Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 161–170 of 176

161

وَأَخْذِهِمُ ٱلرِّبَوٰا۟ وَقَدْ نُهُوا۟ عَنْهُ وَأَكْلِهِمْ أَمْوَٰلَ ٱلنَّاسِ بِٱلْبَٰطِلِ ۚ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ مِنْهُمْ عَذَابًا أَلِيمًۭا

ඔවුන්ට පොළිය තහනම් කරනු ලැබ තිබියදී එය ඔවුන් ලබා ගනිමින් සිටි හේතුවෙන්ද, මිනිසුන්ගේ වස්තූන් ඔවුන් අසාධාරණයේ ගිල දමමින් සිටි හේතුවෙන්ද, (අපි ඔවුන්ට ශාප කළෙමු. පරලොවදී නම්) ඔවුන්ගෙන් (මෙවැනි) ප්‍රතික්ෂේප කරන්නන්ට වේදනා ගෙන දෙන දඬුවම ම අපි පිළියෙල කර තබා ඇත්තෙමු.

පොලිය හා බැඳුණු ගනු දෙනු අල්ලාහ් ඔවුනට තහනම් කළ පසු ව ඔවුන් ඒ සමඟ ගනු දෙනු කළ හේතුවෙන්ද, කිසිදු ආගමික න්යායකින් තොරව මිනිසුන්ගේ ධනය පැහැර ගත් හේතුවෙන්ද ඔවුන් අතර වූ දේව ප්රතික්ෂේපකයින්හට වේදනා සහගත දඬුවමක් අපි සූදානම් කළෙමු.

An-Nisaa 4:161Listen in Qur'an →
162

لَّٰكِنِ ٱلرَّٰسِخُونَ فِى ٱلْعِلْمِ مِنْهُمْ وَٱلْمُؤْمِنُونَ يُؤْمِنُونَ بِمَآ أُنزِلَ إِلَيْكَ وَمَآ أُنزِلَ مِن قَبْلِكَ ۚ وَٱلْمُقِيمِينَ ٱلصَّلَوٰةَ ۚ وَٱلْمُؤْتُونَ ٱلزَّكَوٰةَ وَٱلْمُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ أُو۟لَٰٓئِكَ سَنُؤْتِيهِمْ أَجْرًا عَظِيمًا

එහෙත් (නබියේ!) ඔවුන්ගෙන් අධ්‍යාපන දැනුමෙන් අග තැන්පත් අයද, (සත්‍ය) විශ්වාසවන්තයින්ද, ඔබ කෙරෙහි පහළ කරන ලද දැයද (මෙම ධර්මයද), ඔබට පෙර පහළ කරන ලද සියල්ල (ධර්මයන්)ද, (ඇත්තෙන්ම) විශ්වාස කර, සලාතයද නොකඩවා සලාත් කරන්නාහ. සකාත්ද ගෙවමින් සිටින්නාහ. අල්ලාහ්වද අවසාන දිනයද විශ්වාස කරන්නාහ. මොවුන්ට (පරලොවදී) ඉමහත් වූ ඵලවිපාකම අපි දෙන්නෙමු.

දූතය, යුදෙව්වන් අතරින් දැනුම ලබා එහි ස්ථීර ව සිටින්නන් ද ඔබට අල්ලාහ් පහළ කළ කුර්ආනය සැබෑවක් බව පවසන, දෙවියන් විශ්වාස කර ඔබට පෙර පහළ වූ තව්රාත් හා ඉන්ජීලය වැනි දේව පුස්තක සැබෑවක් ලෙස පිළිගන්න, සලාතය ඉටු කර, තම ධනයෙන් සකාත් පිරිනමන, අල්ලාහ් ඒකීය යැයි තහවුරු කොට, ඔහුට කිසිදු හවුල්කරුවකු සම්බන්ධ නොකළ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සැබෑවක් ලෙස පිළිගන්නන් වනාහි මෙවන් ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්හට අතිමහත් තිළිණ අපි මතු පිරිනමමු.

An-Nisaa 4:162Listen in Qur'an →
163

۞ إِنَّآ أَوْحَيْنَآ إِلَيْكَ كَمَآ أَوْحَيْنَآ إِلَىٰ نُوحٍۢ وَٱلنَّبِيِّۦنَ مِنۢ بَعْدِهِۦ ۚ وَأَوْحَيْنَآ إِلَىٰٓ إِبْرَٰهِيمَ وَإِسْمَٰعِيلَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ وَٱلْأَسْبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَٰرُونَ وَسُلَيْمَٰنَ ۚ وَءَاتَيْنَا دَاوُۥدَ زَبُورًۭا

(නබියේ!) නූහ්ටද ඔහුගෙන් පසු පැමිණි නබිවරුන්ටද අපි වහී දැනුම් දුන් අන්දමටම ඔබටත් නියත වශයෙන්ම අපි වහී දැනුම් දුන්නෙමු. තවද ඉබ්රාහීම්, ඉස්මායීල්, ඉස්හාක්, යාකූබ් ආදීන්ටද, ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ටද, ඊසා, අයියූබ්, යූනුස්, හාරූන්, සුලෙයිමාන් ආදීන්ටද (මේ අන්දමටම) අපි වහී දැනුම් දී ඇත්තෙමු. දාවූද්ට සබූර් නමැති ධර්මය අපිම ලබා දුන්නෙමු.

දූතය, ඔබට පෙර පැමිණි නබිවරුන් වෙත අපි දේව පණිවිඩ පහළ කළාක් මෙන් ඔබ වෙතද අපි දේව පණිවිඩ පහළ කළෙමු. ඔබ දූතවරුන් අතරින් අලුත් කෙනෙකු නොවේ. අපි නූහ්ට දේව පණිවිඩ පහළ කළෙමු. ඔහුගෙන් පසු පැමිණි නබිවරුන්හටද දේව පණිවිඩ පහළ කළෙමු. ඉබ්රාහිම්ටද දේව පණිවිඩ පහළ කළෙමු. එතුමාගේ දරුවන් වන ඉස්මාඊල් හා ඉස්හාක්ටද ඉස්හාක්ගේ පුතණුවන් වූ යඃකූබ්ටද අස්බාත් (යඃකූබ්ගේ දරුපරපුරෙන් පැවත එන ඉස්රාඊල් දරුවන්ගේ ගෝත්රවලට අයත් නබිවරුන් දොළොස් දෙනා)හටත් අපි දේව පණිවිඩ පහළ කළෙමු. තවද ඊසා, අය්යූබ්, යූනුස්, හාරූන්, සුලෙයිමාන් යන නබිවරුන්ටද අපි දේව පණිවිඩ පහළ කළෙමු. එමෙන්ම දාවූද්ට පුස්තකයක් පිරිනැමුවෙමු. එය සබූර් විය.

An-Nisaa 4:163Listen in Qur'an →
164

وَرُسُلًۭا قَدْ قَصَصْنَٰهُمْ عَلَيْكَ مِن قَبْلُ وَرُسُلًۭا لَّمْ نَقْصُصْهُمْ عَلَيْكَ ۚ وَكَلَّمَ ٱللَّهُ مُوسَىٰ تَكْلِيمًۭا

(මොවුන් මෙන් තවත් වෙනත්) නබිවරුන් බොහොමයක්ද (අපි යවා ඇත්තෙමු). ඔවුන්ගේ ඉතිහාසයන්ද මීට පෙර අපි ඔබට පවසා ඇත්තෙමු. වෙනත් නබිවරුන් බොහොමයක්ද (අපි යවා ඇත්තෙමු. එහෙත්) ඔවුන්ගේ ඉතිහාසයන් අපි ඔබට පැවසුවේ නැත. මූසා (මූසාට වහී දැනුම් දීමත්) සමග අල්ලාහ් කතා කරද ඇත්තේය.

අප එවූ දූතවරුන් පිළිබඳ අල් කුර්ආනයේ අපි ඔබට පවසා ඇත්තෙමු. අප විසින් එවන ලද, එහි ඔබට නොපැවසූ දූතවරුන් ද වෙති. යම් අරමුණක් හේතුවෙන් එහි ඔවුන් ගැන මෙනෙහි කිරීම අපි අතහැර දැමුවෙමු. දූත මෙහෙය සම්බන්ධයෙන් අල්ලාහ් මූසා (අලය්හිස් සලාම්) තුමා සමග කිසිදු මාධ්යයකින් තොරව ඍජුව කතා කළේය. එය උත්තරීතරයාණන්ට ගැළපෙන පරිදි යථාර්ථවාදී කතාවක් මෙන්ම මූසාට කරන ගෞරවයක් විය.

An-Nisaa 4:164Listen in Qur'an →
165

رُّسُلًۭا مُّبَشِّرِينَ وَمُنذِرِينَ لِئَلَّا يَكُونَ لِلنَّاسِ عَلَى ٱللَّهِ حُجَّةٌۢ بَعْدَ ٱلرُّسُلِ ۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًۭا

අල්ලාහ් මත (ෙදාස් පවරන්නට) මිනිසුන්ට කිසිම මාර්ගයක් නොතිබීම පිණිස මෙම දූතයින්ගෙන් පසුවද (සැකරීයියා, යහ්යා වැනි) දූතයින් බොහොමයක් දෙනාව (ස්වර්ගය මගින්) ශුභාරංචි පවසන්නන් වශයෙන්ද (නිරය මගින්) බිය ගන්වා අනතුරු අඟවන්නන් වශයෙන්ද (අපි යවා ඇත්තෙමු). අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබූවන්හට ගෞරවනීය ප්රතිඵල ඇති බව ශුභාරංචි දන්වන්නන් ලෙසින් ද, ඔහු ප්රතික්ෂේප කරන්නන්හට වේදනීය දඬුවම ඇති බව බිය ගන්වන්නන් ලෙසින් ද අපි ඔවුන් එවා ඇත්තෙමු. එය එම දූතවරුන් එවීමෙන් පසු අල්ලාහ් වෙතත් නිදහසට කරුණු කියමින් මිනිසුන් මිදීමට සාධකයක් නොවනු පිණිසය. අල්ලාහ් තම රාජ්යයේ සර්ව බලධාරීය. ඔහුගේ තීන්දුවෙහි ඔහු මහා ප්රඥාවන්තය.

An-Nisaa 4:165Listen in Qur'an →
166

لَّٰكِنِ ٱللَّهُ يَشْهَدُ بِمَآ أَنزَلَ إِلَيْكَ ۖ أَنزَلَهُۥ بِعِلْمِهِۦ ۖ وَٱلْمَلَٰٓئِكَةُ يَشْهَدُونَ ۚ وَكَفَىٰ بِٱللَّهِ شَهِيدًا

(නබියේ! මොවුන් ඔබව ප්‍රතික්ෂේප කර හැරීම නිසා කුමක් නම් සිදු වන්නේද?) ඔහු ඔබට පහළ කළ (ශුද්ධ වූ කුර්ආනය වන) මෙයට අල්ලාහ්ම සාක්ෂි දරන්නේය. ඔහු තම ඥානය මගින්ම එය (ඔබ කෙරෙහි) පහළ කර ඇත්තේය. හැරත් (මෙයට) මලායිකාවරුන්ද සාක්ෂි දරන්නාහ. තවද සාක්ෂි දැරීමට අල්ලාහ්ම ප්‍රමාණවත් වන්නේය.

දූතය, යුදෙව්වන් ඔබ ව ප්රතික්ෂේප කළද සැබැවින්ම අල්ලාහ් ඔබ වෙත පහළ කළ කුර්ආනයේ සත්යතාවෙන් ඔහු ඔබව තහවුරු කරනු ඇත. තමන් ප්රිය කරන, පිළිගන්නා දෑ කෙරෙහි ද තමන් පිළිකුල් කරන පිටුදකින දෑ කෙරෙහිද ගැත්තන් තම අවධානය යොමු කිරීමට අපේක්ෂිත දැනුම එහි පහළ වී ඇත. අල්ලාහ්ගේ සාක්ෂිය සමගම ඔබ කවර දෙයක් ගෙන ආවේද එය තහවුරු කරමින් මලක්වරුන්ද සාක්ෂි දරති. සාක්ෂිකරුවකු වශයෙන් අල්ලාහ් ප්රමාණවත්ය. වෙනත් අයගේ සාක්ෂියට වඩා ඔහුගේ සාක්ෂිය පූර්ණය.

An-Nisaa 4:166Listen in Qur'an →
167

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ قَدْ ضَلُّوا۟ ضَلَٰلًۢا بَعِيدًا

(නබියේ! ඔබව) කවුරුන් ප්‍රතික්ෂේප කර (අන් අයවද) අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා හැරියෝද, ඔවුන් නියත වශයෙන්ම ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම ගියහ.

ඔබේ නබිත්වය එනම් දූතත්වය ප්රතික්ෂේප කොට, ජනයා ඉස්ලාමයෙන් වැළැක්වූ අය වනාහි අන්ත ලෙස ඔවුහු සත්යයෙන් ඈතට දුරස් ව ගොස් ඇත.

An-Nisaa 4:167Listen in Qur'an →
168

إِنَّ ٱلَّذِينَ كَفَرُوا۟ وَظَلَمُوا۟ لَمْ يَكُنِ ٱللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ طَرِيقًا

(නබියේ!) කවුරුන් (ඔබව) ප්‍රතික්ෂේප කිරීමෙන් අනතුරුව අපරාධ කරන්නෝද, ඔවුන්ව අල්ලාහ් ක්ෂමා කරන්නේම නැත. හැරත් වෙනත් ඍජු මාර්ගයක ඔහු ඔවුන්ව ඇතුළු කරන්නේද නැත.

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කොට, දේව ප්රතික්ෂේපයේ රැඳී සිටිමින් තමන්ටම අපරාධ කර ගත් අය වනාහි දේව ප්රතික්ෂේපයේ ඔවුන් ගැවසී සිටින තාක්කල් අල්ලාහ් ඔවුනට සමාව දෙන්නේ නැත. එමෙන්ම අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් මිදිය හැකි මාර්ගයක් වෙත ඔවුනට ඔහු මග පෙන්වන්නේද නැත.

An-Nisaa 4:168Listen in Qur'an →
169

إِلَّا طَرِيقَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ وَكَانَ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرًۭا

නිරයේ මාර්ගය හැර. එහිම ඔවුන් සැමදා රැඳී සිටිනු ඇත. මෙය (මෙසේ කිරීම) අල්ලාහ්ට ඉතාමත් ලෙහෙසිය!

නමුත් ඔවුන් නිරාගින්නට පිවිසීම සඳහා වූ මාර්ගය මිස වෙනෙකක් නැත. ඔවුන් එහි සදා රැඳී සිටිති. එය අල්ලාහ් වෙත පහසු කාර්යයකි. කිසිවක් ඔහු ව අබිබවා යන්නේ නැත.

An-Nisaa 4:169Listen in Qur'an →
170

يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُمُ ٱلرَّسُولُ بِٱلْحَقِّ مِن رَّبِّكُمْ فَـَٔامِنُوا۟ خَيْرًۭا لَّكُمْ ۚ وَإِن تَكْفُرُوا۟ فَإِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا

මිනිසුනේ! ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් සත්‍යය සමග (එවන ලද) එක් දූතයෙකු නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ ඇත්තේය. එබැවින් ඔබ (ඔහුව) විශ්වාස කරනු. (එය) ඔබටම ඉතාමත් හොඳය. ඔබ (ඔහුව) ප්‍රතික්ෂේප කර දැමුවහොත් (අල්ලාහ්ට කිසිම අඩුවක් වන්නේ නැත. මන්දයත්) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල නියත වශයෙන්ම අල්ලාහ්ටම අයිතිය. අල්ලාහ් (සියල්ලන්වම) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

ජනියිනි, අල්ලාහ්ගෙන් වූ යහමග හා සත්ය දහම සමග දහම් දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ඔබ වෙත පැමිණ ඇත. එහෙයින් ඔහු ඔබ වෙත ගෙන ආ දෑ විශ්වාස කරනු. එය මෙලොවට හා මතු ලොවට ඔබට යහපතක් වනු ඇත. ඔබ අල්ලාහ් ව ප්රතික්ෂේප කළේ නම් ඔබේ විශ්වාසය පිළිබඳ අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නැත. ඔබේ ප්රතික්ෂේපය ඔහුට හානියක් ගෙන දෙන්නේද නැත. අහස්හි ඇති දෑහි ද, මහපොළොවෙහි ඇති දෑහි ද, ඒ දෙක අතර ඇති දෑහි ද සර්ව රාජ්ය ඔහු සතුය. යහමග ලබන්නට සුදුස්සා කවුරුන්දැයි අල්ලාහ් මැනවින් දන්නාය. ඒ අනුව ඔහුට ඒ වෙත වූ මග පහසු කරනු ඇත. එමෙන්ම එයට සුදුසු නොමැත්තා කවුරුන් දැයි ද ඔහු මැනවින් දන්නේය. ඔහු එය ඔහුගෙන් සඟවා ඇත. ඔහුගේ ක්රියා, ඔහුගේ ප්රකාශ, ඔහුගේ ආගමික සම්පාදන, හා ඔහුගේ නියමය යනාදියෙහි ඔහු මහා ප්රඥාවන්තය.

An-Nisaa 4:170Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.