Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 111–120 of 176

111

وَمَن يَكْسِبْ إِثْمًۭا فَإِنَّمَا يَكْسِبُهُۥ عَلَىٰ نَفْسِهِۦ ۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًۭا

කවුරුන් පාපයන් හම්බ කරන්නේද, ඔහු නියත වශයෙන්ම තමන්ට නපුරක් වශයෙන්ම එය හම්බ කරන්නේය. අල්ලාහ් (සියල්ලම) ඉතාමත් හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

කවරෙකු කුඩා හෝ මහා පාපයක් සිදු කරන්නේ ද ඔහු සතු දඬුවම ඔහු වෙත පමණක් පැවරෙනු ඇත. එය වෙනත් කෙනෙකු වෙත පැවරෙන්නේ නැත. ගැත්තන්ගේ ක්රියාදාමයන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය. සැලසුම් කිරීමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රාඥාවන්තය.

An-Nisaa 4:111Listen in Qur'an →
112

وَمَن يَكْسِبْ خَطِيٓـَٔةً أَوْ إِثْمًۭا ثُمَّ يَرْمِ بِهِۦ بَرِيٓـًۭٔا فَقَدِ ٱحْتَمَلَ بُهْتَٰنًۭا وَإِثْمًۭا مُّبِينًۭا

කවුරුන් හෝ යම්කිසි වැරැද්දක් හෝ නැතහොත් පාපයක් හෝ සිදු කර, (එය තමන් කළේ නැතැයි සඟවා) වැරැද්දක් නැති (වෙනත්) කෙනෙකු මත එය පැටවුවහොත්, නියත වශයෙන්ම ඔහු අමූලික බොරුවක්ද, ප්‍රකට පාපයක්ද (තමන් මත) පටවා ගන්නේය.

කවරෙකු වැරදීමකින් යම් පාපයක් සිදු කොට හෝ උවමනාවෙන්ම පාපයක් සිදු කොට පසු ව එම පාපය නිරපරාධි මිනිසෙකු මත පටවන්නේද ඔහුගේ එම ක්රියාව හේතුවෙන් ඔහු දැඩි බොරුවක් හා පැහැදිලි පාපයක් උසුලනු ඇත.

An-Nisaa 4:112Listen in Qur'an →
113

وَلَوْلَا فَضْلُ ٱللَّهِ عَلَيْكَ وَرَحْمَتُهُۥ لَهَمَّت طَّآئِفَةٌۭ مِّنْهُمْ أَن يُضِلُّوكَ وَمَا يُضِلُّونَ إِلَّآ أَنفُسَهُمْ ۖ وَمَا يَضُرُّونَكَ مِن شَىْءٍۢ ۚ وَأَنزَلَ ٱللَّهُ عَلَيْكَ ٱلْكِتَٰبَ وَٱلْحِكْمَةَ وَعَلَّمَكَ مَا لَمْ تَكُن تَعْلَمُ ۚ وَكَانَ فَضْلُ ٱللَّهِ عَلَيْكَ عَظِيمًۭا

(නබියේ!) ඔබ කෙරෙහි අල්ලාහ්ගේ දයාවද, ඔහුගේ කරුණාවද නොතිබුනේ නම්, (ඔබ වැරදි කරන්නට ඉඩ තිබුණි. මන්දයත් කෙසේ හෝ) ඔබව මාර්ගය වැරද යාමට සැලැස්විය යුතුය යයි ඔවුන්ගේ එක් සමුහයක් තීරණය කර තිබුණි. එහෙත් ඔවුන් තමන්වම මිස, (ඔබව) මාර්ගය වැරද යාමට සැලැස්විය නොහැක. ඔවුන් ඔබට කිසිම හානියක් කිරීමටද නොහැක. අල්ලාහ් මෙම ධර්මයද ඥානයද ඔබ වෙත පහළ කර ඔබ නොදැනුවත්ව සිටි දැයද, ඔබට උගන්වා දී ඇත්තේය. ඔබ කෙරෙහි අල්ලාහ්ගේ වරප්‍රසාදයන් අති ශ්‍රේෂ්ඨ වශයෙන්ම ඇත්තේය.

අහෝ රසූල්වරය! ඔබ ව ආරක්ෂා කිරීමෙන් අල්ලාහ් ඔබ කෙරෙහි ආශිර්වාද නොකළේ නම්, තමන්හටම වංචා කර ගත් අය අතරින් පිරිසක් ඔබ ව සත්‍යයයෙන් නොමග යවන්නට උත්සාහ දරා, පසු ව ඔබ විසින් අයුක්ති සහගත ලෙස තීන්දු පිරිනැමීමට බලාපොරොත්තුවෙන් සිටිති. ඔවුන් තමන්වම මිස මුළා කර ගත්තේ නැත. නොමග යැවීමේ උත්සාාහයේ ප්‍රතිවිපාකය ඔවුන් වෙතම නැවත හැරී එනු ඇත. අල්ලාහ් ඔබ ව ආරක්ෂා කර ඇති බැවින් ඔබට යම් හිංසාවක් කිරීමට ඔවුහු ශක්තිය නොදරති. අල්ලාහ් ඔබ වෙත අල් කුර්ආනය හා සුන්නාව පහළ කළේය. මීට පෙර කිසිවකු දැන නොසිටි ප්‍රඥාවෙන් හා යහමගින් ඔබට ඔහු ඉගැන්නුවේය. එමෙන්ම නබිත්වය හෙවත් දූත මෙහෙය ඔබට පිරිනමමින් හා ඔබ ව ආරක්ෂා කරමින් අල්ලාහ් ඔබට දායාද කර ඇත්තේ මහත් භාග්‍යයකි.

An-Nisaa 4:113Listen in Qur'an →
114

۞ لَّا خَيْرَ فِى كَثِيرٍۢ مِّن نَّجْوَىٰهُمْ إِلَّا مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلَٰحٍۭ بَيْنَ ٱلنَّاسِ ۚ وَمَن يَفْعَلْ ذَٰلِكَ ٱبْتِغَآءَ مَرْضَاتِ ٱللَّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًۭا

(නබියේ!) ඔවුන් කතා කරන රහස්වලින් වැඩි හරියක් කිසිම හොඳක් ඇත්තේ නැත. එහෙත් දානමාන කිරීම ගැන හෝ දැහැමි දැය ගැන හෝ මිනිසුන් අතරේ සමාදානය ඇති කිරීම ගැන හෝ ඔවුන් පොළඹවන දැය හැර. එබැවින් කවුරුන් හෝ අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස බලාපොරොත්තුවෙන් මෙසේ කළහොත් අපි ඔවුන්ට ඉමහත් වූ (හොඳ) ඵලවිපාක දෙන්නෙමු.

මිනිසුන් රහසිගත ව කතා කරන බොහේ දේවල්හි යහපතක් නැත. එහි ප්රයොජනයද නැත. නමුත් ඔවුන්ගේ ප්රකාශයන්හි දානය පිළිබඳ ව හෝ දහමෙහි පැමිණි ඇති බුද්ධිමය දැහැමි කටයුත්තක් පිළිබඳ ව හෝ නියෝගයක් වී නම් හෝ ගැටුමට පැටලුනු දෙදෙනෙකු අතර සමතයට පත් කිරීමට කෙරෙන ඇරයුමක් වී නම් හෝ එවැන්නක් යහපතකි. කවරෙකු මේවා අල්ලාහ්ගේ තෘප්තිය වෙනුවෙන් සිදු කරන්නේද ඔහුට අපි අතිමහත් කුසල් පිරිනමමු.

An-Nisaa 4:114Listen in Qur'an →
115

وَمَن يُشَاقِقِ ٱلرَّسُولَ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُ ٱلْهُدَىٰ وَيَتَّبِعْ غَيْرَ سَبِيلِ ٱلْمُؤْمِنِينَ نُوَلِّهِۦ مَا تَوَلَّىٰ وَنُصْلِهِۦ جَهَنَّمَ ۖ وَسَآءَتْ مَصِيرًا

ඍජු මාර්ගය මෙය යයි තමන්ට පැහැදිලි වූවායින් පසුවද කවුරුන් (අල්ලාහ්ගේ) මෙම දූතයාව අත්හැර දමා වෙන් වී විශ්වාසවන්තයින්ගෙන් නොවන මාර්ගයෙහි ගමන් කරන්නේද, ඔහුව අපි ඔහු ගමන් කරන (වැරදි) මාර්ගයෙහිම යන්නට ඉඩ දී, (පසුව) ඔහුව නිරයෙහි සේන්දු කර හරින්නෙමු. එය යන ස්ථානයන්ගෙන් ඉතාමත් නරකය.

කවරෙකු රසූල්වරයාට පිටුපාමින් ඔහු කවර දෙයක් ගෙන ආවේද එය පැහැදිලි වූවායින් පසු එයට විරුද්ධ වෙමින් කටයුතු කර දෙවියන් විශ්වාස කරන්නන්ගේ මාර්ගය හැර වෙනත් මාර්ගයක් පිළිපදින්නේද ඔහු ද ඔහු වෙනුවෙන් ඔහු තෝරාගත් දෑ ද අපි අතහැර දමන්නෙමු. ඔහු උවමනාවෙන්ම එය පිටුපෑ හේතුවෙන් සත්යය වෙත ආශිර්වාද නොකරන්නෙමු. උතුරන නිරා ගින්නට අපි ඔහු ඇතුළත් කරන්නෙමු. එහි වැසියන් යොමු වන ස්ථානය ඉතා නපුරුය.

An-Nisaa 4:115Listen in Qur'an →
116

إِنَّ ٱللَّهَ لَا يَغْفِرُ أَن يُشْرَكَ بِهِۦ وَيَغْفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُ ۚ وَمَن يُشْرِكْ بِٱللَّهِ فَقَدْ ضَلَّ ضَلَٰلًۢا بَعِيدًا

නියත වශයෙන්ම අල්ලාහ් තමන්ට සමානයන් තැබීමට සමාව දෙන්නේම නැත. මෙය නොවන දැයට (වෙනත් වැරදි වලට, එයත්) තමන් කැමති අයටම සමාව දෙන්නේය. එබැවින් කවුරුන් හෝ අල්ලාහ්ට සමානයන් තැබුවහොත් ඔහු ඉතාමත් ඈත් වූ දුර්මාර්ගයෙහිම සිටින්නේය.

සැබැවින්ම අල්ලාහ් ආදේශ තැබීමේ වරදට සමාව දෙන්නේම නැත. එසේ ආදේශ කළ තැනැත්තා නිරා ගින්නේ සදාතනික ව වෙසෙනු ඇත. ෂිර්ක් හෙවත් ආදේශ කිරීම හැර සෙසු පාපකම් සඳහා ඔහුගේ කරුණාව හා භාග්යය තුළින් ඔහු අභිමත කරන අයට සමාව දෙන්නේය. කවරෙකු අල්ලාහ් සමග තවත් අයකු ආදේශ කරන්නේද සැබැවින්ම ඔහු සත්යයයෙන් පෙරළී ගොස් ඇත. එහි අන්තයටම ගොස් ඇත. හේතුව ඔහු මැවුම්කරු හා මැවීම් අතර සමානකමක් දක්වා ඇති බැවිණි.

An-Nisaa 4:116Listen in Qur'an →
117

إِن يَدْعُونَ مِن دُونِهِۦٓ إِلَّآ إِنَٰثًۭا وَإِن يَدْعُونَ إِلَّا شَيْطَٰنًۭا مَّرِيدًۭا

අල්ලාහ් හැර ඔවුන් (දෙවිවරුන් වශයෙන්) ආරාධනා කරන දැය ගැහැනු (නාමයන්ගෙන් යුත්) දැය මිස, වෙන කිසිවක් නැත. දුෂ්ඨ ෂෙයිතාන්ව මිස, (වෙන කිසිවක්) ඔවුන් ආරාධනා කළේ නැත.

මෙම ආදේශ තබන්නන් ලාත්, උස්සා වැනි කාන්තාවන්ගේ නම් තබන ලද ගල් පිළිරූ හැර වෙනත් කිසිවක් නමදින්නේ හෝ ඇරයුම් කරන්නේ හෝ නැත. ඔවුනට කිසිදු සෙතක් සැලසීමට හෝ හානියක් සිදු කිරීමට හෝ ඒ්වාට නොහැක. සැබැවින්ම ඔවුන් නැමදුම් කරනුයේ අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ ෂෙයිතාන්ටය. එහි කිසිදු යහපතක් නැත. හේතුව ගල් පිළිරූ වෙත නමදින්නට ඔවුනට නියෝග කර ඇත්තේ ඔහුය.

An-Nisaa 4:117Listen in Qur'an →
118

لَّعَنَهُ ٱللَّهُ ۘ وَقَالَ لَأَتَّخِذَنَّ مِنْ عِبَادِكَ نَصِيبًۭا مَّفْرُوضًۭا

(ඔවුන්ව වැරදි මාර්ගයෙහි ඇතුළු කරන ෂෙයිතාන් වන) ඔහුව අල්ලාහ් ශාප කළේය. (එයට) ඔහු “ඔබගේ වහලූන්ගෙන් එක් නියමිත කොටසක් නියත වශයෙන්ම මා ඇර ගන්නෙමි” යයි පැවසුවේය.

එබැවින් අල්ලාහ් ඔහු ව තම කරුණාවෙන් බැහැර කළේය. ෂෙයිතාන් තම පරමාධිපතිට දිවුරා “ඔබේ ගැත්තන් අතුරින් සත්යයෙන් පෙරළුණු නියමිත පිරිසක් මා වෙනුවෙන් පත් කර ගනිමි“ යැයි පැවසීය.

An-Nisaa 4:118Listen in Qur'an →
119

وَلَأُضِلَّنَّهُمْ وَلَأُمَنِّيَنَّهُمْ وَلَءَامُرَنَّهُمْ فَلَيُبَتِّكُنَّ ءَاذَانَ ٱلْأَنْعَٰمِ وَلَءَامُرَنَّهُمْ فَلَيُغَيِّرُنَّ خَلْقَ ٱللَّهِ ۚ وَمَن يَتَّخِذِ ٱلشَّيْطَٰنَ وَلِيًّۭا مِّن دُونِ ٱللَّهِ فَقَدْ خَسِرَ خُسْرَانًۭا مُّبِينًۭا

(තවද) “නියත වශයෙන්ම මා ඔවුන්ව මාර්ගය වැරද යාමට සලස්වන්නෙමි. ඔවුන්ට (පුහු) විශ්වාසයන් ඇති කර, (යක්ෂයින් වෙනුවෙන් ප්‍රාර්ථනා කරනු ලැබූ එළු, ගව, ඔටුවන් ආදී) සතුන්ගේ කණ් කපා දමන ලෙසටද ඔවුන්ව පොළඹවන්නෙමි. අල්ලාහ්ගේ උත්පාදනයන් ගැන භේද ඇති කරවන ලෙසටද නියත වශයෙන්ම මා ඔවුන්ව පොළඹවන්නෙමි” (යයිද කීවේය). එබැවින් කවුරුන් අල්ලාහ් මිස, (මෙවැනි) ෂෙයිතානවරුන්ව (තමන්ට) ආරක්ෂකයින් බවට පත් කර ගන්නේද, ඔහු නියත වශයෙන්ම පැහැදිලි පාඩුවම අත් කර ගන්නේය.

ඔබේ ඍජු මාර්ගයෙන් මම ඔවුන් ඉවත් කරමි. ඔවුන් නොමග යෑම ඔවුනට අලංකාරවත් කරවන බොරු ප්රතිඥාවන් තුළින් මම ඔවුනට ආශාවන් ඇති කරමි. අල්ලාහ් කවර කරුණක් අනුමත කර ඇත්තේද එය තහනම් කරනු පිණිස සිව්පාවුන්ගේ කන් කපා හැරීමට මම ඔවුනට අණ කරමි. අල්ලාහ්ගේ මැවීම් හා ඔහුගේ ස්වභාවය වෙනස් කිරීමට මම නියෝග කරමි. කවරෙකු ෂෙයිතාන් ව තම භාරකාරත්වය දරන භාරකරුවකු බවට පත් කරගෙන ඔහුට අවනත වන්නේද, බැහැර කරන ලද ෂෙයිතාන් සමග සම්බන්ධකම් පැවැත් වූ බැවින් ඔහු ඉමහත් ලෙස පාඩු විඳිනු ඇත.

An-Nisaa 4:119Listen in Qur'an →
120

يَعِدُهُمْ وَيُمَنِّيهِمْ ۖ وَمَا يَعِدُهُمُ ٱلشَّيْطَٰنُ إِلَّا غُرُورًا

(ෂෙයිතාන් වන) ඔහු ඔවුන්ට පොරොන්දු දෙන්නේය. ඔවුන්ට (බොරු) විශ්වාසයද ඇති කරවන්නේය. එහෙත් රැවටීමට මිස, ෂෙයිතාන් ඔවුන්ට පොරොන්දු දෙන්නේ නැත.

ෂෙයිතාන් බොරු පොරොන්දු ඔවුනට දෙයි. නොමනා ආශාවන් ඔවුනට ඇති කරයි. ඔහු ප්රතිඥා දෙන දෑහි අසත්යයක් මිස සත්යය පදනමක් එහි දැක ගත නොහැක.

An-Nisaa 4:120Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.