يُوصِيكُمُ ٱللَّهُ فِىٓ أَوْلَٰدِكُمْ ۖ لِلذَّكَرِ مِثْلُ حَظِّ ٱلْأُنثَيَيْنِ ۚ فَإِن كُنَّ نِسَآءًۭ فَوْقَ ٱثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ ۖ وَإِن كَانَتْ وَٰحِدَةًۭ فَلَهَا ٱلنِّصْفُ ۚ وَلِأَبَوَيْهِ لِكُلِّ وَٰحِدٍۢ مِّنْهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٌۭ ۚ فَإِن لَّمْ يَكُن لَّهُۥ وَلَدٌۭ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُ ۚ فَإِن كَانَ لَهُۥٓ إِخْوَةٌۭ فَلِأُمِّهِ ٱلسُّدُسُ ۚ مِنۢ بَعْدِ وَصِيَّةٍۢ يُوصِى بِهَآ أَوْ دَيْنٍ ۗ ءَابَآؤُكُمْ وَأَبْنَآؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًۭا ۚ فَرِيضَةًۭ مِّنَ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمًۭا
ඔබගේ දරුවන්ගෙන් (පිරිමින්ද ගැහැනුන්ද සිටියහොත් එක්) පිරිමියෙකුට ගැහැනුන් දෙදෙනෙකුට අයත් දැය මෙන් පංගුවක් ඇතැයි අල්ලාහ් ඔබට නියෝග කරන්නේය. (ඔබගේ දරුවන් වන) ඔවුන් (පිරිමින් නොමැතිව) කාන්තාවන් වශයෙන් පමණක් සිට, ඔවුන් (දෙදෙනෙකු වශයෙන්ද නැතහොත්) දෙදෙනෙකුට වඩා වැඩියෙන් සිටියහොත් (කී දෙනෙකු වශයෙන් සිටියා වුවද) ඔහු, (මිය ගිය අය) අත්හැර දමා ගිය දේපළවලින් තුනෙන් දෙකක කොටසක්ම (තමන් තුළ සමාන වශයෙන් අයත් වන්නේය). එකම එක කාන්තාවක් සිටියහොත් හෝ ඇයට (මිය ගිය අය අත්හැර දමා ගිය දේපළවලින්) අඩක් ඇත. (ඔබගෙන් මිය ගිය) ඔහුට, දරුවන්ද තිබී, ඔහුගේ (දෙමව්පියන්ද සිටියහොත්) මව, පියා යන දෙදෙනාටම (මිය ගිය අය) අත්හැර දමා ගිය දේපළවලින් හයෙන් එක් පංගුවක් ඇත. (මිය ගිය) ඔහුට දරුවන් කිසිවෙකු නොමැතිව සිටියදී, දෙමව්පියන් (පමණක්) ඔහුට උරුමක්කාරයින් වශයෙන් වුවහොත් ඔහුගේ මවට තුනෙන් එක් පංගුවකි. (අනිත් පංගු දෙකම පියාට අත් වන්නේය. මෙවැනි තත්වයකදී මිය ගිය) ඔහුට, සහෝදරයින් (කිහිප) දෙනෙකු සිටියහොත් මවට හයෙන් එක් පංගුවකි. (ඉතිරිය පියාට අයත් වන්නේය. එක් සහෝදරයෙකු නැතහොත් එක් සහෝදරියක් පමණක් සිටියහොත් මවට තුනෙන් එක් පංගුවකි. මේ සියල්ල) මරණ ශාසනය (හෙවත් අන්තිම කැමැත්ත)ද, ණය බරද, නිදහස් කිරීමෙන් පසුවම (ඉතිරිව ඇති දේපළවලින් අත් කර ගත යුතුය). ඔබගේ පියා හෝ නැතහොත් ඔබගේ දරුවන් හෝ මොවුන්ගෙන් ඔබට ප්රයෝජන ගෙන දෙන්නන්ගෙන් ඉතාමත් සමීප වන්නන් කවුරුන්දැයි යන්න ඔබ නොදන්නෙහුය. (එබැවින් මේවා) අල්ලාහ් විසින් (ඔබ කෙරෙහි) නියම කර ඇත්තේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔහු නියම කළ ආකාරයටම ඛෙදා ගනු).
නුඹලාගේ දරුවන්ගේ උරුමයන් විෂයයෙහි අල්ලාහ් නුඹලාට අණ කර ඇති අතර ඔහු නුඹලාගෙන් ප්රතිඥා ගෙන ඇත. එනම්, සැබැවින්ම උරුමය වනාහි එය ගැහැනු දරුවන්ට හිමිවන කොටස මෙන් දෙගුණයක් පිරිමි දරුවාට බෙදා දෙනු ලැබිය යුතුය. පිරිමි දරුවකු නොමැති ගැහැනු දරුවන් පමණක් සිටින තැනැත්තෙකු ඔවුන් හැර දමා මිය ගිය විට ගැහැනු දරුවන් දෙදෙනෙකු හෝ ඊට වඩා වැඩි සංඛ්යාවක් සිටිනා විට ඔහු අතහැර යන දැයින් තුනෙන් දෙකක් ඔවුන් අතර බෙදා දෙනු ලැබිය යුතුය. එකම ගැහැනු දරුවකු පමණක් නම් ඔහු අතහැර දමා ගිය දැයින් අඩක් ඔහුට හිමි විය යුතුය. මිය ගිය තැනැත්තාහට ගැහැනු දරුවකු හෝ පිරිමි දරුවකු වී ඔහුගේ දෙමාපියන් ද සිටී නම් ඔහුගේ දෙමාපියන් සෑම කෙනෙකුටම ඔහු හැර දමා යන දැයින් හයෙන් එකක් හිමි විය යුතුය. ඔහුට දෙමාපියන් හැර කිසිදු දරුවකු හෝ උරුමක්කරුවකු හෝ නොවී නම් මව ට තුනෙන් එකක් ද ඉතිරිය තම පියාට උරුම වන්නේය. මිය ගිය තැනැත්තාට සහෝදරයින් දෙදෙනෙකු හෝ ඊට වැඩියෙන් වී නම් ඔවුන් පිරිමි හෝ ගැහැනු හෝ වේවා, එක කුස උපන් හෝ එක කුස නූපන් හෝ වේවා එවිට ඔහුගේ මව ට අනිවාර්යයෙන්ම හයෙන් එකක් හිමි විය යුතුය. ඉතිරිය වඩාත් සමීප ඥාතීත්වය අනුව පියාට හිමි වනු ඇත. සහෝදරයන්ට කිසිවක් උරුම වන්නේ නැත. උරුමය සම්බන්ධයෙන් මෙම බෙදීම් ක්රමය ක්රියාත්මක විය යුත්තේ මිය ගිය තැනැත්තා කවර දෙයක් පිළිබඳ අන්තිම කැමැත්ත ප්රකාශ කර ඇත්තේ ද එය ක්රියාත්මක කිරීමෙන් පසුවය. නමුත් ඔහුගේ අන්තිම කැමැත්ත ඔහුගේ ධනයෙන් තුනෙන් එකකට වඩා වැඩි නොවිය යුතුය යන කොන්දේසිය මත හා ඔහු වෙත පැවරී ඇති ණය පියවීමෙන් පසු ව යන කොන්දේසිය මතය. සැබැවින්ම අල්ලාහ් උරුමය පිළිබඳ වූ කොටස් මේ ආකාරයෙන් නියම කර ඇත. එසේ සිදු කර ඇත්තේ මෙලොවෙහි හා මතු ලොවෙහි සෙත සැලසීමෙන් නුඹලාට වඩාත් සමීප වනුයේ දෙමාපියන්ද දරුවන්ද යන වග නුඹලා නොදන්නා බැවිණි. මිය ගිය තැනැත්තා ඔහුගේ උරුමක්කරුවන් අතුරින් යම් කිසි කෙනෙකු යහපත් යැයි සිතා තම ධනය ඔහුට පිරිනැමිය හැක. එසේ නැතහොත් ඔහු නපුරෙක් යැයි සිතා ඔහුට පිරිනැමීමෙන් වැළකී සිටිය හැක. නමුත් ඇතැම් විට ඔහු සිතන ආකාරයට වඩා වෙනස් විය හැක. ඒ සියල්ල දන්නේ අල්ලාහ් පමණය. ඔහුට කිසිවක් සැඟවිය නොහැක. එහෙයින් ඔහු පැහැදිලි කළ පරිදි උරුමයන් බෙදිය යුතුය. එය ඔහුගේ ගැත්තන්හට වන අනිවාර්ය වගකීමක් ලෙස නියම කර ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. ඔහුගේ ගැත්තන්හට යහපත සලසන කිසිවක් ඇත්නම් ඒ ගැන කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු නීතිගත කිරීමෙහි හා සැලසුම් කිරීමෙහි මහා ප්රඥාවන්තය.