Muslim99Muslim99
← Tafsir library

4. An-Nisaa

The Women · Medinan · 176 ayahs

سُورَةُ النِّسَاءِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 176

101

وَإِذَا ضَرَبْتُمْ فِى ٱلْأَرْضِ فَلَيْسَ عَلَيْكُمْ جُنَاحٌ أَن تَقْصُرُوا۟ مِنَ ٱلصَّلَوٰةِ إِنْ خِفْتُمْ أَن يَفْتِنَكُمُ ٱلَّذِينَ كَفَرُوٓا۟ ۚ إِنَّ ٱلْكَٰفِرِينَ كَانُوا۟ لَكُمْ عَدُوًّۭا مُّبِينًۭا

(විශ්වාසවන්තයිනි!) ඔබ භූමියෙහි සංචාරය කරන කාලයෙහි (ඔබ සලාත් කරමින් සිටින අවස්ථාවේදී) ප්‍රතික්ෂේප කරන්නන් ඔබට විපතක් කරනු ඇතැයි බිය වුවහොත් ඔබ (කසර් සලාතය ඉටු කිරීම, එනම් ඔබගේ) සලාතය කෙටි කර ගැනීමෙහි ඔබ කෙරෙහි වරදක් නැත. මන්දයත් ප්‍රතික්ෂේප කරන්නන් ඔබට ප්‍රකට සතුරන් වශයෙන්ම සිටින්නාහ.

මහපොළොවේ නුඹලා ගමන් කරන විට දේව ප්රිතික්ෂේපකයින්ගෙන් යම් පිළිකුල් සහගත දෙයක් ඔබට අත්වනු ඇතැයි ඔබ බියවන්නෙහු නම් රකආත් හතරකින් යුත් සලාතය රකආත් දෙකක් වශයෙන් කෙටි කර ඉටු කිරීමෙහි වරදක් නැත. සැබැවින්ම ඔබ කෙරෙහි වූ දේව ප්රෙතික්ෂේපකයින්ගේ සතුරුකම් ඉතා පැහැදිලිය. අභයදායී අවස්ථාවක ගමනක නිරතව සිටියදී සලාතය කෙටි කිරීමේ අනුමැතිය පූර්ව සාධක සහිත හදීස් වල පවා තහවුරු කර ඇත.

An-Nisaa 4:101Listen in Qur'an →
102

وَإِذَا كُنتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلْتَقُمْ طَآئِفَةٌۭ مِّنْهُم مَّعَكَ وَلْيَأْخُذُوٓا۟ أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُوا۟ فَلْيَكُونُوا۟ مِن وَرَآئِكُمْ وَلْتَأْتِ طَآئِفَةٌ أُخْرَىٰ لَمْ يُصَلُّوا۟ فَلْيُصَلُّوا۟ مَعَكَ وَلْيَأْخُذُوا۟ حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ ۗ وَدَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُم مَّيْلَةًۭ وَٰحِدَةًۭ ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ إِن كَانَ بِكُمْ أَذًۭى مِّن مَّطَرٍ أَوْ كُنتُم مَّرْضَىٰٓ أَن تَضَعُوٓا۟ أَسْلِحَتَكُمْ ۖ وَخُذُوا۟ حِذْرَكُمْ ۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلْكَٰفِرِينَ عَذَابًۭا مُّهِينًۭا

(නබියේ! යුද බිමෙහි) ඔබත් ඔවුන් සමග සිට, ඔවුන්ට සලාතය මෙහෙයවීමට ඔබ (ඉමාම් වශයෙන්) ඉදිරියෙන් සිටියහොත් ඔවුන්ගෙන් එක් කණ්ඩායමක් (පමණක්) තමන්ගේ ආයුධ අතැතිවම ඔබ සමග සලාත් කළ යුතුය. මොවුන් ඔබ සමග (සලාත් කර) සජදා කළහොත්, ඔවුන් (සලාත් කරන කණ්ඩායමෙන් ඈත් වී) ඔබගේ පසුපසින් (ඔබව ආරක්ෂා කරමින්) මුර කළ යුතුය. (එසේම) සලාත් නොකර සිටි තවත් කණ්ඩායමක් පැමිණ ඔබ සමග එක්කාසු වී සලාත් කළ යුතුය. එහෙත් ඔවුන්ද තමන්ගේ ආයුධ අතැතිවම තමන් කෙරෙහි ඉතාමත් ප්‍රවේසම් සහිතව සිටිය යුතුය. (මන්දයත්) ඔබ, ඔබගේ වස්තූන්ගෙන්ද ඔබගේ ආයුධවලින්ද නොසැලකිලිමත් වුවහොත් ඔබ කෙරෙහි එක පහරින් (ඒ සියල්ල) අත් කර ගත යුතුය යයි එම ප්‍රතික්ෂේප කරන්නන් කැමති වන්නාහ. මෙසේ තිබියදී වර්ෂාවේ අපහසුතාවයෙන් නැතහොත් ඔබ අසනීපයෙන් සිටීම නිසා හෝ ඔබගේ ආයුධ (අතින් අල්ලා ගැනීමට නොහැකි වුවහොත්) බිම තැබීමෙහි ඔබ කෙරෙහි වරදක් නැත. එහෙත් ඔබ, (ඔබගේ ආත්මාරක්ෂාව සඳහා) සුදානමින්ම සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතික්ෂේප කරන්නන්ට අවමන් ගෙන දෙන දඬුවම පිළියෙල කර තබා ඇත්තේය.

අහෝ! දූතය, සතුරා සමග සටන් වදින මොහොතේ ඔබ සේනාව සමඟ සිටියදී ඔවුනට ඔබ සලාතය මෙහෙයවන්නට සිතන්නෙහි නම් සේනාව කණ්ඩායම් දෙකට බෙදා ඉන් එක් කණ්ඩායමක් ඔබ සමග සලාතය ඉටු කිරීමට සලස්වන්න. සලාතයේදී ආයුධ සන්නද්ධ ව ඔවුන් සිටිය යුතුයි. අනෙක් කණ්ඩායම ඔබගේ ආරක්ෂාව සඳහා අවධානයෙන් තබන්න. පළමු කණ්ඩායම ඉමාම් සමග එක රකඅතයක් ඉටු කළේ නම් සෙසු රකඅතය ස්වෙච්චාවෙන් ඉටු කර වහාම සතුරන් දෙසට මුහුණ ලා ඔබ පිටුපසින් අවධානයෙන් සිටිය යුතුයි. පසු ව ආරක්ෂාව සඳහා අවධානයෙන් සිටි සලාතය ඉටු නොකළ අනෙක් කණ්ඩායම පැමිණ ඉමාම් සමග එක් රකඅතයක් ඉටු කළ යුතුයි. ඉමාම් සලාම් පැවසූ විට ඔවුන් ඉතිරි රකඅතය සම්පූර්ණ කළ යුතුයි. ඔවුන් ද සතුරන්ගෙන් ප්රවේසම් විය යුතුයි. ආයුධ සන්නද්ධ ව සිටිය යුතුයි. නුඹලා සලාතය කරමින් සිටියදී නුඹලාගේ උපකරණ හා ආයුධ ගැන නොසැලකිල්ලෙන් පසු වන විට එකවර පහර දීමට දෙවියන් ප්රීතික්ෂේප කරන්නන් සැබැවින්ම ප්රිය කරනු ඇත. වර්ෂාව හේතුවෙන් හෝ අසනීපය හේතුවෙන් හෝ ඔබට යම් අපහසුතාවක් ඇති වූ විට ඔබේ ආයුධ නොඋසුලා බිම තැබීමෙහි වරදක් නැත. නමුත් ඔබ හැකි පමණින් ඔබගේ සතුරාගෙන් ප්රුවේශම් වන්න. සැබැවින්ම අල්ලාහ් ඔහු ව ප්රතික්ෂේප කරන්නන්හට නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත.

An-Nisaa 4:102Listen in Qur'an →
103

فَإِذَا قَضَيْتُمُ ٱلصَّلَوٰةَ فَٱذْكُرُوا۟ ٱللَّهَ قِيَٰمًۭا وَقُعُودًۭا وَعَلَىٰ جُنُوبِكُمْ ۚ فَإِذَا ٱطْمَأْنَنتُمْ فَأَقِيمُوا۟ ٱلصَّلَوٰةَ ۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتْ عَلَى ٱلْمُؤْمِنِينَ كِتَٰبًۭا مَّوْقُوتًۭا

(විශ්වාසවන්තයිනි! මෙසේ) ඔබ (සලාත් කර), සලාතය අවසන් කර ගතහොත් ඔබ සිටගෙන සිටියදීද, වාඩි වී සිටියදීද, හාන්සි වී සිටියදීද, අල්ලාහ්ව දික්ර් කරමින්ම සිටිනු. (සතුරන්ගේ එදිරිවාදිකමින්) ඔබ බිය පහ වී, බිය නොමැත්තන් බවට පත් වුවහොත් (නිසියාකාරව) සලාත් කරනු. මන්දයත් නියත වශයෙන්ම සලාතය නියමිත වේලාවන්හි (නොවරදවා) ඉටු කළ යුතු අනිවාර්යය යුතුකමක් වශයෙන්ම විශ්වාසවන්තයින් කෙරෙහි නියම කර ඇත්තේය.

දෙවියන් කෙරෙහි විශ්වාස කරන්නනි, ඔබ සලාතය නිමා කළ පසු සිටගෙන හෝ වාඩි වී හෝ පැත්තකට ඇල වී හෝ කවර ඉරියව්වක ඔබ සිටිය ද තස්බීහ් (සුබ්හානල්ලා - අල්ලාහ් පිවිතුරුය) තහ්මීද් (අල්හම්දු ලිල්ලාහ් - සියලු ප්ර්ශංසා අල්ලාහ් සතුය) තහ්ලීල් (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුම් ලබන්නට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත) යන පාඨ තෙපලමින් අල්ලාහ් ව මෙනෙහි කරන්න. ඔබෙන් බිය පහ වී අභයදායී තත්ත්වයක් ඔබට උදා වූ විට නියෝග කරනු ලැබූ පරිදි සලාතයේ අර්කාන් හෙවත් මූලිකාංගයන් වාජිබාත් හෙවත් අනිවාර්යය කරුණු හා මුස්තහබ්බාත් හෙවත් සතුටු දායක කරුණු පිළිපදිමින් සලාතය පූර්ණ ව ඉටු කරන්න. නියමිත කාලය තුළ සලාතය ඉටු කිරීම දෙවියන් විශ්වාස කරන්නන්හට අනිවාර්යය කොට ඇත. සාධාරණ හේතුවක් සඳහා මිස එය ප්රමාද කිරීම සුදුසු නොවන්නේය. මෙය ගමේ පදිංචි ව සිටියදී ඉටු කරනු ලබන ක්රමයයි. ගමනක යෙදී සිටියදී, ජම්උ හෙවත් සලාත් දෙකක් එකම වේලාවේ ඉටු කිරීම හා කස්ර් හෙවත් රකආත් හතරේ සලාතය දෙක බැගින් කෙටි කර ඉටු කිරීමේ අවකාශය ඔබට ඇත.

An-Nisaa 4:103Listen in Qur'an →
104

وَلَا تَهِنُوا۟ فِى ٱبْتِغَآءِ ٱلْقَوْمِ ۖ إِن تَكُونُوا۟ تَأْلَمُونَ فَإِنَّهُمْ يَأْلَمُونَ كَمَا تَأْلَمُونَ ۖ وَتَرْجُونَ مِنَ ٱللَّهِ مَا لَا يَرْجُونَ ۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا

ජනතාව (සතුරන්) සොයා යාමේදී ඔබ (පොඩියක් හෝ) කම්මැලි නොවනු. (එයින්) ඔබට අමාරුකමක් ඇති වුවද (එය එතරම් ගණනයට නොගනු. මන්දයත්) ඔබ අමාරුකම විඳින්නාක් මෙන්ම ඔවුන්ද අමාරුකම විඳින අතර, ඔවුන් බලාපොරොත්තු විය නොහැකි (ජයද, හොඳ ඵලවිපාකද) ඔබ අල්ලාහ් වෙතින් බලාපොරොත්තු වන්නෙහුය. අල්ලාහ් ඉතාමත් හොඳින් දන්නෙකු වශයෙන් හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

විශ්වාස කරන්නනි, ඔබ දුර්වල නොවනු. දෙවියන් ප්රතික්ෂේප කරන ඔබේ සතුරන් සොයා යෑමෙහි මැළිකම් නොදක්වනු. මිය යෑම, තුවාල වීම වැනි ඔබට අත් වූ විපතක් හේතුවෙන් ඔබ වේදනා විඳින්නෙහු නම්, සැබැවින්ම ඔබ වේදනාව විඳිනවා මෙන්ම ඔවුන්ද වේදනා විඳිනු ඇත. ඔබේ ඉවසීමට වඩා ඔවුන්ගේ ඉවසීම මහත් නොවන්නේය. හේතුව, සැබැවින්ම ඔවුන් බලාපොරොත්තු නොවන දෑ ස්ථීරභාවය, උදව්ව හා ප්රතිඵල ඔබ අල්ලාහ්ගෙන් බලාපොරොත්තු වන්නෙහුය. අල්ලාහ් තම ගැත්තන්ගේ තත්ත්වයන් මැනවින් දන්නාය. ඔහුගේ සැලසුමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්ර්ඥාවන්තය.

An-Nisaa 4:104Listen in Qur'an →
105

إِنَّآ أَنزَلْنَآ إِلَيْكَ ٱلْكِتَٰبَ بِٱلْحَقِّ لِتَحْكُمَ بَيْنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُ ۚ وَلَا تَكُن لِّلْخَآئِنِينَ خَصِيمًۭا

(නබියේ!) සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් පිරි මෙම ධර්මය අපිම ඔබ වෙත පහළ කර ඇත්තෙමු. එබැවින් අල්ලාහ් ඔබට දැනුම් දුන් දැය මගින් මිනිසුන් අතරේ ඔබ විනිශ්චය දෙනු මැනව! ඔබ කුමන්ත්‍රණකරුවන්ට (පක්ෂපාතීව) තර්ක කරන්නෙකු බවට නොසිටිනු.

දූතය, සැබැවින්ම සත්යය මත පදනම් කරමින් අල්කුර්ආනය අපි ඔබ වෙත පහළ කළෙමු. එය ඔබට අල්ලාහ් ඉගැන්වූ දෑ හා ඔහු ඔබට ලබා දුන් ප්ර්ඥාව තුළින් ජනයා මුහුණ දෙන සෑම කටයුත්තකදීම ඔවුන් අතර පැහැදිලි කරනු පිණිසය. එය ඔබේ කැමත්තට හෝ ඔබේ අදහසට අනුව සිදු නොවන්නකි. තමන්ට හා තම වගකීමට වංචා කරන්නන්හට ඔවුන් සත්යය සෙවීමෙන් වෙනතකට යොමු කරමින් ඔවුන් වළක්වන්නෙකු ලෙස ඔබ නොවනු.

An-Nisaa 4:105Listen in Qur'an →
106

وَٱسْتَغْفِرِ ٱللَّهَ ۖ إِنَّ ٱللَّهَ كَانَ غَفُورًۭا رَّحِيمًۭا

(මෙහිදී කුමක් හෝ වැරැද්දක් ඇති වුවහොත් ඒ වෙනුවෙන්) ඔබ අල්ලාහ් වෙතින් සමාව ඉල්ලා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් පව් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ම සිටින්නේය.

අල්ලාහ්ගෙන් සමාව හා දයාව අයදිනු. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් අතුරින් කවරෙකු පාප ක්ෂමාව අයැද ඔහු වෙත යොමුවන්නේද එවන්නන්හට ඔහු අතික්ෂමාශීලීය. මහා කාරුණිකය.

An-Nisaa 4:106Listen in Qur'an →
107

وَلَا تُجَٰدِلْ عَنِ ٱلَّذِينَ يَخْتَانُونَ أَنفُسَهُمْ ۚ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ خَوَّانًا أَثِيمًۭا

(නබියේ!) කවුරුන් (මිනිසුන්ට නපුර සිදු කර) තමන්ට තමන්ම කුමන්ත්‍රණ කර ගත්තෝද, ඔවුන් වෙනුවෙන් (මා වෙත සමාව ඇයද) ඔබ තර්ක නොකරනු. මන්දයත් කවුරුන් කුමන්ත්‍රණ කරන පාපතරයෙක් වශයෙන් සිටින්නේද, ඔහුව නියත වශයෙන්ම අල්ලාහ් පි්‍රය කරන්නේ නැත.

වංචා කරන, තම වංචාව සඟවමින් ඉහවහා යන කිසිදු පුද්ගලයකු වෙනුවෙන් ඔබ වාද නොකරනු. අධික ලෙස වංචා කරන, පාපාකම් කරන කිසිවෙකු අල්ලාහ් ප්රිය කරන්නේ නැත.

An-Nisaa 4:107Listen in Qur'an →
108

يَسْتَخْفُونَ مِنَ ٱلنَّاسِ وَلَا يَسْتَخْفُونَ مِنَ ٱللَّهِ وَهُوَ مَعَهُمْ إِذْ يُبَيِّتُونَ مَا لَا يَرْضَىٰ مِنَ ٱلْقَوْلِ ۚ وَكَانَ ٱللَّهُ بِمَا يَعْمَلُونَ مُحِيطًا

මොවුන් (කුමන්ත්‍රණ කරන තමන්ගේ වැරැද්ද) මිනිසුන්ට සඟවන්නාහ. එහෙත් ඔවුන් (එය) අල්ලාහ්ට සඟවා දැමීමට නොහැක. ඔහු කැමති නැති කාරණාවන් මගින් මොවුන් රාත්‍රිය පුරා කතා කර, සාකච්ඡා (කුමන්ත්‍රණ) කරන අවස්ථාවේදී ඔහු, ඔවුන් සමගම සිටින්නේය. අල්ලාහ් ඔවුන්ගේ (කුමන්ත්‍රණ) ක්‍රියාවන් (තම ඥානයෙන්) වටකර ගෙන සිටින්නේය.

ඔවුන් බියෙන් හා ලැජ්ජාවෙන් බේරෙන්නට තම වැරදි ජනයාගෙන් සඟවති. නමුත් ඔවුනට අල්ලාහ්ගෙන් සැඟ වී සිටිය නොහැක. ඔහු ඔවුන් සමගය. ඔහු ඔවුන් වටකරගෙන සිටියි. අපරාධකරුවාට ආරක්ෂාව සැලසීම, නිරපරාධියා වරදකරුවකු කිරීම වැන ඔහු තෘප්තියට පත් නොවන ප්රකාශ ඔවුන් සඟවමින් සැලැසුම් කරන අවස්ථාවේ ඒ කිසිවක් ඔහුට සැඟ වී ගියේ නැත. රහසිගත ව හෝ ප්රසිද්ධියේ හෝ ඔවුන් සිදු කරන කුමක් වූවත් ඒ සියල්ල ඔහු සර්ව ප්රකාරයෙන් දන්නාය. කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

An-Nisaa 4:108Listen in Qur'an →
109

هَٰٓأَنتُمْ هَٰٓؤُلَآءِ جَٰدَلْتُمْ عَنْهُمْ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فَمَن يُجَٰدِلُ ٱللَّهَ عَنْهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ أَم مَّن يَكُونُ عَلَيْهِمْ وَكِيلًۭا

(විශ්වාසවන්තයිනි!) කිමෙක්ද! මොවුන් (මොවුන්ට උදව් කරන්නන්) වෙනුවෙන්ද ඔබ මෙලොව ජීවිතයෙහි තර්ක කරමින් සිටින්නේ? විනිශ්චය දිනදී මොවුන් වෙනුවෙන් අල්ලාහ් සමග තර්ක කරන්නේ කවරෙක්ද? නැතහොත් (එදින) මොවුන් උදෙසා කතා කරන්නා කවරෙක්ද?

මෙන්න වැරදි කරන්නන්ගේ කටයුතු සම්බන්ධයෙන් ඔබේ අවධානයට යොමු කරන අයලුවනි, නුඹලා ඔවුන් නිර්දෝෂී බව ඔප්පු කර, ඔවුන් දඬුවමින් මුදා ගනු පිණිස මෙලොවෙහි ඔවුන් වෙනුවෙන් වාද කරන්නෙහුය. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ සැබෑ තත්ත්වය වටහා ගත් පසු ඔවුන් වෙනුවෙන් මැදිහත් වී වාද කරනුයේ කවරෙකුද? එදින ඔවුන්ගේ භාරකරු කවරෙකුද? කිසිදු සැකයක් නැත. එදින ඒ සඳහා කිසිවකු හැකියාව නොදරනු ඇත.

An-Nisaa 4:109Listen in Qur'an →
110

وَمَن يَعْمَلْ سُوٓءًا أَوْ يَظْلِمْ نَفْسَهُۥ ثُمَّ يَسْتَغْفِرِ ٱللَّهَ يَجِدِ ٱللَّهَ غَفُورًۭا رَّحِيمًۭا

කවුරුන් හෝ යම්කිසි පාපයක් කිරීමෙන් අනතුරුව, නැතහොත් තමන්ට තමන්ම නපුරක් කර ගෙන පසුව (එයින් ඈත් වී ඇත්තෙන්ම පශ්චාත්තාප වී) අල්ලාහ්ගෙන් පව් ක්ෂමාව ඉල්ලා සිටියහොත් (ඔහුගේ පාපයන්ට) ඉතාමත් සමාව දෙන ආදරයෙන් බර කෙනෙකු වශයෙන්ම අල්ලාහ්ව ඔහු දකිනු ඇත.

කවරෙකු යම් නපුරක් සිදු කොට එසේ නැතහොත් පාපයක් සිදු කොට තමන්ටම අපරාධ කරගෙන පසු ව තම පාපය පිළිගෙන ඒ සඳහා පසුතැවිලි වෙමින් එයින් මුදවන මෙන් අල්ලාහ්ගෙන් සමාව අයැද සිටින්නේද තම පාපයට සමාව දෙන්නෙකු ලෙසත්, ඔහු සමග කාරුණික ව කටයුතු කරන්නෙකු ලෙසත්, ඔහු අල්ලාහ් ව නිරන්තරයෙන් දකිනු ඇත.

An-Nisaa 4:110Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.