وَلَوْ أَنَّ قُرْءَانًۭا سُيِّرَتْ بِهِ ٱلْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ ٱلْأَرْضُ أَوْ كُلِّمَ بِهِ ٱلْمَوْتَىٰ ۗ بَل لِّلَّهِ ٱلْأَمْرُ جَمِيعًا ۗ أَفَلَمْ يَا۟يْـَٔسِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَن لَّوْ يَشَآءُ ٱللَّهُ لَهَدَى ٱلنَّاسَ جَمِيعًۭا ۗ وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُوا۟ تُصِيبُهُم بِمَا صَنَعُوا۟ قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًۭا مِّن دَارِهِمْ حَتَّىٰ يَأْتِىَ وَعْدُ ٱللَّهِ ۚ إِنَّ ٱللَّهَ لَا يُخْلِفُ ٱلْمِيعَادَ
(නබියේ! අපි මොවුන්ට මෙය හැර වෙන) යම්කිසි කුර්ආනයක් පහළ කර, එමගින් කඳු සෙළවීමට හෝ නැතහොත් එමගින් භූමිය කෑලි කෑලිවලට කැඩී යාමට හෝ නැතහොත් මිය ගිය අයව කතා කිරීමට සලස්වා හෝ තිබුණා වුවද, (මොවුන් විශ්වාස කරන්නේම නැත). එහෙත් සියලූ කාරණාවන් අල්ලාහ්ටම අයිතිය! එබැවි අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, මිනිසුන් සියල්ලන්වම ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමට ඉඩ තිබුණි යන්න ගැන විශ්වාසවන්තයින් සෑහීමට පත් වුයේ නැද්ද? ප්රතික්ෂේප කරන්නන්ව ඔවුන්ගේ (නපුරු) කාරණාවන්ගේ හේතුවෙන් (ඔවුන් තිගැස්සෙන සුළු) යම්කිසි (වේදනා ගෙන දෙන) සිදුවීමක් ඔවුන් වෙත අනිවායදැයෙන්ම පැමිණ සේන්දු වනු ඇත. නැතහොත් ඔවුන්ගේ වාසස්ථානය සමීපයෙහි හෝ (එවැනි සිදුවීම්) සිදු වෙමින්ම පැවතෙමින් තිබියදී (‘ඔබ ජයග්රහණය කරන්නෙහුය’ යයි ඔබට කියනු ලැබූ) අල්ලාහ්ගේ පොරොන්දුව අනිවායදැයෙන්ම ඉටු වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් (තමන්ගේ) පොරොන්දුවෙහි වැරද යන්නේ නැත.
කඳු තිබූ තැනින් ඉවත් වීම, භූමිය පැළී උල්පත් හා ගංගාවන් ගලා යෑම, මිය ගිය ඇත්තන් මත කියවා ඔවුන් යළි ජීවීන් බවට පත් වීම වැනි කරුණු සඳහන් වී තිබීම දිව්ය ග්රන්ථවල ස්වරූපය වුව ද අහෝ දූතය! ඔබ වෙත පහළ කරනු ලැබූ මෙම අල් කුර්ආනය එවන් සාධක පැහැදිලි කරන්නකි. ඉමහත්සේ බලපෑම් ඇති කරන්නකි. ඔවුන් අවංක හදවත් ඇත්තන් වූයේ නම් මැනවි. නමුත් ඔවුහු එය හෙළා දුටුවෝය. ප්රාතිහාර්යයන් හා වෙනත් දෑ පහළ කිරීමෙහි සියලු අයිතිය අල්ලාහ් සතු වන්නකි. මිනිසුනට සංඥාවක් පහළ කිරීමෙන් තොර ව ඔවුන් සියල්ලන් හට මග පෙන්වීම සඳහා අල්ලාහ් අභිමත කළේ නම් ඔහු ඔවුනට ඒවා පහළ කිරීමෙන් තොරවම මග පෙන්වනු ඇතැයි දේව විශ්වාසීන් දැන නොසිටියෝ ද?. නමුත් අල්ලාහ් එයට අභිමත කළේ නැත. අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් ඔහුව ප්රතික්ෂේප කරමින් හා පිටුපාමින් කටයුතු කළ බැවින් දැඩි සේ කම්පනයට පත් කරන විනාශය ඔවුනට අත්වෙමින්ම තිබුණි. එසේ නැතහොත් හිමි වීමට නියමිත දඬුවම පහළ කිරීමේ අල්ලාහ්ගේ පොරොන්දු ව ඉටු වන තෙක්ම ඔවුන්ගේ නිවෙස් අසළටම එය පහළ වෙමින්ම තිබුණි. සැබැවින්ම අල්ලාහ් කවර කරුණක් ප්රතිඥා දී ඇත්තේ ද ඒ සඳහා වූ නියමිත වේලාව පැමිණි විට එය උදා කිරීම මඟ හරින්නේ නැත.