وَيَقُولُونَ طَاعَةٌۭ فَإِذَا بَرَزُوا۟ مِنْ عِندِكَ بَيَّتَ طَآئِفَةٌۭ مِّنْهُمْ غَيْرَ ٱلَّذِى تَقُولُ ۖ وَٱللَّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ ۖ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا
(නබියේ! “ඔබට අපි සම්පූර්ණයෙන්ම) අවනත වුනෙමු” යයි ඔවුන් (තම මුවින්) පවසන්නාහ. එහෙත් ඔවුන් ඔබගේ සමූහයෙන් පිට වී ගියහොත් නම්, ඔවුන්ගෙන් එක් සමුහයක්, (නබියේ!) ඔබ පැවසු දැයට වෙනස් වන සේ රාත්රිය පුරා සාකච්ඡා (කුමන්ත්රණ) කරමින්ම සිටින්නාහ. ඔවුන් රාත්රීන් පුරා සාකච්ඡා කළ දැය අල්ලාහ් සටහන් කර තබන්නේය. එබැවින් ඔබ ඔවුන්ව ප්රතික්ෂේප කර, අල්ලාහ්වම විශ්වාස කරනු. (ඔබව) ආරක්ෂා කර ගැනීමට අල්ලාහ් ප්රමාණවත් වන්නේය.
‘අපි ඔබේ නියෝගයට අවනත වන්නෙමු. එය පිළිපදින්නෙමු’ යැයි කුහකයෝ පවසති. නමුත් ඔවුන්ගෙන් පිරිසක් ඔබ වෙතින් හැරී ගිය විට ප්රසිද්ධියේ ඔබ වෙත කළ ප්රකාශයට පටහැණි ව රහසිගත අයුරින් කුමන්ත්රණය කරති. ඔවුන් කුමන්ත්රණය කරන දෑ පිළිබඳ ව අල්ලාහ් දනී. ඔවුන්ගේ එම කුමන්ත්රණයට අල්ලාහ් ප්රතිවිපාක දෙනු ඇත. එහෙයින් ඔබ ඔවුන් දෙස හැරී බැලිය යුතු නැත. ඔවුන් විසින් කිසිදු හානියක් ඔබට කළ නොහැක. ඔබේ කටයුතු අල්ලාහ් වෙත භාර කරන්න. ඒ කෙරෙහි ස්ථාවර ව සිටින්න. ඔබ කවර කරුණක් මත ස්ථාවර ව සිටින්නෙහිද එහි භාරකරුවා වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය.