Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 176

61

وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ رَأَيْتَ ٱلْمُنَٰفِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودًۭا

“(සාධාරණය අත් කර ගැනීමට) අල්ලාහ් පහළ කරන ලද (ධර්මය) දෙසටද, (ඔහුගේ) දූතයා දෙසටද, ඔබ එනු (මැනව!). (එම ෂෙයිතාන් වෙත නොයනු)” යයි ඔවුන් හට කියනු ලැබුවහොත්, එම වංචනිකයින් ඔබගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී යාමම ඔබ දකින්නෙහිය.

නුඹලා අතර පවතින තර්කයෙහි නුඹලාට තීන්දු ලබා දෙනු පිණිස අල්ලාහ් තම පුස්තකයේ පහළ කර ඇති නීතිය වෙත හා දූතයාණන් වෙත පැමිණෙන්නැයි කුහකයින්හට පවසනු ලැබූ විට අහෝ! දූතය, නුඹව ඔවුන් මුළුමනින්ම පිටුපා තීන්දු පැතීම සඳහා නුඹ හැර වෙනත් අය වෙත යනු නුඹ දුටුවෙහිය.

62

فَكَيْفَ إِذَآ أَصَٰبَتْهُم مُّصِيبَةٌۢ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَآءُوكَ يَحْلِفُونَ بِٱللَّهِ إِنْ أَرَدْنَآ إِلَّآ إِحْسَٰنًۭا وَتَوْفِيقًا

(නබියේ!) ඔවුන්ගේ අත් සොයා ගත් (නපුරු) ක්‍රියාවන් හේතුවෙන් ඔවුන්ට එක් අමාරුකමක් ඇති වූ අවස්ථාවේදී (එයට ප්‍රතිකාරයක් සොයා ගත නොහැකි වූ ඔවුන්ගේ පහත් තත්වය) කෙසේ තිබුනේදැයි (යන්න ඔබ අවධානය කර බලනු). පසුව ඔවුන් ඔබ වෙතම පැමිණ “(අපි ඔවුන් වෙත ගියේ) හොඳක් හා එකමුතුකමක් බලාපොරොත්තුවෙන් මිස, වෙන කිසිවක් අපි අදහස් කරමින් නොව” යයි අල්ලාහ්ගේ නාමයෙන් දිව්රන්නාහ.

ඔවුන් සිදු කර ගත් පාපය හේතුවෙන් ඔවුනට අභාග්යයන් ඇති වූ පසු ව අල්ලාහ් මත දිව්රා නිදහසට කරුණු කියමින් ‘ගැටුම්කාරීන් අතර යහපත හා පිළිගැනීම හේතුවෙන් මිස එසේ ඔබ හැර වෙනත් අයගෙන් අප තීන්දු පතන්නට අපේක්ෂා නොකළෙමු’ යැයි පවසා නුඹ වෙත පැමිණි එම කුහකයින්ගේ තත්ත්වය කෙසේ වීද? එම විෂයයෙහි ඔවුහු බොරු පවසන්නෝ වෙති. යහපත පවතිනුයේ අල්ලාහ් තම ගැත්තන්හට නියම කළ ආගමික තීන්දුව අනුව තීන්දු කිරීමෙහිය.

63

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ يَعْلَمُ ٱللَّهُ مَا فِى قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُل لَّهُمْ فِىٓ أَنفُسِهِمْ قَوْلًۢا بَلِيغًۭا

මෙවැන්නන්ගේ හෘදයන්හි ඇති දැය අල්ලාහ් හොඳින් දැනගෙනම සිටින්නේය. එබැවින් (නබියේ!) ඔබ ඔවුන්ව (ඔවුන්ගේ වැරදි) ප්‍රතික්ෂේප කර, ඔවුන්ට හොඳ ඔවදන් දෙනු (මැනව!). තවද (ඔවුන් සතුව ඇති නපුරුකම් ගැන) ඔවුන්ගේ සිත් තුළ පතිත වන සේ පැහැදිලිව ගෙනහැර දක්වනු මැනව!

ඔවුහු වනාහි ඔවුන්ගේ සිත් තුළ සගවා සිටින කුහකත්වය හා පහත් අරමුණු පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නේය. එහෙයින් අහෝ! දූතය, ඔබ ඔවුන් අතහැර දමනු. ඔවුන් නොසලකා හරිනු. අල්ලාහ්ගේ නීතිය පිළිපැදීමෙන් ඇති යහපත දිරිගන්වමින් හා එය අතහැර දැමූ විට ඇති වන භයානක කම පිළිබඳ බියගන්වමින් ඔවුන්හට පැහැදිලි කරනු. ඔවුන් ගේ සිත් තුළට ගැඹුරින් කාවදින සේ ඉතා පැහැදිලි වදනින් ආමන්ත්රණය කරනු.

64

وَمَآ أَرْسَلْنَا مِن رَّسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ ٱللَّهِ ۚ وَلَوْ أَنَّهُمْ إِذ ظَّلَمُوٓا۟ أَنفُسَهُمْ جَآءُوكَ فَٱسْتَغْفَرُوا۟ ٱللَّهَ وَٱسْتَغْفَرَ لَهُمُ ٱلرَّسُولُ لَوَجَدُوا۟ ٱللَّهَ تَوَّابًۭا رَّحِيمًۭا

අල්ලාහ්ගේ නියෝගයන්ට අවනත වීම සඳහා මිස, (මිනිසුන් වෙත) අපි කිසිම දූතයෙකු එවුවේ නැත. එබැවින් (මෙයට වෙනස්කම් කර) ඔවුන් තමන්ට තමන්ම අපරාධ කර ගත් අවස්ථාවේදී ඔබ වෙත පැමිණ අල්ලාහ් වෙතින් පව් ක්ෂමාව ඉල්ලා සිටිමින් ඔවුන් වෙනුවෙන් (අල්ලාහ්ගේ) දූතයාද (දූතයා වන ඔබත්) පව් ක්ෂමාව ඉල්ලා සිටියේ නම්, දයාබරවන්තයෙකු හා ක්ෂමා කරන්නෙකු වශයෙන්ද අල්ලාහ්ව ඔවුන් දකින්නට තිබුණි.

අල්ලාහ්ගේ අභිමතය හා ඔහුගේ නිර්ණායකයන්ට අනුව කවර කරුණක් අණ කරනු ලැබුවේද එය පිළිපැදීමට කිසියම් කාලයක් දක්වා මිස කිසිදු දහම් දූතයකු අපි නොඑව්වෙමු. අහෝ දූතය, ඔබේ ජීවිත කාලය තුළ ජනයා වැරදි කරමින් තමන්ටම අපරාධ කොට, පසු ව තමන් කළ වැරැද්ද වටහා ගෙන පසුතැවිලි වී, අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්නට ඔබ වෙත පැමිණ, ඔබ ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින්නේ නම් එවිට අල්ලාහ් ඔවුනට සමාව පිරිනමන්නෙකු හා ඔවුන් කෙරෙහි කරුණා කරන්නෙකු ලෙස ඔවුන් දැක ගනු ඇත.

65

فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّىٰ يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا۟ فِىٓ أَنفُسِهِمْ حَرَجًۭا مِّمَّا قَضَيْتَ وَيُسَلِّمُوا۟ تَسْلِيمًۭا

නමුත් ඔබගේ දෙවියන් මත සත්තකින්ම! ඔවුන් තමන් තුළ ඇති ආරවුලේදී ඔබව විනිශ්චයකරුවෙකු ලෙස බාර ගෙන, ඔබ ලබා දෙන තීන්දුව තම මනස තුළ කිසිම තිගැස්සීමක් නොමැතිව සම්පූර්ණයෙන්ම අවනත වන තුරු ඔවුන් සත්‍ය විශ්වාසවන්තයින් නොවන්නාහ.

මෙම කුහකයෝ සිතනවාක් මෙන් එම කරුණ එසේ නැත. පසු ව අල්ලාහ් ඔහුගේ පැවත්ම මත දිවුරමින් ඔවුන් අතර ඇති වන සෑම ගැටලුවකදීම අල්ලාහ්ගේ දූතයාණන් ජීවතුන් අතර සිටියදී එතුමන් වෙත ද එතුමා මිය යැදුණු පසු එතුමාගේ පිළිවෙත වෙතද යොමු වී තීන්දු පතා අල්ලාහ්ගේ දූතයාණන් දෙන විසදුම පිළිබඳව ඔවුන් තෘප්තිමත් බවට පත් ව ඔවුන්ගේ සිත් තුළ ඒ ගැන කිසිදු අසීරුතාවක් හෝ සැකයක් හෝ ඇති කර නොගෙන ඔවුන්ගේ බාහිරයෙන් මෙන්ම අභ්යන්තරයෙන්ද එය පිළිපදිමින් පූර්ණ ලෙස යටත් වන තෙක් ඔවුන් සැබෑ ලෙස සත්යවාදීන් නොවනු ඇත.

66

وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ ٱقْتُلُوٓا۟ أَنفُسَكُمْ أَوِ ٱخْرُجُوا۟ مِن دِيَٰرِكُم مَّا فَعَلُوهُ إِلَّا قَلِيلٌۭ مِّنْهُمْ ۖ وَلَوْ أَنَّهُمْ فَعَلُوا۟ مَا يُوعَظُونَ بِهِۦ لَكَانَ خَيْرًۭا لَّهُمْ وَأَشَدَّ تَثْبِيتًۭا

නමුත් “(ප්‍රතික්ෂේප කරන) ඔවුන්ව (ඔබගේ ජනතාව) ඔබ කපා දමනු. නැතහොත් ඔබ, ඔබගේ නිවසින් (පිට රටකට) පිටත්ව යනු”යයි අපි ඔවුන්ට නියම කර තිබුණහොත් ඔවුන්ගෙන් සමහරෙකු හැර, (වැඩි දෙනෙකු) මෙසේ කරන්නේම නැත. එහෙත් ඔවුන් සියල්ලන්ම තමන්ට උපදෙස් දී ඇති පරිදි කර තිබුණේ නම්, එය ඔවුන්ටම ඉතාමත් අගනා දැයක් බවට පත්ව තිඛෙන්නට ඉඩ තිබුණි. තවද (විශ්වාසයෙහි ඔවුන්ව) ස්ථීර කරන්නටද ඉඩ තිබුණි.

ඔවුන් අතරින් ඇතැමෙකු විසින් ඇතැමෙක් ඝාතනය කිරීමට හෝ ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කිරීමට හෝ අප ඔවුනට අනිවාර්ය කළ කල්හි ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර බහුතරයක් දෙනා අපගේ නියෝගය පිළිපැද්දේ නැත. ඔවුන්හට අසීරු කාර්යයක් අල්ලාහ් පවරා නැත. එබැවින් ඔවුන් ඔහුට ප්රශංසා කළ යුතු වේ. අල්ලාහ්ට අවනත වීම සම්බන්ධයෙන් කවර කරුණක් මෙනෙහි කරනු ලබන්නේද එය ඔවුන් ඉටු කිරීම එයට විරුද්ධ වීමට වඩා යහපත් වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ දේව විශ්වාසයද වඩාත් ස්ථීර වනු ඇත. අප සතු ව ඇති අතිමහත් තිළිණ අපි ඔහුට පිරිනමන්නෙමු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත යොමු වන මාර්ගය ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු.

67

وَإِذًۭا لَّءَاتَيْنَٰهُم مِّن لَّدُنَّآ أَجْرًا عَظِيمًۭا

ඒ අතරම ඔවුන්ට අප සන්නිධානයෙන් (ඊටත් වඩා වැඩි) ඉමහත් වූ එක් ඵලවිපාකයක්ද නියත වශයෙන්ම අපි ලබා දී ඇත්තෙමු.

ඔවුන් අතරින් ඇතැමෙකු විසින් ඇතැමෙක් ඝාතනය කිරීමට හෝ ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කිරීමට හෝ අප ඔවුනට අනිවාර්ය කළ කල්හි ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර බහුතරයක් දෙනා අපගේ නියෝගය පිළිපැද්දේ නැත. ඔවුන්හට අසීරු කාර්යයක් අල්ලාහ් පවරා නැත. එබැවින් ඔවුන් ඔහුට ප්රශංසා කළ යුතු වේ. අල්ලාහ්ට අවනත වීම සම්බන්ධයෙන් කවර කරුණක් මෙනෙහි කරනු ලබන්නේද එය ඔවුන් ඉටු කිරීම එයට විරුද්ධ වීමට වඩා යහපත් වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ දේව විශ්වාසයද වඩාත් ස්ථීර වනු ඇත. අප සතු ව ඇති අතිමහත් තිළිණ අපි ඔහුට පිරිනමන්නෙමු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත යොමු වන මාර්ගය ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු.

68

وَلَهَدَيْنَٰهُمْ صِرَٰطًۭا مُّسْتَقِيمًۭا

තවද ඔවුන්ව අපි ඍජු මාර්ගයෙහිද ඇතුළු කර ඇත්තෙමු.

ඔවුන් අතරින් ඇතැමෙකු විසින් ඇතැමෙක් ඝාතනය කිරීමට හෝ ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කිරීමට අප ඔවුනට අනිවාර්ය කළ කල්හි ඔවුන්ගෙන් සුළු පිරිසක් හැර බහුතරයක් දෙනා අපගේ නියෝගය පිළිපැද්දේ නැත. ඔවුන්හට අසීරු කාර්යයක් අල්ලාහ් පවරා නැත. එබැවින් ඔවුන් ඔහුට ප්රශංසා කළ යුතු වේ. අල්ලාහ්ට අවනත වීම සම්බන්ධයෙන් කවර කරුණක් මෙනෙහි කරනු ලබන්නේද එය ඔවුන් ඉටු කිරීම, එයට විරුද්ධ වීමට වඩා යහපත් වනු ඇත. එමෙන්ම ඔවුන්ගේ දේව විශ්වාසයද වඩාත් ස්ථීර වනු ඇත. අප සතු ව ඇති අතිමහත් තිළිණ අපි ඔහුට පිරිනමන්නෙමු. අල්ලාහ් වෙත හා ඔහුගේ ස්වර්ගය වෙත යොමු වන මාර්ගය ඔවුනට අපි ආශිර්වාද කරන්නෙමු.

69

وَمَن يُطِعِ ٱللَّهَ وَٱلرَّسُولَ فَأُو۟لَٰٓئِكَ مَعَ ٱلَّذِينَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِم مِّنَ ٱلنَّبِيِّۦنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّٰلِحِينَ ۚ وَحَسُنَ أُو۟لَٰٓئِكَ رَفِيقًۭا

එබැවින් කවුරුන් ඇත්තෙන්ම අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද (මෙසේ) අවනත වන්නෝද, ඔවුන් අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ලබා ගත් නබිවරුන්, සත්‍යවන්තයින්, (රටගම අත්හැර) ගිය වාසස්ථාන පිදූවන්, හොඳ ගතිපැවතුම් ඇත්තවුන් ආදීන් සමග (පරලාවදී) වාසය කරනු ඇත. මොවුන්ම ඉතාමත් අලංකාරවත් සහායයන් වන්නාහ.

කවරෙකු අල්ලාහ් හා රසූල්වරයාට අවනත වන්නේද ඔහු ස්වර්ගයට ඇතුළත් කරනු ලැබූවන් සමග වෙයි. එනම් ආශිර්වාදයට පත් නබිවරුන් එම දහම් දූතයින් ගෙන ආ දෑ පූර්ණ ලෙස තහවුරු කොට ඒ අයුරින්ම ක්රිය කළ සිද්දීකීන් හෙවත් සත්යවාදීන් අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදූ ෂුහදාවරුන් තම බාහිරය මෙන්ම අභ්යන්තරය හැඩගස්වා ගෙන තම ක්රියාවන් නිවැරදි කර ගත් සාලිහීන්වරුන් (දැහැමියන්) සමග වෙති. ස්වර්ගයේ මෙවන් සමීප මිතුරන්ට වඩා දැහැමි වෙනත් අය නැත.

70

ذَٰلِكَ ٱلْفَضْلُ مِنَ ٱللَّهِ ۚ وَكَفَىٰ بِٱللَّهِ عَلِيمًۭا

මෙය අල්ලාහ්ගේ (ඉමහත් වූ) වරප්‍රසාදයන් වන්නේය. (මොවුන්ගේ කල්ක්‍රියාවන්) දැන ගැනීමෙහි අල්ලාහ් ප්‍රමාණවත් කෙනෙකු වශයෙන් සිටින්නේය.

සඳහන් කරනු ලැබූ මෙම තිළිණ අල්ලාහ් තම ගැත්තන්හට පිරිනමන භාග්යයන් වේ. ඔවුන්ගේ තත්ත්වයන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ සෑම කෙනෙකුටම ඔවුනොවුන්ගේ ක්රියාවන්ට අනුව ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.