قَالُوا۟ يَٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓا۟ إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍۢ مِّنَ ٱلَّيْلِ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلَّا ٱمْرَأَتَكَ ۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ ٱلصُّبْحُ ۚ أَلَيْسَ ٱلصُّبْحُ بِقَرِيبٍۢ
(එයට ලුත්ගේ අමුත්තන් ඔහුට) “ඕ ලුත්! නියත වශයෙන්ම අපි ඔබගේ දෙවියන් විසින් එවන ලද මලායිකාවරුන් වන්නෙමු. මොවුන් නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ සේන්දු විය නොහැක. (අද) රාත්රියෙහි සුළු කොටසක් ඉතිරිව තිබියදී ඔබ, ඔබගේ පවුලේ අය සමග (මෙතැනින්) පිට වී යනු. (ඔබගේ වදන නොඅසන) ඔබගේ බිරිඳ හැර, ඔබගෙන් කිසිවෙකුත් ඔවුන්ව හැරීවත් නොබලනු. ඔවුන්ව අල්ලා ගන්නා දඬුවම නියත වශයෙන්ම ඇයවද අල්ලා ගනු ඇත. (දඬුවම පැමිණි වහාම) නියත වශයෙන්ම මොවුන්ට පොරොන්දු දෙන ලද කාලය අළුයම් කාලය වන්නේය. අළුයම් කාලය සමීප වූවේ නැද්ද?”යි විමසූහ.
දේව දූතයෝ ලූත් (අලයිහිස් සලාම්) වෙත, "අහෝ ලූත්! සැබැවින්ම අපි අල්ලාහ් විසින් එවූ දූතයෝ වෙමු. නුඹේ ජනයා නුඹ වෙත කිසිදු නපුරක් ගෙන දෙන්නේ නැත. එහෙයින් රාත්රියේ අඳුර පවතින නියමිත හෝරාවෙහි පිට ව යනු. නුඹලා අතර කිසිවෙකු තම පසුපස හැරී නොබැලිය යුතුයි. නමුත් නුඹේ බිරිය හැර. ඇය හැරෙනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඇයද නුඹේ සමූහයා අත් විදින දඬුවම හිමි විය යුතු කාන්තාවක් වන බැවිණි. ඔවුන් විනාශ කිරීමේ ප්රතිඥත වේලාව අලුයම් කාලයයි. එය සමීපයෙන් පවතින ප්රතිඥාවකි.