Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 171–176 of 176

171

يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لَا تَغْلُوا۟ فِى دِينِكُمْ وَلَا تَقُولُوا۟ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ ۚ إِنَّمَا ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلْقَىٰهَآ إِلَىٰ مَرْيَمَ وَرُوحٌۭ مِّنْهُ ۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۖ وَلَا تَقُولُوا۟ ثَلَٰثَةٌ ۚ ٱنتَهُوا۟ خَيْرًۭا لَّكُمْ ۚ إِنَّمَا ٱللَّهُ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۖ سُبْحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٌۭ ۘ لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًۭا

ධර්මය හිමි අයවළුනි! ඔබගේ ධර්මයෙහි ඔබ ප්‍රමාණය ඉක්මවා නොයනු. තවද අල්ලාහ් ගැන ඇත්ත මිස, (වෙන කිසිවක්) නොපවසනු. නියත වශයෙන්ම මර්යම්ගේ පුත් ඊසා මසීහ් අල්ලාහ්ගේ (එක්) දූතයෙකි. (ඔහුගේ පුතෙකු නොව). හැරත් ඔහුගේ (“කුන්” නමැති) වදනින් (ඉපදුනු කෙනෙකු වශයෙන්ද) සිටින්නේය. අල්ලාහ් (තමන්ගේ එම) පොරොන්දුව මර්යම්ට ලබා දුන්නේය. (අනිත් ආත්මයන් මෙන් ඔහුද) ඔහුගේ සන්නිධානයෙන් පැමිණි එක් ආත්මයකි. එබැවින් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද ඔබ විශ්වාස කරනු. (දෙවිවරුන්) “තිදෙනෙකු” යයිද නොපවසනු. (මෙසේ කීම) අත්හැර දමනු. (එය) ඔබටම ඉතාමත් හොඳය. මන්දයත් නැමදුමට යුත්තා අල්ලාහ් (එකම) එක්කෙනෙකි. ඔහු දරුවන්ගෙන් ඈත්ව ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. අහස් හා භූමියෙහි ඇති සියල්ලද ඔහුට අයත් දැයයි! (ඔබ සියල්ලන්ව) ආරක්ෂා කිරීමට අල්ලාහ් (කෙනෙකුම) ප්‍රමාණවත් කෙනෙකි. (ඊසා මසීහ් අවශ්‍යය නැත).

දූතය, ඉන්ජීලය ලත් කිතුනුවන්හට ඔබ මෙසේ පවසන්න. ඔබේ දහම තුළ පවතින සීමාව උල්ලංඝනය නොකරන්න. ඊසා (අලය්හිස් සලාම්) විෂයෙහි අල්ලාහ් වෙත සත්යය හැර වෙනත් කිසිවක් ගොතා නොපවසන්න. සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා නොහොත් මසායා අල්ලාහ්ගේ දූතයෙකි. සත්යයෙන් යුතු ව ඔහු එව්වේය. ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මර්යම් තුමිය වෙත ගෙන ආ ඔහුගේ වදනින් ඔහු මැව්වේය. "කුන්" යන වදන පැවසූ වහාම එය සිදු විය. එය අල්ලාහ්ගෙන් වූ පිඹුමක් විය. අල්ලාහ්ගේ නියෝගය මත ජිබ්රීල් තුමා එය ඇය මත පිඹුවේය. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් අතර කිසිදු බෙදීමකින් හෝ වෙන් කිරීමකින් තොරව විශ්වාස කරනු. ඔබ දේවත්වය ත්රිත්වය යැයි නොපවසනු. මෙම ව්යාජ, නරක ප්රකාශයෙන් ඔබ වැළකෙනු. එයින් ඔබ වැළකී සිටීම මෙලොවට මෙන්ම මතු ලොවට ඔබට යහපතක් වනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඒකීයය. හවුල්කරුවන්ගෙන් හා පුතකු ගැනීමෙන් ඔහු පිවිතුරුය. ඔහු අවශ්යතාවන්ගෙන් තොරය. අහස්හි පාලනය ද මහපොළොවෙහි පාලනයද ඒ දෙකහි ඇති පාලනයද ඔහු සතුය. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ක්රියාත්මක කිරීමටත් ඔවුනට ඒවා සැලසුම් කර දීමටත් අල්ලාහ් ප්රමාණවත්ය.

An-Nisaa 4:171Listen in Qur'an →
172

لَّن يَسْتَنكِفَ ٱلْمَسِيحُ أَن يَكُونَ عَبْدًۭا لِّلَّهِ وَلَا ٱلْمَلَٰٓئِكَةُ ٱلْمُقَرَّبُونَ ۚ وَمَن يَسْتَنكِفْ عَنْ عِبَادَتِهِۦ وَيَسْتَكْبِرْ فَسَيَحْشُرُهُمْ إِلَيْهِ جَمِيعًۭا

මසීහ්ද, ශ්‍රේෂ්ඨත්වයෙන් පිරි මලායිකාවරුන්ද අල්ලාහ්ට වහලූන් වශයෙන් සිටීම ගැන මදිපාඩුවක් වශයෙන් ගණන් ගනු ලබන්නේ නැත. කවුරුන් ගර්විතව අල්ලාහ්ට වහලූන් වශයෙන් සිටීම මදිපාඩුවක් වශයෙන් දකින්නෝද, ඔවුන් සියල්ලන්වම (විනිශ්චය දිනදී) ඔහු තමන් වෙතම ගෙන ඒමට සලස්වන්නේය!

මර්යම්ගේ පුත් ඊසා අල්ලාහ්ට ගැත්තෙකු වීමෙන් හෝ ඔහුට වඩාත් සමීප, ඔවුන්ගේ තරාතිරම් උසස් කරනු ලැබූ මලක්වරුන් අල්ලාහ්ට ගැත්තන් වීමෙන් හෝ කිසිවිටෙක වැළකී නොසිටිති. එසේ කිරීම අතහැර නොදමති. එසේ නම් ඔබ ඊසා තුමා ව දෙවියන් වශයෙන් සලකනුයේ කෙසේද? මුෂ්රිකූන් හෙවත් දෙවියන්ට ආදේශ තබන්නන් මලක්වරු දෙවියන් වශයෙන් සලකනුයේ කෙසේද? කවරෙකු අල්ලාහ්ට ගැතිකම් කිරීමෙන් වැළකී, ඉන් ඉවත් වන්නේද සැබැවින් අල්ලාහ් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියල්ලන් එක්රැස් කොට ඔවුනොවුනුට ගැළපෙන අයුරින් ප්රතිඵල පිරිනමන බව දැන ගත යුතුයි.

An-Nisaa 4:172Listen in Qur'an →
173

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَيَزِيدُهُم مِّن فَضْلِهِۦ ۖ وَأَمَّا ٱلَّذِينَ ٱسْتَنكَفُوا۟ وَٱسْتَكْبَرُوا۟ فَيُعَذِّبُهُمْ عَذَابًا أَلِيمًۭا وَلَا يَجِدُونَ لَهُم مِّن دُونِ ٱللَّهِ وَلِيًّۭا وَلَا نَصِيرًۭا

එබැවින් කවුරුන් (ඇත්තෙන්ම) විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ගේ ඵලවිපාකයන් ඔහු, ඔවුන්ට පූරණ වශයෙන් ලබා දී, තම දයාවෙන් නැවත (නැවතත්) ඔවුන්ට වැඩි කරනු ඇත. කවුරුන් ගර්විතව (අල්ලාහ්ට වහලූන් වශයෙන් සිටීම) අඩුපාඩුවක් වශයෙන් දකින්නෝද, ඔවුන්ව වේදනා ගෙන දෙන දඬුවම මගින් ඔහු දඬුවම් කරන්නේය. අල්ලාහ්ම මිස, තමන්ට මිතුරන්ද, උදව් කරන්නන්ද (එහිදී) ඔවුන් නොදකින්නාහ!

අල්ලාහ් ව විශ්වාස කොට, ඔහුගේ දූතවරුන් සත්ය බව තහවුරු කොට, අවංක ලෙසින් හා ආගමානුගත කළ කරුණු වලට අනුකූල ව, ඒ පිළිබඳ දැනුවත් ව අල්ලාහ් වෙනුවෙන් දැහැමි ක්රියාවන් ඉටු කරන්නන් වනාහි ඔවුන්ගේ ක්රියාවන් සඳහා කිසිදු අඩු කිරීමකින් තොර ව පූර්ණ කුසල් ඔහු ඔවුනට පිරිනමනු ඇත. ඔහුගේ ආශිර්වාදය හා භාග්ය තුළින් ඊටත් වඩා අධික ව පිරිනමනු ඇත. නමුත් අල්ලාහ්ට ගැතිකම් කිරීමෙන් හා අවනතවීමෙන් ඉවත් ව, උඩඟුවෙන් තමන් උසස් යැයි සැලකූ අය වනාහි, වේදනා සහගත දඬුවමින් ඔහු ඔවුනට දඬුවම් කරනු ඇත. ඔවුනට යහපත සැලසීමටත් ඔවුනට උපකාර කොට ඔවුනට අත්වන හිංසාවෙන් ඔවුන් මුදවන්නටත් අල්ලාහ් හැර වෙනත් කිසිදු භාරකරුවකු ඔවුන් නොදකිනු ඇත.

An-Nisaa 4:173Listen in Qur'an →
174

يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُم بُرْهَٰنٌۭ مِّن رَّبِّكُمْ وَأَنزَلْنَآ إِلَيْكُمْ نُورًۭا مُّبِينًۭا

මිනිසුනේ! ඔබගේ දෙවියන් වෙතින් (ප්‍රමාණවත්) සාධකයන් නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත. පැහැදිලි ඉමහත් වූ ආලෝකයම (ශුද්ධ වූ කුර්ආනය) අපි ඔබට පහළ කර ඇත්තෙමු.

අහෝ ජනයිනි! නිදහසට කරුණු කිව නොහැකි පරිදි සැකය දුරු කරන පැහැදිලි සාධකයක් ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පැමිණ ඇත. ඔහු ධර්ම දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ය. එමෙන්ම අපි ඔබ වෙත පැහැදිලි ආලෝකයක් පහළ කළෙමු. එය මෙම අල් කුර්ආනයයි.

An-Nisaa 4:174Listen in Qur'an →
175

فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَٱعْتَصَمُوا۟ بِهِۦ فَسَيُدْخِلُهُمْ فِى رَحْمَةٍۢ مِّنْهُ وَفَضْلٍۢ وَيَهْدِيهِمْ إِلَيْهِ صِرَٰطًۭا مُّسْتَقِيمًۭا

එබැවින් කවුරුන් (ඇත්තෙන්ම) අල්ලාහ්ව විශ්වාස කර, ඔහුව (ඔහුගේ මාර්ගය) තදින් අල්ලා ගන්නෝද, ඔවුන්ව ඔහු තමන්ගේ ආදරයෙහිද, දයාවෙහිද ඇතුළු කර හරින්නේය. තවද (තමන් වෙත පැමීණීමට ඇති) ඍජු මාර්ගයෙහිද ඔවුන්ව ඇතුළු කරන්නේය.

අල්ලාහ් ව විශ්වාස කොට තම නබිවරයාණන් වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය පිළිපදින්නන් වනාහි ඔවුන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් අල්ලාහ් ඔවුනට ආශිර්වාද කරනු ඇත. ඔවුනට කුසල් අධික ව පිරිනමනු ඇත. තරාතිරම් උසස් කරනු ඇත. කිසිදු ඇදයක් නොමැති ඍජු මාවත මත ගමන් කිරීමට ආශිර්වාද කරනු ඇත. එය සදා ස්වර්ග උයන් වෙත සේන්දු කරවන උතුම් මාර්ගයයි.

An-Nisaa 4:175Listen in Qur'an →
176

يَسْتَفْتُونَكَ قُلِ ٱللَّهُ يُفْتِيكُمْ فِى ٱلْكَلَٰلَةِ ۚ إِنِ ٱمْرُؤٌا۟ هَلَكَ لَيْسَ لَهُۥ وَلَدٌۭ وَلَهُۥٓ أُخْتٌۭ فَلَهَا نِصْفُ مَا تَرَكَ ۚ وَهُوَ يَرِثُهَآ إِن لَّمْ يَكُن لَّهَا وَلَدٌۭ ۚ فَإِن كَانَتَا ٱثْنَتَيْنِ فَلَهُمَا ٱلثُّلُثَانِ مِمَّا تَرَكَ ۚ وَإِن كَانُوٓا۟ إِخْوَةًۭ رِّجَالًۭا وَنِسَآءًۭ فَلِلذَّكَرِ مِثْلُ حَظِّ ٱلْأُنثَيَيْنِ ۗ يُبَيِّنُ ٱللَّهُ لَكُمْ أَن تَضِلُّوا۟ ۗ وَٱللَّهُ بِكُلِّ شَىْءٍ عَلِيمٌۢ

(නබියේ!) ධර්ම නීති රීති (කලාලා) ගැන ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: කලාලා -(එනම් පියා, සීයා, දරුවා, මුණුබුරා ආදී උරුමක්කාරයින් නොමැති දේපළ) ගැන අල්ලාහ් ඔබට මෙසේ නියෝග කරන්නේය: පරම්පරාවේ දරුවන් නොමැති මිනිසෙකු මරණයට පත් වීමෙන්, ඔහුට (එකම පියෙකුගෙන් එන) එක් සහෝදරියක් (පමණක්) සිටියහොත් ඇයට, ඔහු අත්හැර දමා ගිය දැයෙන් (දේපළින්) අඩක් ලැඛෙන්නේය. (මෙයට වෙනස්ව කාන්තාවක් මිය යාමෙන්) ඇයට දරුවන් නොමැතිව තිබී, (එකම පියෙකුගෙන් වූ එකම එක සහෝදරයෙකු පමණක්) සිටියහොත් ඇය අත්හැර දමා ගිය සියල්ල ඔහුට අත් වන්නේය. (පිරිමියෙකු නැතිව) කාන්තාවන් දෙදෙනෙකු (පමණක්) සිටියහොත් ඇය අත්හැර දමා ගිය දැයෙන් තුනෙන් දෙපංගුවක් මේ දෙදෙනාට අයිති වේ. තවද පිරිමිද, ගැහැනුද (වශයෙන් කිහිප දෙනෙකු) සහෝදරයින් වශයෙන් සිටියහොත් (මිය ගිය අය අත්හැර දමා ගිය දැයෙන්) පිරිමියාට, කාන්තාවට තිඛෙන්නාක් මෙන් පංගු දෙකක් ඇත. (එනම් කාන්තාවට එක් පංගුවක්ද, පිරිමියාට පංගු දෙකක්ද ලැඛෙන්නේය). ඔබ මාර්ගය වැරද නොගොස් සිටීමට (මේවා) අල්ලාහ් ඔබට (මෙසේ) පැහැදිලිව විවරණය කරන්නේය. අල්ලාහ් සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

දූතය, කලාලා සම්බන්ධයෙන් ආගමික තීන්දු දෙන මෙන් ජනයා ඔබෙන් ඉල්ලති. එනම් තම උරුමය රකින්නට පියකු හෝ දරුවකු හෝ නොමැති ව මිය ගිය පුද්ගලයා සම්බන්ධයෙනි. එහි නීතිය ගැන අල්ලාහ් පැහැදිලි කරනු ඇතැයි ඔබ ඔවුනට පවසනු. තමන්ට පියකු හෝ දරුවකු නොමැති ව පුද්ගලයකු මිය ගියේ නම් ඔහුට එක්කුස උපන් සහෝදරියෙක් හෝ තම පියාගේ මාර්ගයෙන් වූ සහෝදරියෙක් සිටි නම්, ඔහු හැර දමා ගිය ධනයෙන් අඩක් අනිවාර්යයයෙන්ම ඇයට හිමි විය යුතුය. එක්කුස උපන් සහෝදරයකු හෝ තම පියා මගින් දාව සහෝදරයකු වී නම් අනිවාර්ය ලෙස උරුමය ලැබිය යුතු කිසිවකු නොමැති නම් පසු උරුමය වශයෙන් ඔහු හැර දමා ගිය දෑ ට ඔහු උරුමකම් පානු ඇත. නමුත් අනිවාර්යයෙන්ම උරුමය ලැබිය යුතු අයකු වී නම් ඔහු එසේ උරුමකම් කියනුයේ ඉතිරි ව ඇති දෑ ට පමණය. එක්කුස උපන් සහෝදරියන් බොහෝ දෙනෙකු වී හෝ තම පියාට දාව සහෝදරියන් දෙදෙනෙකු හෝ ඊටත් වඩා වැඩියෙන් වී නම් ඔවුන් දෙදෙනා උරුමකම් කියනු ඇත එසේත් නැතහොත් අනිවාර්ය ලෙස තුනෙන් දෙකකට උරුමකම් කියනු ඇත. එක්කුස උපන් සහෝදරයන් වී නම් හෝ තම පියාණන් දාව සහෝදර සහෝදරියන් වී නම් අසබ් පිළිවෙලින් (එනම් පිරිමියාගේ පංගුව කාන්තා දෙදෙනෙකුට හිමි පංගු දෙකක් හා සමානය යන න්යායයට අනුව) ඔවුන් උරුමකම් පානු ඇත. අල්ලාහ් ඔබට කලාලා නීතියත් උරුමය හා බැඳුණු වෙනත් නීතීන්ද ඔබ ඒ පිළිබඳ නොමග නොයනු පිණිස ඔබට ඔහු පැහැදිලි කරයි. අල්ලාහ් සියලු දෑ පිළිබඳ සර්වඥය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත.

An-Nisaa 4:176Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.