Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 176

41

فَكَيْفَ إِذَا جِئْنَا مِن كُلِّ أُمَّةٍۭ بِشَهِيدٍۢ وَجِئْنَا بِكَ عَلَىٰ هَٰٓؤُلَآءِ شَهِيدًۭا

(නබියේ!) සෑම ජනතාවන්ගෙන්ම (ඔවුන්ගේ නබිවරයා වන) සාක්ෂිය අපි ගෙන එන විට, (ඔබව ප්‍රතික්ෂේප කරන) මොවුන් සියල්ලන්ටම (ප්‍රතිවරුද්ධ) සාක්ෂියක් වශයෙන් ඔබව අපි ගෙන ආවහොත්, (ඔබව ප්‍රතික්ෂේප කළ මොවුන්ගේ තත්වය) කෙබඳු එකක් වන්නට ඉඩ ඇත්ද?

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සෑම සමූහයකටම අදාළ නබිවරයා ව ගෙනැවිත් ඔවුන් කළ කම් වෙනුවෙන් එම නබිවරයා සාක්ෂි වශයෙන් පත් කොට නුඹව ද ගෙනැවිත් නුඹේ සමූහයා මත සාක්ෂිකරුවකු බවට පත් කරන විට කරුණ කෙසේ නම් වීද?

42

يَوْمَئِذٍۢ يَوَدُّ ٱلَّذِينَ كَفَرُوا۟ وَعَصَوُا۟ ٱلرَّسُولَ لَوْ تُسَوَّىٰ بِهِمُ ٱلْأَرْضُ وَلَا يَكْتُمُونَ ٱللَّهَ حَدِيثًۭا

(මෙසේ අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කර, (අල්ලාහ්ගේ) දූතයාට වෙනස්කම් කළ අය, භූමිය තමන්ව ජීරණය කර ගත්තා නම් අගනේය යයි එදින කැමති වන්නාහ. මොවුන්ට අල්ලාහ් වෙත කිසිම කාරණාවක් සඟවා ගත නොහැක.

ඒ මහත් වූ දිනයේ අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන්ට පිටුපා කටයුතු කළවුන් තමන් පසට පස් වී මහපොළොව සමග සමතලා වී තිබුණා නම් මැනවයි ප්රිය කරති. ඔවුන් කළ කම් කිසිවක් අල්ලාහ්ට සැඟ වී යන්නේ නැත. ඊට හේතුව නියත වශයෙන්ම අල්ලාහ් ඔවුනට කතා කළ නොහැකි පරිදි ඔවුන්ගේ දිවවල් මුද්රා තබා ඔවුන්ගේ සෙසු අවයව වලට කතා කිරීමට අනුමැතිය ලබා දෙනු ඇත. එවිට ඒවා ඔවුනට එරෙහි ව ඔවුන් කළ කම් පිළිබඳ සාක්ෂි දරනු ඇත.

43

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْرَبُوا۟ ٱلصَّلَوٰةَ وَأَنتُمْ سُكَٰرَىٰ حَتَّىٰ تَعْلَمُوا۟ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِى سَبِيلٍ حَتَّىٰ تَغْتَسِلُوا۟ ۚ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌۭ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءًۭ فَتَيَمَّمُوا۟ صَعِيدًۭا طَيِّبًۭا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا

විශ්වාසවන්තයිනි! ඔබ පවසන දැය අසවල් දැය යයි ඔබට දැන ගත නොහැකි වන සේ ඔබ මත්ව සිටින විට, සලාත් කිරීමට නොයනු. තවද ඔබ කිළ්ලට හසු වී සිටියහොත් ස්නානය කරන තුරු (සලාතයට නොයනු). එහෙත් ගමනෙහි යෙදී සිටියහොත් හැර. එබැවින් ඔබ රෝගියෙකු වශයෙන් හෝ ගමනෙහි හෝ මළ ජල පහ කිරීමෙන් හෝ කාන්තාවන්ට ළං වී (එක්කාසු වී) සිටියහොත් හෝ (පිරිසිදු කර ගැනීමට) ඔබට ජලයද ලබා ගත නොහැකි වී (සලාතයේ කාලයද පැමිණියහොත්, ඒ සඳහා ඔබ සලාතය කල් දැමීමට අවශ්‍යය නැත), පිරිසිදු වැලි ස්පර්ශ කර, ඔබගේ මුහුණුද, ඔබගේ අත්ද, පිස දමා තයම්මම් කර ගනු. (පසුව සලාත් කරනු). නියත වශයෙන්ම අල්ලාහ් (වැරදි) ඉවසා දරා ගන්නෙකු හා (පාපයන්ට) සමාව දෙන්නෙකු වශයෙන් සිටින්නේය.

අහෝ! අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනි, නුඹලා මත් බවින් සිටියදී පවසන දේ කුමක්දැ යි නුඹලාට වෙන්කර හඳුනා ගත හැකි තරමට පැහැදිලි වන තෙක් සලාත් ඉටු නොකරන්න. මෙය මත්පැන් පොදුවේ තහනම් කිරීමට පෙර පහළ වූවකි. එමෙන්ම ජනාබත් හෙවත් ස්නානය අනිවාර්යය වූ තත්ත්වයක ද සලාතය ඉටු නොකරන්න. එවන් තත්ත්වයක නුඹලා ස්නානය කරන තෙක් මස්ජිදය වෙත පිවිස එහි රැඳී නොසිටින්න. නමුත් ඒ හරහා ගමන් කිරීම වරදක් නැත. ජලය භාවිත කළ නොහැකි තරමට යම් රෝගයක් නුඹලාට වැලඳ ඇත්නම් හෝ නුඹලා ගමනක නිරත ව සිටින්නේ නම් හෝ නුඹලාගෙන් කිසිවකු කිලිටි තත්වයේ පසුවන්නේ නම් හෝ නුඹලා බිරියන් සමග සංසර්ගයේ යෙදුණු තත්ත්වය සිටින්නේ නම් හෝ ඉන්පසුව නුඹලාට පිරිසිදුවන්නට ජලය නොලැබුණු විටෙක පිරිසිදු පස් අරමුණු කර ගන්න. එයින් නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද ගල්වා ගන්න. නියත වශයෙන්ම අල්ලාහ් එසේ කෙටි කර ගැනීම පිළිබඳ සමාව දෙන්නාය. ඔහු අතික්ෂමාශීලීය.

44

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ أُوتُوا۟ نَصِيبًۭا مِّنَ ٱلْكِتَٰبِ يَشْتَرُونَ ٱلضَّلَٰلَةَ وَيُرِيدُونَ أَن تَضِلُّوا۟ ٱلسَّبِيلَ

(නබියේ!) ධර්මයෙහි එක් කොටසක් දෙනු ලැබූ අයව ඔබ අවධානය කළේ නැද්ද? ඔවුන් (තමන්) දුර්මාර්ගය මිලදී ගත් අතර ඔබද, මාර්ගය වැරද යා යුතුය යයිම අදහස් කරන්නාහ.

අහෝ! දූතයිනි, තව්රාත් දැනුමෙන් කොටසක් අල්ලාහ් පිරිනැමූ යුදෙව්වන්ගේ කටයුතු පිළිබඳ නුඹ නොදන්නෙහිද? ඔවුන් යහමග වෙනුවට මුළාව හුවමාරු කර ගනිති. අහෝ! දේව විශ්වාසී ජනයිනි, ඔවුන්ගේ වැරදි මාර්ගයේ නුඹලාවද ගමන් කරවනු පිණිස රසූල්වරයා කවර ඍජු මාර්ගයක් නුඹලා වෙත ගෙන ආවේද එයින් නුඹලා ව නොමග යවන්නට ඔවුන් ඉමහත් ආශාවෙන් සිටිති.

45

وَٱللَّهُ أَعْلَمُ بِأَعْدَآئِكُمْ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَلِيًّۭا وَكَفَىٰ بِٱللَّهِ نَصِيرًۭا

ඔබගේ (මෙම) සතුරන්ව අල්ලාහ් හොඳින් දන්නේය. (අල්ලාහ් ඔබට) උදව් උපකාර කිරීමටද ප්‍රමාණවත් කෙනෙකු වන්නේය.

අහෝ! දේව විශ්වාසී ජනයිනි, නුඹලා අතර නුඹලාගේ සතුරා කවුරුන්දැ යි අල්ලාහ් මැනවින් දන්නාය. එහෙයින් ඔවුන් පිළිබඳ ඔහු නුඹලාට දැනුම් දෙනු ඇත. ඔවුන්ගේ සතුරුකම පිළිබඳ නුඹලාට ඔහු පැහැදිලි කරනු ඇත. ඔවුන්ගේ අර්බුදයෙන් නුඹලා ආරක්ෂා කිරීමට භාරකරු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. ඔවුන්ගේ කුමන්ත්රණ ඔවුන්ගේ වධ වේදනාවන්ගෙන් නුඹලා ව වළක්වා ඔවුනට එරෙහි ව නුඹලාට උදව් කිරීම සඳහා උදව්කරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය.

46

مِّنَ ٱلَّذِينَ هَادُوا۟ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَٱسْمَعْ غَيْرَ مُسْمَعٍۢ وَرَٰعِنَا لَيًّۢا بِأَلْسِنَتِهِمْ وَطَعْنًۭا فِى ٱلدِّينِ ۚ وَلَوْ أَنَّهُمْ قَالُوا۟ سَمِعْنَا وَأَطَعْنَا وَٱسْمَعْ وَٱنظُرْنَا لَكَانَ خَيْرًۭا لَّهُمْ وَأَقْوَمَ وَلَٰكِن لَّعَنَهُمُ ٱللَّهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًۭا

යුදෙව්වන්ගෙන් සමහරෙක් (ධර්ම) වදන් (ඒවායේ අර්ථයන්) වෙනස් වන සේ පෙරලා හරිණ අතර, (නබියේ! ඔබට “ඔබ කියූ දැයට) අපි සවන් දුන්නෙමු. එහෙත් අපි (එයට) වෙනස්කම් කරන්නෙමු” (යයි පවසා ඔබගේ) ධර්මයෙහි වැරදි කීමට “(නබියේ! මෙතෙක්) ඔබට ඇසීමට නොහැකි දැය ඔබ අසනු” යයිද පවසා රායිනා යයි මුව ඇද කර, ෙදාඩවන්නාහ. (රායිනා යන වචනයට අරාබි බසින් “අපට උදව් කරනු (සලකනු) මැනව!” යයි අර්ථය වේ. එහෙත් යුදෙව්වන්ගේ බසින් නම්, “මෝඩයා!” යයි අර්ථය වේ. එබැවින් මේ අන්දමට ඔවුන් නොකියා, ඒ වෙනුවට ඔවුන් ඔබට “නබියේ! ඔබ කියූ දැයට) අපි සවන් දුන්නෙමු. (ඔබට) අපි අවනත වුනෙමු. (අපි කියන දැය) ඔබ අසනු” (යයි කියා රායිනා යන වචනය වෙනුවට) උන්ලූර්නා (අපව ආදරයෙන් යුතුව බලනු මැනව!)” යයිද පවසා තිබුණේ නම්, එය ඔවුන්ටම ඉතාමත් හොඳක් වශයෙන්ද, ඍජු එකක් වශයෙන්ද තිඛෙන්නට තිබුණි. එහෙත් ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ හේතුවෙන් අල්ලාහ් ඔවුන්ව ශාප කර හැරියේය. එබැවින් (ඔවුන්ගේ) සමහරෙකු හැර, (වැඩි දෙනෙකු) විශ්වාසවන්තයින් වන්නේම නැත.

යුදෙව්වන් අතර නපුරු පිරිසක් ද සිටිති. අල්ලාහ් කවර දෙයක් පහළ කර ඇත්තේ ද එම වදන් ඔවුහු වෙනස් කරති. අල්ලාහ් පහළ නොකළ දෑ අලුතින් එකතු කොට ගොතා පවසති. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) ඔවුනට යමක් අණ කරන අවස්ථාවේ ‘ඔබේ ප්රකාශයට අපි සවන් දුනිමු. නමුත් ඔබේ නියෝගය අපි පිටුපෑවෙමු’ යැයි පවසති. තවදුරටත් හෑල්ලුවට ලක් කරමින් ඔවුන් ‘අපි පවසන දෑට ඇහුන්කන් නොදී ඔබ සවන් දෙන්න.’ ඔවුන් කුතුහලය ඇති කරන පරිදි (රාඉනා) යන ප්රකාශය භාවිත කළෝය. ඇත්තෙන්ම ඔවුන් එමගින් අපේක්ෂා කළේ ‘රඌනා’ යන පදයෙන් අදහස් කරන පරිදි අල්ලාහ්ගේ දූතයාණන්ට ශාප කිරීමටය. ඒ නිසාවෙන් ඔවුන් ඔවුන්ගේ දිවවල් හරවා රාඉනා නම් පදය විකෘති කොට පැවසීය. ඔවුන් එමගින් දහම අපහාසයට ලක්කිරීමට අරමුණ කර ගත්තෝය. නමුත් ඔවුන් ‘ඔබේ ප්රකාශයට අපි සවන් දුනිමු. නමුත් ඔබේ නියෝගයට අපි පිටුපෑවෙමු’ යන ප්රකාශය වෙනුවට ‘ඔබේ ප්රකාශයට සවන් දුනිමු. ඔබේ නියෝගයට අවනත වූයෙමු’ යැයි ද ‘ඔබ ඇහුන්කන් නොදී සවන් දෙනු’ යන ප්රකාශය වෙනුවට ‘සවන් දෙනු’ යැයි ද විකෘති කොට පැවසූ ‘රාඉනා’ යන ප්රකාශය වෙනුවට ‘ඔබ පවසන දෑයින් ඔවුනට ඔබ වෙතින් ප්රයෝජනයක් ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු’ යැයි ද පවසා සිටියෙහු නම් එය ඔවුනට යහපත් වනු ඇත. එය ඔවුන් පවසන වඩාත් සුදුසු මෙන්ම වඩාත් යුක්ති සහගත ප්රකාශයක් වනු ඇත. එය නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් සමග විනයානුකූල බැඳීමකින් යුතුව කටයුතු කර ඇති බව පෙන්වා දීමක් වන බැවිණි. නමුත් අල්ලාහ් ඔවුනට ශාප කළේය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ඔවුන් නෙරපා හැරියේය. එහෙයින් ඔවුන් ඔවුනට ප්රයෝජනවත් වන අයුරින් විශ්වාස කරන්නේ නැත.

47

يَٰٓأَيُّهَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ ءَامِنُوا۟ بِمَا نَزَّلْنَا مُصَدِّقًۭا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًۭا فَنَرُدَّهَا عَلَىٰٓ أَدْبَارِهَآ أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّآ أَصْحَٰبَ ٱلسَّبْتِ ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولًا

ධර්මය දෙනු ලැබූවනි! ඔබ වෙත ඇති (ධර්මය) සත්‍යය කරන අපි පහළ කරන ලද (මෙම ධර්මය මත) විශ්වාසය තබනු. නොඑසේ නම්, (ඔවුන්ගේ) මුහුණු වෙනස් කර, ඒවා පිටුපස පැත්තට හරවා හරින්නෙමු. නැතහොත් (සෙනසුරාදා දිනයන්හි සීමාව ඉක්මවූ අය වන) අස්හාබුස් සබත් (නමැති අයව) අපි ශාප කළ අන්දමට ඔවුන්වද අපි ශාප කර දමමු! අල්ලාහ්ගේ අණ අනිවාර්යයෙන්ම සිදු වන්නේය!

ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයිනි, මුහුණු වලින් පෙනෙන්නට ඇති හැඟීම් මකා දමා ඒවා ඔවුන්ගේ පසුපසට හරවා දමන්නට පෙර හෝ සෙනසුරාදා මසුන් ඇල්ලීමෙන් වැළකී සිටින මෙන් නියෝග කළ පසුවත් එම සීමාවන් ඉක්මවා කටයුතු කළ සෙනසුරාදා වැසියන් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අපි නෙරපා හැරියාක් මෙන් අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුන් නෙරපා හැරීමට පෙර නුඹලා සමග වූ තව්රාතය හා ඉන්ජීලය තහවුරු කරන්නක් ලෙසින් පැමිණි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට අප පහළ කළ දෑ විශ්වාස කරනු. සෙනසුරාදා වැසියන් සීමාව ඉක්මවා කටයුතු කළ බැවින් ඔවුන් වඳුරන් බවට පත් කළේය. අල්ලාහ්ගේ නියෝගය හා ඔහුගේ නියමය කිසිදු සැකයකින් තොර ව සිදුවන්නකි.

48

إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدِ ٱفْتَرَىٰٓ إِثْمًا عَظِيمًا

නියත වශයෙන්ම අල්ලාහ් තමන්ට සමානයන් තැබීමට සමාව දෙන්නේම නැත. මෙය හැර, (අන්) කිසිවක් වුවත්, තමන් අදහස් කරන්නන්ට සමාව දෙන්නේය. කවුරුන් අල්ලාහ්ට සමානයන් තබන්නෝද, ඔවුන් නියත වශයෙන්ම අති විශාල පාපයම මනක්කල්පිත කරන්නාහ.

ඔහුගේ මැවීම් අතුරින් කිසිවක් ගෙන ඔහුට සමාන කිරීමේ වරදට නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නේ නැත. සමාන කිරීමේ හෝ ප්රතික්ෂේප කිරීමේ වරද හැරෙන්නෙට සෙසු වැරදි වලට ඔහුගේ භාග්යයෙන් ඔහු අභිමත කරන අයට සමාව දෙනු ඇත. එසේ නැතහොත් ඔහු අභිමත කරන අයට ඔවුන්ගේ පාපයේ තරමට සාධාරණීය ලෙස දඬුවම් කරන්නේය. කවරෙකු අල්ලාහ් සමග වෙනත් කෙනෙකු සම කරන්නේ ද ඔහු අතිමහත් පාපයක් ඉපැයුවේය. ඒ මත ම සිට මිය ගිය ඇත්තන්ට කිසිදු සමාවක් හිමි වන්නේ නැත.

49

أَلَمْ تَرَ إِلَى ٱلَّذِينَ يُزَكُّونَ أَنفُسَهُم ۚ بَلِ ٱللَّهُ يُزَكِّى مَن يَشَآءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا

(නබියේ!) තමන්ට තමන්ම පරිශුද්ධභාවය උගන්වන්නන්ව ඔබ දුටුවේ නැද්ද? (ඔවුන් පවසන දැය නිවැරදි) නොව. අල්ලාහ් තමන් කැමති (හොඳ) අයව පරිශුද්ධ කර තබන්නේය. (මෙම කාරණාවෙහි) කිසිවෙකුත් එක් අනු ප්‍රමාණයකින් හෝ අසාධාරණයක් කරනු නොලබන්නාහ.

අහෝ! දූතය, තමන් හා තම ක්රියාකාරකම් පිවිතුරු යැයි පවසමින් ඒවා ගැන මෙනෙහි කරන්නන්ගේ කටයුතු පිළිබඳ ඔබ නොදුටුවෙහිද? එසේ නොව එහි අයිතිය ඇත්තේ අල්ලාහ්ට පමණි. ඔහු අභිමත කරන පරිදි ඔහුගේ ගැත්තන් ඔහු පැසසුමට ලක් කරනු ඇත. ඔවුන් පිවිතුරු කරනු ඇත. එය හදවත් තුළ සැඟ වී ඇති දෑ පිළිබඳ මැනවින් දන්නා ඔහු වන බැවිණි. ඔවුන් කළකම් වලට හිමි කුසල් රටඉඳි කෙන්දක මතුපිටින් ඇති තිතක ප්රමාණයක් වුවද ඒවායෙහි කිසිදු අඩුවක් සිදු කරන්නේ නැත.

50

ٱنظُرْ كَيْفَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ ۖ وَكَفَىٰ بِهِۦٓ إِثْمًۭا مُّبِينًا

(නබියේ!) අල්ලාහ්ට (සමානයන් ඇත යයි) ඔවුන් අමූලික බොරු කෙසේ නම් මනක්කල්පිත කරන්නෝද යන්න ඔබ අවධානය කර බලනු. ප්‍රකට පාපයන්ට එයම ප්‍රමාණවත් (උදාහරණයක් වශයෙන්) ඇත්තේය.

අහෝ! දූතය, ඔවුන් තමන් ගැන මෙනෙහි කරමින් අල්ලාහ් වෙත බොරු ගොතන සැටි අවධානයෙන් බලනු. ඔවුන් නොමග යෑමට එය ප්රමාණවත් පැහැදිලි පාපයක් වන්නේය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.