Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 176

81

وَيَقُولُونَ طَاعَةٌۭ فَإِذَا بَرَزُوا۟ مِنْ عِندِكَ بَيَّتَ طَآئِفَةٌۭ مِّنْهُمْ غَيْرَ ٱلَّذِى تَقُولُ ۖ وَٱللَّهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ ۖ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا

(නබියේ! “ඔබට අපි සම්පූර්ණයෙන්ම) අවනත වුනෙමු” යයි ඔවුන් (තම මුවින්) පවසන්නාහ. එහෙත් ඔවුන් ඔබගේ සමූහයෙන් පිට වී ගියහොත් නම්, ඔවුන්ගෙන් එක් සමුහයක්, (නබියේ!) ඔබ පැවසු දැයට වෙනස් වන සේ රාත්‍රිය පුරා සාකච්ඡා (කුමන්ත්‍රණ) කරමින්ම සිටින්නාහ. ඔවුන් රාත්‍රීන් පුරා සාකච්ඡා කළ දැය අල්ලාහ් සටහන් කර තබන්නේය. එබැවින් ඔබ ඔවුන්ව ප්‍රතික්ෂේප කර, අල්ලාහ්වම විශ්වාස කරනු. (ඔබව) ආරක්ෂා කර ගැනීමට අල්ලාහ් ප්‍රමාණවත් වන්නේය.

‘අපි ඔබේ නියෝගයට අවනත වන්නෙමු. එය පිළිපදින්නෙමු’ යැයි කුහකයෝ පවසති. නමුත් ඔවුන්ගෙන් පිරිසක් ඔබ වෙතින් හැරී ගිය විට ප්රසිද්ධියේ ඔබ වෙත කළ ප්රකාශයට පටහැණි ව රහසිගත අයුරින් කුමන්ත්රණය කරති. ඔවුන් කුමන්ත්රණය කරන දෑ පිළිබඳ ව අල්ලාහ් දනී. ඔවුන්ගේ එම කුමන්ත්රණයට අල්ලාහ් ප්රතිවිපාක දෙනු ඇත. එහෙයින් ඔබ ඔවුන් දෙස හැරී බැලිය යුතු නැත. ඔවුන් විසින් කිසිදු හානියක් ඔබට කළ නොහැක. ඔබේ කටයුතු අල්ලාහ් වෙත භාර කරන්න. ඒ කෙරෙහි ස්ථාවර ව සිටින්න. ඔබ කවර කරුණක් මත ස්ථාවර ව සිටින්නෙහිද එහි භාරකරුවා වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය.

82

أَفَلَا يَتَدَبَّرُونَ ٱلْقُرْءَانَ ۚ وَلَوْ كَانَ مِنْ عِندِ غَيْرِ ٱللَّهِ لَوَجَدُوا۟ فِيهِ ٱخْتِلَٰفًۭا كَثِيرًۭا

මෙම කුර්ආනය ඔවුන් ගැඹුරින් අවධානය කළ යුතු නොවේද? මෙය අල්ලාහ් නොවන කෙනෙකුගෙන් පැමිණ තිබුනේ නම්, මෙහි අනන්තවත් (වැරදිද) භේදයන්ද ඔවුන් දකිනු ඇත.

කිසිදු වෙනසක් හෝ කිසිදු වරදක් හෝ එහි දකින්නට නොමැතියි ඔවුනට තහවුරු වන තෙක් ඔබ කවර කරුණක් ගෙන ආවේද එය සත්ය බව ඔවුන් වටහා ගන්නා තෙක් ඔවුහු අල් කුර්ආනය පිළිබද නොසිතනුයේ ඇයි? ඒ ගැන අධ්යයනය නොකරනුයේ ඇයි? එය අල්ලාහ් නොවන වෙනත් කෙනෙකු වෙතින් වූයේ නම් සැබැවින්ම ඔවුහු එහි නීතිරීති වල අඩුපාඩුකම් මෙන් එහි අර්ථයන්හි බොහෝ වෙනස්කම් ද දකිනු ඇත.

83

وَإِذَا جَآءَهُمْ أَمْرٌۭ مِّنَ ٱلْأَمْنِ أَوِ ٱلْخَوْفِ أَذَاعُوا۟ بِهِۦ ۖ وَلَوْ رَدُّوهُ إِلَى ٱلرَّسُولِ وَإِلَىٰٓ أُو۟لِى ٱلْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ ٱلَّذِينَ يَسْتَنۢبِطُونَهُۥ مِنْهُمْ ۗ وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكُمْ وَرَحْمَتُهُۥ لَٱتَّبَعْتُمُ ٱلشَّيْطَٰنَ إِلَّا قَلِيلًۭا

බිය නැතහොත් (පොදු ජන) ආරක්ෂාව ගැන යම්කිසි පුවතක් ඔවුන් වෙත ළඟා වුවහොත් (එවෙලේම) ඔවුන් එය (පිටතදී) පතුරවන්නට (පටන්) ගන්නාහ. (එසේ නොකර) එය (අල්ලාහ්ගේ) දූතයා වෙතද, ඔවුන්ගේ අධිකාරීන් වෙතද (පමණක්) දැනුම් දුන්නේ නම්, එයින් ඇත්ත නැත්ත සොයා ගත හැකි ඔවුන් (එහි) සත්‍යය හොඳින් දැන, (එයට සරිලන තීරණයක්) ගනු ඇත. (විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ගේ දයාවද, ඔහුගේ අනුකම්පාවද ඔබ කෙරෙහි නොතිබුනේ නම් (ඔබගෙන්) සමහරෙකු හැර, ඔබ සියල්ලන්ම ෂෙයිතාන්වම අනුගමනය කරන්ට ඉඩ තිබුණි.

මුස්ලිම්වරුන්ගේ ආරක්ෂාව හා ඔවුන්ගේ සතුට පිළිබඳ යම් කරුණක් හෝ ඔවුන් බිය වන, ඔවුන් දුකට පත්වන යම් කරුණක් හෝ මෙම කුහකයින් වෙත පැමිණි විට ඒ පිළිබඳ දෙවරක් නොසිතා ඔවුන් පතුරුවා හරති. එම කරුණ අල්ලාහ්ගේ දූතයාණන් වෙත හෝ දැක්මක් ඇති, දැනුම ඇති උපදෙස් දෙන උදවිය වෙත යොමු කරන්නේ නම් එය පතුරවීම හෝ සැඟවීම යන කරුණ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය දෑ ඔවුන් දැන ගනු ඇත. අල්ලාහ් ඔබ වෙත ඉස්ලාමය දායාද නොකළේ නම්, අල් කුර්ආනයේ ආශිර්වාදය ඔබට දායාද නොකළේ නම් -අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! මෙම කුහකයින් කවර කරුණකින් පරීක්ෂාවට ලක් වන්නේද, එයම ඔබත් අත්විදිනු ඇත. ඔබ අතුරින් ස්වල්ප දෙනෙකු හැර ෂෙයිතාන් උපදවන කුතුහලයන් අනුගමනය කරනු ඇත.

84

فَقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ لَا تُكَلَّفُ إِلَّا نَفْسَكَ ۚ وَحَرِّضِ ٱلْمُؤْمِنِينَ ۖ عَسَى ٱللَّهُ أَن يَكُفَّ بَأْسَ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ وَٱللَّهُ أَشَدُّ بَأْسًۭا وَأَشَدُّ تَنكِيلًۭا

(නබියේ!) ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු මැනව! ඔබ, ඔබව හැර (වෙනත් කිසිවෙකුත් යුද්ධයට යන ලෙස) බල කිරීමට අවශ්‍යය නැත. (එහෙත්) විශ්වාසවන්තයින්ව (යුද්ධයට යන ලෙසට) පොළඹවනු මැනව! ප්‍රතික්ෂේප කරන්නන්ගේ විරුද්ධත්වය අල්ලාහ් වළක්වා හරින්නේය. (මන්දයත්) අල්ලාහ් (ඔවුන්ව පරාජය කළ හැකි) බලපරාක්‍රමයෙන් පිරී ඇත්තෙකු වශයෙන්ද, දඬුවම් කිරීමෙහි දරුණු කෙනෙකු වශයෙන්ද සිටින්නේය.

අහෝ! දූතය, අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ඔබ අල්ලාහ්ගේ මාර්ගයේ යුද්ධ කරන්න. ඔබ වෙනත් අය ගැන ප්රශ්න නොකරනු ඇත. එමෙන්ම ඒ සඳහා බල කරනු නොලබන්නේය. සැබැවින්ම යුද්ධය සඳහා ඔබ ව ඔබ නිරත කරවනු මිස වෙනත් කිසිවක් ඔබට පවරනු නොලැබේ. යුද්ධයට සහභාගී වන්නට දෙවියන් විශ්වාස කරන්නන්හට ආශාව ඇති කරනු. ඒ සඳහා දිරිගන්වනු. ඔබ කරන යුද්ධය හේතුවෙන් දේව ප්රතික්ෂේපකයින්ගේ බලය අල්ලාහ් මැඩපවත්වන්නට පුළුවණ. අල්ලාහ් වඩාත් බලවත්ය. එමෙන්ම දඬුවම් පමුණුවීමෙහි වඩාත් දරුණුය.

85

مَّن يَشْفَعْ شَفَٰعَةً حَسَنَةًۭ يَكُن لَّهُۥ نَصِيبٌۭ مِّنْهَا ۖ وَمَن يَشْفَعْ شَفَٰعَةًۭ سَيِّئَةًۭ يَكُن لَّهُۥ كِفْلٌۭ مِّنْهَا ۗ وَكَانَ ٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ مُّقِيتًۭا

කවුරුන් හෝ යම්කිසි දැහැමි කාරණාවක් සඳහා පොළඹවනු ලැබූවහොත් එයින් එක් පංගුවක් ඔහුටද ඇත. (එසේම) යම්කිසි නපුරු කාරණාවකට කවුරුන් හෝ පොළඹවනු ලැබුවහොත් එයින්ද ඔහුට එක් පංගුවක් ඇත. අල්ලාහ් සියල්ලම නියමිත අන්දමට අවධානය කරන්නෙකු වශයෙන් සිටින්නේය.

කවරෙකු තවත් කෙනෙකුට යහපත ගෙන දෙන්නට උත්සාහ දරන්නේද එහි ප්රතිඵලයෙන් කොටසක් ඔහුටද හිමි වන්නේය. කවරෙකු තවත් කෙනෙකුට අයහපතක් ගෙන දෙන්නට උත්සාහ දරන්නේද එහි විපාකයෙන් කොටසක් ඔහුටද අත් වන්නේය. මිනිසා කරන සෑම ක්රියාවක් පිළිබඳවම අල්ලාහ් සාක්ෂි දරනු ඇත. ඒ සඳහා ඔහු ඔහුට ප්රතිඵල පිරිනමනු ඇත. යහපත ඇති වීමට හේතුවක් වූයේද එමගින් ඔහුට ද කොටසක් හා භාග්යයක් හිමි වන්නේය. කවරෙකු නපුරක් ඇති වීමට හේතු වූයේද සැබැවින් එයින් කොටසක් ඔහුද ලබනු ඇත.

86

وَإِذَا حُيِّيتُم بِتَحِيَّةٍۢ فَحَيُّوا۟ بِأَحْسَنَ مِنْهَآ أَوْ رُدُّوهَآ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍ حَسِيبًا

(කවුරුන් විසින් හෝ) ඔබට සුභ පැතුම් (සලාම්) කියනු ලැබුවහොත් (එයට පිළිතුරු වශයෙන්) ඊටත් වඩා අලංකාරවත් (වදනක්) කියනු. නැතහොත් එයම ආපසු කියනු. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් ගණනය කරන්නෙකු වශයෙන් සිටින්නේය.

ඔබ වෙත කෙනෙකු සලාම් පැවසූ විට පිළිතුරු වශයෙන්, ඔබ වෙත ඔහු කළ සලාමයට වඩා ශ්රේෂ්ඨ අයුරින් ඔබ සලාම් පවසන්න. එසේ නැතහොත් ඒ අයුරින්ම පිළිතුරු දෙන්න. යහපත් අයුරින් පිළිතුරු දීම උතුම්ය. නියත වශයෙන්ම නුඹලා කරන දෑ සැබැවින්ම අල්ලාහ් ආරක්ෂා කර තබා ගන්නාය. සෑම කෙනෙකුම කරන ක්රියාවන් සඳහා ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

87

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۚ لَيَجْمَعَنَّكُمْ إِلَىٰ يَوْمِ ٱلْقِيَٰمَةِ لَا رَيْبَ فِيهِ ۗ وَمَنْ أَصْدَقُ مِنَ ٱللَّهِ حَدِيثًۭا

අල්ලාහ් -ඔහු මිස, වෙන කිසිම දෙවියෙකු නැත- ඔහු නියත වශයෙන්ම ඔබ සියල්ලන්වම විනිශ්චය දිනදී ඒකරාශී කරන්නේය. මෙහි කිසිම සැකයක් නැත. පුවත් දැනුම් දීමෙහි අල්ලාහ්ට වඩා සත්‍යවන්තයා කවරෙක්ද?

සැබෑ ලෙසින්ම නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. කිසිදු සැකයක් නැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පළමුවැන්නා සිට අවසානයා දක්වා වූ සියලු දෙනා සැබැවින්ම ඔහු එක්රැස් කරනු ඇත. එය නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාට ප්රතිඵල පිරිනමනු පිණිසය. අල්ලාහ්ට වඩා කතාවෙන් වඩාත් සත්යය වූ කිසිවකු නැත.

88

۞ فَمَا لَكُمْ فِى ٱلْمُنَٰفِقِينَ فِئَتَيْنِ وَٱللَّهُ أَرْكَسَهُم بِمَا كَسَبُوٓا۟ ۚ أَتُرِيدُونَ أَن تَهْدُوا۟ مَنْ أَضَلَّ ٱللَّهُ ۖ وَمَن يُضْلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلًۭا

(විශ්වාසවන්තයිනි!) වංචනිකයින් ගැන ඔබ කුමක් නිසා දෙආකාරයක (අදහස්) දරන්නෙහුද? ඔවුන් කළ (නපුරු) ක්‍රියාවන් හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව හිස නමන්නට සැලැස්සුවේය. කවුරුන්ව අල්ලාහ් වැරදි මාර්ගයෙහි යාමට අත්හැර දමන්නේද, ඔවුන්ව ඔබ ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමට අදහස් කරන්නෙහිද? (එය කළ නොහැකි කාරණාවකි! මන්දයත් නබියේ!) කවුරුන්ව අල්ලාහ් වැරදි මාර්ගයෙහි යාමට සැලැස්සුවේද, ඔහුව (බේරා හැරීමට) කිසිම මගක් ඔබ නොදකින්නෙහිය!

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලාට කුමක් වීද? කුහකයින් සමග කටයුතු කිරීමේදී නුඹලා මතභේදාත්මක කණ්ඩායම් දෙකක් බවට පත් ව ඇත. පිරිසක් ඔවුන්ගේ ප්රතික්ෂේපය නිසා ඔවුන් සමග සටන් කළ යුතු යැයි පවසන අතර, තවත් පිරිසක් ඔවුන්ගේ විශ්වාසය නිසා ඔවුන් සමග සටන් කිරීම අතහැර දැමිය යුතු යැයි පවසති. ඔවුන්ගේ විෂයයෙහි නුඹලා වෙන්වීමට අවශ්ය නැත. ඔවුන්ගේ ක්රියාවන් අනුව අල්ලාහ් ඔවුන් දේව ප්රතික්ෂේපය හා නොමග වෙතට යොමු කිරීමෙන් ඔවුනට ප්රතිචාර දක්වනු ඇත. සත්ය වෙත යොමුවන්නට අල්ලාහ් ආශිර්වාද නොකළවුනට ඔබ මග පෙන්වන්නට සිතන්නෙහිද? අල්ලාහ් කවරෙකු නොමග යන්නට ඉඩ හරින්නේද, ඔහු යහමග වෙත කිසිදු මාර්ගයක් නොලබනු ඇත.

89

وَدُّوا۟ لَوْ تَكْفُرُونَ كَمَا كَفَرُوا۟ فَتَكُونُونَ سَوَآءًۭ ۖ فَلَا تَتَّخِذُوا۟ مِنْهُمْ أَوْلِيَآءَ حَتَّىٰ يُهَاجِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ۚ فَإِن تَوَلَّوْا۟ فَخُذُوهُمْ وَٱقْتُلُوهُمْ حَيْثُ وَجَدتُّمُوهُمْ ۖ وَلَا تَتَّخِذُوا۟ مِنْهُمْ وَلِيًّۭا وَلَا نَصِيرًا

(විශ්වාසවන්තයිනි!) ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූ ආකාරයටම, ඔබත් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වී (ඔවුන්ට) සමාන වීම ඔවුන් කැමති වන්නාහ. එබැවින් ඔවුන් (තමන්ගේ) නිවෙස් අත්හැර දමා අල්ලාහ්ගේ මාර්ගයෙහි පිටත්ව යන තුරු, ඔබ ඔවුන්ව මිතුරන් බවට පත් කර නොගනු. (නිවෙස් වලින් පිටමං වී යා යුතුය යන නියෝගය) ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියහොත්, දුටු තැන ඔවුන්ව (සිරකරුවන් බවට) අත් අඩංගුවට ගනු. (අත් අඩංගුවට පත් නොවී විරුද්ධව සටන් කරන්නන්ව) කපා දමනු. තවද ඔවුන්ගෙන් කිසිවෙකුත් (ඔබට) මිතුරන් බවටද, සහායයන් බවටද පත් කර නොගනු.

නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ඔවුන් ප්රතික්ෂේප කළාක් මෙන්ම නුඹලාද ප්රතික්ෂේප කොට දේව ප්රතික්ෂේපයේ නුඹලා ඔවුන් සමග සමානයන් වීම ගැන කුහකයෝ ප්රිය වෙති. ඔවුන්ගේ විශ්වාසයට සාධකයක් වශයෙන් දේව ප්රතික්ෂේපයේ නිවහනින් ඉස්ලාම් ප්රදේශයට අල්ලාහ්ගේ මාර්ගයේ දේශ තරණය කරන තෙක් ඔවුන්ගේ සතුරුකම් හේතුවෙන් ඔවුන් ව මිතුරන් බවට පත් කර නොගනු. ඔවුන් එය පිටුපා ඔවුන් සිටින තත්ත්වයේම අඛණ්ඩ ව සිටියේ නම් නුඹලා ඔවුන් ග්රහණය කර ගනු. ඔවුන් කොතැනක දුටුවද ඔවුන් මරා දමනු. නුඹලාගේ කටයුතු මෙයෙහවන භාරකරුවෙක් ඔවුන් අතුරින් පත් කර නොගනු. නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලාට උදව් කරන උදව්කරුෙවෙක් පත් කර නොගනු.

90

إِلَّا ٱلَّذِينَ يَصِلُونَ إِلَىٰ قَوْمٍۭ بَيْنَكُمْ وَبَيْنَهُم مِّيثَٰقٌ أَوْ جَآءُوكُمْ حَصِرَتْ صُدُورُهُمْ أَن يُقَٰتِلُوكُمْ أَوْ يُقَٰتِلُوا۟ قَوْمَهُمْ ۚ وَلَوْ شَآءَ ٱللَّهُ لَسَلَّطَهُمْ عَلَيْكُمْ فَلَقَٰتَلُوكُمْ ۚ فَإِنِ ٱعْتَزَلُوكُمْ فَلَمْ يُقَٰتِلُوكُمْ وَأَلْقَوْا۟ إِلَيْكُمُ ٱلسَّلَمَ فَمَا جَعَلَ ٱللَّهُ لَكُمْ عَلَيْهِمْ سَبِيلًۭا

එහෙත් ඔබ සමග (සාම) ගිවිසුමක් ඇති කර ගත් අය සමග ගිය අයවද, ඔබට විරුද්ධව යුද්ධ කිරීමට සිත නොදී (ඔබගේ සතුරන්ව අත්හැර දමා වෙන් වී) ඔබ වෙත පැමිණි අයවද, තමන්ගේ ගෝත්‍රිකයින්ට විරුද්ධව යුද්ධ කිරීමට (සිත නොදී ඔබ වෙතින් වෙන් වූ) අයවද, (කපා නොදමනු. සිරභාරයට නොගනු. මන්දයත්) අල්ලාහ් අදහස් කළහොත් ඔබව ඔවුන් ජයග්‍රහණය කර, (ඔවුන්) ඔබව කපන මෙන් සලස්වන්නට ඉඩ තිබුණි. එබැවින් (මෙවැන්නන්) ඔබ සමග යුද්ධ නොකර ඈත් වී සිට, ඔබ වෙතින් සමාදානය ඉල්ලා සිටියහොත් (එය බාර ගනු. මන්දයත්) මෙවැන්නන් සමග (යුද්ධ කිරීමට) අල්ලාහ් ඔබට කිසිම මගක් තැබුවේ නැත.

නුඹලා අතර හා ඔවුන් අතර යුද්ධ නොකරන බවට ස්ථීර ගිවිසුමක් ඇති කරගත් ජනයා වෙත සේන්දු වූ හෝ තම හදවත් පීඩනයට පත් ව නුඹලා සමග සටන් වැදීමට හෝ ඔවුන් සමග සටන් වැදීමට අපේක්ෂා නොකරන්නන් හැර. අල්ලාහ් අභිමත වී නම් නුඹලාට වඩා ඔවුනට අවස්ථාව දී ඔවුන් නුඹලා සමග සටන් වදින්නට තිබුණි. එහෙයින් අල්ලාහ්ගෙන් වූ සුවය නුඹලා ඔහුගෙන් පිළිගනු. ඔවුන් ඝාතනය කිරීමෙන් හෝ සිරගත කිරීමෙන් ඔවුනට බාධා නොකරනු. ඔවුන් නුඹලාගෙන් ඉවත් ව නුඹලා සමග සටන් නොවැද සටන් නොකරන යහපත් මිනිසුන් සේ නුඹලා වෙතින් ආරක්ෂාව පතන්නේ නම්, ඔවුන් ඝාතනය කිරීමට හෝ ඔවුන් සිරභාරයට ගැනීමට හෝ කිසිදු මගක් අල්ලාහ් නුඹලා වෙත තබා නැත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.