لَهُۥ مُعَقِّبَٰتٌۭ مِّنۢ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِۦ يَحْفَظُونَهُۥ مِنْ أَمْرِ ٱللَّهِ ۗ إِنَّ ٱللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا۟ مَا بِأَنفُسِهِمْ ۗ وَإِذَآ أَرَادَ ٱللَّهُ بِقَوْمٍۢ سُوٓءًۭا فَلَا مَرَدَّ لَهُۥ ۚ وَمَا لَهُم مِّن دُونِهِۦ مِن وَالٍ
(මිනිසා කුමන තත්වයක සිටියදී වුවද) ඔහුට ඉදිරියෙන්ද, පසුපසින්ද නොකඩවා පැමි‚ය හැකි (මලායිකාවරුන්) කිහිප දෙනෙකු සිටින්නාහ. ඔවුන් අල්ලාහ්ගේ නියෝගයන් මගින් ඔහුව ආරක්ෂා කරන්නාහ. මිනිසුන් (තමන්ගේ නපුරු ගති ගුණයන්ගෙන්) තමන්ව වෙනස් නොකර ගන්නා තුරු, නියත වශයෙන්ම අල්ලාහ්ද (ඔවුන්ට පහළ කළ වරප්රසාදයන්) වෙනස් කර හරින්නේ නැත. අල්ලාහ් කුමන සමුහයන්ට හෝ හානියක් කිරීමට අදහස් කළහොත් එය වළක්වන්නන් කිසිවෙකුත් නැත. ඔවුන්ට උදව් කරන්නන්ද ඔහු මිස, වෙන කිසිවෙකුත් නැත.
මිනිසුන් වෙත පිරිසකගෙන් පසු තවත් පිරිසක් වශයෙන් පැමිණෙන මලක්වරුන් උත්තරීතර අල්ලාහ් සතු ව ඇත. ඔවුන්ගෙන් ඇතැමුන් රාත්රි කාලයේ පැමිණෙති. ඇතැමුන් දහවල් කාලයේ පැමිණෙති. අල්ලාහ්ගේ නියෝගය අනුව ඔහු කවර කරුණක් මිනිසාගෙන් වැළැක්විය යුතු දැයි නියම කරන ලද්දේ ද එවන් සියලු නියමයන්ගෙන් ඔවුහු ඔහු ආරක්ෂා කරති. ඔවුහු ඔහුගේ ක්රියාවන් හා ප්රකාශයන් සටහන් කරති. සැබැවින්ම අල්ලාහ් පිරිසක් කෘතවේදී තත්ත්වයෙන් ඔවුන් වෙනස් වන තෙක් යහපත් තත්ත්වයකින් ඔවුනට සතුටු නොවන වෙනත් තත්ත්වයකට වෙනස් කරන්නේ නැත. ශුද්ධවන්ත අල්ලාහ් යම් පිරිසකට විනාශය අභිමත කළේ නම් ඔහුගේ අභිමතයට විරුද්ධ වන කිසිවෙකු නැත. අහෝ ජනයිනි! අල්ලාහ්ගෙන් තොර ව නුඹලාගේ කටයුතු භාර ගන්නා වෙනත් භාරකරුවකු නැත. එහෙයින් නුඹලාට අත්වන දුෂ්කරතා වළක්වා ගැනීම සඳහා නුඹලා ඔහු වෙතම යොමු වනු.