Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 176

11

يُوصِيكُمُ ٱللَّهُ فِىٓ أَوْلَٰدِكُمْ ۖ لِلذَّكَرِ مِثْلُ حَظِّ ٱلْأُنثَيَيْنِ ۚ فَإِن كُنَّ نِسَآءًۭ فَوْقَ ٱثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ ۖ وَإِن كَانَتْ وَٰحِدَةًۭ فَلَهَا ٱلنِّصْفُ ۚ وَلِأَبَوَيْهِ لِكُلِّ وَٰحِدٍۢ مِّنْهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٌۭ ۚ فَإِن لَّمْ يَكُن لَّهُۥ وَلَدٌۭ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُ ۚ فَإِن كَانَ لَهُۥٓ إِخْوَةٌۭ فَلِأُمِّهِ ٱلسُّدُسُ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍۢ يُوصِى بِهَآ أَوْ دَيْنٍ ۗ ءَابَآؤُكُمْ وَأَبْنَآؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًۭا ۚ فَرِيضَةًۭ مِّنَ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا

ඔබගේ දරුවන්ගෙන් (පිරිමින්ද ගැහැනුන්ද සිටියහොත් එක්) පිරිමියෙකුට ගැහැනුන් දෙදෙනෙකුට අයත් දැය මෙන් පංගුවක් ඇතැයි අල්ලාහ් ඔබට නියෝග කරන්නේය. (ඔබගේ දරුවන් වන) ඔවුන් (පිරිමින් නොමැතිව) කාන්තාවන් වශයෙන් පමණක් සිට, ඔවුන් (දෙදෙනෙකු වශයෙන්ද නැතහොත්) දෙදෙනෙකුට වඩා වැඩියෙන් සිටියහොත් (කී දෙනෙකු වශයෙන් සිටියා වුවද) ඔහු, (මිය ගිය අය) අත්හැර දමා ගිය දේපළවලින් තුනෙන් දෙකක කොටසක්ම (තමන් තුළ සමාන වශයෙන් අයත් වන්නේය). එකම එක කාන්තාවක් සිටියහොත් හෝ ඇයට (මිය ගිය අය අත්හැර දමා ගිය දේපළවලින්) අඩක් ඇත. (ඔබගෙන් මිය ගිය) ඔහුට, දරුවන්ද තිබී, ඔහුගේ (දෙමව්පියන්ද සිටියහොත්) මව, පියා යන දෙදෙනාටම (මිය ගිය අය) අත්හැර දමා ගිය දේපළවලින් හයෙන් එක් පංගුවක් ඇත. (මිය ගිය) ඔහුට දරුවන් කිසිවෙකු නොමැතිව සිටියදී, දෙමව්පියන් (පමණක්) ඔහුට උරුමක්කාරයින් වශයෙන් වුවහොත් ඔහුගේ මවට තුනෙන් එක් පංගුවකි. (අනිත් පංගු දෙකම පියාට අත් වන්නේය. මෙවැනි තත්වයකදී මිය ගිය) ඔහුට, සහෝදරයින් (කිහිප) දෙනෙකු සිටියහොත් මවට හයෙන් එක් පංගුවකි. (ඉතිරිය පියාට අයත් වන්නේය. එක් සහෝදරයෙකු නැතහොත් එක් සහෝදරියක් පමණක් සිටියහොත් මවට තුනෙන් එක් පංගුවකි. මේ සියල්ල) මරණ ශාසනය (හෙවත් අන්තිම කැමැත්ත)ද, ණය බරද, නිදහස් කිරීමෙන් පසුවම (ඉතිරිව ඇති දේපළවලින් අත් කර ගත යුතුය). ඔබගේ පියා හෝ නැතහොත් ඔබගේ දරුවන් හෝ මොවුන්ගෙන් ඔබට ප්‍රයෝජන ගෙන දෙන්නන්ගෙන් ඉතාමත් සමීප වන්නන් කවුරුන්දැයි යන්න ඔබ නොදන්නෙහුය. (එබැවින් මේවා) අල්ලාහ් විසින් (ඔබ කෙරෙහි) නියම කර ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔහු නියම කළ ආකාරයටම ඛෙදා ගනු).

නුඹලාගේ දරුවන්ගේ උරුමයන් විෂයයෙහි අල්ලාහ් නුඹලාට අණ කර ඇති අතර ඔහු නුඹලාගෙන් ප්රතිඥා ගෙන ඇත. එනම්, සැබැවින්ම උරුමය වනාහි එය ගැහැනු දරුවන්ට හිමිවන කොටස මෙන් දෙගුණයක් පිරිමි දරුවාට බෙදා දෙනු ලැබිය යුතුය. පිරිමි දරුවකු නොමැති ගැහැනු දරුවන් පමණක් සිටින තැනැත්තෙකු ඔවුන් හැර දමා මිය ගිය විට ගැහැනු දරුවන් දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩි සංඛ්යාවක් සිටිනා විට ඔහු අතහැර යන දැයින් තුනෙන් දෙකක් ඔවුන් අතර බෙදා දෙනු ලැබිය යුතුය. එකම ගැහැනු දරුවකු පමණක් නම් ඔහු අතහැර දමා ගිය දැයින් අඩක් ඔහුට හිමි විය යුතුය. මිය ගිය තැනැත්තාහට ගැහැනු දරුවකු හෝ පිරිමි දරුවකු වී ඔහුගේ දෙමාපියන් ද සිටී නම් ඔහුගේ දෙමාපියන් සෑම කෙනෙකුටම ඔහු හැර දමා යන දැයින් හයෙන් එකක් හිමි විය යුතුය. ඔහුට දෙමාපියන් හැර කිසිදු දරුවකු හෝ උරුමක්කරුවකු හෝ නොවී නම් මව ට තුනෙන් එකක් ද ඉතිරිය තම පියාට උරුම වන්නේය. මිය ගිය තැනැත්තාට සහෝදරයින් දෙදෙනෙකු හෝ ඊට වැඩියෙන් වී නම් ඔවුන් පිරිමි හෝ ගැහැනු හෝ වේවා, එක කුස උපන් හෝ එක කුස නූපන් හෝ වේවා එවිට ඔහුගේ මව ට අනිවාර්යයෙන්ම හයෙන් එකක් හිමි විය යුතුය. ඉතිරිය වඩාත් සමීප ඥාතීත්වය අනුව පියාට හිමි වනු ඇත. සහෝදරයන්ට කිසිවක් උරුම වන්නේ නැත. උරුමය සම්බන්ධයෙන් මෙම බෙදීම් ක්රමය ක්රියාත්මක විය යුත්තේ මිය ගිය තැනැත්තා කවර දෙයක් පිළිබඳ අන්තිම කැමැත්ත ප්රකාශ කර ඇත්තේ ද එය ක්රියාත්මක කිරීමෙන් පසුවය. නමුත් ඔහුගේ අන්තිම කැමැත්ත ඔහුගේ ධනයෙන් තුනෙන් එකකට වඩා වැඩි නොවිය යුතුය යන කොන්දේසිය මත හා ඔහු වෙත පැවරී ඇති ණය පියවීමෙන් පසු ව යන කොන්දේසිය මතය. සැබැවින්ම අල්ලාහ් උරුමය පිළිබඳ වූ කොටස් මේ ආකාරයෙන් නියම කර ඇත. එසේ සිදු කර ඇත්තේ මෙලොවෙහි හා මතු ලොවෙහි සෙත සැලසීමෙන් නුඹලාට වඩාත් සමීප වනුයේ දෙමාපියන්ද දරුවන්ද යන වග නුඹලා නොදන්නා බැවිණි. මිය ගිය තැනැත්තා ඔහුගේ උරුමක්කරුවන් අතුරින් යම් කිසි කෙනෙකු යහපත් යැයි සිතා තම ධනය ඔහුට පිරිනැමිය හැක. එසේ නැතහොත් ඔහු නපුරෙක් යැයි සිතා ඔහුට පිරිනැමීමෙන් වැළකී සිටිය හැක. නමුත් ඇතැම් විට ඔහු සිතන ආකාරයට වඩා වෙනස් විය හැක. ඒ සියල්ල දන්නේ අල්ලාහ් පමණය. ඔහුට කිසිවක් සැඟවිය නොහැක. එහෙයින් ඔහු පැහැදිලි කළ පරිදි උරුමයන් බෙදිය යුතුය. එය ඔහුගේ ගැත්තන්හට වන අනිවාර්ය වගකීමක් ලෙස නියම කර ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. ඔහුගේ ගැත්තන්හට යහපත සලසන කිසිවක් ඇත්නම් ඒ ගැන කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු නීතිගත කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය.

12

۞ وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَٰجُكُمْ إِن لَّمْ يَكُن لَّهُنَّ وَلَدٌۭ ۚ فَإِن كَانَ لَهُنَّ وَلَدٌۭ فَلَكُمُ ٱلرُّبُعُ مِمَّا تَرَكْنَ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍۢ يُوصِينَ بِهَآ أَوْ دَيْنٍۢ ۚ وَلَهُنَّ ٱلرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِن لَّمْ يَكُن لَّكُمْ وَلَدٌۭ ۚ فَإِن كَانَ لَكُمْ وَلَدٌۭ فَلَهُنَّ ٱلثُّمُنُ مِمَّا تَرَكْتُم ۚ مِّنۢ بَعْدِ وَصِيَّةٍۢ تُوصُونَ بِهَآ أَوْ دَيْنٍۢ ۗ وَإِن كَانَ رَجُلٌۭ يُورَثُ كَلَٰلَةً أَوِ ٱمْرَأَةٌۭ وَلَهُۥٓ أَخٌ أَوْ أُخْتٌۭ فَلِكُلِّ وَٰحِدٍۢ مِّنْهُمَا ٱلسُّدُسُ ۚ فَإِن كَانُوٓا۟ أَكْثَرَ مِن ذَٰلِكَ فَهُمْ شُرَكَآءُ فِى ٱلثُّلُثِ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍۢ يُوصَىٰ بِهَآ أَوْ دَيْنٍ غَيْرَ مُضَآرٍّۢ ۚ وَصِيَّةًۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَلِيمٌۭ

ඔබගේ භාර්යයාවන් (මිය ගිය ඔවුන්)ට දරුවන් කිසිවෙකුත් නොතිබුණහොත් ඔවුන් අත්හැර දමා ගිය දැයෙන් ඔබට පංගුවක් ඇත. ඔවුන්ට දරුවන් සිටියහොත්, ඔවුන් අත්හැර දමා ගිය දැයෙන් ඔබට හතරෙන් එක් පංගුවක්ම (ලැඛෙන්නේය). එයත් ඔවුන්ගේ අන්තිම කැමැත්තද, ණය බරද ගෙවුවායින් පසුවය! ඔබට දරුවන් නොමැතිව සිටියදී (ඔබ මිය ගියහොත් හෝ ඔබගේ භාර්යයාවන් වන) ඔවුන්ට ඔබ අත්හැර දමා ගිය දේපළවලින් හතරෙන් එක් පංගුවක් (ලැඛෙන්නේය). ඔබට දරුවන් සිටියහොත් හෝ ඔබ අත්හැර දමා ගිය දැයෙන් අටෙන් එක් පංගුවක්ම ඔවුන්ට ඇත. එයත් (ඔබගේ) අන්තිම කැමැත්තද, ණයද ගෙවීමෙන් පසුවය! (පියා, සීයා, දරුවා, මුණුබුරා ආදී) උරුමක්කාරයින් නොමැති එක් පිරිමියෙකු හෝ නැතහොත් එක් කාන්තාවක් හෝ මිය ගොස් (ඔවුන්ට එකම මවකගේ) එක සහෝදරයෙකු නැතහොත් (එකම මවකගේ) එක සහෝදරියක් සිටියහොත් ඔවුන්ගෙන් සෑම කෙනෙකුටම (මිය ගිය අය අත්හැර දමා ගිය දැයෙන්) හයෙන් එක් පංගුවක් ඇත. මීට වැඩියෙන් (එනම්, කෙනෙකුට වැඩි එක් සහෝදරයෙකුද, එක් සහෝදරියක්ද, නැතහොත් සහෝදරයින් දෙදෙනෙකුද, නැතහොත් සහෝදරියන් දෙදෙනෙකුද) සිටියහොත් (දේපළවලින්) තුනෙන් එක් පංගුවකින් ඔවුන් (සියල්ලන්ම) සමාන කොටස්කරුවන්ය. මෙයත් (ඔහුගේ) අන්තිම කැමැත්ත හා ණය ආදිය ගෙවීමෙන් පසුවය! එහෙත් (අන්තිම කැමැත්ත මගින් උරුමක්කාරයින්ගෙන් කිසිවෙකුටත්) පාඩුවක් ඇති නොකරන්නෙකු වශයෙන් සිටිය යුතුය. (මෙය) අල්ලාහ්ගේ නියෝගයක් වන්නේය. අල්ලාහ් හොඳින් දන්නෙකු හා ඉතාමත් ඉවසිලිවන්තයෙකුද වශයෙන් සිටින්නේය.

අහෝ! ස්වාමි පුරුෂයිනි, නුඹලාගේ බිරියන්ට නුඹලා විසින් හෝ වෙනත් කිසිවකු විසින් හෝ දාව පිරිමි දරුවකු හෝ ගැහැනු දරුවකු හෝ නොවී නම් ඔවුන් හැර දමා යන දැයින් අඩක් නුඹලාට හිමිය. නමුත් ඔවුනට පිරිමි හෝ ගැහැනු දරුවකු වී නම් ඔවුන් අතහැර දමා යන ධනයෙන් හතරෙන් කොටසක් නුඹලාට හිමිය. එසේ නුඹලාට බෙදනු ලැබිය යුත්තේ ඔවුන්ගේ අන්තිම කැමත්ත ක්රියාත්මක කිරීමෙන් හා ඔවුන්ගේ ණය පියවීමෙන් පසුවය. එමෙන්ම අහෝ! ස්වාමි පුරුෂයිනි, නුඹලාට නුඹලාගේ භාර්යාවන් විසින් හෝ වෙනත් අය විසින් හෝ පිරිමි දරුවකු හෝ ගැහැනු දරුවකු නොවී නම් නුඹලා අතහැර දමා යන දැයින් හතරෙන් කොටසක් නුඹලාගේ බිරියන්ට හිමිය. නමුත් නුඹලාට පිරිමි හෝ ගැහැනු දරුවකු වී නම් නුඹලා අතහැර දමා යන දැයින් ඔවුනට හිමිවනුයේ අටෙන් කොටසකි. එසේ ඔවුන්හට බෙදනු ලැබිය යුත්තේ නුඹලාගේ අන්තිම කැමත්ත ක්රියාත්මක කිරීමෙන් හා නුඹලාගේ ණය පියවීමෙන් පසුවය. කිසිදු දරුවකු හෝ පියකු හෝ නොමැති ව මිනිසෙකු මියැඳුණේ නම් හෝ කිසිදු දරුවකු හෝ පියකු හෝ නොමැතිව කාන්තාවක් මියැඳුණේ නම් හෝ මිය ගිය ඔහුට හෝ ඇයට මව සතු සහෝදරයෙකු හෝ සහෝදරියක වී නම් තම මවගේ සහෝදරයා හා මවගේ සහෝදරිය යන සෑම කෙනෙකුටම හයෙන් එක් කොටසක් අනිවාර්ය කොටසක් ලෙස හිමි විය යුතුය. නමුත් ඔහුගේ මව සතු සහෝදරයන් හෝ සහෝදරයින් එක් අයකුට වඩා වැඩිනම් ඔවුන් සියලු දෙනාම එහි හවුල්කරුවන් වන පරිදි අනිවාර්ය කොටසක් වශයෙන් තුනෙන් එක් කොටසක් හිමි විය යුතුය. එහි දී ඔවුන්ගේ පිරිමි හා කාන්තාව යන දෙපාර්ශවයම සමාන වන්නේය. ඔවුන්ගේ කොටස හිමි වනුයේ මිය ගිය තැනැත්තාගේ අන්තිම කැමැත්ත ක්රියාත්මක කිරීමෙන් හා ඔහුගේ ණය පියවීමෙන් පසුවය. නමුත් ඔහුගේ ධනයෙන් තුනෙන් එකකට වඩා වැඩිපුර ප්රමාණයක් ඔහුගේ අන්තිම කැමැත්තෙහි ඔහු සඳහන් කර තිබීම වැනි තම අන්තිම කැමැත්ත උරුමක්කරුවන්ට හානි පමුණුවන සේ පිහිටිය නොයුතුය යන කොන්දේසිය මත සිදු විය යුත්තකි. නුඹලා වෙත අල්ලාහ්ගෙන් වූ ප්රතිඥාවක් ලෙස මෙම පාඨයේ ඇතුළත් මෙම නීතිය අල්ලාහ් නුඹලා වෙත අනිවාර්යය කර ඇත්තේය. මෙලොව හා මතු ලොව තම ගැත්තන්හට යහපත සලසනුයේ කුමක්දැයි යන වග අල්ලාහ් මැනවින් දන්නාය. ඔහු ඉතා ඉවසන සුළුය. පාපකම් කරන්නාට දඬුවම් දීම සඳහා ඔහු ඉක්මන් නොවන්නාය.

13

تِلْكَ حُدُودُ ٱللَّهِ ۚ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدْخِلْهُ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ وَذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

මේවා අල්ලාහ්ගේ සීමාවන් වන්නේය. කවුරුන් (මෙම කාරණාවන්හි) අල්ලාහ්ටද, ඔහුගේ රසූල්වරයාටද අවනත වී කටයුතු කරන්නෝද, ඔවුන්ව දිය දහරා සදා ගලමින් ඇති ස්වර්ගයන්හි ඔහු සේන්දු කරන්නේය. ඒවායේම ඔවුන් සදහටම රැඳී සිටිනු ඇත. මෙය ඉමහත් වූ භාග්‍යයක් වන්නේය.

අනාථ දරුවන් හා වෙනත් පාර්ශවයන් පිළිබඳ ඉහත සඳහන් මෙම නීතිරීති තම ගැත්තන් ඒවා ක්රියාත්මක කිරීම සඳහා අල්ලාහ් ඔවුනට ආගමානුගත කළ නීතිරීති වෙයි. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට කවරෙකු අවනත වන්නේද ස්වර්ග මාලිගා යටින් ගලා යන ගංගාවන් සහිත ස්වර්ග උයන් වලට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත. ඔවුන් එහි සදාකල් වෙසෙති. ඔවුනට විනාශයක් අත්වන්නේ නැත. එම දේව ත්යාගය අති මහත් ජයග්රහණයකි. කිසිදු ජයක් එයට සමාන වන්නේ නැත.

14

وَمَن يَعْصِ ٱللَّهَ وَرَسُولَهُۥ وَيَتَعَدَّ حُدُودَهُۥ يُدْخِلْهُ نَارًا خَٰلِدًۭا فِيهَا وَلَهُۥ عَذَابٌۭ مُّهِينٌۭ

කවුරුන් (මෙම කාරණාවෙහි) අල්ලාහ්ටද ඔහුගේ රසූල්වරයාටද වෙනස්කම් කර, ඔහු (ඇති කළ) සීමාවන් ඉක්මවා යන්නේද, ඔහුව, ඔහු (අල්ලාහ්) නිරයෙහි ඇතුළු කර දමන්නේය. එහි ඔවුන් සදහටම රැඳී සිටිනු ඇත. තවද අවමන් ගෙනදෙන දඬුවම්ද (එහි) ඔවුන්ට ඇත.

කවරෙකු අල්ලාහ්ගේ නීති කඩ කරමින් හා ඒවා අතහැර දමමින් හෝ ඒ පිළිබඳ සැක ඇති කර ගනිමින් හා ඔහු ආගමානුගත කළ සීමාවන් ඉක්මවා යමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටුපාන්නේද නිරා ගින්නට අල්ලාහ් ඔහු ව ඇතුළත් කරනු ඇත. එහි නින්දනීය දඬුවම් ඔහුට හිමි වනු ඇත.

15

وَٱلَّٰتِى يَأْتِينَ ٱلْفَٰحِشَةَ مِن نِّسَآئِكُمْ فَٱسْتَشْهِدُوا۟ عَلَيْهِنَّ أَرْبَعَةًۭ مِّنكُمْ ۖ فَإِن شَهِدُوا۟ فَأَمْسِكُوهُنَّ فِى ٱلْبُيُوتِ حَتَّىٰ يَتَوَفَّىٰهُنَّ ٱلْمَوْتُ أَوْ يَجْعَلَ ٱللَّهُ لَهُنَّ سَبِيلًۭا

ඔබගේ කාන්තාවන්ගෙන් කවුරුන් හෝ අවමානයෙන් යුතු ක්‍රියාවක් කළහොත් (කළාය යයි චෝදනා කරනු ලැබුවහොත්) ඇය කෙරෙහි (එම චෝදනාව ඔප්පු කිරීමට) ඔබගෙන් සාක්ෂීන් හතරක් කැඳවනු. ඔවුන් (එය සත්‍යය කර) සාක්ෂි දැරුවහොත් මරණය ඔවුන්ගේ කාරණාව අවසන් කර දමන තෙක් නැතහොත් අල්ලාහ් ඔවුන්ට මාර්ගයක් සලස්වන තුරු ඔවුන්ව නිවෙස් තුළ වළක්වා තබනු.

නුඹලා අතුරින් විවාහක හෝ අවිවාහක කාන්තාවන් අශීලාචාර ලෙස කාමයේ වරදවා හැසිරී දුරාචාරයේ යෙදී ඇත්නම් ඔවුන්ගේ එම වරදට එරෙහි ව යුක්ති ගරුක ලෙස අල්ලාහ්ට අවනත වන පිරිමි සිව් දෙනෙක් සාක්ෂි වශයෙන් පෙනී සිටින්නට සලස්වන්න. ඔවුනට එරෙහි ව කළ වරද පිළිබඳ මොවුන් සාක්ෂි වශයෙන් පෙනී සිටියේ නම් එම කාන්තාවන්ට දඬුවම වශයෙන් ජීවිතාන්තය දක්වා හෝ ඒ හැර වෙනත් මගක් අල්ලාහ් ඔවුන් විෂයයෙහි පෙන්වන තෙක් ඔවුන් නිවාස අඩස්සියේ තබන්න. ඉන්පසු ව අල්ලාහ් ඔවුනට මගක් පැහැදිලි කළේය. එනම් එසේ දුරාචාරයේ යෙදුණු අවිවාහක කන්යා කාන්තාවකට කසපහරවල් සියයක් හා වසරක කාලයක් රටින් පිටුවහල් කර තැබීමත් විවාහක කාන්තාවකට ගල් ගසා මැරීමත් අල්ලාහ් ආගමානුගත කළේය.

16

وَٱلَّذَانِ يَأْتِيَٰنِهَا مِنكُمْ فَـَٔاذُوهُمَا ۖ فَإِن تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا۟ عَنْهُمَآ ۗ إِنَّ ٱللَّهَ كَانَ تَوَّابًۭا رَّحِيمًا

ඔබගෙන් (ඔබගේ පිරිමින්) දෙදෙනෙකු මෙවැනි කාරණාවක් කළහොත් ඒ දෙදෙනාවම (නින්දා කර, නැතහොත් පහර දී හෝ) වේදනා කරනු. ඒ දෙදෙනාම (තමන්ගේ වැරැද්දට) පසුතැවිලි වී (එයින් ඈත් වී) හොඳින් කටයුතු කළහොත් ඔවුන්ව (වේදනා නොකර) අත්හැර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා දයාබරවද සිටින්නේය.

නුඹලා අතර සිටින විවාහක හෝ අවිවාහක පිරිමින් අතුරින් දෙදෙනෙකු අශීලාචාර ලෙස කාමයේ වරදවා හැසිරී දුරාචාරයේ යෙදී ඇත්නම් ඔවුන් අවමානයට හා පිටුවහල් වීමට ලක්වන අයුරින් අතින් හා වචනයෙන් ඔවුන් දෙදෙනාට දඬුවම් කරන්න. ඔවුන් දෙදෙනා කවර වරදක් මත සිට පසු ව ඔවුන් එයින් මිදී ඔවුන් දෙදෙනාගේ ක්රියාවන් යහපත් තත්ත්වයට පත් කර ගත්තේ ද එවිට ඔවුන් දෙදෙනාට දඬුවම් කිරීමෙන් වළකින්න. ඊට හේතුව පාපයෙන් පශ්චාත්තාප වී සමාව ඉල්ලා සිටින්නා කිසිදු පාපයක් සිදු නොකළ පුද්ගලයකු මෙන් වන බැවිණි. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්හට මහා කාරුණික බැවින් ඔවුන් අතුරින් කවරෙකු අල්ලාහ්ගෙන් පාප සමාව අයැද සිටින්නේද ඔවුනට සමාව දෙන්නාය. ආරම්භක නියෝගයක් ලෙස පිහිටි මේ ආකාරයෙන් වූ දඬුවම් ලබා දීම ප්රමාණවත් කොට සැලකුවද පසු ව එම නීතිය වෙනස් විය. එනම් අවිවාහක කෙනෙකු නම් කසපහරවල් පිරිනැමීම හා රටින් පිටුවහල් කිරීමේ නීතිය බවටත් විවාහක කෙනෙකු ගල්ගසා මරා දැමීමේ නීතිය බවටත් එම නීතිය වෙනස් විය.

17

إِنَّمَا ٱلتَّوْبَةُ عَلَى ٱللَّهِ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسُّوٓءَ بِجَهَٰلَةٍۢ ثُمَّ يَتُوبُونَ مِن قَرِيبٍۢ فَأُو۟لَٰٓئِكَ يَتُوبُ ٱللَّهُ عَلَيْهِمْ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا

කවුරුන් (තමන්ගේ) මෝඩකම නිසා පාපයන් කර, (එය පාපයක් යයි දැන ගත්තායින්) පසු පසුතැවිලි වී ඉතාමත් සීඝ්‍රයෙන් (එයින්) ඈත් වන්නෝද, එවැන්නන්ට සමාව දීම අල්ලාහ් කෙරෙහි අනිවාර්යය යුතුකමක් බවට පත් වන්නේය. එබැවින් අල්ලාහ් ඔවුන්ව ආදරයෙන් යුතුව බලන්නේය. අල්ලාහ් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

තමන් කළ වැරදි හා පාපකම් පිළිබඳ තැවී එය ඉදිරිපත් කරමින් සිදු කරන පශ්චාත්තාපය අල්ලාහ් පිළිගනුයේ ඉන් අත්වන දඬුවම හා අභාග්ය පිළිබඳ නොදැනුවත්කමින් ඔවුන් පසුවන අවස්ථාවකය. එය උවමනාවෙන් හෝ නොදැනුවත් ව හෝ වැරදි කරන සෑම කෙනෙකුටම අදාළ වන්නේය. පසු ව ඔවුන් මරණය දෑසින් දකින්නට පෙර ඔවුන්ගේ පරමාධිපති වෙත නැඹුරු වී යොමු වෙති. එවැන්නන්ගේ පශ්චාත්තාපය අල්ලාහ් පිළිගනු ඇත. ඔවුන්ගේ පාපකම් වලට සමාව දෙනු ඇත. අල්ලාහ් ඔහුගේ මැවීම් වල තත්ත්වයන් පිළිබඳ මැනවින් දන්නාය. ඔහු සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.

18

وَلَيْسَتِ ٱلتَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ إِنِّى تُبْتُ ٱلْـَٰٔنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ ۚ أُو۟لَٰٓئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًۭا

පාපයන් කරමින් සිටින ඔවුන්ගෙන් කෙනෙකුට මරණය ළඟා වූ විට, “මෙන්න! මා (මගේ පාපයන්ට) පස්චාතාප වන්නෙමි” යයි පවසන්නේද ඔහුටද, කවුරුන් (විශ්වාසය නොතබා ප්‍රතික්ෂේප කර) ප්‍රතික්ෂේපය මතම සිටින්නෝද ඔවුන්ටද, පව් ක්ෂමාවක් නැත! මෙවැන්නන්ට වේදනා ගෙන දෙන දඬුවමම පිළියෙල කර ඇත්තෙමු.

පාපකම් වල තමන් නිරත වෙමින් මිය යන අවස්ථාව දෑසින් දකින තෙක් ඒ ගැන පශ්චාත්තාප නොවන්නන්ගේ පශ්චාත්තාපය අල්ලාහ් පිළිගන්නේ නැත. මිය යන අවස්ථාවේ ඔවුන්ගේ කෙනෙක් “කවර පාපයක් මා සිදු කළේද ඒ ගැන සැබැවින්ම මම දැන් පශ්චාත්තාප වී සමාව අයදිමි’ යැයි ඉල්ලා සිටියද එලෙස අල්ලාහ් දේව ප්රතික්ෂේපය මත පිහිටා එම තත්ත්වයේම මියගිය තැනැත්තන්ගේ පශ්චාත්තාපය පිළිගන්නේ නැත. පාපකම් වල නිරත ව සිටි පාපිෂ්ඨයින් හා දෙවියන් ප්රතික්ෂේප කරමින් සිටි තත්ත්වයේ මරණයට පත් වූවන්හට අපි වේදනීය දඬුවම සූදානම් කර ඇත්තෙමු.

19

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا يَحِلُّ لَكُمْ أَن تَرِثُوا۟ ٱلنِّسَآءَ كَرْهًۭا ۖ وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا۟ بِبَعْضِ مَآ ءَاتَيْتُمُوهُنَّ إِلَّآ أَن يَأْتِينَ بِفَٰحِشَةٍۢ مُّبَيِّنَةٍۢ ۚ وَعَاشِرُوهُنَّ بِٱلْمَعْرُوفِ ۚ فَإِن كَرِهْتُمُوهُنَّ فَعَسَىٰٓ أَن تَكْرَهُوا۟ شَيْـًۭٔا وَيَجْعَلَ ٱللَّهُ فِيهِ خَيْرًۭا كَثِيرًۭا

විශ්වාසවන්තයිනි! කාන්තාවන්ව (ඔවුන් ඔබව කැමති නොවී පිළිකුල් කර සිටියදී, මිය ගිය අයගේ දේපළවලින් ගණන් ගනිමින් ඔවුන්ව) බලෙන් අත් කර ගැනීම ඔබට සුදුසු නැත. තවද ප්‍රසිද්ධියේ යම්කිසි අවමන් ගෙන දෙන ක්‍රියාවක් කළහොත් මිස, (ඔබගේ) කාන්තාවන්ට ඔබ දුන් දැයෙන් කිසිවක් ගැනීම පිණිස ඔවුන්ව (ඔබගේ නිවසෙහි) ඔබ, සිර කර නොතබනු. තවද ඔවුන් සමග ගෞරවනීය අන්දමින්ද, (සැහැල්ලූවෙන්ද) කටයුතු කරනු. ඔවුන්ව ඔබ පිළිකුල් කළා වුවද කම් නැත! මන්දයත් ඔබ පිළිකුල් කරන දැයෙහි අල්ලාහ් අනේක හොඳ තබා තිබිය හැකිය.

අහෝ! අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව පිළිපදින්නනි, නුඹලාගේ පියවරුන්ගේ හා නුඹලාගේ සමීප ඥාතීන්ගේ ස්ත්රීන් නුඹලා ධනය උරුම කර ගන්නාක් මෙන් ඔවුන් විවාහ කරගනිමින් හෝ නුඹලා සිතන අයට විවාහ කර දීමෙන් හෝ ඔවුන් විවාහ කටයුත්තක් සිදු කර ගැනීම වැළැක්වීමෙන් හෝ නුඹලා ඔවුන් සමග කටයුතු නොකළ යුතුය. නුඹලා පිළිකුල් කරන නුඹලාගේ බිරියන්හට නුඹලා පිරිනැමූ විවාහ ත්යාගය හා වෙනත් දීමනා වලින් කොටසක් නුඹලාට ඔවුන් පෙරළා දෙන තරමට ඔවුන් හිංසා පීඩාවට ලක් කරනු පිණිස ඔවුන් රඳවා තබා ගැනීම නුඹලාට අනුමත නැත. නමුත් දුරාචාරය මෙන් පැහැදිලි අශීලාචාර වරදක් ඔවුන් සිදු කර තිබුණේ නම් ඔවුන් ව රඳවා තබා ගැනීමත් නුඹලා ඔවුනට පිරිනැමූ දෑ ඔවුන් වන්දි වශයෙන් නුඹලා වෙත නැවත පිරිනමන තෙක් ඔවුන් හිරකර තබා ගැනීමත් නුඹලාට අනුමැතිය ඇත. නුඹලාගේ බිරියන්ට අත්වන වේදනාවන් වළක්වාලමින් ඔවුනට යහපත් අයුරින් වියහියදම් කරමින් නුඹලා ඔවුන් සමග යහපත් බැඳීමකින් යුතු ව කටයුතු කරනු. ලෞකික කරුණක් නිසාවෙන් නුඹලා ඔවුන් පිළිකුල් කරන්නෙහු නම් නුඹලා ඔවුන් සම්බන්ධයෙන් ඉවසීමෙන් කටයුතු කරනු. නුඹලා පිළිකුල් කරන දෑහි මෙලොව හා මතු ලොව ජීවිතයේ අධික ලෙස යහපත අල්ලාහ් තබා තිබෙන්නට පුළුවණ.

20

وَإِنْ أَرَدتُّمُ ٱسْتِبْدَالَ زَوْجٍۢ مَّكَانَ زَوْجٍۢ وَءَاتَيْتُمْ إِحْدَىٰهُنَّ قِنطَارًۭا فَلَا تَأْخُذُوا۟ مِنْهُ شَيْـًٔا ۚ أَتَأْخُذُونَهُۥ بُهْتَٰنًۭا وَإِثْمًۭا مُّبِينًۭا

එක් භාර්යයාවක් (පහ කර, ඇය) වෙනුවට වෙනත් කාන්තාවක් (විවාහ කර ගැනීමට) ඔබ අදහස් කළහොත් (පහ කරන්නට අදහස් කරන) එම පෙර සිටි බිරිඳට ඔබ එක් (රන්) පොදියක් දී තිබුණද, එයින් කිසිවක් ඔබ නොගනු. අසාධාරණයේද, ප්‍රසිද්ධියේද වරදක් පටවා එය (ඇයට ඔබ දුන් දැය) ඔබට උදුරා ගත හැකිද?

අහෝ! ස්වාමි පුරුෂයිනි, බිරිය දික්කසාද කොට ඇයගේ ස්ථානයේ වෙනත් කතක් තබන්නට නුඹලා අපේක්ෂා කරන්නේ නම් එහි නුඹලාට වරදක් නැත. නුඹලා වෙන් වීමට අපේක්ෂා කරන ඇයට මහර් නොහොත් විවාහ ත්යාග වශයෙන් ධන සම්භාරයක් නුඹලා පිරිනමා තිබුණද ඉන් කිසිවක් නැවත ලබා ගැනීම නුඹලාට තහනම් වන්නේය. එසේ නුඹලා ඔවුනට පිරිනැමූ දෑ නැවත ගන්නේ නම් එය පැහැදිලි වරදක් හා පැහැදිලි පාපයක් ලෙස සලකනු ලැබේ.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.