Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 111–120 of 123

111

وَإِنَّ كُلًّۭا لَّمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَٰلَهُمْ ۚ إِنَّهُۥ بِمَا يَعْمَلُونَ خَبِيرٌۭ

නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (ඔවුන් සෑම දෙනාටම) ඔවුන්ගේ ක්‍රියාවන්ට සරිලන ඵලවිපාක පූරණ වශයෙන්ම දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු, ඔවුන්ගේ ක්‍රියාවන් හොඳින් දැනගෙනම සිටින්නේය.

මතභේද ඇති කර ගත්තන් ලෙස සඳහන් කරනු ලැබූ සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්රියාවන්ට සරිලන පරිදි අල්ලාහ් එහි ප්රතිඵල භුක්ති විඳින්නට සළස්වනු ඇත. එය යහපත් නම් ඔහුගේ ප්රතිඵල ඔහුට යහපත් වන්නේය. එය නපුරක් නම් ඔහුගේ ප්රතිඵලය ඔහුට නපුරක් වන්නේය. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදුකරමින් සිටින සියුම් දැ පිළිබඳ පවා මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟවී යන්නේ නැත.

112

فَٱسْتَقِمْ كَمَآ أُمِرْتَ وَمَن تَابَ مَعَكَ وَلَا تَطْغَوْا۟ ۚ إِنَّهُۥ بِمَا تَعْمَلُونَ بَصِيرٌۭ

(නබියේ!) ඔබට අණ කරන ලද අන්දමට ඔබත් (සමානයන් තැබීමෙන් ඈත් වී) ඔබ සමග පසුතැවිලි වූවන්ද (ඍජු මාර්ගයෙහි) ස්ථීරව සිටිනු. (මෙහි) පොඩියක් හෝ වැරැද්දක් නොකරනු. නියත වශයෙන්ම ඔහු ඔබගේ ක්‍රියාවන් අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය.

අහෝ දූතය! අල්ලාහ් නුඹට අණ කළ පරිදි ඍජු මාර්ගය අඛණ්ඩ ව පිළිපදිනු. ඔහුගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකෙනු. නුඹ සමග පව් සමාවේ නිරත ව අල්ලාහ් වෙත යොමු වූ දේව විශ්වාසීන් ද ඍජු මාර්ගයේ කටයුතු කරත්වා. පාපකම් සිදු කරමින් සීමාව ඉක්මවා නොයනු. සැබැවින්ම නුඹලා සිදු කරන දෑ ඔහු නිරීක්ෂා කරන්නාය. නුඹලාගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැගවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

113

وَلَا تَرْكَنُوٓا۟ إِلَى ٱلَّذِينَ ظَلَمُوا۟ فَتَمَسَّكُمُ ٱلنَّارُ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِنْ أَوْلِيَآءَ ثُمَّ لَا تُنصَرُونَ

(විශ්වාසවන්තයිනි!) ඔබ සීමාව ඉක්මවූවන් දෙසට (පොඩියක් හෝ) ඇල නොවනු. (එසේ වුවහොත්) නිරා ගින්න ඔබවද අල්ලා ගනු ඇත. (එයින්) ඔබව බේරා ගන්නෙකු අල්ලාහ් හැර, (වෙන) කිසිවෙකුත් නැත. පසුව කිසිවෙකුගේ උදව්වක්ද ඔබට ලැඛෙන්නේ නැත.

ප්රචණ්ඩකාරී ව හැසිරෙන අපරාධකාර ප්රතික්ෂේපකයින්ට ආදරයෙන් හා යටහත් වෙමින් නැඹුරු නොවනු. එසේ නැඹුරු වීම හේතුවෙන් නුඹලාට නිරය අත්වනු ඇත. එයින් නුඹලාව මුදවා ගන්නට අල්ලාහ් හැර වෙනත් හිතමිතුරෙකු නුඹලාට නැත. නුඹලාට උදව් කරන කිසිවෙකු නුඹලා නොදකිනු ඇත.

114

وَأَقِمِ ٱلصَّلَوٰةَ طَرَفَىِ ٱلنَّهَارِ وَزُلَفًۭا مِّنَ ٱلَّيْلِ ۚ إِنَّ ٱلْحَسَنَٰتِ يُذْهِبْنَ ٱلسَّيِّـَٔاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّٰكِرِينَ

දහවලෙහි දෙකෙළවර (වන දවල් හා සවස්) කාලයන්හිද, රාත්‍රී කාලයන්හිද ඔබ (නොවරදවා) සලාත් කරමින් සිටිනු. නියත වශයෙන්ම දැහැමි දැය පාපයන් පහ කර හරිනු ඇත. (දෙවියන්ව) මතක් කරන අයට මෙය එක්තරා හොඳ ඔවදනක් වන්නේය.

අහෝ දූතය! දහවල් කාලයේ ආරම්භය හා එහි අවාසනය යන දෙකෙළවරෙහි පවතින සලාත් නැමදුම් විධිමත් අයුරින් ඉටු කරනු. එමෙන්ම රාත්රියේ හෝරාවන්හි ද සලාතය ඉටු කරනු. සැබැවින්ම දැහැමි ක්රියාවන් සුළු පාපයන් මකා දමනු ඇත. මෙනෙහි කරනු ලැබූ මෙය උපදෙස් ලබන්නන්ට උපදෙසක් මෙන්ම පාඩම් ලබන්නන්ට පාඩමකි.

115

وَٱصْبِرْ فَإِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ

(නබියේ! දුක් ගැහැට ඉවසීමෙන් යුතුව) විඳ දරාගනු (මැනව!) නියත වශයෙන්ම අල්ලාහ් දැහැමි දැය කරන්නන්ගේ ඵලවිපාක අපතේ හරින්නේ නැත.

ධර්මිෂ්ටකම හා නුඹට නියෝග කරනු ලැබූ වෙනත් දෑ ඉටු කිරීමෙහි නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. එමෙන්ම නුඹට තහනම් කරනු ලැබූ අන්ධකාරය වෙත රුකුල් දෙන නපුරු බලවේගයන් අතහැර දමනු. සැබැවින්ම අල්ලාහ් දැහැමියන්ගේ කුසල් නිෂ්ඵල කරන්නේ නැත. ඔවුන් විධිමත්ව සිදු කරන ක්රියාවන් ඔහු ඔවුන්ගෙන් පිලිගනී. ඔහු සිදුකළ දැහැමි ක්රියාවන් සඳහා වූ ඔවුන්ගේ ප්රතිඵල ඔවුනට ඔහු පිරිනමනු ඇත.

116

فَلَوْلَا كَانَ مِنَ ٱلْقُرُونِ مِن قَبْلِكُمْ أُو۟لُوا۟ بَقِيَّةٍۢ يَنْهَوْنَ عَنِ ٱلْفَسَادِ فِى ٱلْأَرْضِ إِلَّا قَلِيلًۭا مِّمَّنْ أَنجَيْنَا مِنْهُمْ ۗ وَٱتَّبَعَ ٱلَّذِينَ ظَلَمُوا۟ مَآ أُتْرِفُوا۟ فِيهِ وَكَانُوا۟ مُجْرِمِينَ

ඔබට පෙර විසූ පරම්පරාවේ දරුවන්ගෙන් (තමන්ද හොඳ ගති ගුණ ක්‍රියාවට නංවා අනිත් මිනිසුන්ද) භූමියෙහි අපරාධ නොකර වළක්වන්නට හැකි බුද්ධිමතුන් (අධික වශයෙන්) සිටිය යුතු නොවේද? ඔවුන් සංඛ්‍යාවෙන් ඉතාමත් සුළුතරයක් වශයෙන්ම සිටියහ. අපි ඔවුන්ව බේරා ගත්තෙමු. නමුත් අපරාධකරුවන්-ගෙන් (වැඩි දෙනෙකු) නම්, තමන්ගේ ආශාවන් මුදුන් පත් වන සේ අනුගමනය කරමින් වැරදි කරන්නන් වශයෙන්ම සිටියහ.

නුඹලාට පෙර විසූ බොරුකාර සමූහයන් අතර දෙවියන් ප්රතික්ෂේප කිරීමෙන් හා පාපකම් සමග මහපොළොවේ ප්රචණ්ඩ ක්රියාවන්හි නිරත වීමෙන් ඔවුන් වළක්වාලන නිවැරදි මෙන්ම ගෞරවණීය ජනයා නොවී ද? නමුත් ඔවුන් අතර ඉතිරි ව සිටියේ ප්රචණ්ඩත්වයෙන් වළක්වාලන සුළු පිරිසක් පමණි. ඔවුන්ගේ අපරාධකාරී සමූහයා අපි විනාශ කළ අවස්ථාවේ අපි ඔවුන් මුදවා ගත්තෙමු. අපරාධකරුවන් තම සමූහයා අතරින් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන්නන් අනුගමනය කළෝය. එසේ ඔවුන් අනුගමනය කිරීමෙන් ඔවුන් අපරාධකරුවන් බවට පත් වූහ.

117

وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ ٱلْقُرَىٰ بِظُلْمٍۢ وَأَهْلُهَا مُصْلِحُونَ

(නබියේ!) රටක් එම රටවැසියන් පිළිසකර කර ගනිමින් සිටියදී, (අසාධාරණ ලෙස එම රටවැසියන් සියල්ලන්ව) ඔබගේ දෙවියන් විනාශ කර දමන්නේ නැත.

අහෝ දූතය! ගම්මාන අතරින් එම භූමියේ ප්රතිසංවිධානය කරන්නන් සිටින විට එම ගම්මානය විනාශ කිරීමට නුඹේ පරමාධිපතිට සුදුසු නොවීය. ඔහු එසේ විනාශ කර සිටිනුයේ දේව ප්රතික්ෂේපය අපරාධ හා පාපකම් සිදු කරමින් කලහකාරී ව කටයුතු කරන්නන් එහි සිටින විටය.

118

وَلَوْ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةًۭ وَٰحِدَةًۭ ۖ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ

ඔබගේ දෙවියන් අදහස් කළේ නම්, මිනිසුන් සියල්ල එකම සමූහයක් බවට පත් කර ඇත්තෙහිය. (එසේ අදහස් කළේ නැත). ඔවුන් තමන් තුළ වෙනස්කම් කරමින්ම සිටිනු ඇත.

අහෝ දූතය! සත්ය මත පදනම් ව මිනිසුන් එකම සමූහයක් බට පත් කරන්නට නුඹේ පරමාධිපති අභිමත කළේ නම්, එසේ ඔහු සිදු කරන්නට තිබිණ. නමුත් ඔහු එය අභිමත කළේ නැත. ආශාවන්ට වහල් වී අපරාධ සිදු කිරීම හේතුවෙන් ඔවුහු එහි දිගටම මතභේදයෙන් පසු වෙති.

119

إِلَّا مَن رَّحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ ۗ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ

(ඔවුන්ගෙන්) ඔබගේ දෙවියන් දයාව පහළ කළ අය හැර, මේ සඳහාම (වෙනස් වන සුළු) ඔවුන්ව උත්පාදනය කර ඇත්තේය. “(පාපයන් කළ) ජින්වරුන්, මිනිසුන් ආදී සියල්ලන් මගින් නියත වශයෙන්ම මා නිරය පුරවන්නෙමි” යයි ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව අනිවාර්යයෙන්ම පූරණය කරනු ඇත.

නමුත් යහමග වෙතට ආශිර්වාද කිරීමෙන් අල්ලාහ් කරුණා කළ අය හැර. සැබැවින්ම ඔවුහු අල්ලාහ්ගේ ඒකීයත්වය පිළිබඳ මතභේද ඇති කර නොගනිති. ශුද්ධ වූ අල්ලාහ් ඔවුන් මෙසේ මතභේදයෙන් මවා තිබීම පරීක්ෂාවකි. එහෙයින් ඔවුන් අතර භාග්යවන්තයින් මෙන්ම අභාග්යවන්තයින් ද සිටිති. "අහෝ දූතය! ජින්නුන් හා මිනිසුන් අතර සිටින ෂෙයිතානුන් අනුගමනය කරන්නන්ගෙන් නිරය පිරවීමේ අපහාසාත්මක තීන්දුවේ ප්රකාශය පූර්ණ විය."

120

وَكُلًّۭا نَّقُصُّ عَلَيْكَ مِنْ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَ ۚ وَجَآءَكَ فِى هَٰذِهِ ٱلْحَقُّ وَمَوْعِظَةٌۭ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ

ඔබගේ හෘදය දැඩි කිරීම සඳහාම අපගේ දූතයින්ගේ ඉතිහාසයන්ගෙන් මේවා සියල්ල අපි ඔබට පැවසුවෙමු. මේවායෙහි ඔබට සත්‍යයද, හොඳ ඔවදන්ද විශ්වාසවන්තයින්ට මතක් කිරීමක්ද ඇත්තේය.

අහෝ දූතය! නුඹට පෙර විසූ දූතවරුන් ගැන නුඹට කියා පෑ සෑම තොරතුරක්ම එසේ කියා පෑවේ නුඹේ හදවත සත්යය මත ස්ථාවර කිරීමට හා එය බලාත්මක කිරීමටය. කිසිදු සැකයෙන් තොර සත්යය මෙම සූරාවේ නුඹ වෙත පැමිණ ඇත. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට වූ උපදෙසක් මෙන්ම දේව විශ්වාසීන්හට මෙනෙහි කිරීම තුළින් ප්රයෝජන ලබන සේ මතක් කිරීමක් ද නුඹ වෙත මෙහි පැමිණ ඇත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.