وَلِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۗ وَلَقَدْ وَصَّيْنَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَٰبَ مِن قَبْلِكُمْ وَإِيَّاكُمْ أَنِ ٱتَّقُوا۟ ٱللَّهَ ۚ وَإِن تَكْفُرُوا۟ فَإِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ وَكَانَ ٱللَّهُ غَنِيًّا حَمِيدًۭا
(මන්දයත්) අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද අල්ලාහ්ටම අයිතිය! (විශ්වාසවන්තයිනි!) “අල්ලාහ්ටම බිය වනු” යයි ඔබට පෙර ධර්මය පහළ කරනු ලැබූවන්ටද, (එසේම) ඔබටද, හොඳ ඔවදන් දෙන්නෙමු. එබැවින් (ඔහුට) ඔබ වෙනස්කම් කළහොත් -(එමගින් ඔහුට කිසිම පාඩුවක් වන්නේ නැත).- නියත වශයෙන්ම අහස්හි ඇති දැයද, භූමියෙහි ඇති දැයද අල්ලාහ්ට අයිති දැය වශයෙන්ම ඇත්තේය. අල්ලාහ් ඉමහත් වූ ස්වයංප්රභූමය වශයෙන් හා (සියල්ලන්ගේ) පැසසුමට ලක් වූවෙකු වශයෙන්ම සිටින්නේය.
අහස්හි හා මහපොළොවෙහි ඇති දෑ හි සර්ව රාජ්යය අල්ලාහ්ට පමණක් සතුය. ඒ දෙක අතර ඇති දෑ හි රාජ්යයද ඔහු සතුය. අල්ලාහ්ගේ නියෝග පිළිපදින මෙන්ද, ඔහු තහනම් කළ දැයින් වැළකෙන මෙන්ද ආගම් ලත් යුදෙව් හා කිතුනු ජනයා වෙතින් ප්රතිඥාවක් ගත් සේම ඔබ වෙතින්ද අපි ප්රතිඥාවක් ගෙන ඇත්තෙමු. මෙම ප්ර්තිඥාව ඔබ ප්රතික්ෂේප කරන්නේ නම් එහි හානිය ඔබටමය. ඔබ ඔහුට අවනත වීමෙන් කිසිදු අවශ්යතාවක් ඔහුට නොමැත. අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෑහි සර්ව රාජ්යද ඔහු සතුය. සියලු මැවීම් වල අවශ්යතාවන්ගෙන් ඔහු තොරය. ඔහුගේ සියලු ගුණාංග හා ක්රියාවන් ප්රශංසා සහගතය.