Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 131–140 of 176

131

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَلَقَدْ وَصَّيْنَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ ٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَإِن تَكْفُرُوا۟ فَإِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدًۭا

(මන්දයත්) අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද අල්ලාහ්ටම අයිතිය! (විශ්වාසවන්තයිනි!) “අල්ලාහ්ටම බිය වනු” යයි ඔබට පෙර ධර්මය පහළ කරනු ලැබූවන්ටද, (එසේම) ඔබටද, හොඳ ඔවදන් දෙන්නෙමු. එබැවින් (ඔහුට) ඔබ වෙනස්කම් කළහොත් -(එමගින් ඔහුට කිසිම පාඩුවක් වන්නේ නැත).- නියත වශයෙන්ම අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද අල්ලාහ්ට අයිති දැය වශයෙන්ම ඇත්තේය. අල්ලාහ් ඉමහත් වූ ස්වයංප්‍රභූමය වශයෙන් හා (සියල්ලන්ගේ) පැසසුමට ලක් වූවෙකු වශයෙන්ම සිටින්නේය.

අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ හි සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙක අතර ඇති දෑ හි රාජ්යයද ඔහු සතුය. අල්ලාහ්ගේ නියෝග පිළිපදින මෙන්ද, ඔහු තහනම් කළ දැයින් වැළකෙන මෙන්ද ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයා වෙතින් ප්රතිඥාවක් ගත් සේම ඔබ වෙතින්ද අපි ප්රතිඥාවක් ගෙන ඇත්තෙමු. මෙම ප්ර්තිඥාව ඔබ ප්රතික්ෂේප කරන්නේ නම් එහි හානිය ඔබටමය. ඔබ ඔහුට අවනත වීමෙන් කිසිදු අවශ්යතාවක් ඔහුට නොමැත. අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෑහි සර්ව රාජ්යද ඔහු සතුය. සියලු මැවීම් වල අවශ්යතාවන්ගෙන් ඔහු තොරය. ඔහුගේ සියලු ගුණාංග හා ක්රියාවන් ප්රශංසා සහගතය.

An-Nisaa 4:131Listen in Qur'an →
132

وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَفَىٰ بِٱللَّهِ وَكِيلًا

අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද අල්ලාහ්ටම අයිතිය! (ඔබව) ආරක්ෂා කිරීමට අල්ලාහ් (කෙනෙකුම) ප්‍රමාණවත්ය.

අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ හි සර්ව රාජ්ය අල්ලාහ්ට පමණක් සතුය. අවනතභාවය ලබන්නට ඔහු පමණක් සුදුස්සාය. ඔහුගේ මැවීම් සම්බන්ධයෙන් සියලු කටයුතු සැලසුම් කිරීමේ වගකීම දරන්නට අල්ලාහ් පමණක් ප්රමාණවත්ය.

An-Nisaa 4:132Listen in Qur'an →
133

إِن يَشَأْ يُذْهِبْكُمْ أَيُّهَا ٱلنَّاسُ وَيَأْتِ بِـَٔاخَرِينَ ۚ وَكَانَ ٱللَّهُ عَلَىٰ ذَٰلِكَ قَدِيرًۭا

මිනිසුනේ! ඔහු කැමති වුවහොත් ඔබව විනාශ කර දමා (ඔබ වෙනුවට) අන් අයව ගෙනැවිත් (ඔබගේ ස්ථානයෙහි තබා) හරින්නේය. අල්ලාහ් මෙසේ කිරීමට බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය.

අහෝ ජනයිනි, ඔහු අභිමත කළේ නම් නුඹලාව විනාශ කොට නුඹලා වෙනුවට වෙනත් පිරිසක් ගෙන එනු ඇත. ඔවුහු අල්ලාහ්ට අවනත වෙති. ඔහුට විරුද්ධ නොවෙති. ඒ සඳහා අල්ලාහ් බලය ඇත්තාය.

An-Nisaa 4:133Listen in Qur'an →
134

مَّن كَانَ يُرِيدُ ثَوَابَ ٱلدُّنْيَا فَعِندَ ٱللَّهِ ثَوَابُ ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۚ وَكَانَ ٱللَّهُ سَمِيعًۢا بَصِيرًۭا

(විශ්වාසවන්තයිනි!) මෙලොව ඵලවිපාක පමණක් කවුරුන් නම් කැමති වන්නෙහුද? අල්ලාහ්ගේ සන්නිධානයෙහි නම්, මෙලොව හා පරලොව ඵලවිපාක ඇත්තේය. අල්ලාහ් (සෑම කෙනාගේම ප්‍රාර්ථනාවන්) සවන් දෙන්නෙකු වශයෙන්ද, (සෑම කෙනෙකුගේම සිත්) අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ද සිටින්නේය.

ජනයිනි, කවරෙකු තම ක්රියාවෙන් මෙලොව යහපත පමණක් අපේක්ෂා කරන්නේද සැබැවින්ම මෙලොව හා මතුලොව යහපත ඇත්තේ අල්ලාහ් අබියස බව ඔහු දැන ගත යුතුයි. ඒ දෙකෙහි යහපත ඔහුගෙන් පැතිය යුතුයි. අල්ලාහ් ඔබගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔබගේ ක්රියාවන් නිරීක්ෂණය කරන්නාය. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.

An-Nisaa 4:134Listen in Qur'an →
135

۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ كُونُوا۟ قَوَّٰمِينَ بِٱلْقِسْطِ شُهَدَآءَ لِلَّهِ وَلَوْ عَلَىٰٓ أَنفُسِكُمْ أَوِ ٱلْوَٰلِدَيْنِ وَٱلْأَقْرَبِينَ ۚ إِن يَكُنْ غَنِيًّا أَوْ فَقِيرًۭا فَٱللَّهُ أَوْلَىٰ بِهِمَا ۖ فَلَا تَتَّبِعُوا۟ ٱلْهَوَىٰٓ أَن تَعْدِلُوا۟ ۚ وَإِن تَلْوُۥٓا۟ أَوْ تُعْرِضُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ بِمَا تَعْمَلُونَ خَبِيرًۭا

විශ්වාසවන්තයිනි! ඔබ සාධාරණය මතම ස්ථීර වී සිටිනු. (ඔබ සාක්ෂි කියන්නෙහු නම්), ඔබට හෝ නැතහොත් ඔබගේ දෙමව්පියන්ට හෝ නැතහොත් (ඔබගේ) සමීප ඥාතීන්ට හෝ විරුද්ධව තිබුනා වුවද, අල්ලාහ් වෙනුවෙන් (සත්‍යයම) සාක්ෂි වශයෙන් කියනු. (ඔබ කවුරුන් වෙනුවෙන් සාක්ෂි දරන්නේද), ඔවුන් ධනවතුන් වශයෙන් සිටියා වුවද කම් නැත, දුප්පතුන් වශයෙන් සිටියා වුවද කම් නැත, (සත්‍යයම පවසනු. මන්දයත්) අල්ලාහ් ඒ දෙපක්ෂයටම ඉතාමත් සමීපයෙකු වශයෙන්ම සිටින්නේය. එබැවින් ඔබ, (ඔබගේ) ශරීර සුවය අනුගමනය කිරීමට සීමාව ඉක්මවා නොයනු! (තද ආශාවන් නිසා හෝ නැතහොත් වෛරය නිසා හෝ එය මුල් කරගෙන) ඔබ බොරු (සාක්ෂි) කීවා වුවද, නැතහොත් (සාක්ෂි) කීම ප්‍රතික්ෂේප කළා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.

අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන්ව විශ්වාස කළවුනි, නුඹලා සෑම අවස්ථාවකම යුක්තිය හා සාධාරණය වෙනුවෙන් නැගී සිටිනු. සෑම කෙනෙකු සමගම සැබෑ සාක්ෂි ඉටු කරන්නන් වනු. එය නුඹලාට හෝ නුඹලාගේ දෙමව්පියන්ට හෝ නුඹලාගේ සමීප ඥාතීන්ට එරෙහි ව පිළිගන්නට වුව ද කිසිවකුගේ දිළිඳුකම හෝ පොහොසත්කම හෝ එම සාක්ෂිය ඉදිරිපත් කිරීමට හෝ අතහැර දැමීමට නුඹලාට බරක් නොවිය යුතුය. නුඹලාට වඩා දිළින්දා හා පොහොසතා පිළිබඳ උරුමය අල්ලාහ් සතුය. ඔවුන් දෙදෙනාගේ යහපත පිළිබඳ ව ඔහු මැනවින් දනී. සත්යයෙන් වෙනතකට යොමුවනු පිණිස නුඹලා සාක්ෂි ඉදිරිපත් කිරීමේදී ආශාවන්ට වහල් වී ඒවා අනුගමනය නොකරනු. නුඹලා සාක්ෂිය එහි නියම ස්වරූපයෙන් තොර ව වෙනත් යමක් ඉදිරිපත් කරමින් එය විකෘති කරන්නෙහු නම් හෝ එය ඉටු කිරීමට ප්රතික්ෂේප කරන්නෙහු නම් සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ සියලු තොරතුරු දන්නා බව නුඹලා මැනවින් වටහා ගත යුතු වේ.

An-Nisaa 4:135Listen in Qur'an →
136

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ ءَامِنُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَٱلْكِتَٰبِ ٱلَّذِى نَزَّلَ عَلَىٰ رَسُولِهِۦ وَٱلْكِتَٰبِ ٱلَّذِىٓ أَنزَلَ مِن قَبْلُ ۚ وَمَن يَكْفُرْ بِٱللَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَكُتُبِهِۦ وَرُسُلِهِۦ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ فَقَدْ ضَلَّ ضَلَٰلًۢا بَعِيدًا

විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, ඔහු තමන්ගේ (මෙම) දූතයා කෙරෙහි පහළ කළ මෙම ධර්මයද, මෙයට පෙර ඔහු පහළ කළ ධර්මයන්ද විශ්වාස කරනු. කවුරුන් අල්ලාහ්වද, ඔහුගේ මලායිකාවරුන්වද, ඔහුගේ ධර්මයන්ද, ඔහුගේ දූතයින්වද, අවසාන දිනයද, ප්‍රතික්ෂේප කරන්නේද, ඔහු නියත වශයෙන්ම ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම ගමන් කරන්නේය.

අහෝ දෙවියන් විශ්වාස කළවුනි, අල්ලාහ්, ඔහුගේ දූතයාණන්, ඔහුගේ දූතයාණන්ට පහළ කළ කුර්ආනය, එතුමාණන්ට පෙර සිටි දූතවරුන්ට පහළ කළ දිව්යමය ග්රන්ථ පිළිබඳව නුඹලා විශ්වාස කිරීමෙහි ස්ථාවරව සිටිනු. කවරෙකු අල්ලාහ්, ඔහුගේ මලක්වරුන්, ඔහුගේ පුස්තක, ඔහුගේ දූතවරුන් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ප්රතික්ෂේප කරන්නේද ඔහු සැබැවින්ම ඍජු මාර්ගයෙන් ඉතා අන්තයට දුරස් ව ගොස් ඇත.

An-Nisaa 4:136Listen in Qur'an →
137

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ ثُمَّ ءَامَنُوا۟ ثُمَّ كَفَرُوا۟ ثُمَّ ٱزْدَادُوا۟ كُفْرًۭا لَّمْ يَكُنِ ٱللَّهُ لِيَغْفِرَ لَهُمْ وَلَا لِيَهْدِيَهُمْ سَبِيلًۢا

කවුරුන් විශ්වාසය තැබීමෙන් අනතුරුව ප්‍රතික්ෂේපය (අත්) කරගෙන, පසුව විශ්වාස කර, (ඉන්) පසුවද ප්‍රතික්ෂේපය අත් කරගෙන (එම) ප්‍රතික්ෂේපයේම නැවත (නැවතත්) ස්ථීරව සිටින්නෝද, ඔවුන්ව (ඔවුන්ගේ වැරදිවලට) නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නේම නැත. හැරත් (ඔවුන්ගේ නපුරු ක්‍රියාවන්ගේ හේතුවෙන්) ඔවුන්ව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද නැත.

විශ්වාස කිරීමෙන් පසු එය අතහැර දමා, පසුව නැවතත් එහි පිවිස, පසුව නැවතත් එය අතහැර දමා, දේව විශ්වාසයෙන් පසු දේව ප්රතික්ෂේයට එසේ නැවත නැවතත් හැරී යමින් දේව ප්රතික්ෂේපයේම රුඳී සිට මියගියවුන් වනාහි ඔවුන්ගේ පාපකම්වලට අල්ලාහ් ඔවුනට කිසි දිනෙක සමාව නොදෙනු ඇත. අල්ලාහ් වෙත යොමු කරවන ඍජු මාර්ගය වෙත ඔහු ඔවුනට ආශිර්වාද නොකරනු ඇත.

An-Nisaa 4:137Listen in Qur'an →
138

بَشِّرِ ٱلْمُنَٰفِقِينَ بِأَنَّ لَهُمْ عَذَابًا أَلِيمًا

(නබියේ! මෙවැනි) වංචනිකයින්ට වේදනා ගෙන දෙන දඬුවම් නියත වශයෙන්ම ඇත යයි ඔබ ඔවුන්ට සුභාරංචි දෙනු මැනව!

අහෝ දූතය, දේව විශ්වාසය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය ඇතුළත තබා ඇති කුහකයින්හට සැබැවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් අබියස වේදනා සහිත දඬුවමක් ඇති බවට ඔබ ශුභාරංචි දන්වනු.

An-Nisaa 4:138Listen in Qur'an →
139

ٱلَّذِينَ يَتَّخِذُونَ ٱلْكَٰفِرِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱلْمُؤْمِنِينَ ۚ أَيَبْتَغُونَ عِندَهُمُ ٱلْعِزَّةَ فَإِنَّ ٱلْعِزَّةَ لِلَّهِ جَمِيعًۭا

මොවුන් විශ්වාසවන්තියින්ව හැර, ප්‍රතික්ෂේප කරන්නන්වම (තමන්ගේ) ආරක්ෂකයින් වශයෙන්ද ඇර ගත්හ. මොවුන් ඔවුන්ගෙන් ගෞරවය (අත් කර ගැනීමට) අදහස් කරන්නෙහුද? නියත වශයෙන්ම ගෞරවයන් සියල්ල අල්ලාහ්ටම අයත්ය! (ඔවුන්ට අයත් දැය නොව).

මෙම දඬුවම වනාහි ඔවුන් දේව විශ්වාසීන් හැර දමා දේව ප්රතික්ෂේපකයින් උදව් කරුවන් හා පිහිට වන්නන් බවට ගත් බැවිනි. ඔවුන්ව භාරකරුවන් බවට පත් කර ගැනීම පුදුමයකි. ඔවුහු උසස්කම් ලබනු පිණිස ඔවුන් අබියස බලය හා ආරක්ෂාව පතන්නෙහු ද? සියලුම ගෞරවය සතු වන්නේ අල්ලාහ්ටමය.

An-Nisaa 4:139Listen in Qur'an →
140

وَقَدْ نَزَّلَ عَلَيْكُمْ فِى ٱلْكِتَٰبِ أَنْ إِذَا سَمِعْتُمْ ءَايَٰتِ ٱللَّهِ يُكْفَرُ بِهَا وَيُسْتَهْزَأُ بِهَا فَلَا تَقْعُدُوا۟ مَعَهُمْ حَتَّىٰ يَخُوضُوا۟ فِى حَدِيثٍ غَيْرِهِۦٓ ۚ إِنَّكُمْ إِذًۭا مِّثْلُهُمْ ۗ إِنَّ ٱللَّهَ جَامِعُ ٱلْمُنَٰفِقِينَ وَٱلْكَٰفِرِينَ فِى جَهَنَّمَ جَمِيعًا

නියත වශයෙන්ම (අල්ලාහ් වන) ඔහු, මෙම ධර්මයෙහි ඔබට මෙසේ පහළ කර ඇත්තේය: අල්ලාහ්ගේ ආයාවන් (කවුරුන් විසින් හෝ) ප්‍රතික්ෂේප කරනු ලැබීම හෝ නැතහොත් සමච්චල් කරනු ලැබීම හෝ ඔබ සවන් දුන්නහොත් ඔවුන් මෙයින් වැළකී වෙනත් කාරණාවකට ප්‍රවේශ වන තුරු ඔබ ඔවුන් සමග වාඩි නොවිය යුතුය. (එසේ වාඩි වුවහොත්) ඒ අවස්ථාවේදී නියත වශයෙන්ම ඔබත් ඔවුන් ලෙසටම (පත් වන්නෙහිය). නියත වශයෙන්ම අල්ලාහ් මෙම වංචනිකයින් හා එම ප්‍රතික්ෂේප කරන්නන් ආදී සියල්ලන්වම නිරයෙහි එකට ඒකරාශී කර හරින්නේය.

අහෝ විශ්වාසී ජනයිනි, ශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් නුඹලා වෙත මෙසේ පහළ කර ඇත: නියත වශයෙන්ම නුඹලා යම් සභාවක වාඩි වී, එහි අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කරන හා ඒවා අපහාසයට ලක් කරන කිසිවකුට නුඹලා සවන් දුන් විට, අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප නොකරන, ඒවා අපහාසයට පත් නොකරන දෑ ඔවුන් කතා කරන තෙක් ඔවුන් සමග වාඩි නොවනු. ඔවුන්ගේ සභාවෙන් ඉවත යෑම නුඹලා වෙත අනිවාර්යය වේ. අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කොට ඒවා අපහාසයට ලක් කරන තත්තවයේ නුඹලා එයට සවන් දීමෙන් පසු, ඔවුන් සමග නුඹලා වාඩි වී සිටින විට, අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධවීමෙහි නුඹලා ද ඔවුනට සමාන වනු ඇත. ඔවුන්ගේ ප්රතික්ෂේපය තුළින් ඔවුහු අල්ලාහ්ට පිටුපෑවාක් මෙන් නුඹලාද ඔවුන් සමග වාඩි වී අල්ලාහ්ට පිටුපාන බැවිනි. ඉස්ලාමය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය (සිතේ) අභ්යන්තරයේ සගවා ගෙන සිටින කුහකයින් දේව ප්රතික්ෂේපකයින් සමග මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට එක් රැස් කරනු ඇත.

An-Nisaa 4:140Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.