Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 141–150 of 176

141

ٱلَّذِينَ يَتَرَبَّصُونَ بِكُمْ فَإِن كَانَ لَكُمْ فَتْحٌۭ مِّنَ ٱللَّهِ قَالُوٓا۟ أَلَمْ نَكُن مَّعَكُمْ وَإِن كَانَ لِلْكَٰفِرِينَ نَصِيبٌۭ قَالُوٓا۟ أَلَمْ نَسْتَحْوِذْ عَلَيْكُمْ وَنَمْنَعْكُم مِّنَ ٱلْمُؤْمِنِينَ ۚ فَٱللَّهُ يَحْكُمُ بَيْنَكُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ وَلَن يَجْعَلَ ٱللَّهُ لِلْكَٰفِرِينَ عَلَى ٱلْمُؤْمِنِينَ سَبِيلًا

(වංචනිකයින් වන) මොවුන් ඔබව අවධානය කරමින්ම සිටින්නාහ. අල්ලාහ් මගින් (ඔහුගේ උදව්වෙන්) ඔබට ජයග්‍රහණය ලැබුණහොත්, (ඔබ වෙත පැමිණ) “අපිත් ඔබ සමග සිටියේ නැද්ද?”යි පවසන්නාහ. ප්‍රතික්ෂේප කරන්නන් හට යම්කිසි ජයග්‍රහණයක් ලැබුණහොත් (ඔවුන් වෙත ගොස්) “අපි (විශ්වාසවන්තයින්ට උදව් උපකාර කර), ඔබව ජයග්‍රහණය කිරීමට හැකිව තිබියදී, විශ්වාසය තැබූවන්ගෙන් අපි ඔබව ආරක්ෂා කර ගත්තේ නැද්ද?”යි පවසන්නාහ. ඔබ අතරේ අල්ලාහ් විනිශ්චය දිනදී විනිශ්චය දෙනු ඇත. එම ප්‍රතික්ෂේප කරන්නන් හට විශ්වාසවන්තයින්ගෙන් ජයග්‍රහණය අත් කර ගැනීමට අල්ලාහ් කිසිම මගක් තබන්නේ නැත.

නුඹලාට යම් යහපතක් හෝ අයහපතක් ඇති වීම ගැන මාන බලමින් සිටින්නන් වනාහි: නුඹලාට අල්ලාහ්ගෙන් වූ ජයග්රහණයක් පැමිණ නුඹලා සතුරන් විසින් දමා ගිය භාණ්ඩ අත්පත් කර ගත්තෙහු නම්, ඔවුහු: අපි නුඹලා සමග නොසිටියෙමු ද නුඹලා මුහුණ දුන් දෑට අපිත් මුහුණ දුන්නෙමු යැයි පවසා එම අත්පත් කර ගත් යුධ භාණ්ඩ ඔවුන් ද ලබා ගනිති. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට පක්ෂ වූ විට ඔවුහු ඔවුන් දෙස බලා: අපි නුඹලාගේ කටයුතු භාර නොගත්තෙමු ද? උපකාර කරමින් හා අවදානයෙන් හිඳ අපි නුඹලාව ආවරණය නොකළෙමු ද? නුඹලාට උපකාර කරමින් ඔවුන් පහළට ඇද දමමින් දෙවියන් විශ්වාස කරන්නන්ගෙන් අපි නුඹලා ආරක්ෂා නොකළෙමු ද? යැයි පවසති. එනමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා සියලු දෙනා අතර අල්ලාහ් තීන්දු දෙනු ඇත. දේව විශ්වාසීන් ස්වර්ගයට ඇතුළත් කිරීමෙන් ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත. කුහකයින් නිරා ගින්නේ පහළම තලයට ඇද දමමින් ඔහු ප්රතිවිපාක දෙනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසීන්ට එරෙහිව කටයුතු කිරීමේ කිසිදු සාධකයක් දේව ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් තම භාග්යය හේතුවෙන් තබන්නේම නැත. නමුත් අවසාන ජයග්රහණය, දේව විශ්වාසීන් සැබෑ විශ්වාසයෙන් යුතුව ආගමික කටයුතු සිදු කරන තාක් කල් ඔවුනට හිමි වනු ඇත.

An-Nisaa 4:141Listen in Qur'an →
142

إِنَّ ٱلْمُنَٰفِقِينَ يُخَٰدِعُونَ ٱللَّهَ وَهُوَ خَٰدِعُهُمْ وَإِذَا قَامُوٓا۟ إِلَى ٱلصَّلَوٰةِ قَامُوا۟ كُسَالَىٰ يُرَآءُونَ ٱلنَّاسَ وَلَا يَذْكُرُونَ ٱللَّهَ إِلَّا قَلِيلًۭا

නියත වශයෙන්ම (ප්‍රතික්ෂේප කරන) මෙම වංචනිකයින් අල්ලාහ්ව මුළා (කරන්නට අදහස්) කරන්නාහ. එහෙත් ඔහු නම්, ඔවුන්ව මුළා කර හරින්නේය. ඔවුන් සලාතයට සිට ගත්තහොත්, කම්මැළියන් වශයෙන් සිටිමින් මිනිසුන්ට පෙන්වන්නට (අදහස්) කරන්නාහ. ඔවුන් ඉතාමත් සුළුවෙන් මිස, අල්ලාහ්ව මතක් කර පවසන්නේ නැත.

සැබැවින්ම කුහකයෝ ඉස්ලාමය මතුපිටින් පෙන්වා තම කුහකත්වය සිත් තුළ සගවා ගෙන අල්ලාහ්ට වංචා කරති. සැබැවින්ම අල්ලාහ් ඔවුනට ප්රතිචාර දක්වන්නාය. සැබැවින්ම ඔහු ඔවුන්ගේ කුහකත්වය පිළිබඳ මැනවින් දැන සිටිය දී පවා ඔහු ඔවුනට ජීවිතාරක්ෂාව සපයයි. නමුත් මතුලොවෙහි ඔවුන් සඳහා දැඩි දඬුවම් සූදානම් කර ඇත. ඔවුන් සලාත් ඉටු කිරීම සඳහා නැගිට සිටින විට පිළිකුලෙන් මැලිවෙමින් නැගිට සිටිති. මිනිසුන් ඔවුන් දෙස බලා ගරු කිරීම ඔවුන් අපේක්ෂා කරති. ඔවුන් අල්ලාහ්ට අවංක නොවෙති. දෙවියන් කෙරෙහි විශ්වාස තබන්නන් ඔවුන් දුටු විට ස්වල්පයක් මිස ඔවුහු අල්ලාහ්ව මෙනෙහි නොකරති.

An-Nisaa 4:142Listen in Qur'an →
143

مُّذَبْذَبِينَ بَيْنَ ذَٰلِكَ لَآ إِلَىٰ هَٰٓؤُلَآءِ وَلَآ إِلَىٰ هَٰٓؤُلَآءِ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَلَن تَجِدَ لَهُۥ سَبِيلًۭا

මොවුන්, ඔවුන් (ප්‍රතික්ෂේප කරන්නන්) සමගද නැත. මොවුන් (වංචනිකයින්) සමගද නැත. මේ දෙක මධ්‍යයේ පැද්දෙමින් සිටින්නාහ. අල්ලාහ් කවුරුන්ව මාර්ගය වැරද යාමට අත්හැර දමන්නේද, ඔහුට (නබියේ!) කිසිම මගක් ඔබ දකින්නේ නැත.

මෙම කුහකයෝ දෙගිඩියාවෙන් පසුවෙති. එහෙයින් ඔවුන් ප්රකටව හෝ අප්රකටව හෝ දෙවියන් විශ්වාස කරන්නන් සමග හෝ දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග නැත. නමුත් ඔවුන්ගේ බාහිරය දෙවියන් විශ්වාස කරන්නන් සමගද ඔවුන්ගේ අභ්යන්තරය දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග ද වේ. අහෝ දූතය! කවරෙකු අල්ලාහ් නොමග යන්නට ඉඩ හැරියේද එම නොමග යෑමෙන් ඔහු වෙත යහමග පෙන්වන්නට කිසිදු මාර්ගයක් ඔබ නොදකිනු ඇත.

An-Nisaa 4:143Listen in Qur'an →
144

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَتَّخِذُوا۟ ٱلْكَٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۚ أَتُرِيدُونَ أَن تَجْعَلُوا۟ لِلَّهِ عَلَيْكُمْ سُلْطَٰنًۭا مُّبِينًا

විශ්වාසවන්තයිනි! ඔබ විශ්වාසවන්තයින්ව අත්හැර දමා ප්‍රතික්ෂේප කරන්නන්ව (ඔබට) ආරක්ෂකයින් වශයෙන් පත් කර නොගනු. (මෙමගින් ඔබව දඬුවම් කිරීමට) අල්ලාහ්ට එක් පැහැදිලි සාධකයක් ඇති කර හැරීමට ඔබ කැමති වන්නෙහුද?

අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුගමනය කරන්නනි, දේව විශ්වාසී ගැත්තන් හැර තම කටයුතු භාර ව කටයුතු කරන ශුද්ධවන්තයින් ලෙස අල්ලාහ් ව ප්රතික්ෂේප කරන්නන් ඔබ නොගනු. ඔබට දඬුවම් පමුණුවන අයුරින් පැහැදිලි සාධකයක් ඔබට එරෙහිව අල්ලාහ් වෙනුවෙන් ඔබම පත් කර ගන්නට මෙම ක්රියා තුළින් ඔබ අපේක්ෂා කරන්නෙහිද?

An-Nisaa 4:144Listen in Qur'an →
145

إِنَّ ٱلْمُنَٰفِقِينَ فِى ٱلدَّرْكِ ٱلْأَسْفَلِ مِنَ ٱلنَّارِ وَلَن تَجِدَ لَهُمْ نَصِيرًا

නියත වශයෙන්ම මෙම වංචනිකයින් නිරයෙහි ඉතාමත් පහත් කොටසෙහිම සිටිනු ඇත. (එහි) ඔවුන්ට උදව් කරන සිවෙකුත් ඔබ දකින්නේ නැත.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම කුහකයින් නිරා ගින්නේ පහළ ම ස්ථානයේ පසුවෙති. දඞුවමෙන් ඔවුන් මුදවා ගන්නට කිසිදු උදව්කරුවෙකු ඔබ නොදකිනු ඇත.

An-Nisaa 4:145Listen in Qur'an →
146

إِلَّا ٱلَّذِينَ تَابُوا۟ وَأَصْلَحُوا۟ وَٱعْتَصَمُوا۟ بِٱللَّهِ وَأَخْلَصُوا۟ دِينَهُمْ لِلَّهِ فَأُو۟لَٰٓئِكَ مَعَ ٱلْمُؤْمِنِينَ ۖ وَسَوْفَ يُؤْتِ ٱللَّهُ ٱلْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًۭا

එහෙත් (ඔවුන්ගෙන්) කවුරුන් (තමන්ගේ පාපයන් වෙනුවෙන් පසුතැවිලි වී එයින්) ඈත් වී පිළිසකර කරගෙන, අල්ලාහ්ව - (ඔහුගේ නියෝගයන්) ස්ථීර වශයෙන් අල්ලාගෙන තමන්ගේ ධර්මය අල්ලාහ් වෙනුවෙන් මිශ්‍ර නොවූ එකක් බවට පත් කර ගන්නෝද, ඔවුන් (සත්‍ය) විශ්වාසවන්තයින් සමගම (ස්නෙහවන්තව) සිටිනු ඇත. මෙවැනි (සත්‍ය) විශ්වාසවන්තයින්ට (පරලොවදී) අල්ලාහ් ඉමහත් වූ (හොඳ) ඵලවිපාක දෙන්නේය.

නමුත් තම කුහකත්වයෙන් මිදී පසුතැවිලි වී අල්ලාහ් වෙත නැඹුරු වෙමින් තම අභ්යන්තර කටයුතු විධිමත් කර ගනිමින් අල්ලාහ්ගේ ගිවිසුම මැනවින් ග්රහණය කර ගනිමින් කිසිදු කුහකත්වයකින් තොර ව තම ක්රියාවන් අවංක ව අල්ලාහ්ට පුදකරමින් කටයුතු කළ උදවිය හැර. මෙම ගුණාංග වලින් වර්ණනා කළවුන් වනාහි මෙලොව හා මතු ලොව දේව විශ්වාසී ගැත්තන් සමග වෙති. එවන් දේව විශ්වාසී ගැත්තන් හට අතිමහත් තිළිණ අල්ලාහ් මතු පිරිනමනු ඇත.

An-Nisaa 4:146Listen in Qur'an →
147

مَّا يَفْعَلُ ٱللَّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَءَامَنتُمْ ۚ وَكَانَ ٱللَّهُ شَاكِرًا عَلِيمًۭا

ඔබ (මෙසේ) අල්ලාහ්ව විශ්වාස කර, ඔහුට ස්තූති කරමින් සිටියහොත් ඔබට දඬුවම් කර, ඔහු කුමන (ලාභයක් නම්) අත් කර ගන්නට යන්නෙහිද? අල්ලාහ් නම්, කළ ගුණ දන්නෙකු වශයෙන් හා සියල්ල හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.

ඔබ අල්ලාහ්ට කෘතඥ වී, ඔහු ව තරයේ විශ්වාස කළේ නම් ඔබ ව දඬුවමට ලක් කිරීමට කිසිදු අවශ්යතාවක් ඔහුට නැත. ඔහු ඉතා දයානුකම්පිතය. මහා කරුණාභරිතය. සැබැවින්ම ඔහු ඔබ දඬුවමට ලක් කරනුයේ ඔබ කරන පාපකම් හේතුවෙනි. ඔබ කරන ක්රියාවන් විධිමත් ව සිදු කොට ඔහුගේ ආශිර්වාද සඳහා ඔබ ඔහුට කෘතඥ වී බාහිර ව මෙන්ම අභ්යන්තරයෙන්ද ඔහු ව තරයේ විශ්වාස කරන්නෙහු නම් ඔහු ඔබට දඬුවම් නොකරන්නේමය. තම ආශිර්වාදයන් පිළිගත් අයට අල්ලාහ් කෘතවේදී වෙයි. ඒ සඳහා ඔහු ඔවුනට තිළිණ පිරිනමයි. ඔහුගේ මැවීම් තුළ ඇති විශ්වාසය ඔහු මැනවින් දන්නාය. සෑම ක්රියාවක් සඳහාම ඔහු මතු ප්රතිඵල පිරිනමනු ඇත.

An-Nisaa 4:147Listen in Qur'an →
148

۞ لَّا يُحِبُّ ٱللَّهُ ٱلْجَهْرَ بِٱلسُّوٓءِ مِنَ ٱلْقَوْلِ إِلَّا مَن ظُلِمَ ۚ وَكَانَ ٱللَّهُ سَمِيعًا عَلِيمًا

අපරාධයට ඇතුළුවූවන් හැර, (වෙන කිසිවෙකුත් යම් කිසිවෙකු ගැන ප්‍රසිද්ධියේ) නපුරු වදන් පවසා කෑකෝ ගැසීම අල්ලාහ් ප්‍රිය කරන්නේම නැත. අල්ලාහ් (සියල්ල) සවන් දෙන්නෙකු හා දන්නෙකු වශයෙන්ම සිටින්නේය.

නපුරු වදන් ප්රසිද්ධියේ පැවසීම අල්ලාහ් ප්රිය කරන්නේ නැත. ඔහු ඒ කෙරෙහි කෝප වෙයි. ඒ පිළිබඳ අවවාද කරයි. නමුත් අපරාධයට ලක් වූ අයකු තම අපරාධකරු පිළිබඳ පැමිණිලි කර සිටීම, ඔහුට එරෙහිව ප්රාර්ථනා කිරීම, ඔහුගේ ප්රකාශට සමාන ව ප්රකාශයක් සිදු කිරීම වැනි නපුරු ප්රකාශයක් ප්රසිද්ධියේ පැවසීමට ඔහුට අනුමැතිය ඇත. නමුත් එසේ නපුරු ප්රකාශයක් ප්රසිද්ධියේ පැවසීමට වඩා අපරාධයට ලක් වූ තැනැත්තා ඉවසීමෙන් කටයුතු කිරීම වඩාත් උතුම්ය. අල්ලාහ් ඔබගේ ප්රකාශයන්ට මැනවින් සවන් දෙන්නාය. ඔබගේ චේතනාවන් පිළිබඳ මැනවින් දන්නාය. එහෙයින් නපුරු ප්රකාශයක් කිරීමෙන් හා ඒ ගැන සිතීමෙන් ප්රවේශම් විය යුතුය.

An-Nisaa 4:148Listen in Qur'an →
149

إِن تُبْدُوا۟ خَيْرًا أَوْ تُخْفُوهُ أَوْ تَعْفُوا۟ عَن سُوٓءٍۢ فَإِنَّ ٱللَّهَ كَانَ عَفُوًّۭا قَدِيرًا

ඔබ (කෙනෙකුට කරන) යම්කිසි හොඳක් එළිදරව් කළද, නැතහොත් එය සඟවා ගත්තද, නැතහොත් (කෙනෙකු ඔබට කළ) යම්කිසි නපුරක් සඳහා ඔබ සමාව දුන්නද, (එය ඔබටම ඉතාමත් අගනේය. මන්දයත්) නියත වශයෙන්ම අල්ලාහ් (වැරදි වලට) ඉතාමත් ක්ෂමා කරන්නෙකු වශයෙන් හා (දඬුවම් කිරීමට) බලසම්පන්නයෙකු වශයෙන්ද සිටින්නේය.

කවර ප්රකාශයක් හෝ ක්රියාවක් ඔබ හෙළි කළද, එසේ නැතහොත් ඔබ එය සැඟවුවද, එසේත් නැතහොත් ඔබට නපුරුකම් කළ අයට ඔබ සමාව දුන්නද, සැබැවින්ම අල්ලාහ් සමාව දෙන්නා බවත් සර්ව බලධාරියා බවත් දැන ගත යුතුය. එහෙයින් සමාව දීමේ ගුණය ද ඔබේ ගතිගුණ වලට ඇතුළත් විය යුතුය. අල්ලාහ් නුඹලාට සමාව දිය හැකිය.

An-Nisaa 4:149Listen in Qur'an →
150

إِنَّ ٱلَّذِينَ يَكْفُرُونَ بِٱللَّهِ وَرُسُلِهِۦ وَيُرِيدُونَ أَن يُفَرِّقُوا۟ بَيْنَ ٱللَّهِ وَرُسُلِهِۦ وَيَقُولُونَ نُؤْمِنُ بِبَعْضٍۢ وَنَكْفُرُ بِبَعْضٍۢ وَيُرِيدُونَ أَن يَتَّخِذُوا۟ بَيْنَ ذَٰلِكَ سَبِيلًا

නියත වශයෙන්ම කවුරුන් අල්ලාහ්වද ඔහුගේ දූතයින්වද ප්‍රතික්ෂේප කර දමා, අල්ලාහ්ටද ඔහුගේ දූතයාටද අතරේ වෙන්වීමක් ඇති කිරීමට අදහස් කර, “(දූතයින්ගෙන්) සමහරෙකුව විශ්වාස කරන්නෙමු. සමහරෙකුව ප්‍රතික්ෂේප කරන්නෙමු” යයිද පවසා, (ප්‍රතික්ෂේපය, විශ්වාසය ආදී) මේවා මධ්‍යයේ එක් මාර්ගයක් ඇති කිරීමට අදහස් කරන්නෝද;

අල්ලාහ් ව ප්රතික්ෂේප කර, ඔහුගේ දූතවරුන්ද ප්රතික්ෂේප කළවුන් වනාහි, අල්ලාහ් හා ඔහුගේ දූතවරුන් අතර වෙනස්කම් ඇති කිරීමට ඔවුන් අපේක්ෂා කරති. එය "ඇතැම් දූතවරුන් අපි විශ්වාස කළ ද ඔවුන්ගෙන් සමහරෙකු අපි ප්රතික්ෂේප කරන්නෙමු" යැයි පවසා ඔහු ව පමණක් විශ්වාස කොට අන් දූතවරුන් බොරුකාරයින් බවට පත් කිරීමෙනි. තමන් ව මුදවා ගනු ඇතැයි සිතමින් දේව ප්රතික්ෂේපය හා දේව විශ්වාසය අතර මාර්ගයක් සොයන්නට ඔවුහු මාන බලති.

An-Nisaa 4:150Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.