وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا۟ إِلَىٰ مَآ أَنزَلَ ٱللَّهُ وَإِلَى ٱلرَّسُولِ رَأَيْتَ ٱلْمُنَٰفِقِينَ يَصُدُّونَ عَنكَ صُدُودًۭا
“(සාධාරණය අත් කර ගැනීමට) අල්ලාහ් පහළ කරන ලද (ධර්මය) දෙසටද, (ඔහුගේ) දූතයා දෙසටද, ඔබ එනු (මැනව!). (එම ෂෙයිතාන් වෙත නොයනු)” යයි ඔවුන් හට කියනු ලැබුවහොත්, එම වංචනිකයින් ඔබගෙන් සම්පූර්ණයෙන්ම ඈත් වී යාමම ඔබ දකින්නෙහිය.
නුඹලා අතර පවතින තර්කයෙහි නුඹලාට තීන්දු ලබා දෙනු පිණිස අල්ලාහ් තම පුස්තකයේ පහළ කර ඇති නීතිය වෙත හා දූතයාණන් වෙත පැමිණෙන්නැයි කුහකයින්හට පවසනු ලැබූ විට අහෝ! දූතය, නුඹව ඔවුන් මුළුමනින්ම පිටුපා තීන්දු පැතීම සඳහා නුඹ හැර වෙනත් අය වෙත යනු නුඹ දුටුවෙහිය.