وَمَا ظَلَمْنَٰهُمْ وَلَٰكِن ظَلَمُوٓا۟ أَنفُسَهُمْ ۖ فَمَآ أَغْنَتْ عَنْهُمْ ءَالِهَتُهُمُ ٱلَّتِى يَدْعُونَ مِن دُونِ ٱللَّهِ مِن شَىْءٍۢ لَّمَّا جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍۢ
මොවුන්ගෙන් කිසිවෙකුටත් අපි අපරාධයක් කළේ නැත. එහෙත් ඔවුන් තමන්ට තමන්ම අපරාධ කර ගත්හ. ඔබගේ දෙවියන්ගේ අණ පැමිණි අවස්ථාවේදී අල්ලාහ් හැර, ඔවුන් ආරාධනා කරමින් සිටි දෙවිවරුන්ගෙන් කිසිවක් ඔවුන්ට කිසිම ප්රයෝජනයක් අත් කර දුන්නේ නැත. තවද පරාජයම ඒවා ඔවුන්ට වැඩි කර දුන්නේය.
අපි ඔවුන් විනාශ කිරීම තුළින් ඔවුනට අසාධාරණයක් නොකළෙමු. අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හේතුවෙන් විනාශයේ කරුණු ගෙනැවිත් අපරාධ කර ගත්තේ ඔවුනටමය. අහෝ දූතය! ඔවුන් විනාශ කරන මෙන් වූ නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි විට ඔවුනට පහළ වූ දඬුවමින් ඔවුන් වළක්වාලන්නට අල්ලාහ් හැර ඔවුන් නැමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් සමත් වූයේ නැත. මෙය ඔවුන්ගේ දෙවිවරුන්ට අලාභහානිය මිස වෙනත් කිසිවක් ඔවුනට අධික කළේ නැත.