يَٰٓأَهْلَ ٱلْكِتَٰبِ لَا تَغْلُوا۟ فِى دِينِكُمْ وَلَا تَقُولُوا۟ عَلَى ٱللَّهِ إِلَّا ٱلْحَقَّ ۚ إِنَّمَا ٱلْمَسِيحُ عِيسَى ٱبْنُ مَرْيَمَ رَسُولُ ٱللَّهِ وَكَلِمَتُهُۥٓ أَلْقَىٰهَآ إِلَىٰ مَرْيَمَ وَرُوحٌۭ مِّنْهُ ۖ فَـَٔامِنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ ۖ وَلَا تَقُولُوا۟ ثَلَٰثَةٌ ۚ ٱنتَهُوا۟ خَيْرًۭا لَّكُمْ ۚ إِنَّمَا ٱللَّهُ إِلَٰهٌۭ وَٰحِدٌۭ ۖ سُبْحَٰنَهُۥٓ أَن يَكُونَ لَهُۥ وَلَدٌۭ ۘ لَّهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًۭا
ධර්මය හිමි අයවළුනි! ඔබගේ ධර්මයෙහි ඔබ ප්රමාණය ඉක්මවා නොයනු. තවද අල්ලාහ් ගැන ඇත්ත මිස, (වෙන කිසිවක්) නොපවසනු. නියත වශයෙන්ම මර්යම්ගේ පුත් ඊසා මසීහ් අල්ලාහ්ගේ (එක්) දූතයෙකි. (ඔහුගේ පුතෙකු නොව). හැරත් ඔහුගේ (“කුන්” නමැති) වදනින් (ඉපදුනු කෙනෙකු වශයෙන්ද) සිටින්නේය. අල්ලාහ් (තමන්ගේ එම) පොරොන්දුව මර්යම්ට ලබා දුන්නේය. (අනිත් ආත්මයන් මෙන් ඔහුද) ඔහුගේ සන්නිධානයෙන් පැමිණි එක් ආත්මයකි. එබැවින් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද ඔබ විශ්වාස කරනු. (දෙවිවරුන්) “තිදෙනෙකු” යයිද නොපවසනු. (මෙසේ කීම) අත්හැර දමනු. (එය) ඔබටම ඉතාමත් හොඳය. මන්දයත් නැමදුමට යුත්තා අල්ලාහ් (එකම) එක්කෙනෙකි. ඔහු දරුවන්ගෙන් ඈත්ව ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. අහස් හා භූමියෙහි ඇති සියල්ලද ඔහුට අයත් දැයයි! (ඔබ සියල්ලන්ව) ආරක්ෂා කිරීමට අල්ලාහ් (කෙනෙකුම) ප්රමාණවත් කෙනෙකි. (ඊසා මසීහ් අවශ්යය නැත).
දූතය, ඉන්ජීලය ලත් කිතුනුවන්හට ඔබ මෙසේ පවසන්න. ඔබේ දහම තුළ පවතින සීමාව උල්ලංඝනය නොකරන්න. ඊසා (අලය්හිස් සලාම්) විෂයෙහි අල්ලාහ් වෙත සත්යය හැර වෙනත් කිසිවක් ගොතා නොපවසන්න. සැබැවින්ම මර්යම්ගේ පුත් ඊසා නොහොත් මසායා අල්ලාහ්ගේ දූතයෙකි. සත්යයෙන් යුතු ව ඔහු එව්වේය. ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මර්යම් තුමිය වෙත ගෙන ආ ඔහුගේ වදනින් ඔහු මැව්වේය. "කුන්" යන වදන පැවසූ වහාම එය සිදු විය. එය අල්ලාහ්ගෙන් වූ පිඹුමක් විය. අල්ලාහ්ගේ නියෝගය මත ජිබ්රීල් තුමා එය ඇය මත පිඹුවේය. එහෙයින් අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් අතර කිසිදු බෙදීමකින් හෝ වෙන් කිරීමකින් තොරව විශ්වාස කරනු. ඔබ දේවත්වය ත්රිත්වය යැයි නොපවසනු. මෙම ව්යාජ, නරක ප්රකාශයෙන් ඔබ වැළකෙනු. එයින් ඔබ වැළකී සිටීම මෙලොවට මෙන්ම මතු ලොවට ඔබට යහපතක් වනු ඇත. සැබැවින්ම අල්ලාහ් ඒකීයය. හවුල්කරුවන්ගෙන් හා පුතකු ගැනීමෙන් ඔහු පිවිතුරුය. ඔහු අවශ්යතාවන්ගෙන් තොරය. අහස්හි පාලනය ද මහපොළොවෙහි පාලනයද ඒ දෙකහි ඇති පාලනයද ඔහු සතුය. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ක්රියාත්මක කිරීමටත් ඔවුනට ඒවා සැලසුම් කර දීමටත් අල්ලාහ් ප්රමාණවත්ය.