يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُوا۟ رَبَّكُمُ ٱلَّذِى خَلَقَكُم مِّن نَّفْسٍۢ وَٰحِدَةٍۢ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًۭا كَثِيرًۭا وَنِسَآءًۭ ۚ وَٱتَّقُوا۟ ٱللَّهَ ٱلَّذِى تَسَآءَلُونَ بِهِۦ وَٱلْأَرْحَامَ ۚ إِنَّ ٱللَّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًۭا
මිනිසුනේ! ඔබ ඔබගේ දෙවියන්ට බිය වී (කටයුතු) කරනු. ඔහු ඔබ සියල්ලන්වම එකම ආත්මයකින් උත්පාදනය කළේය. (ආරම්භයේදී එම එක්කෙනාව උත්පාදනය කර) ඔහුගෙන්, ඔහුගේ බිරිඳ උත්පාදනය කළේය. පසුව ඒ දෙදෙනාගෙන් බොහෝ පිරිමි, ගැහැනු (ඉකුත් කර) විසිරී යාමට සැලැස්සුවේය. එබැවින් එම අල්ලාහ්ට ඔබ බිය වී (කටයුතු) කරනු. ඔහු මගින්ම (ඔබ, ඔබ අතරේ) කෙනෙකුට කෙනෙකු (අවශ්ය දැය) ඉල්ලා ගන්නෙහුය. තවද (අල්ලාහ්ට බිය වී) ලේ මිශ්ර ඥාතීන්ටද (ගෞරව කරනු). නියත වශයෙන්ම අල්ලාහ් ඔබව අවධානය කරන්නෙකු වශයෙන්ම සිටින්නේය.
අහෝ! මිනිසුනි, නුඹලාගේ පරමාධිපතිට නුඹලා බියෙන් හා බැතියෙන් කටයුතු කරනු. නුඹලාගේ ආදි පියා වූ ආදම් නම් ඔහු එක ආත්මයකින් ඔහු(අල්ලාහ්) නුඹලා ව මැව්වේය. ආදම්ගෙන් නුඹලාගේ මව වූ හව්වා මැව්වේය. ඔවුන් දෙපළගෙන් පිරිමින් හා කාන්තාවන් වශයෙන් මිනිසුන් බොහෝ දෙනෙක් මහපොළොවේ විවිධ පැතිකඩවලට ව්යාප්ත කළේය. නුඹලාගෙන් ඇතමෙක් ඇතමෙකුගෙන් ‘ඔබ මෙසේ කිරීමට මම ඔබ වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටිම’ යැයි ඉල්ලා සිටින්නන් සම්බන්ධයෙන් ද නුඹලා අල්ලාහ්ට බිය වනු. නුඹලා අතර බැඳුණු ඥාති සම්බන්ධකම් බිඳ දැමීම ගැන ද නුඹලා අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා ගැන නිරීක්ෂණය කරමින් සිටියි. නුඹලාගේ ක්රියාදාමයන් කිසිවක් ඔහුට මග හැරෙන්නේ නැත. ඒ සියල්ල ඔහු ගණන් බලා තබා ඇති අතර ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.