Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 176

71

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ خُذُوا۟ حِذْرَكُمْ فَٱنفِرُوا۟ ثُبَاتٍ أَوِ ٱنفِرُوا۟ جَمِيعًۭا

විශ්වාසවන්තයිනි! ඔබ (යුද්ධයට ගියහොත් ආත්මආරක්ෂාවට අයත්) ආම්පන්න ඇර ගනු. පසුව සේනාංක සේනාංක වශයෙන් ගමන් කරනු. නැතහොත් තනි සේනාවක් වශයෙන් ගමන් කරනු.

අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපැද්දවුනි, සතුරන්ට එරෙහි ව සිදු කරන යුද්ධයෙහි ආත්මාරක්ෂාව පිණිස ආරක්ෂිත ක්රියාමාර්ග හා සාධක සලසා ගන්න. කණ්ඩායමකින් පසු කණ්ඩායමක් වශයෙන් හෝ එක්වර හෝ ඔවුන් වෙත යන්න. මේ සියල්ල සැලසුම් කර ගත යුත්තේ ඔබේ යහපතට හා සතුරන් ආක්රමණය කිරීමට අනුමත වන අයුරිනි.

72

وَإِنَّ مِنكُمْ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنْ أَصَٰبَتْكُم مُّصِيبَةٌۭ قَالَ قَدْ أَنْعَمَ ٱللَّهُ عَلَىَّ إِذْ لَمْ أَكُن مَّعَهُمْ شَهِيدًۭا

(යුද්ධයට නොගොස්) පසුබැස සිටින අයද නියත වශයෙන්ම ඔබ අතරේ සමහරෙක් ඇත. (ඔවුන් වංචනිකයින්ය! මන්දයත් යුද්ධයට ගිය) ඔබට යම්කිසි අමාරුකමක් ඇති වුවහොත් නම්, ඔහු (ඔවුන්ගෙන් කෙනෙකු) “මා ඔවුන් සමග (එහි) නොගියේ, අල්ලාහ් මා කෙරෙහි පහළ කළ දයාවකි” යයි පවසන්නේය.

අහෝ! මුස්ලිම්වරුනි, සැබැවින්ම තම සතුරන්ට එරෙහි ව යුද වැදීම සඳහා පිටත් ව නොයන, පසුබසින පිරිස් ද ඔබ අතර සිටිති. එවැන්නන්ට අමතරව කුහක පිරිස්ද සිටිති. ඔවුන්ගේ විශ්වාසය දුර්වලය. ඔබට යම් විනාශයක් හෝ පරාජයක් ඇති වූ විට තමන්ගේ සුරක්ෂිතභාවය පිළිබඳ ව ‘ඔවුන් සමග යුද්ධයට සහභාගී නොවීමෙන් අල්ලාහ් මා හට ආශිර්වාද කොට ඇත. එසේ සහභාගී වූයේ නම් ඔවුන්ට අත් ඉරණම මා හටද අත් වන්නට ඉඩ තිබුණි’ යැයි පවසති.

73

وَلَئِنْ أَصَٰبَكُمْ فَضْلٌۭ مِّنَ ٱللَّهِ لَيَقُولَنَّ كَأَن لَّمْ تَكُنۢ بَيْنَكُمْ وَبَيْنَهُۥ مَوَدَّةٌۭ يَٰلَيْتَنِى كُنتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًۭا

අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ඔබට ලැබුනේ නම්, “මමත් ඔවුන් සමග සිටිය යුතු නොවේද? එසේ සිටියේ නම්, ඉමහත් වූ භාග්‍යයක් මමත් අත් කර ගන්නවා නොවෙද!”යි ඔබටත් ඔහුටත් අතරේ කිසිම බැඳියාවක් නොතිබුණාක් මෙන් ඔවුන් පවසන්නාහ.

අහෝ! මුස්ලිම්වරුනි, අල්ලාහ්ගෙන් වූ ජයග්රහණයක් හෝ සතුරන් විසින් දමා ගිය යුද භාණ්ඩයක් ඔබට හිමි වූයේ නම් යුද්ධයට සහභාගී නොවූවන් ඔබ අතර හෝ ඔවුන් අතර කිසිදු සම්බන්ධතාවක් හෝ මිත්රත්තවයක් නොතිබුණාක් මෙන් මෙසේ පවසති. ‘යුද්ධයේදී මා ඔවුන් සමග සහභාගී වන්නට තිබුණි, එසේ නම් ඔවුන් කවර ජයග්රහණයක් හිමි කර ගත්තේද එය මා ද හිමි කර ගනිමි.’

74

۞ فَلْيُقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ ٱلَّذِينَ يَشْرُونَ ٱلْحَيَوٰةَ ٱلدُّنْيَا بِٱلْءَاخِرَةِ ۚ وَمَن يُقَٰتِلْ فِى سَبِيلِ ٱللَّهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًۭا

පරලොව (ජීවිතය) සඳහා මෙලොව ජීවිතය පුදන්නන් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කළ යුතුය! කවුරුන් හෝ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කර කපනු ලැබුවහොත් වුවද, නැතහොත් ජයග්‍රහණය කරනු ලැබුවහොත් වුවද, අපි ඔහුට නියත වශයෙන්ම ඉතාමත් ඉක්මනින් ඉමහත් වූ ඵලවිපාක දෙන්නෙමු.

අල්ලාහ්ගේ වචනය උසස් වන පරිදි ඔබ අල්ලාහ්ගේ මාර්ගයේ යුද වැදිය යුතුයි. සැබෑ ලෙස දෙවියන් විශ්වාස කරන්නෝ මෙලොව ජීවිතයේ ආශාවන් වෙනුවට මතු ලොව ජීවිතයේ ආශාවන් මිලට ගනිති. කවරෙකු හෝ අල්ලාහ්ගේ උත්තරීතර වචනය උසස් කරනු පිණිස ඔහුගේ මාර්ගයේ සටන් කොට දිවි පිදූවෙකු සේ මරණයට පත් වන්නේ නම් හෝ ඔහුගේ සතුරන් පරාජයට පත් කොට ජය ගන්නේ නම් හෝ අල්ලාහ් ඔහුට මහත් තිළිණ පිරිනමනු ඇත. එය ස්වර්ගය හා අල්ලාහ්ගේ පිළිගැනීමයි.

75

وَمَا لَكُمْ لَا تُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ وَٱلْمُسْتَضْعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلْوِلْدَٰنِ ٱلَّذِينَ يَقُولُونَ رَبَّنَآ أَخْرِجْنَا مِنْ هَٰذِهِ ٱلْقَرْيَةِ ٱلظَّالِمِ أَهْلُهَا وَٱجْعَل لَّنَا مِن لَّدُنكَ وَلِيًّۭا وَٱجْعَل لَّنَا مِن لَّدُنكَ نَصِيرًا

ඛෙලහීන වූ පිරිමින් සඳහාද, ගැහැනුන් සඳහාද, කුඩා දරුවන් සඳහාද, (මොවුන්ව ආරක්ෂා කර ගැනීම සඳහාද) අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබ යුද්ධ නොකර සිටීමට ඔබට කුමක් නම් සිදු වී ඇත්ද? ඔවුන් නම්, (දෙවියන්ගෙන්) “අපගේ දෙවියනේ! අපරාධකරුවන් වාසය කරන මෙම රටින් අපව පිටමං කර හරිනු (මැනව!) ඔබ අපට ඔබගේ සන්නිධානයෙන් එක් ආරක්ෂකයෙකුද පහළ කරනු (මැනව!) ඔබ අපට ඔබගේ සන්නිධානයෙන් එක් උදව්කරුවෙකුද පහළ කරනු (මැනව!)” යයි ප්‍රාර්ථනා (කරමින්ම) සිටින්නාහ.

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි, දෙවියන්ගේ වචනය උසස් කිරීම සඳහාත් දෙවියන්ගෙන් ආරක්ෂාව පතමින් “අපගේ පරමාධිපතියාණනි, අල්ලාහ්ට ආදේශ තැබීමෙන් හා ඔහුගේ ගැත්තන්හට පහර දීමෙන් එහි ජනයාට හිංසා පීඩා කිරීම නිසාවෙන් අප ව මක්කාවෙන් පිටතට ගෙන යනු මැනව!. අපගේ කටයුතු ආරක්ෂා කරන සොයා බලන භාරකරුවකු ඔබ වෙතින් අපහට පත් කරනු මැනව! හිංසාවෙන් අප මුදවා ගන්නා උදව්කරුවකු පත් කරනු මැනවැයි ප්රාර්ථනා කරන පිරිමින්ගෙන් ගැහැනුන්ගෙන් හා ළමයින්ගෙන් දුබලයන් බේරා ගැනීමටත් ඔබ ව වළක්වන්නේ කුමක්ද?

76

ٱلَّذِينَ ءَامَنُوا۟ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ ۖ وَٱلَّذِينَ كَفَرُوا۟ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱلطَّٰغُوتِ فَقَٰتِلُوٓا۟ أَوْلِيَآءَ ٱلشَّيْطَٰنِ ۖ إِنَّ كَيْدَ ٱلشَّيْطَٰنِ كَانَ ضَعِيفًا

(එබැවින් මෙවැනි අවස්ථාවන්හි සත්‍ය) විශ්වාසවන්තයින් අල්ලාහ්ගේ මාර්ගයෙහි (අනිවාර්යයෙන්ම) යුද්ධ කරන්නාහ. ප්‍රතික්ෂේප කරන්නන් නම්, (මොවුන්ට විරුද්ධව) ෂෙයිතාන්ගේ මාර්ගයෙහිම යුද්ධ කරන්නාහ. එබැවින් ෂෙයිතාන්ගේ මිතුරන් සමග ඔබත් යුද්ධ කරනු. (ඔවුන්ගේ ප්‍රමාණය අධික වශයෙන් තිබීම ගැන සැක නොසිතනු). නියත වශයෙන්ම ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණය ඉතාමත් ඛෙලහීනය!

සැබෑ දේව විශ්වාස කළවුන් අල්ලාහ්ගේ වදන උසස් වනු පිණිස ඔහුගේ මාර්ගයේ අරගල කරති. නමුත් දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සටන් වදිනුයේ ඔවුන්ගේ දෙවිවරුන්ගේ මාර්ගයෙහිය. ෂෙයිතානුන්ගේ සහායකයින් සමග ඔබ අරගල කරන්න. සැබැවින්ම ඔබ ඔවුන් සමග අරගල කරන්නේ නම් ඔබ ඔවුන් අබිබවා යනු ඇත. ඊට හේතුව ෂෙයිතාන්ගේ සැලසුම දුර්වලය. අල්ලාහ් කෙරෙහි සම්පූර්ණ භාරකාරත්වය තැබූ අයට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුනට නොහැක.

77

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ قِيلَ لَهُمْ كُفُّوٓا۟ أَيْدِيَكُمْ وَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ وَءَاتُوا۟ ٱلزَّكَوٰةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ ٱلْقِتَالُ إِذَا فَرِيقٌۭ مِّنْهُمْ يَخْشَوْنَ ٱلنَّاسَ كَخَشْيَةِ ٱللَّهِ أَوْ أَشَدَّ خَشْيَةًۭ ۚ وَقَالُوا۟ رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا ٱلْقِتَالَ لَوْلَآ أَخَّرْتَنَآ إِلَىٰٓ أَجَلٍۢ قَرِيبٍۢ ۗ قُلْ مَتَٰعُ ٱلدُّنْيَا قَلِيلٌۭ وَٱلْءَاخِرَةُ خَيْرٌۭ لِّمَنِ ٱتَّقَىٰ وَلَا تُظْلَمُونَ فَتِيلًا

“ඔබගේ අත් (දැනට යුද්ධ නොකර) වළක්වමින්ද, සලාතය (ස්ථීර වශයෙන්) ඉටු කරමින්ද, සකාතය ගෙවමින්ද සිටිනු” යයි කවුරුන් හට කියනු ලැබුවේද, ඔවුන්ව (නබියේ!) ඔබ දුටුවේ නැද්ද? යුද්ධ කරනු යයි ඔවුන්ට නියෝග කරනු ලැබූ විට, ඔවුන්ගෙන් එක් සමුහයක් නම්, අල්ලාහ්ට බිය වන්නාක් මෙන්, නැතහොත් ඊටත් වඩා වැඩියෙන් මිනිසුන්ට බිය වී “අපගේ දෙවියනේ! ඇයි අප කෙරෙහි යුද්ධය නියම කරන්නේ? තවත් ටික දවසකට (මෙය) කල් දැමිය යුතු නොවේද?”යි පැවසූහ. (මෙයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “මෙලොව ජීවිතය ඉතාමත් අල්පය! කවුරුන් (අල්ලාහ්ට) බිය වී කටයුතු කරන්නේද, ඔහුට පරලොව (ජීවිතය)ම ඉතාමත් අගනේය. (ඔබගේ පින් අඩු කර හෝ පාපය වැඩි කර හෝ) ඔබ එක් අනු ප්‍රමාණයකින්වත් අපරාධ කරනු නොලබන්නෙහුය”.

අහෝ දූතය, තමන්ට ජිහාද් අනිවාර්ය කරන මෙන් විමසා සිටින ඔබේ ඇතැම් සගයින්ගේ කටයුතු පිළිබඳව ඔබ දන්නෙහිද? ‘ඔබ යුද්ධ කිරීමෙන් වැළකෙනු. සලාතය ඉටු කරනු. සකාත් දෙනු’ යැයි ඔවුනට පවසනු ලැබීය. මෙය ජිහාද් අනිවාර්යය වීමට පෙර සිදු වූවකි. ඔවුන් මදීනාවට විතැන් වූ විට ඉස්ලාමයට ආරක්ෂාවක් අවශ්ය විය. යුද්ධය අනිවාර්ය කරන ලදී. ඔවුන් ගෙන් ඇතැමෙකුට එය දුෂ්කර විය. අල්ලාහ්ට බිය වන තරමට හෝ ඊටත් වඩා වැඩියෙන් ඔවුන් ජනයාට බිය වූහ. පසු ව ඔවුහු මෙසේ ප්රකාශ කර සිටියහ: ‘අහෝ අපගේ පරමාධිපතියාණනි, ඔබ අපහට යුද්ධය අනිවාර්යය කළේ මන්ද? මෙලොව භුක්ති විඳින තෙක් ටික කලක් ප්රමාද කරන්නට තිබුණා නොවේද? අහෝ දූතය, ඔවුනට මෙසේ පවසනු. මෙලොව සැප ඉතා අල්පය. පහත්ය. මතු ලොව ඇති සැප සදාතනික බැවින් දෙවියන් පිළිබඳ මතකයෙන් පසුවන්නාට එය වඩාත් ශ්රේෂ්ඨ වන්නේය. එහි ඔබගේ කිසිදු යහපත් ක්රියාවක ප්රතිඵල රටඉඳි ගෙඩියක මතු පිටින් පෙනෙන නාරටියක තරම් වුව ද අඩු කරන්නේ නැත.

78

أَيْنَمَا تَكُونُوا۟ يُدْرِككُّمُ ٱلْمَوْتُ وَلَوْ كُنتُمْ فِى بُرُوجٍۢ مُّشَيَّدَةٍۢ ۗ وَإِن تُصِبْهُمْ حَسَنَةٌۭ يَقُولُوا۟ هَٰذِهِۦ مِنْ عِندِ ٱللَّهِ ۖ وَإِن تُصِبْهُمْ سَيِّئَةٌۭ يَقُولُوا۟ هَٰذِهِۦ مِنْ عِندِكَ ۚ قُلْ كُلٌّۭ مِّنْ عِندِ ٱللَّهِ ۖ فَمَالِ هَٰٓؤُلَآءِ ٱلْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًۭا

ඔබ කොහි සිටියා වුවද, මරණය ඔබව අනිවාර්යයෙන් වැළඳ ගන්නේය. -ඉතාමත් ශක්තිමත් උස (බලකොටුවේ)- කුළුණු මත ඔබ සිටියා වුවද කම් නැත! (නබියේ! ඔබගේ නියෝගයට අනුව යුද්ධයට ගිය) ඔවුන්ව යම්කිසි හොඳක් ලැඛෙන අවස්ථාවන්හිදී මෙය අල්ලාහ් වෙතින් (අපට) ලැබුනේය යයි පවසන්නාහ. ඔවුන්ට යම්කිසි විපතක් සිදු වුවහොත් නම්, (නබියේ!) මෙය ඔබ නිසාම (අපට ඇති වූවේය) යයි පවසන්නාහ. (එබැවින්) ඔබ මෙසේ පවසනු: “(මවිසින් මගේ තනි කැමැත්තට යුද්ධ කරන මෙන් ඔබට අණ කළේ නැත. අල්ලාහ් දැනුම් දුන් අන්දමටම මා ඔබට අණ කළෙමි. එබැවින්) සියල්ල අල්ලාහ්ගේ සන්නිධානයෙන්ම ලැඛෙන්නේය”. මෙම ජනතාවට කුමක් නම් සිදු වී ඇත්ද? කිසිම කාරණාවක් මොවුන්ට දැන ගන්නට හැකි වන්නේ නැත නොවෙද!

ඔබ කොතැනක වෙතත් ඔබේ අවසන් මොහොත පැමිණි විට මරණය ඔබ වෙත ළඟා වනු ඇත. යුද පිටියෙන් දුරස් ව ආරක්ෂිත බලකොටුවක සිටියද එය පැමිණෙන්නේමය. මෙම කුහකයින්හට දරු සම්පතක් හෝ පෝෂණයක් හෝ ලැබුණු විට ඒ ගැන සතුටු වෙමින් ‘මෙය අල්ලාහ් වෙතින් ලැබුණු දෙයකැයි පවසති. දරුවෙකු හෝ පෝෂණය විෂයයෙහි යම් අසීරුතාවක් ඔවුනට අත් වූයේ නම් මෙම නපුර සිදු වූයේ ඔබ හේතුවෙන් යැයි නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට දොස් පවසති. අහෝ දූතය, ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. සෑම ආකාරයකම සතුට හා පීඩාව අල්ලාහ්ගේ නියමය හා පෙරනිමිත්ත අනුව සිදුවන්නකි. තමන් ගැන මෙසේ පවසන අය ඔබ ඔවුනට පවසන ප්රකාශ වටහා ගන්නට වෑයම් නොකරනුයේ ඇයි?

79

مَّآ أَصَابَكَ مِنْ حَسَنَةٍۢ فَمِنَ ٱللَّهِ ۖ وَمَآ أَصَابَكَ مِن سَيِّئَةٍۢ فَمِن نَّفْسِكَ ۚ وَأَرْسَلْنَٰكَ لِلنَّاسِ رَسُولًۭا ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًۭا

(තවද මෙසේ පවසන්නාට) “ඔබට යම්කිසි හොඳක් සිදු වුවහොත් (එය) අල්ලාහ්ගෙන් සිදු වූවේය” යයිද “ඔබට යම්කිසි විපතක් සිදු වුවහොත් (ඔබ කළ වැරදිවල හේතුව නිසා) ඔබගෙන්ම ලැබුණි” යයිද (නබියේ! ඔබ පවසනු මැනව!). අපි ඔබව දූතයෙකු වශයෙන්ම මිනිසුන් වෙත යවා ඇත්තෙමු. (මෙයට) අල්ලාහ්ම ප්‍රමාණවත් සාක්ෂි වශයෙන් සිටින්නේය.

ආදම්ගේ පුතනුවනි, යම් සම්පතක් හෝ දරුවෙක් හේතුවෙන් කිසියම් සතුටක් ඔබ ලබන්නේද එය අල්ලාහ් විසින් ලැබූවකි. එය ඔබට ඔහු කළ ආශිර්වාදයකි. නමුත් ඔබේ සම්පත හෝ දරුවා විෂයයෙහි ඔබ අසහනයට පත් වන්නේ ද එය ඔබ කළ පාපයක් හේතුවෙන් ඔබ විසින්ම සොයා ගත් එකකි. අහෝ! නබි වරය, ඔබේ පරමාධිපතිගේ පණිවුඩය සියලුම මිනිසුන්හට දන්වා සිටිනු පිණිස ඔබ ඔවුන් අතරට දහම් දූතයකු ලෙස අපි එවා ඇත්තෙමු. ඔබ කවර කරුණක් දන්වා සිටින්නේ ද එමෙන්ම කවර කරුණක් සාධක වශයෙන් හා සාක්ෂි වශයෙන් පිරිනමනු ලැබ ඇත්තේද ඒ පිළිබඳ ඔබ ව තහවුරු කිරීමට අල්ලාහ්ම ප්රමාණවත් වන්නේය.

80

مَّن يُطِعِ ٱلرَّسُولَ فَقَدْ أَطَاعَ ٱللَّهَ ۖ وَمَن تَوَلَّىٰ فَمَآ أَرْسَلْنَٰكَ عَلَيْهِمْ حَفِيظًۭا

කවුරුන් (අල්ලාහ්ගේ) දූතයාට (සම්පූර්ණයෙන්ම) අවනත වී කටයුතු කරන්නේද, ඔහු නියත වශයෙන්ම අල්ලාහ්ටම අවනත වුනේය. එබැවින් (නබියේ! ඔබව) කවුරුන් හෝ ප්‍රතික්ෂේප කළහොත් (ඒ වෙනුවෙන් ඔබ දුක් නොවනු). ඔවුන්ව අවධානය කිරීම සඳහා අපි ඔබව යැවුවේ නැත.

රසූල්වරයාණන් කවර කරුණක් නියෝග කර සිටියේද එය පිළිපදිමින් කවරෙකු ඔහුට අවනත වන්නේද සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ නියෝගයට අවනත විය. අහෝ! දූතය, ඔබට අවනත වීමෙන් කවරෙකු දුරස් වන්නේද ඔහු පිළිබඳ ඔබ දුකට පත්විය යුතු නැත. ඔහුගේ ක්රියාවන් ආරක්ෂා කරන්නටත් ඔහු පිළිබඳ අධීක්ෂණය කරන්නටත් අපි ඔබ එව්වේ නැත. ඔහුගේ ක්රියාවන් සටහන් කරනුයේ ද ඒවා ගණනය කරනුයේ ද අපමය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.