Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 123

91

قَالُوا۟ يَٰشُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًۭا مِّمَّا تَقُولُ وَإِنَّا لَنَرَىٰكَ فِينَا ضَعِيفًۭا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَٰكَ ۖ وَمَآ أَنتَ عَلَيْنَا بِعَزِيزٍۢ

එයට ඔවුන් “ඕ ෂුඅයිබ්! ඔබ පවසන දැයෙන් වැඩි හරියක් අපි ඈත් කර දැමීමට නොහැකිය. නියත වශයෙන්ම අපි ඔබව අපගෙන් ඉතාම ඛෙලහීනයෙකු වශයෙන්ම දකින්නෙමු. ඔබගේ ජාතිකයින් නොමැති නම්, ඔබව ගල් ගසාම මරා දමා ඇත්තෙමු. ඔබ අපගේ ගෞරවයට පාත්‍ර වුවෙකු නොව” යයි පැවසූහ.

ෂුඅයිබ්ගේ ජනයා ෂුඅයිබ් දෙස බලා, "අහෝ ෂුඅයිබ්! නුඹ කවර කරුණක් ගෙන ආවේ ද ඒවා බොහෝමයක් අපට වැටහෙන්නේ නැත. නුඹේ දෑස් දුර්වල හා අන්ධ වී ඇති බැවින් අප අතර නුඹ දුර්වලයෙකු ලෙසම අපි දකින්නෙමු. නුඹේ පවුලේ අය අපගේ පිළිවෙත මත නොවී නම් අපි නුඹට ගල් ගසා මරන්නෙමු. නුඹ ව මරා දැමීම සම්බන්ධයෙන් අපට එරෙහි ව බියවීමට තරම් බලය ඇත්තෙකු නැත. අපි නුඹ ව අතහැර ඇත්තේ නුඹේ පවුලේ අය වෙත ඇති ගෞරවය හේතුවෙනි" යැයි පැවසූහ.

92

قَالَ يَٰقَوْمِ أَرَهْطِىٓ أَعَزُّ عَلَيْكُم مِّنَ ٱللَّهِ وَٱتَّخَذْتُمُوهُ وَرَآءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّى بِمَا تَعْمَلُونَ مُحِيطٌۭ

එයට ඔහු “මගේ ජනතාවෙනි! අල්ලාහ්ට වඩා මගේ ජාතිකයින්ද ඉතාමත් ගෞරවාන්විත වූවේ? ඔබ එය ප්‍රතික්ෂේප කර හැරියෙහුය. නියත වශයෙන්ම මගේ දෙවියන් ඔබගේ ක්‍රියාවන් වටකරගෙන සිටින්නේය” යයි පැවසුවේය.

ෂුඅයිබ් තම ජනයාට, "අහෝ මාගේ ජනයිනි! මාගේ පවුලේ ඥාතීන් නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ට වඩා නුඹලා ඉදිරියේ අති ගෞරවනීය හා සම්භාවනීය වන්නේ ද? නුඹලා වෙත ඔහු එවූ නබිවරයා ව නුඹලා විශ්වාස නොකළ අවස්ථාවේ නුඹලා අල්ලාහ්ව නුඹලාගේ පිටුපසට ඉවතලා දැමූහ. සැබැවින්ම මාගේ පරමාධිපති නුඹලා සිදු කරන දෑ පිළිබඳ සර්වප්රකාරයෙන් දන්නාය. නුඹලාගේ ක්රියාවන් ඔහුහට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ප්රතිඵල වශයෙන් මෙලොවෙහිම නුඹලා වෙත විනාශය ගෙන දෙනු ඇත. එමෙන්ම මතුලොවෙහි ද දඬුවම ඇතැ"යි පැවසීය.

93

وَيَٰقَوْمِ ٱعْمَلُوا۟ عَلَىٰ مَكَانَتِكُمْ إِنِّى عَٰمِلٌۭ ۖ سَوْفَ تَعْلَمُونَ مَن يَأْتِيهِ عَذَابٌۭ يُخْزِيهِ وَمَنْ هُوَ كَٰذِبٌۭ ۖ وَٱرْتَقِبُوٓا۟ إِنِّى مَعَكُمْ رَقِيبٌۭ

තවද “මගේ ජනතාවෙනි! ඔබ ඔබගේ මාර්ගයෙහි (ඔබගේ කාරණාවන්) කරමින් සිටිනු. මමද (මගේ මාර්ගයෙහි මගේ කාරණාවන්) කරමින් සිටින්නෙමි. අවමන් ගෙන දෙන දඬුවම කවුරුන්ව නම් පැමිණ සේන්දු වනු ඇත්ද? බොරු කියන්නා කවරෙක්ද? යන්න ඔබ ඉතා ඉක්මනින් දැන ගන්නෙහුය. (එම කාලය) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මමද ඔබ සමග (එය) බලාපොරොත්තුවෙන් සිටින්නෙමි” (යයිද පැවසුවේය).

"මාගේ ජනයිනි! නුඹලා පිළිගත් නුඹලාගේ මාර්ගයේ නුඹලා හැකි පමණින් කටයුතු කරනු. මා පිළිගත් මාගේ මාර්ගයේ මා හැකි පමණින් කටයුතු කරමි. අප අතරින් කවරෙකු වෙත අවමන් සහගත දඬුවම හා නින්දනීය වේදනාව පැමිණෙන්නේ දැයි ද, පවතින වාදයේ අප අතරින් කවරෙකු බොරුකාරයා යැයි ද නුඹලා මතු දැනගනු ඇත. අල්ලාහ් කවර කරුණක් පිළිබඳ තෘප්තියට පත් වන්නේ ද එය බලපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමග බලාපොරොත්තුවෙන් සිටිමි.

94

وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَأَخَذَتِ ٱلَّذِينَ ظَلَمُوا۟ ٱلصَّيْحَةُ فَأَصْبَحُوا۟ فِى دِيَٰرِهِمْ جَٰثِمِينَ

පසුව (ඔවුන් වෙත) අපගේ නියෝගය පැමිණි විට ෂුඅයිබ්වද, ඔහු සමග විශ්වාසය තැබූවන්වද, අපගේ දයාව මගින් අපි බේරා ගත්තෙමු. අපරාධ කළ අයව හෙණ හඞ අල්ලා ගත්තේය. ඔවුන් තමන්ගේ නිවෙස්වල සිටිමින් (මැරී) වැටී සිටියදීම හිරු උදා විය.

ෂුඅයිබ්ගේ ජනයා විනාශ කරන මෙන් වූ අපගේ නියෝගය පැමිණි කල්හි, අපි අපගේ කරුණා දයාවෙන් ෂුඅයිබ් හා ඔහු සමග දෙවියන් විශ්වාස කළවුන් මුදවා ගත්තෙමු. ඔහුගේ ජනයා අතරින් අපරාධ කළවුනට විනාශකාරී බිහිසුණු හඬක් හට ගෙන ඔවුන් මරණයට පත් වූහ. ඔවුහු ඔවුන්ගේ මුහුණු පසට ඇලී මුණින් අතට වැටුණු අය මෙන් පත් වූහ.

95

كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَآ ۗ أَلَا بُعْدًۭا لِّمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ

එහි ඔවුන් කිසි කලෙක වාසය නොකළාක් මෙන් (කිසිම සළකුණක් නොමැතිව) විනාශ වී ගියහ. සමූද් ජනතාව කෙරෙහි ශාපය ඇති වූ ආකාරයටම මෙම මද්යන් (ජනතාව) කෙරෙහිද ශාපය ඇති විය යන්න දැන ගනු.

ඔවුහු එහි පදිංචි නොවූවාක් මෙන් වූහ. දැනගනු. සමූද් ජනයා වෙත අල්ලාහ්ගේ උදහස පහළ වීමෙන් ඔවුන් ඔහුගේ කරුණා දයාවෙන් නෙරපා හරිනු ලැබුවාක් මෙන්ම මද්යන් වාසීන්හට විනාශය අත්වීමෙන් ඔවුන් ද ඉන් නෙරපා හරින ලදී.

96

وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِـَٔايَٰتِنَا وَسُلْطَٰنٍۢ مُّبِينٍ

තවද අපගේ ආයාවන් සමගද, පැහැදිලි සාධකයන් සමගද මූසාව (අපගේ දූතයා වශයෙන් ෆිර්අව්න් වෙතද, ඔහුගේ ජනතාව වෙතද) නියත වශයෙන්ම අපි යැව්වෙමු.

අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන අපගේ සාධක සහ මූසා (අලයිහිස් සලාම්) තුමා කවර කරුණක් ගෙන ආවේද එය තහවුරු කරන පැහැදිළි සාධක සමග සැබැවින්ම අපි මූසා ව එව්වෙමු.

97

إِلَىٰ فِرْعَوْنَ وَمَلَإِي۟هِۦ فَٱتَّبَعُوٓا۟ أَمْرَ فِرْعَوْنَ ۖ وَمَآ أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍۢ

(එබැවින්) ෆිර්අව්න් වෙතද, ඔහුගේ ප්‍රධානීන් වෙතද (ඔහු ගියේය). ෆිර්අව්න්ගේ නියෝගය (ඔහුගේ සමූහය) අනුගමනය කරමින් සිටියහ. ෆිර්අව්න්ගේ නියෝගයන් නම්, ඍජු මාර්ගයෙහි තිබුනේ නැත.

ෆිර්අවුන් හා ඔහුගේ ප්රජාව අතර සිටි ප්රභූවරුන් වෙත අපි ඔහු එව්වෙමු. අල්ලාහ් ව ප්රතික්ෂේප කරන මෙන් ෆිර්අවුන් එම ප්රභූවරුන්ට කළ නියෝගය ඔවුහු පිළිපැද්දෝය. ෆිර්අවුන්ගේ නියෝගය පිළිපදිනු ලබන තරමට එය සත්ය පෙන්වා දෙන කරුණක් නොවීය.

98

يَقْدُمُ قَوْمَهُۥ يَوْمَ ٱلْقِيَٰمَةِ فَأَوْرَدَهُمُ ٱلنَّارَ ۖ وَبِئْسَ ٱلْوِرْدُ ٱلْمَوْرُودُ

විනිශ්චය දිනදී ඔහු තම ජනතාව ඉදිරියේ (මාර්ගෝපදේශකයෙකු වශයෙන්) ගොස් ඔවුන්ව නිරයෙහි සේන්දු කරනු ඇත. ඔවුන් යන තැන ඉතාමත් නපුරුය.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ෆිර්අවුන්, ඔහු හා ඔහුගේ සමූහයා අපා ගින්නට පිවිසෙන තෙක්ම ඔහු පෙරමුණ ගනු ඇත. ඔහු ඔවුන් කැටුවාගෙන යන ස්ථානය නපුරුය.

99

وَأُتْبِعُوا۟ فِى هَٰذِهِۦ لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَٰمَةِ ۚ بِئْسَ ٱلرِّفْدُ ٱلْمَرْفُودُ

මෙලොවෙහිද, පරලොවෙහිද ශාපය ඔවුන් පසු පස එළවන්නේය. ඔවුන්ට ලැඛෙන ත්‍යාගය ඉතාමත් නපුරුය.

ජලයේ ගිලී ඔවුන් විනාශයට පත් වීමත් සමගම ඔහුගේ කරුණාවෙන් දුරස් කිරීම, නෙරපා හැරීම හා ශාපය මෙලොව ජීවිතයේ දී ඔවුන් පසුපස හඹා එන්නට ඔහු සැලැස්වීය. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද ඔහුගේ කරුණාවෙන් දුරස් කිරීම, හා නෙරපා හරිනු ලැබීම ඔවුන් පසුපස හඹා එන්නට සැලැස්වීය. මෙලොව හා මතුලොව දඬුවම යන ශාප දෙක එකිනෙකට පර ව ඔවුනට ඇති වීම නපුරක් විය.

100

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْقُرَىٰ نَقُصُّهُۥ عَلَيْكَ ۖ مِنْهَا قَآئِمٌۭ وَحَصِيدٌۭ

(ඉහත සඳහන්) මේවා සමහර (රට) වැසියන්ගේ ඉතිහාසයන් වන්නේය. මේවා අපි ඔබට පැවසුවෙමු. මේවායෙන් සමහරක් (දැනටත්) ඇත. සමහරක් විනාශ වී ගියේය.

මෙම පරිච්ඡේදයේ සඳහන් කරනු ලැබූ ගම්වාසීන්ගේ තොරතුරු අපි මෙසේ දන්වා සිටින්නෙමු. මෙම ගම්මාන අතර ශේෂ ව ඇති නටඹුන් ඇත. එමෙන්ම කිසිදු සළකුණක් ඉතිරි නොවන තරමට සියලු දෑ මුළුමණින්ම විනාශ කළ ගම්මාන ද ඇත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.