි ඛෙලහීනයන් වශයෙන්ම සිටියෙමු” යයි (පිළිතුරු) දෙන්නාහ. (එයට මලායිකාවරුන්) “අල්ලාහ්ගේ භූමිය ඉතාමත් විශාලවත්ව ඇත්තේ නොවෙද? ඔබ (සිටි) එය (එම ස්ථානය) අත්හැර දමා පිටමං වී යායුතු නොවේද?”යි විමසන්නාහ. මෙවැන්නන් රැෙඳන ස්ථානය නිරයයි. යන ස්ථානයන්ගෙන් එය ඉතාමත් නරකය.

දේව ප්රොතික්ෂේපයේ නිවහනින් ඉස්ලාමයේ නිවහන වෙත තරණය කිරීම මග හැරිය හේතුවෙන් අපරාධකරුවන් වූ ඔවුන්ගේ ප්රාණ මලක්වරුන් විසින් අත්පත් කර ගන්නා අවස්ථාවේ 'ඉතා පිළිකුල් සහගත ලෙසින් නුඹලා කවර තත්ත්වයක පසුවූයෙහුදැ?' යි ඔවුන්ගෙන් විමසනු ලබති. 'දෙවියන්ට ආදේශ තබන්නන්ගෙන් නුඹලා වෙන් වූයේ කවර කරුණකින්දැ?' යි විමසති. ඔවුන් නිදහසට කරුණු දක්වමින් මෙසේ පවසති. 'අපි දුබලයින් වූයෙමු. අපට කිසිදු හව්හරණක් හෝ අපගේ ආත්මාවන්ට අපි අපේක්ෂා කරන තරම් බලයක් නොවීය' යැයි පවසති. එවිට මලක්වරුන් ඔවුන් දෙස පිළිකුලෙන් බලා 'අල්ලාහ්ගේ භූමිය විශාල නොවී ද? නුඹලාගේ දහම හා නුඹලාගේ ජීවිත අවමානයට හා බලහත්කාරයට ලක්වීමෙන් ආරක්ෂා කර ගනු පිණිස නික්ම යන්නට තිබුණි' යැයි පවසති. එසේ හිජ්රත් හෙවත් දේශ තරණය නොකළවුන් වනාහි ඔවුන්ගේ ප්රතිවිපාකය නිරා ගින්නේ රැඳීමය. නැවත හැරී යන නවාතැන ඉතා නපුරුය.

98

إِلَّا ٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلْوِلْدَٰنِ لَا يَسْتَطِيعُونَ حِيلَةًۭ وَلَا يَهْتَدُونَ سَبِيلًۭا

එහෙත් (ඇත්තෙන්ම) පිරිමි, ගැහැනු, දරුවන් ආදීන්ගෙන් වූ ඛෙලහීනයන් කිසිම පිළිසරණක් සොයා ගැනීමට ශක්තියක් නොමැතිව (එය අත්හැර දමා පිටමං වීමටද) මගක් නොදුටුවහොත්-

අපරාධ හා බලහත්කාරකම් වලින් තමන් ආරක්ෂා කර ගැනීමට ශක්තිය නොමැති අය අතුරින් දුර්වල පිරිමින් හෝ කාන්තාවන් හෝ දරුවන් හෝ වේවා ඔවුන්ද නිදහසට සාධාරණ කරුණු ඉදිරිපත් කරන අයවලුන්ද මෙම ප්රතිඥාවෙන් අතිරේකයින් වෙති. ඔවුන් මුහුණ දුන් බලහත්කාරකම් වලින් මිදීමට කිසිදු මාර්ගයක් නොදැන සිටියවුන් වනාහි ඔවුනට ඔහුගේ කරුණාව හා ආදරය තුළින් අල්ලාහ් ඔවුන්ගේ වැරද්ද නොසලකා හරින්නට පුළුවණ. අල්ලාහ් තම ගැත්තන්ට සමාව දෙන්නාය. ඔවුන් අතරින් කවරෙකු පාප සමාව අයැද සිටින්නේද ඔවුනට අති ක්ෂමාශීලීය.

99

فَأُو۟لَٰٓئِكَ عَسَى ٱللَّهُ أَن يَعْفُوَ عَنْهُمْ ۚ وَكَانَ ٱللَّهُ عَفُوًّا غَفُورًۭا

එවැන්නන්ට අල්ලාහ් සමාව දිය හැකිය. (මන්දයත්) අල්ලාහ් ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන් හා වැරදි ඉවසා දරා ගන්නෙකු වශයෙන්ද සිටින්නේය.

අපරාධ හා බලහත්කාරකම් වලින් තමන් ආරක්ෂා කර ගැනීමට ශක්තිය නොමැති අය අතුරින් දුර්වල පිරිමින් හෝ කාන්තාවන් හෝ දරුවන් හෝ වේවා ඔවුන්ද නිදහසට සාධාරණ කරුණු ඉදිරිපත් කරන අයවලුන්ද මෙම ප්රුතිඥාවෙන් අතිරේකයින් වෙති. ඔවුන් මුහුණ දුන් බලහත්කාරකම් වලින් මිදීමට කිසිදු මාර්ගයක් නොදැන සිටියවුන් වනාහි ඔවුනට ඔහුගේ කරුණාව හා ආදරය තුළින් අල්ලාහ් ඔවුන්ගේ වැරද්ද නොසලකා හරින්නට පුළුවණ. අල්ලාහ් තම ගැත්තන්ට සමාව දෙන්නාය. ඔවුන් අතරින් කවරෙකු පාප සමාව අයැද සිටින්නේද ඔවුනට අති ක්ෂමාශීලීය.

100

۞ وَمَن يُهَاجِرْ فِى سَبِيلِ ٱللَّهِ يَجِدْ فِى ٱلْأَرْضِ مُرَٰغَمًۭا كَثِيرًۭا وَسَعَةًۭ ۚ وَمَن يَخْرُجْ مِنۢ بَيْتِهِۦ مُهَاجِرًا إِلَى ٱللَّهِ وَرَسُولِهِۦ ثُمَّ يُدْرِكْهُ ٱلْمَوْتُ فَقَدْ وَقَعَ أَجْرُهُۥ عَلَى ٱللَّهِ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا

(මෙසේ තිබියදී) අල්ලාහ්ගේ මාර්ගයෙහි කවුරුන් (තමන් උන් හිටි ස්ථානය අත්හැර දමා) පිටමං වී යන්නේද, ඔහු භූමියෙහි සැප පහසු අපමණ ස්ථානයන්ද, විවිධ සැප සම්පත්ද අත් කර ගන්නේය. කවුරුන් හෝ තම නිවස අත්හැර දමා පිටමං වී අල්ලාහ් දෙසටද, ඔහුගේ දූතයා දෙසටද යන මාර්ගයෙහි මිය ගියහොත් ඔහුගේ වටිනා ඵලවිපාක නියත වශයෙන්ම අල්ලාහ් කෙරෙහි අනිවාර්යය වන්නේය. (මන්දයත් මෙවැන්නන්ට) අල්ලාහ් ඉතාමත් පව් ක්ෂමා කරන්නෙකු වශයෙන්ද, දයාව පහළ කරන්නෙකු වශයෙන්ද සිටින්නේය.

දෙවියන් ප්රයතික්ෂේප කරනු ලබන ප්රදේශයකින් දෙවියන්ට අවනත වන දේශයකට දේව තෘප්තිය බලාපොරොත්තුවෙන් කවරෙකු හිජ්රත් කරන්නේද එහි ඔහු අතහැර ගිය භූමිය මෙන් නොව නව භූමියක් ඔහුට පෙරළා දෙනු ලබනු ඇත. ගෞරවය හා විශාල ප්රමාණයෙන් ආහාර පාන එහි ඔහු ලබනු ඇත. තම නිවසින් අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයාණන් වෙත හිජ්රත් කරන්නෙකු ලෙසින් පිටව ගොස් එම නිශ්චිත ස්ථානයට ළඟා වීමට පෙර ඔහු මරණයට පත් වූයේ නම් සැබැවින් ඔහුගේ කුසල් අල්ලාහ් සහතික කළේය. ඔහු නිශ්චිත ස්ථානයට ළඟා නොවීම හේතුකොටගෙන කිසිදු හානියක් ඔහුට සිදු නොකරනු ඇත. අල්ලාහ් තම ගැත්තන් අතුරික් කවරෙකු පාප ක්ෂමාව අයැද සිටින්නේද ඔහුට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි කරුණාව දක්වන්නාය.

An-Nisaa 4:100Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.