Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 176

21

وَكَيْفَ تَأْخُذُونَهُۥ وَقَدْ أَفْضَىٰ بَعْضُكُمْ إِلَىٰ بَعْضٍۢ وَأَخَذْنَ مِنكُم مِّيثَٰقًا غَلِيظًۭا

එය ඔබ කෙසේ නම් ඇර ගත හැකිද? ඔබ වෙතින් ස්ථීර වූ පොරොන්දුවක් (බොහොමයක් දෙනා දන්නා අන්දමින්) ඇය ලබාගෙන, ඔබගෙන් කෙනෙකු තවත් කෙනෙකු (එක්කාසු වී) කළවම් කර හැරියා නොවෙද!

නුඹලා ඔවුන් සමග ආදර සම්බන්ධකම් පවත්වා ඔවුන්ගේ පහස විද ඔවුන්ගේ සියලු රහස් පිළිබඳ දැන ගත් පසු නුඹලා ඔවුනට පිරිනැමූ මහර් නැවත ලබා ගනුයේ කෙසේද? ඉන් පසු ව නුඹලා ඔවුන් සතු ව ඇති දෑට ආශා කිරීම පිළිකුල් සහගත අප්රසන්න කටයුත්තකි. සැබැවින් ඔවුන් බලවත් ප්රතිඥාවක් නුඹලාගෙන් ලබා ඇත. එනම්, එය අල්ලාහ්ගේ වදන හා ඔහුගේ නීතිය පෙරටු කරමින් ඔබ අනුමත කර තිබීමය.

22

وَلَا تَنكِحُوا۟ مَا نَكَحَ ءَابَآؤُكُم مِّنَ ٱلنِّسَآءِ إِلَّا مَا قَدْ سَلَفَ ۚ إِنَّهُۥ كَانَ فَٰحِشَةًۭ وَمَقْتًۭا وَسَآءَ سَبِيلًا

පෙර සිදු වී ගිය සිදුවීම් මිස ඔබ, ඔබගේ පියවරුන් විවාහ කර ගත් කාන්තාවන්ගෙන් කිසිවෙකුත් (ඔවුන් මිය යාමෙන් පසු, නැවත) විවාහ කර නොගනු. නියත වශයෙන්ම මෙය අවමන් ගෙන දෙන එකක් වශයෙන්ද, පිළිකුල් සහගත එකක් වශයෙන්ද, නපුරු මාර්ගයක් වශයෙන්ද ඇත්තේය.

නුඹලාගේ පියවරුන් විසින් විවාහ කර ගත් කාන්තාවන් නුඹලා විවාහ කර නොගනු. එය තහනම් කරන ලද්දකි. නමුත් ඉස්ලාමයට පෙර එසේ කටයුත්තක් සිදු වී ඇත්නම් එය වරදක් ලෙස ගණන් ගනු නොලැබේ. නුඹලාගේ පියවරුන් විසින් විවාහ කර ගත් කාන්තාවන් දරුවන් විසින් විවාහ කර ගැනීම අශීලාචාර කටයුත්තකි. එසේ සිදු කරන්නා අල්ලාහ්ගේ කෝපයට ලක් වීමට හේතු වන්නේය. එවන් මගක ගමන් කරන්නා ගමන් කරනුයේ ඉතා නපුරු මගකය.

23

حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَٰتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَٰتُكُمْ وَعَمَّٰتُكُمْ وَخَٰلَٰتُكُمْ وَبَنَاتُ ٱلْأَخِ وَبَنَاتُ ٱلْأُخْتِ وَأُمَّهَٰتُكُمُ ٱلَّٰتِىٓ أَرْضَعْنَكُمْ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَٰعَةِ وَأُمَّهَٰتُ نِسَآئِكُمْ وَرَبَٰٓئِبُكُمُ ٱلَّٰتِى فِى حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّٰتِى دَخَلْتُم بِهِنَّ فَإِن لَّمْ تَكُونُوا۟ دَخَلْتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَٰٓئِلُ أَبْنَآئِكُمُ ٱلَّذِينَ مِنْ أَصْلَٰبِكُمْ وَأَن تَجْمَعُوا۟ بَيْنَ ٱلْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ ۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا

ඔබගේ මව්වරුන්ද, ඔබගේ දියණියන්ද, ඔබගේ සහෝදරියන්ද, ඔබගේ පියාගේ සහෝදරියන්ද, ඔබගේ මවගේ සහෝදරියන්ද, ඔබගේ සහෝදරයින්ගේ දියණියන්ද, ඔබගේ සහෝදරියගේ දියණියන්ද, ඔබට කිරි දුන් ඔබගේ කිරි මව්වරුන්ද, ඔබගේ කිරි මෙන් වූ සහෝදරියන්ද, ඔබගේ භාර්යයාවන්ගේ මව්වරුන්ද, (ආදී මොවුන්ව ඔබ විවාහ කර ගැනීම) ඔබට තහනම් කරනු ලැබ ඇත. (ඔබ එක් කාන්තාවක් විවාහ කරගෙන) එසේම (ඔබ විවාහ කර ගත් අයගෙන්) ඔබ එක්කාසු වූ බිරිඳගේ පෙර සිටි ස්වාමිපුරුෂයාට දාව උපන් හා ඔබ වෙත හැදී වැඩෙන (බිරිඳගේ) දියණියද (ඔබට විවාහ කර ගැනීම තහනම්ය). නමුත් (ඔබ විවාහ කරගෙන) ඇය සමග එක්කාසු නොවී සිටියහොත් හෝ (ඇයව පහ කර, ඇයට පෙර සිටි ස්වාමිපුරුෂයාට දාව උපන් දියණිය විවාහ කර ගැනීමෙහි) ඔබ කෙරෙහි වරදක් නැත. ඔබට උපන් ඔබගේ පුතුන්ගේ භාර්යයාවන්ද (ඔබට විවාහ කර ගැනීම තහනම් කරනු ලැබ ඇත්තේය). සහෝදරියන් දෙදෙනෙකු (එකම සමයෙහි භාර්යයාවන් වශයෙන්) එකට එක්කාසු කර තැබීමද (තහනම් කරනු ලැබ ඇත්තේය). මීට පෙර ඉකුත් වී ගිය දැය හැර. (නොදැනුවත්ව සිටියදී ඔබ පෙර කර තිබූ වැරදි ගැන) නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා දයාබරවද සිටින්නේය.

නුඹලාගේ මව්වරුන් හා ඊට ඉහළින් සිටින පියාගේ හෝ මවගේ මව්වරුන් (ආච්චි) ද නුඹලාගේ දූවරුන් හා ඊට පහළින් සිටින දූවරුන්ගේ දූවරුන් හා එම දූවරුන්ගේ දූවරුන් මෙන්ම පුතාගේ දූවරුන් එම දූවරුන්ගේ දූවරුන් හා ඊට පහළින් සිටින අය ද නුඹලාගේ දෙමාපියන් විසින් දාව නුඹලාගේ සහෝදරියන් හෝ ඔවුන් දෙදෙනාගෙන් කෙනෙකුගෙන් දාව සහෝදරියන්ද නුඹලාගේ පියාගේ සහෝදරියන් මෙන්ම නුඹලාගේ පියා හෝ මවගේ මව්පියන්ගේ සහෝදරියන් හා ඊට ඉහළින් සිටින්නන් ද නුඹලාගේ පියාගේ සහෝදරියන් මෙන්ම නුඹලාගේ පියා හෝ මවගේ සහෝදරියන් හා ඊට ඉහළින් සිටින්නන්ද නුඹලාගේ සහෝදරයාගේ දූවරුන් සහෝදරියගේ දූවරුන් හා එම දූවරුන් ගේ දූවරුන් වශයෙන් ඊට පහළින් සිටින්නන් ද නුඹලාට කිරි දී වඩාගත් නුඹලාගේ මව්වරුන් ද කිරි බීම හේතුවෙන් ඇති වූ නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ බිරියන් සමග සංසර්ගයේ නිරත වුව ද එසේ නිරත නොවුව ද එම බිරියන්ගේ මව්වරුන් ද නුඹලාගේ බිරියන් සමග සංසර්ගයේ නිරත ව ඇත්නම් ඔවුනට වෙනත් අය විසින් බිහි වී නුඹලාගේ නිවෙස් වල ඇතිදැඩි වන මෙන්ම එසේ එහි ඇතිදැඩි නොවන දූවරුන් ද විවාහ වීම අල්ලාහ් නුඹලාට තහනම් කර ඇත. නුඹලාගේ බිරියන් සමග සංසර්ගයේ නිරතව නොමැතිනම් ඔවුන්ගේ දූවරුන් විවාහ වීමේ වරදක් නුඹලාට නොමැත. එමෙන්ම නුඹලාගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ පුතුන්ගේ බිරියන් (ලේලිවරු) ඔවුන් ඔවුන්ගේ බිරියන් සමග සංසර්ගයේ නිරත නොවුව ද නුඹලා ඔවුන් විවාහ කර ගැනීම තහනම් කර ඇත. ජාහිලිය්යා නම් අඥාන යුගයේ පැවති දෑ මිස පරම්පරාවෙන් හෝ කිරි බීම හේතුවෙන් හෝ ඇති වන සහෝදරියන් දෙදෙනකු එකට තබා ගැනීමත් නුඹලාට තහනම් කර ඇත. ඒ පිළිබඳ අල්ලාහ් සමාව දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් තමන් වෙත පශ්චාත්තාප වී සමාව අයැදින්නන්හට සමාව දෙන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. එමෙන්ම කාන්තාවක හා ඇගේ මවගේ හෝ ඇගේ පියාගේ සහෝදරියන් යන දෙදෙනකු එකට තබා ගැනීමේ තහනම සුන්නාව හෙවත් නබිතුමාගේ ඉගැන්වීම්වල සඳහන් ව ඇත.

24

۞ وَٱلْمُحْصَنَٰتُ مِنَ ٱلنِّسَآءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَٰنُكُمْ ۖ كِتَٰبَ ٱللَّهِ عَلَيْكُمْ ۚ وَأُحِلَّ لَكُم مَّا وَرَآءَ ذَٰلِكُمْ أَن تَبْتَغُوا۟ بِأَمْوَٰلِكُم مُّحْصِنِينَ غَيْرَ مُسَٰفِحِينَ ۚ فَمَا ٱسْتَمْتَعْتُم بِهِۦ مِنْهُنَّ فَـَٔاتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةًۭ ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَٰضَيْتُم بِهِۦ مِنۢ بَعْدِ ٱلْفَرِيضَةِ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا

සැමියන් සිටින කාන්තාවන්වද (ඔබට විවාහ කර ගැනීම තහනම් කර ඇත්තේය. එහෙත් ප්‍රතික්ෂේප කරන්නන් සමග සිදු වූ යුද්ධයෙන් ත් අඩංගුවට ගනු ලැබ) ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රීන් හැර. (මෙසේ) අල්ලාහ් ඔබ කෙරෙහි නියම කර ඇත්තේය. මොවුන් හැර, අනිත් කාන්තාවන්ව වැරදි අන්දමින් සුවය නොවිඳ, (විවාහ දීමනාව වන) මහර් නියම කර, (නීති ප්‍රකාර විවාහය මගින්) සොයා ගැනීම ඔබට අනුමත කරනු ලැබ ඇත්තේය. එබැවින් (මෙසේ විවාහ කර නොගත් කාන්තාවන් වන) ඔවුන් වෙත ඔබ සුවය වින්ඳහොත්, ඔවුන්ට නියම කරන ලද මහර් ඔවුන් වෙත (අඩුපාඩුවකින් තොරව) ඔබ ගෙවා දමනු. එහෙත් මහර් නියම කිරීමෙන් පසු, (එය අඩු කිරීමට හෝ වැඩි කිරීමට හෝ) දෙදෙනාම කැමති වුවහොත් එයින් ඔබ කෙරෙහි කිසිම වරදක් නැත. නියත වශයෙන්ම අල්ලාහ් (ඔබගේ ක්‍රියාවන්) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.

අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද්හි නිරත ව තමන් සතු කර ගත් යුද සිරකාරියන් හැර විවාහක සෙසු කාන්තාවන් විවාහ වීම තහනම්ය. ඔවුන් සමග ඇසුරු කිරීමට නුඹලාට අනුමැතිය ලැබෙන්නේ ඔසප් වාරයෙකින් පසු ඔවුන්ගේ ගර්භාෂ නිදොස් වූවායින් පසුවය. එය අල්ලාහ් නුඹලාට අනිවාර්ය කොට ඇත. ඒ හැර සෙසු කාන්තාවන් විෂයයෙහි ව්යභිචාරයෙන් තොර ව ඔවුන්ගේ පතිවත හා නුඹලාගේ පතිවත රැකෙන අනුමත අයුරින් නුඹලාගේ සම්පත් ඔවුනට පිරිනමා ඔවුන් විවාහ කර ගැනීම නුඹලාට අල්ලාහ් අනුමත කර ඇත. විවාහය තුළින් නුඹලා ඔවුන් සමග පහස විඳ ඇත්නම් නුඹලාට අල්ලාහ් අනිවාර්යය කළ මහර් නුඹලා ඔවුනට පිරිනමන්න. මහර් ප්රමාණය තීන්දු කළ පසු ව නුඹලා අතර එකඟතාවකින් යුතු ව එයට වඩා වැඩියෙන් හෝ යමක් අඩුවෙන් හෝ පිරිනැමීම නුඹලා කෙරෙහි වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් ඔහුගේ මැවීම් සම්බන්ධයෙන් මැනවින් දන්නාය. ඔවුන්ගෙන් කිසිවකු ඔහුට සැඟවෙන්නේ නැත. සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි අල්ලාහ් මහත් ප්රඥාවන්තය.

25

وَمَن لَّمْ يَسْتَطِعْ مِنكُمْ طَوْلًا أَن يَنكِحَ ٱلْمُحْصَنَٰتِ ٱلْمُؤْمِنَٰتِ فَمِن مَّا مَلَكَتْ أَيْمَٰنُكُم مِّن فَتَيَٰتِكُمُ ٱلْمُؤْمِنَٰتِ ۚ وَٱللَّهُ أَعْلَمُ بِإِيمَٰنِكُم ۚ بَعْضُكُم مِّنۢ بَعْضٍۢ ۚ فَٱنكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَءَاتُوهُنَّ أُجُورَهُنَّ بِٱلْمَعْرُوفِ مُحْصَنَٰتٍ غَيْرَ مُسَٰفِحَٰتٍۢ وَلَا مُتَّخِذَٰتِ أَخْدَانٍۢ ۚ فَإِذَآ أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَٰحِشَةٍۢ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى ٱلْمُحْصَنَٰتِ مِنَ ٱلْعَذَابِ ۚ ذَٰلِكَ لِمَنْ خَشِىَ ٱلْعَنَتَ مِنكُمْ ۚ وَأَن تَصْبِرُوا۟ خَيْرٌۭ لَّكُمْ ۗ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ

ඔබගෙන් කවුරුන්ට නිදහස් විශ්වාසවන්ත කාන්තාවන්ව විවාහ කර ගැනීමට ශක්තියක් නොමැත්තේද, ඔහු විශ්වාසවන්ත කාන්තාවන්ගෙන් ඔබගේ යටතෙහි සිටින (වහල්) ස්ත්‍රියක් (විවාහය මගින්) ලබා ගත හැකිය. අල්ලාහ් ඔබගේ විශ්වාසය හොඳින් දැනගෙනම සිටින්නේය. (මෙවැනි කාන්තාවන්ව අවමානයෙන් යුතුව නොසිතනු. විශ්වාසවන්තයින් වන) ඔබගෙන් කවුරුන් වුවත් අන් කෙනෙකුට සම වන්නේය. එබැවින් (විශ්වාසය තැබූ වහල් ස්ත්‍රීන්වද), ඔවුන්ගේ හාම්පුතාගේ අනුමැතිය ලබා ගෙන, නීති ප්‍රකාර ඔවුන්ට අයත් මහර්ද ඔවුන් වෙත ලබා දීමෙන් අනතුරුව, ඔබ ඔවුන්ව විවාහ කර ගත යුතුය. (එම කාන්තාවන්) වශ්‍යාවන් වශයෙන් හෝ අපචාරයේ හැසිරෙන්නන් වශයෙන් හෝ සිටිය නොයුතුය. (නැතහොත් අනියම් බිරියක් වශයෙන්ද ඔබ ඔවුන් සමග සම්බන්ධකම් නොපැවැත්විය යුතුය. මෙසේ) විවාහ කර ගනු ලැබූ (වහල්) ස්ත්‍රිය අපචාරයෙහි යෙදුනහොත්, ඇයට (මෙවැනි වැරැද්දක් කළ වහල් නොවන) විවාහ වූ අයිතිය ඇති කාන්තාවන්ට නියම කරනු ලබන දඬුවමෙන් අඩක් නියම කරනු ලැබේ. (තවද) ඔබගෙන් කවුරුන් (බිරිඳක් නොමැතිව සිටියහොත් තමන් විසින්) පාපයක් සිදු විය හැකිය යයි බිය වන්නෙහුද, ඔවුන්ටම මෙය (වලංගු වන්නේය). එහෙත් ඔබ (විවාහය නොමැතිවම) ඉවසා සිටීමට (හැකි නම්, එයම) ඔබට අගනේය. අල්ලාහ් (වැරදි වලට) සමාව දෙන්නෙකු වශයෙන් හා ඉතාමත් දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.

අහෝ පුරුෂයිනි, නුඹලා අතුරින් කවරෙකුට හෝ නිදහස් කාන්තාවන් විවාහ කර ගැනීමට තරම් ප්රමාණවත් මුදලක් නොමැත්තේ නම් එවිට වෙනත් අයට හිමි දේව විශ්වාස කරන වහල් කාන්තාවන් හා විවාහ වීම ඔහු කෙරෙහි වරදක් වන්නේ නැත. නුඹලාගේ විශ්වාසයේ සත්යතාව හා නුඹලාගේ අභ්යන්තර තත්ත්වයන් අල්ලාහ් මැනවින් දන්නාය. මිනිසත්කම හා දහම යන විෂයන්හි නුඹලා හා ඔවුන් එක සමානය. එහෙයින් ඔවුන් හා විවාහ වීමට අකමැති නොවන්න. ඔවුන්ගේ හිමිකරුවන්ගේ අනුමැතිය ඇති ව විවාහ වන්න. ඔවුන්ගේ මහරයේ අඩුකිරීමක් හෝ වැඩිකිරීමක් හෝ සිදු නොකොට ලබා දෙන්න. එය ඔවුන් ප්රසිද්ධියේ ගණිකාවන් නොවන හා රහසිගත ව දුරාචාරය සඳහා සල්ලාලයින් විසින් ගනු නොලබන, පතිවත රකින කාන්තාවන් නම් පමණි. නමුත් ඔවුන් විවාහ වීමෙන් පසු කාමයේ වරදවා හැසිරුණු විට නිදහස් කාන්තාවන්ට දෙනු ලබන දඬුවමින් අඩක් ඔවුනට පිරිනැමිය යුතුය. එනම් විවාහක නිදහස් කාන්තාව කාමයේ වරදවා හැසිරුණු විට පිරිනමන දඬුවමට වෙනස් වූ කසපහරවල් පනහකි. ඔවුන් ගල්ගසා මරනු ලබන්නේ නැත. පතිවත රකින, දේව විශ්වාසී වහල් කාන්තාවන් විවාහ වීම සම්බන්ධයෙන් ඉහත සඳහන් කළ කරුණු නිදහස් කාන්තාවන් විවාහ වීමට හැකියාව නොදරන, කාමයේ වරදවා හැසිරෙන්නට ඉඩ ඇතැයි බිය වන පුද්ගලයකුට පිරිනමා ඇති අනුමැතියක් හා විකල්ප ක්රමයකි. නමුත් තම දරුවන් වහල් භාවයට පත්වීමෙන් ආරක්ෂා කර ගනු පිණිස වහල් කාන්තාවන් විවාහ නොවී සිටීම වඩාත් යහපත්ය. පාප සමාව අයැද අල්ලාහ් වෙත හැරෙන ඔහුගේ ගැත්තන්හට ඔහු අති ක්ෂමාශීලීය. කාමයේ වරදවා හැසිරීමේ බියක් ඇති වූ විට නිදහස් කාන්තාවන් විවාහ වීමට හැකියාවක් නොමැති තත්ත්වයක වහල් කාන්තාවන් විවාහ වීම ආගමානගත කොට තිබීම ඔහුගේ කරුණාගුණයෙන් වූවකි.

26

يُرِيدُ ٱللَّهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ ٱلَّذِينَ مِن قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ

අල්ලාහ් (තමන්ගේ නියෝගයන්) ඔබට පැහැදිලි කර, ඔබට පෙර විසූ (දැහැමියන්) ගිය ඍජු මාර්ගයන්හි ඔබවද ඇතුළු කර, (ඔබගේ පාපයන්ට සමාව දී) ඔබ කෙරෙහි ආදර කරුණාව අත් කර දීමටම කැමති වන්නේය. අල්ලාහ් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

නුඹලාට මෙම නීති රාමුවන් ආගමානුගත කිරීමෙන් අල්ලාහ් අපේක්ෂා කරනුයේ ඔහුගේ දහමේ හා ආගමික නීතිරීති වල ඇති උසස්භාවයත් මෙලොව හා මතු ලොවෙහි නුඹලාට එහි පවතින යහපතත් පැහැදිලි කිරීමටය. එමෙන්ම නුඹලා නබිවරුන් අනුගමනය කරනු පිණිස හලාල් (අනුමත) කිරීම, හරාම් (තහනම්) කිරීම, ඔවුන් ආවරණය කරමින් පැවතුණු ගෞරවය, ඔවුන්ගේ ප්රශංසනීය චරිතය යනාදී විෂයයන් සම්බන්ධයෙන් නුඹලාට මග පෙන්වීමටත් ඔහු අපේක්ෂා කරයි. එමෙන්ම පිටුපෑමෙන් දුරස් වී ඔහුට අවනත වීම සඳහා නුඹලා ව යොමු කිරීමටත් ඔහු අපේක්ෂා කරයි. අල්ලාහ් තම ගැත්තන්ට කවර කරුණක යහපත ඇත්තේදැයි මැනවින් දන්නාය. ඔහු එය ඔවුනට ආගමානුගත කරයි. ඔහු ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.

27

وَٱللَّهُ يُرِيدُ أَن يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ ٱلَّذِينَ يَتَّبِعُونَ ٱلشَّهَوَٰتِ أَن تَمِيلُوا۟ مَيْلًا عَظِيمًۭا

එබැවින් ඔබ පාපයන්ගෙන් මිදී සිටීමම අල්ලාහ් කැමති වන්නේය. එහෙත් (සම්පූර්ණයෙන්ම කායික) සුවයම අනුගමනය කරමින් කටයුතු කරන්නන් නම්, ඔබ (ඍජු මාර්ගයෙන්) සම්පූර්ණයෙන්ම ඈත් වී (පාපයන්හි ගැලී) සිටීමම (අල්ලාහ්) කැමති වන්නේය.

තවද අල්ලාහ් නුඹලා වෙත පාප ක්ෂමාවට අවස්ථාව සලසා දී නුඹලාගේ පාප වලට සමාව දීමට අපේක්ෂා කරන අතරම තම ආශාවන් පසුපස හඹා ගියවුන් ඍජු මාර්ගයෙන් ඉවත් කොට ඉන් ඉතා ඈතට දුරස් කිරීමට අපේක්ෂා කරයි.

28

يُرِيدُ ٱللَّهُ أَن يُخَفِّفَ عَنكُمْ ۚ وَخُلِقَ ٱلْإِنسَٰنُ ضَعِيفًۭا

(තවද) අල්ලාහ් (තම නියෝගයන්) ඔබට පහසු කිරීමටම කැමති වන්නේය. මන්දයත් මිනිසා ඛෙලහීනයන් වශයෙන්ම උත්පාදනය කරනු ලැබ ඇත්තේය.

අල්ලාහ් ආගමානුගත කළ දෑ නුඹලාගෙන් සැහැල්ලු කිරීමට ඔහු අපේක්ෂා කරයි. එහෙයින් නුඹලාට දැරිය නොහැකි බරක් ඔහු නුඹලා මත නොපටවයි. ඊට හේතුව මිනිස් මැව්මෙහි හා ඔහුගේ චරිතයේ ඔහු දුර්වල බව අල්ලාහ් මැනවින් දන්නා බැවිණි.

29

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَكُم بَيْنَكُم بِٱلْبَٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَٰرَةً عَن تَرَاضٍۢ مِّنكُمْ ۚ وَلَا تَقْتُلُوٓا۟ أَنفُسَكُمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمْ رَحِيمًۭا

විශ්වාසවන්තයිනි! ඔබ තුළ කැමැත්තට අනුව සිදු වන වෙළහෙළඳාමකට අනුව මිස, ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාගේ වස්තූන් වැරදි අන්දමින් ගිල නොදැමිය යුතුය. තවද (මේ සඳහා) ඔබගෙන් කෙනෙකුට කෙනෙකු (ආරවුල් ඇති කරගෙන) කපා කොටා නොගනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කෙරෙහි ඉතාමත් දයාබරව සිටින්නේය.

අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපදින්නනි, ගනුදෙනු කරුවන් දෙදෙනකුගේ එකඟතාවෙන් සිදුවන ව්යාපාරයකින් ලැබෙන ධනයක් වී නම් මිස සොරකම, මංකොල්ලය, අල්ලස් වැනි නිත්යනුකූල නොවන අයුරින් නුඹලා තවකෙනෙකුගේ ධනය සූරා නොගනන්න. එසේ නිත්යනුකූල ව ඉපැයූ ධනය අනුභව කිරීමත්, එහි ගනුදෙනු කිරීමත් නුඹලාට අනුමැතිය ඇත. නුඹලා තවකෙකු ඝාතනය නොකරන්න. එමෙන්ම නුඹලා අතරින් කිසිවකු ඔහුවම ඝාතනය කර නොගත යුතුය. විනාශ මුඛය කරා එමගින් ඔහු සේන්දු නොවිය යුතුය. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි මහා කාරුණිකය. නුඹලාගේ ජීවිත, නුඹලාගේ ධනය හා නුඹලාගේ මානය සුරක්ෂා කිරීම ඔහුගේ කරුණාගුණයෙන් යුක්ත වූවකි.

30

وَمَن يَفْعَلْ ذَٰلِكَ عُدْوَٰنًۭا وَظُلْمًۭا فَسَوْفَ نُصْلِيهِ نَارًۭا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًا

කවුරුන් හෝ (අල්ලාහ්ගේ) සීමාවන් ඉක්මවා අපරාධ වශයෙන් මේ අන්දමට කළහොත් අපි ඔහුව (පරලොවදී) නිරයෙහි සේන්දු කර හරින්නෙමු. මෙසේ කිරීම අල්ලාහ්ට ඉතාමත් පහසු දැයකි!

කවර කරුණක් තහනම් කර ඇත්තේ ද එවැන්නක් කවරෙකු විසින් සිදු කොට අනුන්ගේ වස්තුව අනුභව කරමින් එහි ඉක්මවා ගොස් නොදැනුවත්කම හෝ වැරදීමකින් නොව දැන දැනම මිනී මැරුම් වැනි අපරාධ කරමින් සීමාව ඉක්මවා කටයුතු කරන්නේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එවැන්නන් දැවැන්ත නිරා ගින්නට අල්ලාහ් ඇතුළත් කරනු ඇත. ඔහු එහි උණුසුම විඳවනු ඇත. එහි දඬුවම ඔහුට ඉතා ගැළපෙන්නකි. කිසිවක් අල්ලාහ් පරාජය කළ නොහැකි බැවින් එය ඔහුට පහසු කාර්යයක් විය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.