Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 176

31

إِن تَجْتَنِبُوا۟ كَبَآئِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيِّـَٔاتِكُمْ وَنُدْخِلْكُم مُّدْخَلًۭا كَرِيمًۭا

ඔබට තහනම් කරන ලද ඉමහත් පාපතර කාරණාවන්ගෙන් ඔබ ඈත් වුවහොත් ඔබගේ (අනිත් සුළු) පාපයන්ට (එය) වන්දි වශයෙන් ගෙන, ඔබට (සමාව දී ඉතාමත්) ගෞරවනීය ෙදාරටුවෙන් ඇතුළු කරන්නෙමු.

අහෝ! දේව විශ්වාසී ජනයිනි, අල්ලාහ්ට ආදේශ තැබීම දෙමාපියන්ට හිංසා කිරීම ජීවිතයක් ඝාතනය කිරීම පොළිය අනුභව කිරීම වැනි මහා පාපකම් වලින් නුඹලා දුරස් වන්නෙහු නම් නුඹලා විසින් සිදුවන කුඩා පාපයන් අපි මකා දමා ඒවා ඉවත් කොට ඒ ගැන නොසලකා හරින්නෙමු. අල්ලාහ් අබියස වූ ගෞරවනීය ස්ථානයට අපි නුඹලා ව ඇතුළත් කරන්නෙමු. එය ස්වර්ගයයි.

32

وَلَا تَتَمَنَّوْا۟ مَا فَضَّلَ ٱللَّهُ بِهِۦ بَعْضَكُمْ عَلَىٰ بَعْضٍۢ ۚ لِّلرِّجَالِ نَصِيبٌۭ مِّمَّا ٱكْتَسَبُوا۟ ۖ وَلِلنِّسَآءِ نَصِيبٌۭ مِّمَّا ٱكْتَسَبْنَ ۚ وَسْـَٔلُوا۟ ٱللَّهَ مِن فَضْلِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ كَانَ بِكُلِّ شَىْءٍ عَلِيمًۭا

ඔබගෙන් සමහරෙකුව සමහරෙකු මත අල්ලාහ් උසස් කර (දයාව පහළ කර) තිබීම ගැන ඔබ තන්හාව අති කර නොගනු. පිරිමින්ට ඔවුන් හරි හම්බ කර ගත් දැයෙන් (වරප්‍රසාදයෙන්ද, වස්තූන්ගෙන්ද) කොටසක් අයිතිය. (එසේම) කාන්තාන්ටද ඔවුන් හරි හම්බ කර ගත් දැයෙන් කොටසක් අයිතිය. එබැවින් (පිරිමි, ගැහැනු සෑම කෙනෙකුම දැහැමි ක්‍රියාවන් මගින්) අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ඔහු වෙතින්ම ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් (තම වරප්‍රසාදයන් කවුරුන්ට කොපමණ දිය යුතුද යන්න වැනි) සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

අහෝ! දේව විශ්වාසී ගැත්තනි, නුඹලා අතර වූ ඇතෙමෙකුට ඇතැමෙකු වඩා කවර ආශිර්වාදයක් අල්ලාහ් පිරිනමා ඇත්තේද ඒ සම්බන්ධයෙන් නුඹලා ආශා නොකරනු. එය ක්රෝධය හා ඊර්ෂ්යාවෙන් කටයුතු නොකරන්නට හේතුවක් වනු ඇත. එමෙන්ම කවර කරුණක් අල්ලාහ් පුරුෂ පාර්ශවයට නියම කර ඇත්තේද ඒ ගැන කාන්තා පාර්ශවය ආශා කිරීමට අවශ්යතාවක් නැත. සෑම පාර්ශවයකටම ඔවුනොවුන්ට සුදුසු පරිදි ඒ ඒ භාග්යයන් පිරිනමා ඇත. එබැවින් අල්ලාහ් පිරිනමා ඇති දායාදයන් අධික කර දෙන මෙන් නුඹලා ඔහුගෙන් පතනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ මැනවින් දන්නාය. සෑම වර්ගයකටම එයට ගැළපෙන දෑ ඔහු පිරිමනු ඇත.

33

وَلِكُلٍّۢ جَعَلْنَا مَوَٰلِىَ مِمَّا تَرَكَ ٱلْوَٰلِدَانِ وَٱلْأَقْرَبُونَ ۚ وَٱلَّذِينَ عَقَدَتْ أَيْمَٰنُكُمْ فَـَٔاتُوهُمْ نَصِيبَهُمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَىٰ كُلِّ شَىْءٍۢ شَهِيدًا

සෑම කෙනෙකුටම (ඔවුන්ගේ) දෙමව්පියන්, කිට්ටු ඥාතීන් (ආදීන්) අත්හැර දමා ගිය දේපළවලට (ප්‍රතිශතයට අනුව ඔවුන්ගේ දේපළ අත් කර ගත හැකි) උරුමක්කාරයින්ව අපි ඇති කර ඇත්තෙමු. (එසේම) ඔබ ගිවිසුම් ඇති කර ගත් අයටද (නියම කර ඇත්තෙමු). එබැවින් ඔවුන්ගේ පංගුව ඔවුන්ට ලබා දෙනු. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ලටම සාක්ෂි වශයෙන් සිටින්නේය.

නුඹලා අතුරින් සෑම කෙනෙකුටම තම දෙමාපියන් හා ඥාතීන් විසින් හැර දමා යන දෑ සඳහා පසුඋරුමකම්පාන භාරකාර සම්බන්ධතාවක් අපි ඇති කර ඇත්තෙමු. සහය ලබා දී උපකාර කිරීම සඳහා නුඹලා ඔවුන් සමග ස්ථීර දිවුරුමක් ගිවිස ගෙන ඇත්නම්, ඔවුන්ගේ කොටස ඔවුනට ලබා දෙනු. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය. ඔහුගේ එම සාක්ෂි අතුරින් නුඹලාගේ දිවුරුම හා නුඹලාගේ මෙම ගිවිසුම් ද එකකි. ඉස්ලාමය ආරම්භ කාලයේ දිවුරුම මගින් පසු උරුමය ලබන නීතිය පැවතුණ ද පසු ව එය වෙනස් කරන ලදී.

34

ٱلرِّجَالُ قَوَّٰمُونَ عَلَى ٱلنِّسَآءِ بِمَا فَضَّلَ ٱللَّهُ بَعْضَهُمْ عَلَىٰ بَعْضٍۢ وَبِمَآ أَنفَقُوا۟ مِنْ أَمْوَٰلِهِمْ ۚ فَٱلصَّٰلِحَٰتُ قَٰنِتَٰتٌ حَٰفِظَٰتٌۭ لِّلْغَيْبِ بِمَا حَفِظَ ٱللَّهُ ۚ وَٱلَّٰتِى تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَٱهْجُرُوهُنَّ فِى ٱلْمَضَاجِعِ وَٱضْرِبُوهُنَّ ۖ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا۟ عَلَيْهِنَّ سَبِيلًا ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيًّۭا كَبِيرًۭا

කාන්තාවන්ගේ පරිපාලකයන් වශයෙන් පිරිමින්ම සිටින්නාහ. මන්දයත් ඔවුන්ගෙන් කෙනෙකුට වඩා අනිත් කෙනාව අල්ලාහ් උසස් කර තබා ඇත්තේය. හැරත් (පිරිමින් වන) ඔවුන්, තමන්ගේ වස්තුව කාන්තාවන් වෙනුවෙන් වියදම් කරන්නාහ. එබැවින් හොඳ සීලාචාර ගති පැවතුම් ඇති කාන්තාවන් (අල්ලාහ්ටද, තමන්ගේ ස්වාමිපුරුෂයාටද) යටහත් පහත් වී කටයුතු කරන්නාහ. (තමන්ගේ ස්වාමිපුරුෂයා) ඉදිරියේ නොසිටින අවස්ථාවන්හිදී ආරක්ෂා කර ගත යුතුය යන අල්ලාහ් කැමති වන දැය (-තමන්වද, ස්වාමිපුරුෂයාගේ අනිත් වස්තූන්ද) ඉතාමත් ප්‍රවේසමෙන් ආරක්ෂා කර ගන්නාහ. කවුරුන් හෝ (ස්වාමිපුරුෂයාට) වෙනස්කම් කරනු ඇතැයි ඔබ බිය වුවහොත්, ඇයට හොඳ ඔවදන් ලබා දෙනු. (ඇය නිවැරදි නොවුවහොත්) යහනාවෙන් ඇයව ඈත් කර තබනු. (එයිනුත් ඇය පිළිසකර නොවුවහොත්) ඇයට (ලිහිල් අන්දමට) ගසනු. එමගින් ඇය ඔබට අවනත වුවහොත් ඇය කෙරෙහි (වෙනත් වැරදි පැටවීමට) කිසි මාර්ගයක් නොසොයනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ශ්‍රේෂ්ඨවන්තයෙකු හා අති විශාලවන්තයෙකුද වශයෙන් සිටින්නේය.

කාන්තාවන් මෙහෙයවනු ලබනුයේ පුරුෂයින් විසිනි. ඔවුන්ගේ කටයුතු මොවුන් ක්රියාත්මක කරනු ඇත. එය අල්ලාහ් විසින් පුරුෂයින් කාන්තාවන්ට වඩා උසස් කොට පෙන්වා ඇති බැවිණි. එමෙන්ම ඔවුන්ගේ නඩත්තු වියදම් හා ඔවුන්ගේ කටයුතු වලදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම පුරුෂයින්ට අනිවාර්යය කර ඇති බැවිණි. දැහැමි කාන්තාවන් තම පරමාධිපතිට අවනත වනවාක් මෙන්ම තම ස්වාමි පුරුෂයින්ටත් අවනත වෙති. අල්ලාහ් ඔවුනට පිරිනමා ඇති භාග්යය හේතුවෙන් ඔවුන්ගේ රහස් මොවුන් විසින් ආරක්ෂා කරති. වචනයෙන් හෝ ක්රියාවෙන් හෝ තම ස්වාමිපුරුෂයින්ට අවනතවීමෙන් ඔවුන් ඉවත් වනු ඇතැයි බිය වන කාන්තාවන් සම්බන්ධයෙන් වනාහි අහෝ ස්වාමිපුරුෂයිනි, ඔවුනට අල්ලාහ් පිළිබඳ සිහිපත් කොට බිය ගන්වමින් කටයුතු ආරම්භ කරනු. ඔවුන් ඊට ප්රතිචාර නොදැක්වූයේ නම් නිදියහනින් ඔවුන් ඈත් කරනු. එනම් සංසර්ගයේ යෙදීමෙන් ඉවත් ව හැරී සිටිනු. එයට ද ඔවුන් ප්රතිචාර නොදැක්වූයේ නම් තුවාල නොවන තරමට ඔවුනට තරවටු කරනු. එසේ ඔවුන් අවනත වීම සඳහා නැවත හැරෙන්නට අපේක්ෂා කරන්නේ නම් ඔවුනට අපරාධ හෝ දඬුවම් පමුණුවා සීමාව ඉක්මවා කටයුතු නොකරනු. නියත වශයෙන්ම සියල්ලට ඉහළින් අල්ලාහ් සිටියි. ඔහුගේ පැවත්මෙහි හා ගුණාංගයෙහි ඔහු උදාරය. එහෙයින් නුඹලා ඔහුට බිය වනු.

35

وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَٱبْعَثُوا۟ حَكَمًۭا مِّنْ أَهْلِهِۦ وَحَكَمًۭا مِّنْ أَهْلِهَآ إِن يُرِيدَآ إِصْلَٰحًۭا يُوَفِّقِ ٱللَّهُ بَيْنَهُمَآ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا خَبِيرًۭا

(අඹු සැමියන් වන) දෙදෙනා අතරේ (ආරවුලක් ඇති වී) වෙන්වීමක් ඇති වේවිදෝ යයි ඔබ බිය වුවහොත්, ඔහුගේ පවුලේ අයගෙන් කෙනෙකුව මධ්‍යස්ථයෙකු වශයෙන්ද, ඇයගේ පවුලේ අයගෙන් කෙනෙකුව මධ්‍යස්ථයෙකු වශයෙන්ද ඔබ පත් කරනු. ඒ දෙදෙනාම (මොවුන් අතරේ) සමාදානයක් ඇති කිරීමට කැමැත්තක් දක්වා (උත්සාහ කළහොත්) අල්ලාහ් මේ දෙදෙනාව එකමුතු කර හරිණු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් (සියල්ලන්වම) හොඳින් දන්නෙකු හා අවධානය කරන්නෙකු වශයෙන් සිටින්නේය.

අහෝ අඹු සැමි යුවළගේ හිතමිතුරනි, භාරකරුවනි, ඔවුන් අතර පවතින විරුද්ධත්වය වෛරී හා ගැටලුකාරී තත්ත්වයක් දක්වා ඇදෙනු ඇතැයි නුඹලා බිය වන්නෙහු නම්, යහපත් අයුරින් ඔවුන් දෙදෙනා වෙන් කිරීම හෝ ඔවුන් දෙදෙනා අතර එකගතාවය ඇති කිරීම සඳහා තීන්දු කිරීමට ස්වාමි පුරුෂයාගේ පවුලේ ඥාතීන් අතුරින් යුක්ති ගරුක පිරිමියෙක් හා බිරියගේ පවුලේ ඥාතීන් අතුරින් යුක්ති ගරුක පිරිමියෙකු ඉදිරිපත් කර එවනු. ඔවුන් දෙදෙනා අතර එකඟතාව ඇති කිරීමය වඩාත් ප්රිය ජනක හා වඩාත් සුදුසු වනුයේ. තීරකයින් දෙදෙනාම එය අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් ඒ සඳහා ආදර්ශමත් මාර්ග පෙන්වා දී ඒ අනුව ඔවුහු කටයුතු කරති. අල්ලාහ් අඹු සැමියන් අතර ආශිර්වාද කරනු ඇත. ඔවුන් අතර පවතින විරුද්ධත්වය ඉවත් කරනු ඇත. තම ගැත්තන්ගෙන් කිසිවක් අල්ලාහ්ට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ සිත් තුළ ඔවුන් කවර කරුණක් සඟවාගෙන සිටියත් එහි සෑම සියුම් දෙයක් පිළිබඳවම ඔහු මැනවින් දන්නාය.

36

۞ وَٱعْبُدُوا۟ ٱللَّهَ وَلَا تُشْرِكُوا۟ بِهِۦ شَيْـًۭٔا ۖ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَٰنًۭا وَبِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَٰمَىٰ وَٱلْمَسَٰكِينِ وَٱلْجَارِ ذِى ٱلْقُرْبَىٰ وَٱلْجَارِ ٱلْجُنُبِ وَٱلصَّاحِبِ بِٱلْجَنۢبِ وَٱبْنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَٰنُكُمْ ۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخْتَالًۭا فَخُورًا

අල්ලාහ්වම නමදිනු. ඔහුට කිසිවක් සමානයන් වශයෙන් නොතබනු. දෙමව්පියන්ට කෘතඥ වනු. (එසේම) ඥාතීන්ටද, අනාථයින්ටද, දුප්පතුන්ටද, අසල්වැසි ඥාතීන්ටද, අසල්වැසි අන්‍යයන්ටද, (සෑමවිටම) ඔබ සමග සිටින මිතුරන්ටද, මැගියන්ටද, ඔබ යටතේ සිටින්නන්ටද (ආදරයෙන් යුතුව කෘතඥ වනු). කවුරුන් ගර්විතව ආඩම්බරයෙන් යුතුව හැසිරෙන්නේද, ඔහුව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත.

නුඹලා අල්ලාහ්ට අවනත වී ගැතිකම් කොට ඔහුට නමදිනු. ඔහු සමග වෙනත් අය ආදේශ කොට නොනමදිනු. දෙමාපියන්ට ගරු කොට ඔවුනට උවටැන් කරමින් ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කරනු. එමෙන්ම ඥාතීන්, අනාථ දරුවන් හා අවශ්‍යතා ඇත්තන් සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. ඥාතී අසල්වැසියන් මෙන්ම ඥාතී නොවන අසල්වැසියන් සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. නුඹලා සමග එකට සිටින සගයා සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. අතරමං වූ නාදුනන මගියා සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. නුඹලාගේ වහලුන් සමගත් යහපත් අයුරින් කටයුතු කරනු. මිනිසුන් වෙත තමන් ගැන පුරසාරම් දොඩන, අල්ලාහ්ගේ ගැත්තන් වෙත අහංකාරකම පෙන්වන, තමන් ගැන ඉහළින් කතා කරන අයව නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත.

37

ٱلَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ ٱلنَّاسَ بِٱلْبُخْلِ وَيَكْتُمُونَ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِۦ ۗ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ عَذَابًۭا مُّهِينًۭا

(හැරත්) මසුරුකම් කරන්නන්වද, (අනිත්) මිනිසුන්ව මසුරුකම් කරන මෙන් පොළඹවන්නන්වද අල්ලාහ් තම දයාවෙන් තමන්ට ලබා දුන් දැයද (අන් අයට නොදී) සඟවා ගන්නා අයවද (අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත). ප්‍රතික්ෂේප කරන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම්ම අපි පිළියෙල කර තබා ඇත්තෙමු.

තමන්හට අල්ලාහ් කවර වස්තුවක් පිරිනමා ඇත්තේ ද, එයින් වියදම් කළ යුතු අය වෙනුවෙන් වියදම් නොකර ඉන් වැළකී සිට, තම ප්රකාශයන් හා ක්රියාවන් තුළින් ඒ සම්බන්ධයෙන් අන් අයට අණ කර, තමන් වෙත පිරිනමා ඇති වස්තුව, දැනුම හා වෙනත් භාග්යයන් වසන් කරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේ නැත. ඔවුන් ජනයාට සත්යය පැහැදිලි නොකරයි. එය සඟවා අසත්ය දෑ හෙළි කරයි. මෙවන් කරුණු දේව ප්රතික්ෂේපයේ සලකුණු අතරිනි. දේව ප්රතික්ෂේපකයින්හට නින්දනීය දඬුවමක් අපි සූදානම් කර ඇත්තෙමු.

38

وَٱلَّذِينَ يُنفِقُونَ أَمْوَٰلَهُمْ رِئَآءَ ٱلنَّاسِ وَلَا يُؤْمِنُونَ بِٱللَّهِ وَلَا بِٱلْيَوْمِ ٱلْءَاخِرِ ۗ وَمَن يَكُنِ ٱلشَّيْطَٰنُ لَهُۥ قَرِينًۭا فَسَآءَ قَرِينًۭا

තවද කවුරුන් (උඩඟුකම බලාපොරොත්තුවෙන්) මිනිසුන්ට පෙන්වීම සඳහා තමන්ගේ මුදල් (වස්තූන්) වියදම් කරමින් අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස නොකර සිටින්නෝද, (ඔවුන්වද අල්ලාහ් ප්‍රිය කරන්නේ නැත. ඔවුන්ට ෂෙයිතාන්ම මිතුරාය). කවුරුන් හට ෂෙයිතාන් මිතුරෙකු වශයෙන් සිටින්නේද, ඔහු ඉතාමත් නපුරු මිතුරෙකි.

එමෙන්ම ජනයාට ප්රදර්ශනය කොට ඔවුන් ප්රශංසා කරනු පිණිස තම ධනය වියදම් කරන්නන් වෙනුවෙන් අපි දඬුවම සූදානම් කර ඇත්තෙමු. ඔවුන් අල්ලාහ් ව විශ්වාස කරන්නන් නොවෙති. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ද විශ්වාස කරන්නන් නොවෙති. එම නින්දනීය දඬුවම අපි ඔවුනට සූදානම් කර ඇත්තෙමු. ෂෙයිතාන් ව අනුගමනය කරන්නන් මිස වෙනත් කිසිවකු ඔවුන් මුළා කළේ නැත. ෂෙයිතාන් කවරෙකුට අනිවාර්යය මිතුරෙකු වූයේ ද එම මිතුරුකම ඉතා නරක මිතුරුකමක් විය.

39

وَمَاذَا عَلَيْهِمْ لَوْ ءَامَنُوا۟ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَأَنفَقُوا۟ مِمَّا رَزَقَهُمُ ٱللَّهُ ۚ وَكَانَ ٱللَّهُ بِهِمْ عَلِيمًا

අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කර, අල්ලාහ් මොවුන්ට ලබා දී ඇති දැයෙන් දානමාන කරමින් සිටියහොත්, එමගින් මොවුන්ට කුමන පාඩුවක් නම් ඇති විය හැකිද? අල්ලාහ් මොවුන්ව හොඳින් දැන සිටින්නේය.

සැබෑ ලෙස අල්ලාහ් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කොට ඔවුනට අල්ලාහ් පිරිනමා ඇති දැයින් ඔහු ප්රිය කරන තෘප්තියට පත්වන ආකාරයෙන් විදයම් කළේ නම් ඔවුනට කවර හිංසාවක් ඇති වන්නේද? මේ සියල්ලෙහි යහපත ඇත. ඔවුන් පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ කිසිදු තත්ත්වයක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සෑම ක්රියාවකටම ඔහු ප්රතිඵල පිරිනමනු ඇත.

40

إِنَّ ٱللَّهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍۢ ۖ وَإِن تَكُ حَسَنَةًۭ يُضَٰعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرًا عَظِيمًۭا

නියත වශයෙන්ම අල්ලාහ් (කිසිවෙකුටත් ඔවුන්ගේ පාපයන්ට අධික වශයෙන් දඬුවම් ලබා දී) එක් අනු ප්‍රමාණයකින්වත් අපරාධයක් කරන්නේ නැත. එහෙත් (එක් අනු ප්‍රමාණයක) පිනක් තිබුණහොත් (වුවද) එය දෙගුණයක් කර, තම දයාව මගින් (පසුවද එයට) ඉමහත් වූ ඵලවිපාක ලබා දෙන්නේය.

සැබැවින්ම අල්ලාහ් සාධාරණනීයය. ඔහුගේ ගැත්තන්හට කිසිදු අසාධාරණයක් සිදු කරන්නේ නැත. එහෙයින් ඔවුන් කළ යහකම් අතුරින් කුඩා කුහුඹුවක තරම්වත් අඩු කරන්නේ නැත. ඔවුන් කළ පාපකම් අතුරින් කිසිවක් වැඩි කරන්නේ ද නැත. එමෙන්ම යමෙකු අණුවක තරම් හෝ යහපතක් සිදු කර ඇත්නම් ඊට අමතර ව එහි කුසල් ඔහු ප්රගුණ කර දෙයි. එම ප්රගුණ දීමනා සමග ඔහු අබියසින් අතිමහත් තිළිණද පිරිනමනු ඇත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.