وَقُل لِّلَّذِينَ لَا يُؤْمِنُونَ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَٰمِلُونَ
විශ්වාසය නොතැබූවන්ට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ, ඔබගේ මාර්ගයෙහි (හිතූ මතේ ඔබගේ කාරණාවන්) කරමින් සිටිනු. නියත වශයෙන්ම අපිද, (අපගේ මාර්ගයෙහි) කරමින් සිටින්නෙමු”.
අහෝ දූතය! අල්ලාහ් ව විශ්වාස නොකරන, ඔහුගේ ඒකීයත්වය පිළි නොගන්නා අයට නුඹ මෙසේ පවසනු. "සත්යයට පිටු පා එය වළක්වාලමින් නුඹලාගේ මාර්ගයේ නුඹලා කටයුතු කරනු. සැබැවින්ම අපි ඒ මත ස්ථාවරව සිට ඒ වෙත ඇරයුම් කරමින් හා ඉවසා දරා ගනිමින් අපි අපේ මාර්ගයේ කටයුතු කරන්නෙමු."