අහෝ දූතය, කාන්තා කටයුතු පිළිබඳවත්, ඔවුනට අනිවාර්යය වන කරුණු පිළිබඳවත් ඔවුන් කෙරෙහි පැවරෙන වගකීම් පිළිබඳවත් ඔවුහු ඔබෙන් විමසති. කවර කරුණක් ඔබ විමසා සිටින්නෙහුද එය ඔබට අල්ලාහ් පැහැදිලි කරනු ඇත. එමෙන්ම ඔබ භාරයේ සිටින කාන්තා, අනාථ දරුවන් විෂයයෙහි අල් කුර්ආනය ඔබ වෙත උගන්වන දෑ ද ඔබට පැහැදිලි කරනු ඇත. ඔවුනට අනිවාර්යය කළ මහර් හෝ උරුමයන් ඔවුනට නොපවරා, ඔවුන් විවාහය කිරීම සඳහා ආශා නොකරන්න. ඔවුන්ගේ සම්පත් භුක්ති විඳීම පිණිස ඔවුන් විවාහ කර නොදීමෙන් වළකින්න. දුර්වල කුඩා දරුවන් පිළිබඳ ඔවුනට අනිවාර්යය වූ ඔවුන්ගේ උරුමය ඔවුනට පිරිනැමීම පිළිබඳව ද ඔහු පැහැදිලි කරයි. ඔවුන්ගේ ධනය පවරා ගනිමින් ඔවුනට අපරාධ නොකළ යුතුයි. මෙලොව මෙන්ම මතු ලොව ඔවුන්ගේ කටයුතු විධිමත් කර ගත හැකි අයුරින් අනාථයින් සම්බන්ධයෙන් යුක්ති ගරුක ව කටයුතු කිරීමේ අනිවාර්යය කටයුතු ද ඔහු නුඹලාට පැහැදිලි කරයි. ඔබ අනත්දරුවන්ට හෝ වෙනත් අයට යම් යහපතක් කර ඇත්නම් ඒ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔබට කුසල් පිරිනමනු ඇත.