أُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَٰفِرُونَ حَقًّۭا ۚ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ عَذَابًۭا مُّهِينًۭا
එවැන්නන් නියත වශයෙන්ම ප්රතික්ෂේප කරන්නන්ය. ප්රතික්ෂේප කරන්නන්ට අපි අවමන් ගෙන දෙන දඬුවම්ම පිළියෙල කර තබා ඇත්තෙමු.
මෙම ගමන් මාර්ගයේ ගමන් කරන්නන් වනාහි, සැබෑ ප්රතික්ෂේපකයෝ ඔවුහුමය. එනම් සැබැවින්ම ධර්ම දූතවරුන් ප්රතික්ෂේප කරන්නා හෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ප්රතික්ෂේප කරන්නා හෝ වේවා සැබැවින්ම ඔහු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා නීච සහගත දඬුවමක් දේව ප්රතික්ෂේපකයින්හට අපි සූදානම් කර ඇත්තෙමු. එය අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කිරීමට ඔවුන් උඩඟු වූ හේතුවෙන් ඔවුනට දඬුවමක් වශයෙනි.