Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 176

51

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَٰبِ يُؤْمِنُونَ بِٱلْجِبْتِ وَٱلطَّٰغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا۟ هَٰٓؤُلَآءِ أَهْدَىٰ مِنَ ٱلَّذِينَ ءَامَنُوا۟ سَبِيلًا

(නබියේ!) ධර්මයෙහි එක් කොටසක් දෙනු ලැබූවන්ව ඔබ දුටුවේ නැද්ද? ඔවුන් පිළිරූද, දේව පැටවුන්වද විශ්වාස කර, (අනිත්) ප්‍රතික්ෂේප කරන්නන්ව ගෙනහැර දක්වා “මොවුන්ම සත්‍ය විශ්වාසයින්ට වඩා ඉතාමත් ඍජු මාර්ගයෙහි සිටින්නෝය” යයි පවසන්නාහ.

අහෝ! දූතය, ඔබ නොදන්නෙහිද? දැනුමෙන් කොටසක් අල්ලාහ් වෙතින් දෙනු ලැබූ යුදෙව්වන්ගේ තත්ත්වය පුදුම සහගතය. අල්ලාහ් හැර දමා නැමදුම් පුදන්නට වෙනත් අය තෝරා ගෙන ඔවුන් ඒවා විශ්වාස කරති. (දෙවියන් ආදේශ කරන්නන් සඳහා නිර්මාණයන් කළ දෑ) සැබැවින්ම මොවුන් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ සගයින්ට වඩා ඍජු මාර්ගයේ සිටිනේනේ යැයි පවසති.

52

أُو۟لَٰٓئِكَ ٱلَّذِينَ لَعَنَهُمُ ٱللَّهُ ۖ وَمَن يَلْعَنِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ نَصِيرًا

මොවුන්වම අල්ලාහ් ශාප කරන්නේය. කවුරුන්ව අල්ලාහ් ශාප කර දැමුවේද, ඔවුන්ට උදව් කරන කිසිවෙකුත් ඔබ නොදකින්නෙහිය.

මෙම වැරදි ආකල්පය දරන මොවුහු අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් නෙරපා හරිනු ලැබුවෝ වෙති. අල්ලාහ් කවරෙකු නෙරපා හැරියේ ද එවිට ඔහු ව භාරගන්නා කිසිදු උදව්කරුවකු ඔහුට නොවනු ඇත.

53

أَمْ لَهُمْ نَصِيبٌۭ مِّنَ ٱلْمُلْكِ فَإِذًۭا لَّا يُؤْتُونَ ٱلنَّاسَ نَقِيرًا

(මෙලොව) රජකම් (පාලනය) කිරීමෙහි මොවුන්ට සුළු පංගුවක් හෝ ඇත්තේද? එසේ තිඛෙන්නේ නම්, ඔවුන් (එයින්) මිනිසුන්ට එක් අබ ඇටයක ප්‍රමාණයක් හෝ දෙන්නේ නැත.

ඔවුනට කිසිදු ආධිපත්යයක් හෝ බලයක් හෝ නොමැත. එසේ ඔවුනට තිබුණේ නම් රටඉඳි කෙන්දක මතුපිටින් ඇති තිතක ප්රමාණයක් වුව ද ඉන් කිසිවක් කිසිවකුට නොදෙනු ඇත.

54

أَمْ يَحْسُدُونَ ٱلنَّاسَ عَلَىٰ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۖ فَقَدْ ءَاتَيْنَآ ءَالَ إِبْرَٰهِيمَ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَءَاتَيْنَٰهُم مُّلْكًا عَظِيمًۭا

අල්ලාහ් තම වරප්‍රසාදයන්ගෙන් ඔවුන්ට දෙනු ලැබීම ගැන, මිනිසුන් කෙරෙහි මොවුන් ඊර්ෂ්‍යා කරන්නෝද? නියත වශයෙන්ම අපි ඉබ්රාහීම්ගේ පරම්පරාවේ දරුවන්ට ධර්මයද, ඥානයද ලබා දී ඒ සමග ඉමහත් වූ රාජ්‍යයද ඔවුන්ට දුන්නෙමු.

නමුත් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට හා ඔහුගේ මිතුරන්ට අල්ලාහ් පිරිනමා ඇති දූත මෙහෙවර දේව විශ්වාසය හා මහපොළොවේ පහසුකම් පිළිබඳ ඊර්ෂ්යා කරති. ඔවුහු ඔවුන් ගැන ඊර්ෂ්යා කරනුයේ මන්ද? මීට පෙර සැබැවින්ම අපි ඉබ්රාහීම්ගේ පරපුරට ද දේව පුස්තකය පිරිනැමුවෙමු. ඒ හැර ඔවුන් වෙත අපි දේව පණිවිඩ ද එව්වෙමු. එමෙන්ම එම ජනයා පාලනය කිරීම සඳහා විශාල රාජ්යයක්ද පිරිනැමුවෙමු.

55

فَمِنْهُم مَّنْ ءَامَنَ بِهِۦ وَمِنْهُم مَّن صَدَّ عَنْهُ ۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا

එසේ තිබියදී ඔවුන්ගෙන් සමහරෙක් පමණක්ම එම ධර්මය විශ්වාස කළහ. අන් අය ප්‍රතික්ෂේප කර දැමූහ. (ප්‍රතික්ෂේප කළ ඔවුන්ට) දළු ලා දැවෙන නිරයම සරිලන (ඵලවිපාක) වන්නේය.

ඉබ්රාහීම් (අලයිහිස්සලාම්) තුමා වෙත හා එතුමාගේ පරපුරින් පැවත ආ නබිවරුන් වෙත අල්ලාහ් පහළ කළ දෑ විශ්වාස කරන ජනයා ද ආගම් ලත් ජනයා අතර සිටිති. ඒ ගැන විශ්වාස කිරීමෙන් ඉවත් වූ අය ද වෙති. නබි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය ද මෙයයි. ඔවුන් අතුරින් ප්රතික්ෂේප කරන්නන්හට ප්රමාණවත් දඬුවම නිරා ගින්නයි.

56

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ بِـَٔايَٰتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًۭا كُلَّمَا نَضِجَتْ جُلُودُهُم بَدَّلْنَٰهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا۟ ٱلْعَذَابَ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَزِيزًا حَكِيمًۭا

කවුරුන් අපගේ (මෙම ධර්ම) පුස්තකයන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අපි (පරලොවදී) නිරයෙහි සේන්දු කර හරින්නෙමු. ඔවුන් දඬුවම සදා විඳීම සඳහා ඔවුන්ගේ හම දැවී අඟූරු වී යන සෑමවිටම වෙනත් අළුත් හමක් මාරු කරමින්ම සිටින්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් ඉමහත් බලසම්පන්නව හා ඥානවන්තවද සිටින්නේය.

සැබැවින්ම අපගේ වදන් ප්රතික්ෂේප කළවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් වට කර ඇති නිරා ගින්නට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් පිළිස්සී යන සෑම මොහොතකම ඔවුන් අඛණ්ඩ ව දඬුවම විඳිනු පිණිස තවත් හමක් ඔවුනට යළි මාරු කර දෙන්නෙමු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. කිසිවක් ඔහු අබිබවා නොයනු ඇත. ඔහු සැලසුම් කරන දෑ හා ඔහු තීන්දු කරන දෑහි මහා ප්රඥාවන්තය.

57

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ سَنُدْخِلُهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۖ لَّهُمْ فِيهَآ أَزْوَٰجٌۭ مُّطَهَّرَةٌۭ ۖ وَنُدْخِلُهُمْ ظِلًّۭا ظَلِيلًا

(ඔවුන්ගෙන්) කවුරුන් (ඇත්තෙන්ම) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ව ස්වර්ගයන්හි ඇතුළු කරන්නෙමු. ඒවායෙහි දිය දහරා සදා ගලමින්ම ඇත්තේය. ඔවුන් ඒවායෙහි සදහටම රැඳී සිටින්නාහ. පරිශුද්ධ වූ වල්ලභයන්ද ඔවුන්ට ඇත. ඝන වූ (පහ නොවන) සෙවණෙහිද ඔවුන්ව අපි වාඩි වීමට සලස්වන්නෙමු.

අල්ලාහ් ව විශ්වාස කර ඔහුගේ දූතවරුන් අනුගමනය කර අවනතභාවය විදහා පාන කටයුතු වල නිරතවන්නන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපි ඔවුන් ස්වර්ග උයන් වලට ඇතුළත් කරන්නෙමු. ඒවායෙහි ඇති මාලිගාවන්ට පහළින් ගංගාවන් ගලා බසිනු ඇත. එහි ඔවුන් සදා රැඳී සිටිති. එම ස්වර්ග උයන්හි සියලු කිලිටි වලින් පිවිතුරු වූ අඹුවන් ඔවුනට වෙති. උණුසුම හා සිසිල නොදැනෙන තරමට දිගු හා ඝන හෙවණකට අපි ඔවුන් ඇතුළත් කරන්නෙමු.

58

۞ إِنَّ ٱللَّهَ يَأْمُرُكُمْ أَن تُؤَدُّوا۟ ٱلْأَمَٰنَٰتِ إِلَىٰٓ أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ ٱلنَّاسِ أَن تَحْكُمُوا۟ بِٱلْعَدْلِ ۚ إِنَّ ٱللَّهَ نِعِمَّا يَعِظُكُم بِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ كَانَ سَمِيعًۢا بَصِيرًۭا

(විශ්වාසවන්තයිනි! ඔබ වෙත විශ්වාසය තබා බාර දෙන ලද) විශ්වාසහරිත වස්තූන් ඒවායේ අයිතිකරුවන් වෙත ඔබ බාර දෙන ලෙසටද, මිනිසුන් අතරේ ඔබ විනිශ්චය ලබා දුන්නහොත් (පක්ෂපාතී නොවී) සාධාරණ ලෙස තීන්දු දෙන ලෙසටද නියත වශයෙන්ම අල්ලාහ් ඔබට නියෝග කරන්නේය. ඔබට අල්ලාහ් ලබා දෙන මෙම උපදේශය ඇත්තෙන්ම ඉතාමත් අගනේය. නියත වශයෙන්ම අල්ලාහ් සවන් දෙන්නෙකු වශයෙන්ද අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය.

නුඹලා වෙත පවරන ලද සියලු දෑ එහි හිමිකරුවන්ට නැවත ලබා දෙන මෙන් නියත වශයෙන්ම අල්ලාහ් නියෝග කරයි. එමෙන්ම නුඹලා ජනයා අතර තීන්දු කරන විට එම තීන්දුවෙහි වරදක් ඇති නොවන පරිදි එක් පැත්තකට පමණක් නැඹුරු නොවී යුක්තිගරුක ව තීන්දු කරන මෙන්ද ඔහු නුඹලාට නියෝග කරයි. සැබැවින්ම අල්ලාහ් කවර කරුණක් නුඹලාට මෙනෙහි කර, නුඹලාගේ සෑම තත්ත්වයක්ම ඒ වෙත මග පෙන්වූ දෑ යහපත් විය. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා පවසන දෑට සවන් දෙන්නාය. එසේම නුඹලාගේ ක්රියාවන් පිළිබඳ අධීක්ෂණය කරන්නාය.

59

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَطِيعُوا۟ ٱللَّهَ وَأَطِيعُوا۟ ٱلرَّسُولَ وَأُو۟لِى ٱلْأَمْرِ مِنكُمْ ۖ فَإِن تَنَٰزَعْتُمْ فِى شَىْءٍۢ فَرُدُّوهُ إِلَى ٱللَّهِ وَٱلرَّسُولِ إِن كُنتُمْ تُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ ۚ ذَٰلِكَ خَيْرٌۭ وَأَحْسَنُ تَأْوِيلًا

විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට අවනත වී කටයුතු කරනු. (එසේම අල්ලාහ්ගේ) දූතයාටද (රසූල්වරයාටද), ඔබගේ ප්‍රධානියාටද අවනත වී කටයුතු කරනු. (විශ්වාසවන්තයිනි!) ඔබ තුළ යම්කිසි කාරණාවකදී භේදයක් ඇති වුවහොත් එය අල්ලාහ් වෙතද, (ඔහුගේ) දූතයා වෙතද, බාර කර හරිනු. ඇත්තෙන්ම ඔබ අල්ලාහ්වද, අවසාන දිනය මතද විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, (ඔවුන්ගේ තීන්දුව ඔබ තෘප්තියෙන් යුතුවම බාර ගනු). මෙයම ඉතාමත් හොඳක් වශයෙන්ද ඉතාමත් අලංකාරවත් තීරණයක් වශයෙන්ද තිඛෙණු ඇත.

අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනී, කවර කරුණක් පිළිපදින මෙන් අල්ලාහ් නියෝග කර ඇත්තේද එය පිළිපදිමින් කවර කරුණක් තහනම් කළේ ද එයින් වැළකී සිටිමින් අල්ලාහ්ට අවනත වන්න. ඔහුගේ දූතයාණන්ටත් අවනත වන්න. පාපී කටයුත්තක් නුඹලාට නියෝග නොකරන තාක්කල් නුඹලාගේ ප්රධානීන්ටත් අවනත වන්න. නුඹලා අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් ලෙස සිටින්නෙහු නම් නුඹලාට යම් කරුණක් පිළිබඳ මතභේද ඇති වූ විටෙක එම කරුණ අල්ලාහ්ගේ පුස්තකය හා ඔහුගේ නබිවරයාගේ පිළිවෙත වෙත යොමු කරන්න. එසේ එය දේව පුස්තකය හා නබි පිළිවෙත වෙත යොමු කිරීම, මතභේදයේ එල්බගෙන සිටිනවාට වඩා හා තම අදහස් ප්රකාශ කර සිටිනවාට වඩා උතුම්ය. එවිට එහි අවසානය ද නුඹලාට යහපත් වනු ඇත.

60

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ ءَامَنُوا۟ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ يُرِيدُونَ أَن يَتَحَاكَمُوٓا۟ إِلَى ٱلطَّٰغُوتِ وَقَدْ أُمِرُوٓا۟ أَن يَكْفُرُوا۟ بِهِۦ وَيُرِيدُ ٱلشَّيْطَٰنُ أَن يُضِلَّهُمْ ضَلَٰلًۢا بَعِيدًۭا

(නබියේ!) ඔබ කෙරෙහි පහළ කරන ලද දැයද (මෙම ධර්මයද), ඔබට පෙර පහළ කරන ලද සියල්ල (ධර්මයන්)ද, ඇත්තෙන්ම තමන් විශ්වාස කරන බවට ඔප්පු කරන සමහරෙකුව ඔබ දුටුවේ නැද්ද? ඔවුන් ප්‍රතික්ෂේප කර දැමිය යුතු යන අපරාධකරුවෙකුව ඔවුන් (තමන්ට) විනිශ්චය දෙන්නෙකු බවට පත් කර ගැනීමට කැමති වන්නාහ. (අපරාධකරුවා වන) එම ෂෙයිතාන් නම්, ඔවුන්ව ඉතාමත් ඈතින් වූ දුර්මාර්ගයෙහි ඇතුළු කර හැරීමටම කැමති වන්නේය.

අහෝ දූතය, සැබැවන්ම නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ හා නුඹට පෙර සිටි නබිවරුන්ට පහළ කරනු ලැබූ දෑ තමන් විශ්වාස කරන බවට බොරුවට තර්ක කරන යුදෙව්වන් අතර සිටින කුහකයින් එකිනෙකාට විරුද්ධ ව කටයුතු කරනු නුඹ නොදුටුවෙහිද? ඔවුන්ගේ ගැටලු සඳහා මිනිසාට අල්ලාහ් නොදුන් පිළිවෙතකින් ඔවුන් තීන්දු ලබන්නට අපේක්ෂා කරති. අල්ලාහ් දුන් දෑ ප්රතික්ෂේප කරන්නැයි නියෝග කරති. ඔවුන් සත්යයෙන් දුරස් කිරීමට ෂෙයිතාන් අපේක්ෂා කරයි. ඒ සමග ඔවුන් යහමග නොලබනු ඇත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.