Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 176

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمُ ٱلَّذِى خَلَقَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًۭا كَثِيرًۭا وَنِسَآءًۭ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِى تَسَآءَلُونَ بِهِۦ وَٱلْأَرْحَامَ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًۭا

මිනිසුනේ! ඔබ ඔබගේ දෙවියන්ට බිය වී (කටයුතු) කරනු. ඔහු ඔබ සියල්ලන්වම එකම ආත්මයකින් උත්පාදනය කළේය. (ආරම්භයේදී එම එක්කෙනාව උත්පාදනය කර) ඔහුගෙන්, ඔහුගේ බිරිඳ උත්පාදනය කළේය. පසුව ඒ දෙදෙනාගෙන් බොහෝ පිරිමි, ගැහැනු (ඉකුත් කර) විසිරී යාමට සැලැස්සුවේය. එබැවින් එම අල්ලාහ්ට ඔබ බිය වී (කටයුතු) කරනු. ඔහු මගින්ම (ඔබ, ඔබ අතරේ) කෙනෙකුට කෙනෙකු (අවශ්‍ය දැය) ඉල්ලා ගන්නෙහුය. තවද (අල්ලාහ්ට බිය වී) ලේ මිශ්‍ර ඥාතීන්ටද (ගෞරව කරනු). නියත වශයෙන්ම අල්ලාහ් ඔබව අවධානය කරන්නෙකු වශයෙන්ම සිටින්නේය.

අහෝ! මිනිසුනි, නුඹලාගේ පරමාධිපතිට නුඹලා බියෙන් හා බැතියෙන් කටයුතු කරනු. නුඹලාගේ ආදි පියා වූ ආදම් නම් ඔහු එක ආත්මයකින් ඔහු(අල්ලාහ්) නුඹලා ව මැව්වේය. ආදම්ගෙන් නුඹලාගේ මව වූ හව්වා මැව්වේය. ඔවුන් දෙපළගෙන් පිරිමින් හා කාන්තාවන් වශයෙන් මිනිසුන් බොහෝ දෙනෙක් මහපොළොවේ විවිධ පැතිකඩවලට ව්යාප්ත කළේය. නුඹලාගෙන් ඇතමෙක් ඇතමෙකුගෙන් ‘ඔබ මෙසේ කිරීමට මම ඔබ වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටිම’ යැයි ඉල්ලා සිටින්නන් සම්බන්ධයෙන් ද නුඹලා අල්ලාහ්ට බිය වනු. නුඹලා අතර බැඳුණු ඥාති සම්බන්ධකම් බිඳ දැමීම ගැන ද නුඹලා අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන නිරීක්ෂණය කරමින් සිටියි. නුඹලාගේ ක්රියාදාමයන් කිසිවක් ඔහුට මග හැරෙන්නේ නැත. ඒ සියල්ල ඔහු ගණන් බලා තබා ඇති අතර ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.

2

وَءَاتُوا۟ ٱلْيَتَٰمَىٰٓ أَمْوَٰلَهُمْ ۖ وَلَا تَتَبَدَّلُوا۟ ٱلْخَبِيثَ بِٱلطَّيِّبِ ۖ وَلَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَهُمْ إِلَىٰٓ أَمْوَٰلِكُمْ ۚ إِنَّهُۥ كَانَ حُوبًۭا كَبِيرًۭا

ඔබ අනාථයින්ගේ වස්තූන් (ඔවුන් වැඩි වියට පත් වූ පසු අඩුවක් නොකර) ඔවුන්ට ලබා දෙනු. (එහි ඇති) හොඳ දැය වෙනුවට නරක දැය මාරු කර නොදමනු. ඔවුන්ගේ වස්තූන්, ඔබගේ වස්තූන් සමග එකතු කර ගිල නොදමනු. නියත වශයෙන්ම එය ඉමහත් පාපයක් වන්නේය!

අහෝ! භාරකරුවනි, (තම දෙමව්පියන් අහිමි වීී වැඩිවියට පත් නොවූ) අනාථයින්හට ඔවුන් වැඩි වියට පත් වී පරිනත වයසට පැමිණි පසු ව ඔවුනට ඔවුන්ගේ ධනය සම්පූර්ණයෙන් පිරිනමනු. අනාථයාගේ ධනයෙන් වටිනා හොඳ දෑ ලබා ඒ වෙනුවට නුඹලාගේ ධනයෙන් නොවටිනා පහත් දෑ ඔවුන්හට ලබා දී හලාල් හෙවත් නිත්යනුකූල වන දෑ හරාම් හෙවත් නිත්යනුකූල නොවන දෑ සමග හුවමාරු නොකරන්න. අනාථයින්ගේ ධනය නුඹලාගේ ධනය සමග මිශ්ර කොට පරිහරණය නොකරන්න. අල්ලාහ් අබියස එය මහත් පාපයක් වන්නේය.

3

وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا۟ فِى ٱلْيَتَٰمَىٰ فَٱنكِحُوا۟ مَا طَابَ لَكُم مِّنَ ٱلنِّسَآءِ مَثْنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَ ۖ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا۟ فَوَٰحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَٰنُكُمْ ۚ ذَٰلِكَ أَدْنَىٰٓ أَلَّا تَعُولُوا۟

අනාථ (කාන්තාවන්ව විවාහ කරගෙන) ඔවුන්ගේ කාරණාවෙහි සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි යයි ඔබ බිය වුවහොත් අනිත් කාන්තාවන්ගෙන් ඔබ කැමැත්තන්ව දෙදෙන දෙදෙනා වශයෙන් හෝ තුන්දෙනා තුන්දෙනා වශයෙන් හෝ හතරදෙනා හතරදෙනා වශයෙන් හෝ ඔබට විවාහ කර ගත හැකිය (එසේ කිහිප දෙනෙකු විවාහ කර ගතහොත් ඒ අවස්ථාවේදීද ඔවුන් අතරේ ඔබ සාධාරණ ලෙස කටයුතු කළ යුතුය. එසේ) ඔබ සාධාරණව කටයුතු කිරීමට නොහැකි වේ යයි බිය වුවහොත් එක කාන්තාවක්ම නැතහොත් ඔබගේ පාලනය යටතේ සිටින (වහල්) ස්ත්‍රියක්ම (විවාහ කර) ගත යුතුය. ඔබ භේද කර නොගැනීමට මෙයම ඉතාමත් පහසු (මාර්ගයක්) වන්නේය.

නුඹලාගේ භාරයේ සිටින අනාථ කාන්තාවන් විවාහ වූ විට ඔවුන් අතර සාධාරණ ව කටයුතු කළ නොහැකි යැයි නුඹලා බිය වන්නෙහු නම් ඔවුන් වෙත හිමි විය යුතු ඔවුන්ගේ විවාහ ත්යාගයෙහි අඩුවක් සිදු වේවි, එසේ නැතහොත් ඔවුන් සමග කටයුතු කිරීමේදී යම් අකටයුත්තක් සිදු වේවි යැයි නුඹලා බියවන්නෙහු නම් ඔවුන් අතහැර දමා දැහැමි කාන්තාවන් විවාහ කර ගැනීමට අපේක්ෂා කරන්නෙහු නම් දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ සිව් දෙනෙකු වශයෙන් විවාහ කර ගන්න. නමුත් ඔවුන් අතර සාධාරණ ව කටයුතු කළ නොහැකැයි බියවන්නෙහු නම් එක් කාන්තාවකට පමණක් සීමා කර ගන්න. එසේ නැතහොත් ඔබ යටතේ පසුවන වහලියන් සමග ඇසුරු කරන්න. එවිට බිරියන්හට අනිවාර්යය වන යුතුකම් මෙන් ඔවුනට ඉටු කිරීම අනිවාර්යය නොවනු ඇත. අනාථ කාන්තාවන් එක් අයකු පමණක් විවාහ වීමේ සීමාව හා පාපයට ලක් නොවීමට වඩාත් සමීප මාර්ගයක් ලෙස වහල් කාන්තාවන් සමග පහස විඳීම යනාදිය මෙම පාඨයේ සඳහන් ව ඇත.

4

وَءَاتُوا۟ ٱلنِّسَآءَ صَدُقَٰتِهِنَّ نِحْلَةًۭ ۚ فَإِن طِبْنَ لَكُمْ عَن شَىْءٍۢ مِّنْهُ نَفْسًۭا فَكُلُوهُ هَنِيٓـًۭٔا مَّرِيٓـًۭٔا

ඔබ (විවාහ කර ගත්) කාන්තාවන්ට ඔවුන්ගේ මහර් (විවාහ දීමනාවන්) ගෞරවාන්විත අන්දමට ගෙවා දමනු. එයින් සුළු කොටසක් ඔවුන් (තමන්ගේ) එක සිතින් ඔබට අත්හැර දැමුවහොත්, එය ඔබ ඉතාමත් සතුටින් යුතුව අනුභව කරනු.

කාන්තාවන්ට මහර් නොහොත් විවාහයේදී මනමාලයා විසින් මනමාලියට ලබාදෙන විවාහ ත්යාගය අනිවාර්ය වගකීමක් වශයෙන් නුඹලා පිරිනමන්න. නමුත් ඔවුන් කිසිදු පිළිකුලකින් තොර ව නුඹලාට එම විවාහ ත්යාගයෙන් කිසිවක් පරිහරණය කිරීමට කැමැත්ත පල කරන්නී නම් එහි ඉක්මවීමකින් තොර ව සතුටින් එය අනුභව කරන්න.

5

وَلَا تُؤْتُوا۟ ٱلسُّفَهَآءَ أَمْوَٰلَكُمُ ٱلَّتِى جَعَلَ ٱللَّهُ لَكُمْ قِيَٰمًۭا وَٱرْزُقُوهُمْ فِيهَا وَٱكْسُوهُمْ وَقُولُوا۟ لَهُمْ قَوْلًۭا مَّعْرُوفًۭا

(අනාථයින්ගේ දේපළවලට භාරකාරයෙකු වශයෙන් පත් වූ ඔබ, එම අනාථයින්) බුද්ධිය අඩු අය වශයෙන් සිටියහොත් ජීවනාධාර වශයෙන් අල්ලාහ් ඇති කරන ඔබ වෙත ඇති (ඔවුන්ගේ) වස්තූන් ඔවුන් වෙත බාර නොදෙනු. එහෙත් ඔවුන්ට (ප්‍රමාණවත්) ආහාරද, ඔවුන්ට (අවශ්‍ය) ඇඳුම් පැළඳුම්ද එයින් ලබා දී, ඔවුන්ට ආදරවන්ත වදන් පවසා (හොඳදැනුම ලබා දෙමින්) සිටිනු මැනව!

අහෝ! භාරකරුවනි, යහපත් අයුරින් ගනුදෙනු කළ නොහැකි අයට වස්තුව භාර නොදෙනු. එම ධනය අල්ලාහ් භාර දී ඇත්තේ එමගින් ගැත්තන්හට යහපත හා ඔවුන්ගේ ජීවනෝපායන් යහපත් අයුරින් කළමනාකරණය කිරීමේ හේතුවෙනි. මොවුන් එසේ ධනය කළමනාකරණය කිරීමට හෝ එය ආරක්ෂා කිරීමට නොහැකි උදවිය වෙති. එහෙයින් නුඹලා ඔවුනට එයින් වියදම් කරනු. ඇඳුම් පැලඳුම් ලබා දෙනු. ඔවුන් සමග යහ වදනින් කතා කරනු. ඔවුන් පරිනත හා යහපත් අයුරින් ගනුදෙනු කළ හැකි වයසට පත් වූ විට, ඔවුනට ඔවුන්ගේ ධනය ලබා දී යහපත් උපදෙස් කරන්න.

6

وَٱبْتَلُوا۟ ٱلْيَتَٰمَىٰ حَتَّىٰٓ إِذَا بَلَغُوا۟ ٱلنِّكَاحَ فَإِنْ ءَانَسْتُم مِّنْهُمْ رُشْدًۭا فَٱدْفَعُوٓا۟ إِلَيْهِمْ أَمْوَٰلَهُمْ ۖ وَلَا تَأْكُلُوهَآ إِسْرَافًۭا وَبِدَارًا أَن يَكْبَرُوا۟ ۚ وَمَن كَانَ غَنِيًّۭا فَلْيَسْتَعْفِفْ ۖ وَمَن كَانَ فَقِيرًۭا فَلْيَأْكُلْ بِٱلْمَعْرُوفِ ۚ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَٰلَهُمْ فَأَشْهِدُوا۟ عَلَيْهِمْ ۚ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبًۭا

තවද අනාථයින් (අනාථ දරුවන්)ව ඔවුන් විවාහ වයස අත් කර ගන්නා තුරු (රක්ෂාව, වැඩ කටයුතු ආදියෙහි යොදවා පුරුදු පුහුණු කර, අධ්‍යාපනයද ලබා දී) අවධානයෙන් යුතුව සිටිනු. (තමන්ගේ දේපළ පාලනය කරන්නට හැකි) බුද්ධියක් ඔවුන් වෙත ඇති බවට ඔබ දුටුවහොත් ඔවුන්ගේ දේපළ ඔවුන් වෙත බාර දෙනු. ඔවුන් වැඩි වියට පත් වී (තමන්ගේ දේපළ ලබා ගෙන) යනු ඇතැයි (සිතා) ඔවුන්ගේ දේපළ ඉක්මන් ඉකමන් වීද, සීමාව ඉක්මවාද ඔබ කා නොදමනු. (අනාථයින්ගේ දේපළට භාරකාරයින් වන) ඔහු, ධනපතියෙකු වශයෙන් සිටියහොත් (අනාථයින්ගේ දේපළවලින් තමන් වෙනුවෙන් කිසිවක් ප්‍රයෝජනයට නොගෙන එය පාලනය කිරීම සඳහා දීමනාවක් ලබා නොගෙන) වැළකී සිටිනු. ඔහු දුප්පතෙකු වශයෙන් සිටියහොත් නම්, සාධාරණ ප්‍රමාණයකින් (එයින්) ඔහුත් අනුභව කරනු. ඔවුන්ගේ දේපළ ඔවුන්ට බාර දෙන විට, ඔවුන් වෙනුවෙන් සාක්ෂි පත් කර ගනු. (සත්‍ය) ගිණුම් දැන ගැනීමට අල්ලාහ් ප්‍රමාණවත් කෙනෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔවුන්ගේ ගිණුම්හි වංචාවන් කිසිවක් නොකරනු).

අහෝ! භාරකරුවනි, අනාථ දරුවන් වැඩිවියට පත් ව මුහුකුරා යන වයසට පැමිණි විට ඔවුන් ගනුදෙනු කළ හැකි පරිදි ඔවුන්ගේ ධනයෙන් කොටසක් ඔවුනට ලබා දී පරීක්ෂා කර බලනු. එහි ඔවුන් යහපත් අයුරින් ගනුදෙනු කරන්නේ නම් ඔවුන්ගේ පරිනතභාවය පිළිබඳ නුඹලාට පැහැදිලි වූයේ නම් ඔවුන්ගේ ධනයෙහි කිසිදු අඩුවක් සිදු නොකර ඔවුනට එය සම්පූර්ණයෙන්ම භාර දෙනු. අවශ්යතා ඇති අවස්ථාවක ඔවුන්ගේ ධනයෙන් නුඹලාට අල්ලාහ් අනුමත කළ දෑ හැර පමණ ඉක්මවා ගොස් ඔවුන්ගේ ධනය අනුභව නොකරනු. ඔවුන් වැඩිවියට පත් වූ විට ඔවුන් ඒවා ගනු ඇතැයි යන බියෙන් එය අනුභව කිරීමට ඉක්මන් නොවනු. නුඹලා අතරින් කිසිවකුට අවශ්ය තරම් ධනය ඇත්නම් අනාථයාගෙන් ධනය පරිහරණය කිරීමෙන් වැළකිය යුතුය. නමුත් නුඹලා අතරින් කිසිවකුට ප්රමාණවත් ධනය නොමැති ව දිළිඳු තත්ත්වයේ පසුවන්නේ නම් ඔහුගේ අවශ්යතාවේ ප්රමාණයට අනුව අනුභව කළ යුතුය. ඔවුන් වැඩිවියට පත් වූ පසු ව හා ඔවුන් පරිනතභාවය ලබා ඇතැයි පැහැදිලි වූවායින් පසු ඔවුන්ගේ ධනය ඔවුනට නුඹලා භාර දෙනු. එසේ භාරදීම සම්බන්ධයෙන් අයිතිවාසිකම් සුරැකින පරිදි හා ඇතිවිය හැකි ගැටලු සමථය කළ හැකි පරිදි සාක්ෂිකරුවන් පත් කර ගනු. ඒ සම්බන්ධයෙන් සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. ඔහු ඔවුන්ගේ ධනය සම්බන්ධයෙන් එය භාරකළ ගැත්තන්ගෙන් විභාග කරන්නාය.

7

لِّلرِّجَالِ نَصِيبٌۭ مِّمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ وَلِلنِّسَآءِ نَصِيبٌۭ مِّمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ ۚ نَصِيبًۭا مَّفْرُوضًۭا

(මිය ගිය) දෙමව්පියන් හෝ සමීප ඥාතීන් හෝ අත්හැර ගිය දේපළවලින් ඒවා අධික වශයෙන් හෝ සුළු වශයෙන් හෝ වුවද, පිරිමින්ට පංගුවක් ඇත. (එසේම) දෙමව්පියන් හෝ සමීප ඥාතීන් හෝ අත්හැර ගිය දේපළවලින් (ඒවා අධික වශයෙන් හෝ සුළු වශයෙන් හෝ වුවද) කාන්තාවන්ටද පංගුවක් ඇත. (මෙය අල්ලාහ් විසින්) නියම කරන ලද පංගු වේ.

දෙමාපියන් හා සහෝදරයින් මාමාවරුන් වැනි සමීප ඥාතීන් ඔවුන්ගේ මරණයෙන් පසු අතහැර දමා ගිය වස්තුවෙහි එය ස්වල්පයක් වුව ද විශාල ප්රමාණයෙන් වුවද ඉන් කොටසක් පිරිමි පාර්ශවයට හිමිය. එමෙන්ම ඔවුන් අතහැර දමා ගිය දැයින් කොටසක් කාන්තා පාර්ශවයටද හිමිය. අඥාන යුගයේ පැවති කාන්තාවන්ට හා දරුවන්ට උරුමය ලැබීමේ තහනමට විරුද්ධ ව මෙම ඉගැන්වීම පිහිටිණ. එම කොටස වගකීමකි. ඒ ඒ පාර්ශවයන්ට අනිවාර්යය වන කොටස අල්ලාහ් විසින් පැහැදිලි කරනු ලැබ ඇත.

8

وَإِذَا حَضَرَ ٱلْقِسْمَةَ أُو۟لُوا۟ ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينُ فَٱرْزُقُوهُم مِّنْهُ وَقُولُوا۟ لَهُمْ قَوْلًۭا مَّعْرُوفًۭا

(පංගු) ඛෙදා ගැනීමේ ස්ථානයට (දේපළට අයිතියක් නැති) ඥාතීන් හෝ අනාථයින් හෝ දුප්පතුන් හෝ පැමිණියහොත් ඔවුන්ට එයින් (යම්කිසිවක්) දී, ඔවුන්ට ආදරවන්ත වදන් (මගින් සිත් සැහැල්ලූව) පවසා යවනු.

අතහැර දමාගිය වස්තුව බෙදන අවස්ථාවේ උරුමකම් නොකියන ඥාතී අය අනාථයන් හා දිළිඳුන් සම්මුඛ ව සිටින විට හිතවත්කම පතා නුඹලාට ලැබිය යුතු ධනය බෙදන්නට මත්තෙන් ඔවුනට ද යමක් පිරිනමනු. ඔවුන් ඒ ගැන කැමැත්තෙන් පසුවෙති. එය කිසිදු උත්සහයකින් තොර ව නුඹලාට ලැබී ඇත. පිළිකුල් සහගත නොවන යහපත් වදනින් ඔවුන් සමග කතා කරනු.

9

وَلْيَخْشَ ٱلَّذِينَ لَوْ تَرَكُوا۟ مِنْ خَلْفِهِمْ ذُرِّيَّةًۭ ضِعَٰفًا خَافُوا۟ عَلَيْهِمْ فَلْيَتَّقُوا۟ ٱللَّهَ وَلْيَقُولُوا۟ قَوْلًۭا سَدِيدًا

(මන්දයත්) මොවුන් තමන්ගෙන් පසු (තමන්ගේ කාරණාවන් පාලනය කිරීමට) ශක්තියක් නැති දරුවන්ව අත්හැර (දමා මරණයට පත්) වන්නේ නම්, ඔවුන් ගැන මොවුන් කණගාටු නොවන්නෙහුද (යන්න අවධානය කර) අල්ලාහ්ට බිය වී (ඔවුන්ට) සරිලන වදනම පවසනු.

තමන් මරණයට පත්වීමෙන් ඔවුන්ගෙන් පසු ව දුර්වල කුඩා වියේ පසු වන දරුවන් අතහැර දමා ගියේ නම් ඔවුන් විනාශයට පත්වනු ඇතැයි ඔවුන් බිය වෙති. එහෙයින් ඔවුන් යටතේ පසු වන අනාථ දරුවන්හට අසාධාරණකම් සිදුවීමට අතහැර දමා බලා සිටීම ගැන ඔවුන් අල්ලාහ්ට බිය විය යුතුය. ඔවුන් එම අනාථ දරුවන් යහපත් අයුරින් රැකබලා ගන්නේ නම් ඔවුන් මිය ගිය පසු ඔවුන්ගේ දරුවන් යහපත් අයුරින් රැක බලාගන්නට අල්ලාහ් පහසු කරනු ඇත. එහෙයින් අයිතිය පිළිබඳ තම දරුවන්ට අන්තිම කැමැත්ත ප්රකාශ කරන අවස්ථාවේ එහි සහභාගී ව සිටින්නන් ඔහුගෙන් පසු ව ඔහුගේ දරුවන්ගේ උරුමයට කිසිදු අසාධාරණයක් සිදු නොවන පරිදි ක්රියාත්මක කළ යුතුය. අන්තිම කැමැත්ත අතහැර දැමීමෙන් තමන්ට අත්වන යහපත ඔවුන් අහිමි කර නොගත යුතුය.

10

إِنَّ ٱلَّذِينَ يَأْكُلُونَ أَمْوَٰلَ ٱلْيَتَٰمَىٰ ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِى بُطُونِهِمْ نَارًۭا ۖ وَسَيَصْلَوْنَ سَعِيرًۭا

කවුරුන් අනාථයින්ගේ දේපළ අසාධාරණ ලෙස ගිල දමන්නෝද, ඔවුන් තමන්ගේ කුසෙහි නියත වශයෙන්ම ගින්දරම දමා ගන්නාහ. පසුව (පරලොවදී) දළු ලා දැවෙන ගින්නෙහි ඇතුළු වන්නාහ.

නියත වශයෙන්ම අනාථයින්ගේ ධනය ගෙන අසාධාරණ හා වෛරී ලෙස ඒවා වියදම් කරන්නන් වනාහි ඔවුන්ගේ මුඛවල් තුළින් ඔවුන් අනුභව කරනුයේ දවාළන ගින්නය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එම ගින්න විසින් ඔවුන් දවාලනු ඇත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.