Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 151–160 of 176

151

أُو۟لَٰٓئِكَ هُمُ ٱلْكَٰفِرُونَ حَقًّۭا ۚ وَأَعْتَدْنَا لِلْكَٰفِرِينَ عَذَابًۭا مُّهِينًۭا

එවැන්නන් නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කරන්නන්ය. ප්‍රතික්ෂේප කරන්නන්ට අපි අවමන් ගෙන දෙන දඬුවම්ම පිළියෙල කර තබා ඇත්තෙමු.

මෙම ගමන් මාර්ගයේ ගමන් කරන්නන් වනාහි, සැබෑ ප්රතික්ෂේපකයෝ ඔවුහුමය. එනම් සැබැවින්ම ධර්ම දූතවරුන් ප්රතික්ෂේප කරන්නා හෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ප්රතික්ෂේප කරන්නා හෝ වේවා සැබැවින්ම ඔහු අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කර ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඉතා නීච සහගත දඬුවමක් දේව ප්රතික්ෂේපකයින්හට අපි සූදානම් කර ඇත්තෙමු. එය අල්ලාහ් පිළිබඳ හා ඔහුගේ දූතයාණන් පිළිබඳ විශ්වාස කිරීමට ඔවුන් උඩඟු වූ හේතුවෙන් ඔවුනට දඬුවමක් වශයෙනි.

An-Nisaa 4:151Listen in Qur'an →
152

وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ وَلَمْ يُفَرِّقُوا۟ بَيْنَ أَحَدٍۢ مِّنْهُمْ أُو۟لَٰٓئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًۭا رَّحِيمًۭا

කවුරුන් අල්ලාහ්වද ඔවුන්ගේ දූතයින්වද විශ්වාස කර, ඔවුන්ගෙන් කවුරුන් අතරේ හෝ වෙන්කිරීමක් නොකර සිටින්නෝද, ඔවුන්ට, ඔවුන්ගේ ඵලවිපාක (අල්ලාහ් පරලොවදී) ලබා දෙන්නේය. අල්ලාහ් (වැරදි වලට) ඉතාමත් සමාව දෙන්නෙකු වශයෙන්ද දයාව පහළ කරන්නෙකු වශයෙන්ද සිටින්නේය.

තවද ඔවුන් වනාහි අල්ලාහ් ව විශ්වාස කර ඔහු ඒකීයයත්වයට පත් කළෝය. ඔහුගේ සියලු දූතවරුන් විශ්වාස කර දේව ප්රතික්ෂේපකයින් වෙන් කළාක් මෙන් ඔවුන් අතර වෙන් කිරීමක් සිදු නොකළෝය. ඔවුන් සියලු දූතවරුන් විශ්වාස කළෝය. එවැන්නන්ට ඔවුන්ගේ විශ්වාසයේ හා එමගින් ඔවුන් සිදු කළ දැහැමි ක්රියාවන්හි ප්රතිඵල වශයෙන් මහත් තිළිණ අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. තම ගැත්තන් අතුරින් පාපක්ෂමාව අයැද ඔහු වෙත නැඹුරුවන්නන්හට ඔහු අති ක්ෂමාශීලීය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.

An-Nisaa 4:152Listen in Qur'an →
153

يَسْـَٔلُكَ أَهْلُ ٱلْكِتَٰبِ أَن تُنَزِّلَ عَلَيْهِمْ كِتَٰبًۭا مِّنَ ٱلسَّمَآءِ ۚ فَقَدْ سَأَلُوا۟ مُوسَىٰٓ أَكْبَرَ مِن ذَٰلِكَ فَقَالُوٓا۟ أَرِنَا ٱللَّهَ جَهْرَةًۭ فَأَخَذَتْهُمُ ٱلصَّٰعِقَةُ بِظُلْمِهِمْ ۚ ثُمَّ ٱتَّخَذُوا۟ ٱلْعِجْلَ مِنۢ بَعْدِ مَا جَآءَتْهُمُ ٱلْبَيِّنَٰتُ فَعَفَوْنَا عَن ذَٰلِكَ ۚ وَءَاتَيْنَا مُوسَىٰ سُلْطَٰنًۭا مُّبِينًۭا

(නබියේ!) ධර්මය හිමි අය (තමන් කැමති වන අන්දමට) අහසින් තමන් වෙත එක් ධර්මයක් පහළ කරන මෙන් ඔබගෙන් විමසන්නාහ. නියත වශයෙන්ම මීටත් වඩා ලොකු දැයක් මූසා වෙතින් ඔවුන් ඉල්ලා “අල්ලාහ්ව අපට ප්‍රත්‍යක්ෂව පෙන්වනු” යයි පැවසූහ. එබැවින් ඔවුන්ගේ අපරාධයේ හේතුවෙන් ඔවුන්ව හෙණ හඞ අල්ලා ගත්තේය. (මෙපමණක්ද?) ඔවුන් වෙත පැහැදිලි (විවිධ) සාධකයන් පැමිණි පසුද, වසු පැටවකු (දෙවියෙකු බවට) පත් කර ගත්හ. මෙයද අපි ක්ෂමා කර, (ඔවුන්ගේ නබි) මූසාට (ඉන් පසුවද) පැහැදිලි සාධකයක් ලබා දුන්නෙමු.

දූතය, ඔබේ සත්යතාවට සලකුණක් වශයෙන් අහසින් පුස්තකයක් එකවර මූසා තුමාට පහළ කළාක් මෙන් තමන් වෙතත් පුස්තකයක් පහළ කර දෙන ලෙස යුදෙව්වෝ ඔබෙන් විමසති. එය ඔබ වැදගත් කොට නොසලකනු. මොවුන් විමසා සිටින දෑට වඩා බරපතළ දෑ එනම් තම දෑස් ඉදිරිපිට දෙවියන් පෙන්වන්නැයි ඔවුන්ගේ මුතුන් මිත්තෝ මූසාගෙන් ඉල්ලා සිටියහ. ඔවුන් සිදුකළ වරද හේතුවෙන් ඔවුන් විනාශයට පත් වූහ. පසු ව අල්ලාහ් ඔවුන් යළි අවදි කරවීය. අල්ලාහ්ගේ ඒකීයභාවය හා ඔහුගේ ඒකීයත්වයේ හා පාලනයේ ඒකීයභාවය පෙන්වා දෙන පැහැදිලි සංඥා ඔවුන් වෙත පහළ වූවායින් පසු ව පවා ඔවුහු අල්ලාහ් හැර දමා වසු පැටවා වන්දනාමානයට ගත්හ. පසු ව අපි ඔවුනට සමාව දුනිමු. තම ප්රජාවට පැහැදිලි කරනු වස් අපි මූසාට සාධක පිරිනැමුවෙමු.

An-Nisaa 4:153Listen in Qur'an →
154

وَرَفَعْنَا فَوْقَهُمُ ٱلطُّورَ بِمِيثَٰقِهِمْ وَقُلْنَا لَهُمُ ٱدْخُلُوا۟ ٱلْبَابَ سُجَّدًۭا وَقُلْنَا لَهُمْ لَا تَعْدُوا۟ فِى ٱلسَّبْتِ وَأَخَذْنَا مِنْهُم مِّيثَٰقًا غَلِيظًۭا

ඔවුන්ගෙන් පොරොන්දු ලබා ගැනීම සඳහා (තූර් සිනායි නමැති) කන්ද ඔවුන් මත එසෙව්වෙමු. තවද “(මෙම නගරයේ) ෙදාරටුවෙහි හිස නමා නමදින්නන් වශයෙන්ම ඇතුළු වනු” යයි අපි ඔවුන්ට කීවෙමු. තවද (මසුන් දඞයමෙහි) “සෙනසුරාදා දිනයන්හි ඔබ සීමාව නොඉක්මවනු” යයිද අපි ඔවුන්ට පවසා, (මේවා සඳහාද) ස්ථීර වූ පොරොන්දුවක් අපි ඔවුන්ගෙන් ලබා තිබුනෙමු. (එහෙත් ඔවුන් වෙනස් වූහ).

ඔවුන් වෙතින් ස්ථීර ගිවිසුම ගැනීම හේතුකොට ගෙන එහි ඇති දෑ ඔවුන් දැන ගනු පිණිස බිය ගැන්වීමක් වශයෙන් ඔවුනට ඉහළින් අපි තූර් නම් කන්ඳ ඔසවා තැබුවෙමු. එසේ ඔසවා තැබූ පසු 'හිස් පහත් කොට නමස්කාර කරමින් බයිතුල් මක්දිස් දොරටුවට පිවිසෙනු' යැයි පැවසුවෙමු. නමුත් ඔවුහු පසුපසලා බඩගාමින් ඒ වෙත ඇතුළු වූහ. තවද ඔබ සෙනසුරාදා දිනයේ මසුන් අල්ලමින් සීමාව ඉක්මවා කටයුතු නොකරනු. සීමාව ඉක්මවා ගොස් දඬයම් කිරීම මිස වෙනත් කිසිවක් ඔවුනට තහනම් නොවීය. ඒ පිළිබඳ දැඩි ස්ථීර ගිවිසුමක් ඔවුන් වෙතින් ගත්තෙමු. නමුත් ඔවුහු ගනු ලැබූ ගිවිසුම උල්ලංඝනය කළෝය.

An-Nisaa 4:154Listen in Qur'an →
155

فَبِمَا نَقْضِهِم مِّيثَٰقَهُمْ وَكُفْرِهِم بِـَٔايَٰتِ ٱللَّهِ وَقَتْلِهِمُ ٱلْأَنۢبِيَآءَ بِغَيْرِ حَقٍّۢ وَقَوْلِهِمْ قُلُوبُنَا غُلْفٌۢ ۚ بَلْ طَبَعَ ٱللَّهُ عَلَيْهَا بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًۭا

එබැවින් ඔවුන් තමන්ගේ පොරොන්දු වලට වෙනස්කම් කිරීමේ හේතුවෙන්ද, අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන්ද, අසාධාරණයේ නබිවරුන්ව ඝාතනය කරමින් සිටි හේතුවෙන්ද, - (අපි ඔවුන්ව ශාප කර හැරියෙමු)-තවද “අපගේ හෘදයන් මත තිරයක් දමනු ලැබ ඇත්තේය. (එබැවින් කිසිවෙකුගේ ඔවදන් හෝ ඒ තුළට යන්නේ නැත)” යයිද ඔවුන් පැවසූහ. එසේ නොව; ඔවුන්ගේ ප්‍රතික්ෂේපයේ හේතුවෙන් ඔවුන්ගේ හෘදයන් මත මුද්‍රා තබනු ලැබීය. එබැවින් (ඔවුන්ගෙන්) සමහරෙකු හැර, (අන් අය) විශ්වාස කරන්නේම නැත.

ස්ථීර ගිවිසුම ඔවුන් කඩ කිරීම හේතුවෙන් ද, අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙන්ද, ඔවුන් නබිවරුන් ඝාතනය කළ වැරැද්ද හේතුවෙන්ද, එමෙන්ම ඔවුහු ''අපගේ හදවත් ආවර්ණයක් තුළ ඇත. එබැවින් ඔබ පවසන දෑ අපට වටහා ගත නොහැක'' යැයි මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාහට පැවසූ හේතුවෙන්ද අපි අපගේ කරුණාවෙන් ඔවුන් පහ කළෙමු. කරුණ ඔවුන් පවසන සේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තැබුවේය. එහෙයින් ඔවුන් තුළට යහපත නොපිවිසෙයි. එහෙයින් ඔවුන් තුළ ස්වල්ප විශ්වාසයක් මිස වෙනත් කිසිවක් නැත. එය ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත.

An-Nisaa 4:155Listen in Qur'an →
156

وَبِكُفْرِهِمْ وَقَوْلِهِمْ عَلَىٰ مَرْيَمَ بُهْتَٰنًا عَظِيمًۭا

ඔවුන්ගේ (මෙවැනි) ප්‍රතික්ෂේපයේ හේතුවෙන්ද, මර්යම් මත ඔවුන් අමූලික අපවාද පැවසීමේ හේතුවෙන්ද (ඔවුන්ට ශාප කළෙමු).

ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් හා මර්යම් (අලය්හස් සලාම්) තුමියට දුරචාරය ඈදා අපහාස කොට අභූත චෝදනා හා අවලාද නැගූ හේතුවෙන් අපි ඔවුන් කරුණා දයාවෙන් ඉවත් කළෙමු.

An-Nisaa 4:156Listen in Qur'an →
157

وَقَوْلِهِمْ إِنَّا قَتَلْنَا ٱلْمَسِيحَ عِيسَى ٱبْنَ مَرْيَمَ رَسُولَ ٱللَّهِ وَمَا قَتَلُوهُ وَمَا صَلَبُوهُ وَلَٰكِن شُبِّهَ لَهُمْ ۚ وَإِنَّ ٱلَّذِينَ ٱخْتَلَفُوا۟ فِيهِ لَفِى شَكٍّۢ مِّنْهُ ۚ مَا لَهُم بِهِۦ مِنْ عِلْمٍ إِلَّا ٱتِّبَاعَ ٱلظَّنِّ ۚ وَمَا قَتَلُوهُ يَقِينًۢا

තවද “අල්ලාහ්ගේ දූතයා, මර්යම්ගේ පුත් ඊසා මසීහ්ව නියත වශයෙන්ම අපි (කුරුසයෙහි තබා ඇණ ගසා) ඝාතනය කර දැමුවෙමු” යයි ඔවුන් පැවසීමේ හේතුවෙන්ද (ඔවුන්ට ශාප කළෙමු). ඔහුව, ඔවුන් කපා දැමුවේ නැත. ඔහුව, ඔවුන් කුරුසයෙහි තබා ඇණ ගැසුවේද නැත. (ඔහු සිටි කාමරය තුළට ඔහුව සොයා ගිය කෙනාව ඔහුගේ හැඩරුව මෙන් බවට පත් කර හැරියේය. සොයා ගිය අනිත් අය, ඔහුවම කුරුසයෙහි තබා ඇණ ගැසූහ. මෙබැවින්) ඔවුන්ව සැකයෙහි ඇතුළු කරනු ලැබූහ. එබැවින් කවුරුන් මෙයට වෙනස් වූ අදහස් දරන්නෝද, ඔවුන් අනවශ්‍ය සැකයෙහිම ගැලී ගියහ. අනවශ්‍ය සැකයෙහි අනුගමනය කරනවා මිස, එහි ඔවුන්ට සත්‍ය ඥානය (සාධකයන්) ඇත්තේ නැත. නියත වශයෙන්ම ඔවුන් ඔහුව කපා දැමුවේම නැත.

සැබැවින්ම මර්යම්ගේ පුත් අල්ලාහ්ගේ දූත ඊසා ව අපි මරා දැමුවෙමු'' යැයි අභූත චෝදනා නගමින් අහංකාරයෙන් යුතු ව ඔවුන් ඉදිරිපත් කළ ඔවුන්ගේ ප්රකාශය හේතුවෙන් අපි ඔවුනට ශාප කළෙමු. ඔවුන් පවසන පරිදි ඔවුන් ඔහු ව ඝාතනය කළේ නැත. කුරුසියේ දමා ඇණ ගැසුවේද නැත. ඔවුන් ඝාතනය කළේ ඊසාට සමාන හැඬරුවක් අල්ලාහ් විසින් පිරිනමා තිබූ පුද්ගලයෙකි. කුරුසියේ දමා ඇණ ගැසුවේද ඔහුවය. නමුත් ඝාතනය කරනු ලැබූ පුද්ගලයා ඊසා (අලය්හිස් සලාම්) යැයි ඔවුහු අනුමාන කරති. තමන් ඔහු ව ඝාතනය කළ බවට වාද කරන යුදෙව්වන් හා ඔහුට අවනත වූ කිතුනුවන් යන දෙදෙනාම ඔහු විෂයෙහි සැකයෙහි පසු වෙති. ඒ ගැන දැනුමක් ඔවුනට නැත. ඔවුන් අනුගමනය කරනුයේ අනුමානයයි. අනුමානය කිසිදු සත්යයකට ඵල නොදෙනු ඇත. ඔවුහු ඊසාව ඝාතනය කළේ නැත. කුරුසියේ ඇණ ගසා එල්ලුවේද නැත.

An-Nisaa 4:157Listen in Qur'an →
158

بَل رَّفَعَهُ ٱللَّهُ إِلَيْهِ ۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًۭا

එහෙත් අල්ලාහ් ඔහුව තමා වෙතට (තම සන්නිධානයට) ම ඔසවා ගත්තේය. අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු වශයෙන්ද, ඥානවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.

නමුත් අල්ලාහ් ඔවුන්ගේ කුමන්ත්රණයෙන් ඔහු ව මුදවා ගත්තේය. ඔහුගේ ශරීරය හා ඒ සමඟ බැඳුණු ආත්මය ඉහළට ඔසවා ගත්තේය. අල්ලාහ් ඔහුගේ රාජ්යයේ සර්ව බලධාරීය. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. ඔහු සැලසුම් කිරීමෙහිද තීන්දු දීමෙහි ද ආගමානුගත කිරීමෙහිද ඔහු මහා ප්රඥාවන්තය.

An-Nisaa 4:158Listen in Qur'an →
159

وَإِن مِّنْ أَهْلِ ٱلْكِتَٰبِ إِلَّا لَيُؤْمِنَنَّ بِهِۦ قَبْلَ مَوْتِهِۦ ۖ وَيَوْمَ ٱلْقِيَٰمَةِ يَكُونُ عَلَيْهِمْ شَهِيدًۭا

ධර්මය හිමි අයගෙන් සෑම කෙනෙකුම ඔහු මිය යාමට පෙර ඔහුව විශ්වාස නොකර සිටින්නේ නැත. එහෙත් විනිශ්චය දිනදී මොවුන්ට විරුද්ධවම ඔහු සාක්ෂි දරනු ඇත.

ඊසා (අලය්හිස් සලාම්) තුමා අවසන් කාලයේ පහළ වී මරණයට පත් වීමට පෙර ආගම් ලත් ජනයා අතරින් කිසිවකු එතුමාණන් ව විශ්වාස කරනු මිස නැත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ක්රියාවන්ට හා ඒවා නියමිත පිළිවෙතට අනුකූල වන හා එයට පටහැණි වන දෑට සාක්ෂිකරුවකු වශයෙන් ඊසා (අලය්හිස් සලාම්) තුමා පෙනී සිටිනු ඇත.

An-Nisaa 4:159Listen in Qur'an →
160

فَبِظُلْمٍۢ مِّنَ ٱلَّذِينَ هَادُوا۟ حَرَّمْنَا عَلَيْهِمْ طَيِّبَٰتٍ أُحِلَّتْ لَهُمْ وَبِصَدِّهِمْ عَن سَبِيلِ ٱللَّهِ كَثِيرًۭا

යුදෙව්වන්ගේ (මෙවැනි) අපරාධයන්හි හේතුවෙන් ඔවුන්ට (කළින්) අනුමැතිය දෙනු ලැබූ දැයෙන් හොඳ දැය අපි ඔවුන්ට වළක්වා දැමුවෙමු. (එසේම) අල්ලාහ්ගේ මාර්ගයෙහි (යාමට නොහැකි වන සේ) බොහොමයක් දෙනාව වළක්වා දැමීමේ හේතුවෙන්ද (ඔවුන්ව වළක්වා දැමුවෙමු).

යුදෙව්වන්ගේ අපරාධ හේතුවෙන් ඔවුනට අනුමත වූ යහපත් ආහාර සමහරක් අපි ඔවුනට තහනම් කළෙමු. නිය සහිත සෑම සත්වයෙක්ම අපි ඔවුනට තහනම් කළෙමු. ගවයින් හා එළුවන් අතරින් උන්ගේ පිට මත උසුලා සිටින දෑ හැර උන් දෙදෙනාගේ මේදය අපි තහනම් කළෙමු. අල්ලාහ්ගේ මාර්ගයෙන් තමන් හා අනුන් වැළැක් වූ හේතුවෙන් එය ඔවුනට දඬුවමක් වශයෙන් යහපත් දැයින් වළක්වන තරමට විය.

An-Nisaa 4:160Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.