Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 123

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓر ۚ كِتَٰبٌ أُحْكِمَتْ ءَايَٰتُهُۥ ثُمَّ فُصِّلَتْ مِن لَّدُنْ حَكِيمٍ خَبِيرٍ

අලිෆ්. ලාම්. රා. (මෙය) ධර්ම පුස්තකයයි. සියල්ල හොඳින් දැන සිටින ඥානයෙන් පිරි අය විසින් මෙහි ආයාවන් (විවිධ සාධකයන් මගින්) ස්ථාපිත කළ පසු, (පැහැදිලිව) විවරණය කරනු ලැබ ඇත්තේය.

(අලිෆ්, ලාම්, රා) සූරාවන්හි පැමිණෙන මෙවන් අක්ෂර මාළා භාවිතය පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයේ සඳහන් කෙරී ඇත. අල් කුර්ආනය වනාහි, එය පෙළ ගැස්මෙන් හා අර්ථයෙන් ස්ථාවර කරනු ලැබූ ග්රන්ථයකි. එහි කිසිදු දොසක් හෝ අඩුවක් හෝ නැත. අනතුරුව හලාල් හෙවත් අනුමත දෑ හරාම් හෙවත් තහනම් දෑ, නියමයන්, තහනම් දෑ, ප්රතිඥාවන්, අවවාදයන්, කතා වස්තු හා වෙනත් කරුණු සම්පාදනය කළ මෙන්ම ආගමානුගත කළ මහා ප්රඥාවන්ත, තම ගැත්තන්ගේ සියලු තොරතුරු හා ඔවුනට ගැළපෙන දෑ කුමක්දැ?යි යන්න වග මැනවින් දන්නා අල්ලාහ් වෙතින් පහළ වූවක් බව විස්තර කරනු ලැබ ඇත.

2

أَلَّا تَعْبُدُوٓا۟ إِلَّا ٱللَّهَ ۚ إِنَّنِى لَكُم مِّنْهُ نَذِيرٌۭ وَبَشِيرٌۭ

(නබියේ! මිනිසුන්ට ඔබ මෙසේ පවසනු): “ඔබ අල්ලාහ් හැර (වෙන කිසිවෙකුව) නොනමදිනු. (විශ්වාසය නොතැබූවන්ට) බිය ගන්වා අනතුරු අඟවන්නෙකු වශයෙන්ද, (විශ්වාසය තැබූවන්ට) ශුභාරංචි දෙන්නෙකු වශයෙන්ද, නියත වශයෙන්ම මා ඔහු වෙතින් ඔබ වෙතට පැමිණ ඇත්තෙමි.

අල්ලාහ්ට වෙනත් දෑ ආදේශ කරමින් නැමදීම තහනම් යැයි ද අහෝ ජනයිනි! සැබැවින්ම මම නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුට පිටුපාන්නෙහු නම් ඔහුගේ දඬුවම පිළිබඳ නුඹලාට අනතුරු අඟවන්නෙක්මි. එමෙන්ම නුඹලා ඔහු විශ්වාස කොට ඔහු ආගමානුගත කළ දෑ පිළිපදින්නේ නම් ඔහු පිරිනමන කුසල් පිළිබඳ නුඹලාට ශුභාරංචි දන්වන්නෙක්මි යැයි ද මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පහළ කරනු ලැබූ මෙම පාඨවල අන්තර්ගත වී ඇත.

3

وَأَنِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُمَتِّعْكُم مَّتَٰعًا حَسَنًا إِلَىٰٓ أَجَلٍۢ مُّسَمًّۭى وَيُؤْتِ كُلَّ ذِى فَضْلٍۢ فَضْلَهُۥ ۖ وَإِن تَوَلَّوْا۟ فَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ كَبِيرٍ

“ඔබ, ඔබගේ දෙවියන්ගේ පව් ක්ෂමාව ඉල්ලා (පාපයන්ගෙන් ඈත් වී) ඔහු දෙසට හැරෙනු. (එසේ කළහොත්) නියමිත (දීර්ඝ) කාලයක් දක්වා ඔබව හොඳ අන්දමට සැප සම්පත් විඳීමට සලස්වනු ඇත. දයාවෙන් පිරි සෑම කෙනෙකුටම (පරලොවදී) තම දයාව වැඩි වැඩියෙන් දෙනු ඇත. ඔබ (ඔහුව) ප්‍රතික්ෂේප කළහොත් ඉමහත් වූ දිනදී දඬුවම නියත වශයෙන්ම ළඟා වනු ඇතැයි මා බිය වන්නෙමි.

අහෝ ජනයිනි! නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා පාපක්ෂමාව ඇයැද, නුඹලා වැරදි සිදුකර ඇත්නම් ඒ ගැන පසුතැවිලි වී ඔහු වෙත යොමු වනු. නුඹලාගේ නියමිත කාලය අවසන් වන තෙක් යහපත් ලෙස මෙලොව ජීවිතයේ භුක්ති විඳින්නට ඔහු නුඹලාට සළස්වයි. අවනත වීමේදී හා ක්රියා කිරීමේදී භාග්ය ලත් සියලු දෙනාට ඔහුගේ භාග්යලත් කුසල් කිසිදු අඩුවකින් තොරව සම්පූර්ණයෙන් පිරිනමනු ඇත. මාගේ පරමාධිපති වෙතින් කවර කරුණක් විශ්වාස කරන මෙන් මා නුඹලා වෙත ගෙන ආවේ ද එය නුඹලා ප්රතික්ෂේප කරන්නෙහු නම්, ඉතා බිහිසුණු සිදුවීම් සහිත දිනයේ දඬුවම පිළිබඳ මම නුඹලාට අනතුරු අඟවමි. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.

4

إِلَى ٱللَّهِ مَرْجِعُكُمْ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ

ඔබ අල්ලාහ් වෙතම පැමිණිය යුතුව ඇත්තේය. ඔහු සියල්ලකෙරෙහිම ඉතාමත් බලසම්පන්නයෙකි.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී යා යුත්තේ අල්ලාහ් වෙත පමණය. ශුවිශුද්ධ ඔහු සියලු දෙනා කෙරෙහි සර්වබලධාරියාය. ඔහුව පරාජය කිරීමට කිසිවකුට නොහැකිය. නුඹලාගේ මරණයෙන් හා නුඹලා යළි අවදි කිරීමෙන් පසුව නුඹලාට ජීවය දී නුඹලාගෙන් ප්රශ්න කිරීමට ඔහු අසමත් වන්නේ නැත.

5

أَلَآ إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا۟ مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُۥ عَلِيمٌۢ بِذَاتِ ٱلصُّدُورِ

(මෙම පාපතරයන් තම නපුරු සිතුවිලි) අල්ලාහ්ට සැඟවීම සඳහා (ඒවා) තම හෘදයන්හි (තබා) සඟවා ගැනීමට අදහස් කරන්නාහ යන්න (නබියේ! ඔබ)දැන ගනු (මැනව!) (නින්දට යන විට) ඔවුන් තමන්ගේ පොරවණය මගින් තමන්ව සඟවා ගන්නා තෙක් (එයට වෙනස්ව) ඔවුන් එළිදරව් කරන දැයද, ඔහු හොඳින් දන්නේය යන්න (ඔබ) දැන ගනු (මැනව!) නියත වශයෙන්ම ඔහු හෘදයන්හි ඇති (රහස්) සියල්ල හොඳින් දන්නෙකි.

සැබැවින්ම අල්ලාහ්ට ආදේශ තබන මොවුන් ඔහු ගැන නොදැනුවත්කමින් ඔවුන්ගේ හදවත් තුළ ඇති සැකයන් ඔහුගෙන් වසං කරන්නට ඔවුන්ගේ හදවත් සඟවන්නට බලන බව දැනගනු. ඔවුන්ගේ වස්ත්රවලින් ඔවුන්ගේ හිස් ආවරණය කරන අවස්ථාවේදීත් ඔවුන් සඟවන දෑ හා ඔවුන් හෙළි කරන දෑ පිළිබඳ අල්ලාහ් දනී. සැබැවින්ම හදවත් තුළ සැඟ වී පවතින සියලු දෑ පිළිබඳ අල්ලාහ් සර්වඥානීය.

6

۞ وَمَا مِن دَآبَّةٍۢ فِى ٱلْأَرْضِ إِلَّا عَلَى ٱللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّۭ فِى كِتَٰبٍۢ مُّبِينٍۢ

අල්ලාහ්, ආහාර සැපයීමට බාර නොගත් කිසිම ජීවියෙක් භූමියෙහි නැත. ඒවා (ජීවත් වී) සිටින ස්ථානයද, ඒවා (මරණයට පත් වී) භූමදානය වන ස්ථානයද ඔහු දැනගෙනම සිටින්නේය. මේවා සියල්ල (ලව්හුල් මහ්ෆූල් නමැති ඔහුගේ) පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන්ව ඇත්තේය.

මහ පොළොව මත වෙසෙන කවර මැවීමක් හෝ වේවා අල්ලාහ්ගෙන් වූ භාග්යයක් ලෙසින් එහි පෝෂණය ඔහුගේ භාරයේ මිස නැත. මහ පොළොවෙහි එය වාසය කරන ස්ථානය ඔහු දන්නා සේම එහි මිය යන දෑ මිය යන ස්ථානය ද දනී. වෙසෙන සෑම ජීවියෙකුගේම නවාතැනත්, මිය යන තැනත් පැහැදිලි පුස්තකයේ සඳහන් ව ඇත. එය ලව්හුල් මහ්ෆුල් නම් සටහන් පුවරුවයි.

7

وَهُوَ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ وَكَانَ عَرْشُهُۥ عَلَى ٱلْمَآءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًۭا ۗ وَلَئِن قُلْتَ إِنَّكُم مَّبْعُوثُونَ مِنۢ بَعْدِ ٱلْمَوْتِ لَيَقُولَنَّ ٱلَّذِينَ كَفَرُوٓا۟ إِنْ هَٰذَآ إِلَّا سِحْرٌۭ مُّبِينٌۭ

ඔහුම අහස්ද, භූමියද දින හයකදී උත්පාදනය කළේය. (ඒ අවස්ථාවේදී), ඔහුගේ අර්ෂ් ජලය මත (පාවෙමින්) තිබුණි. ඔබගෙන් දැහැමි ක්‍රියාවන් කරන්නෝ කවරෙක්දැයි ඔබව පිරික්සනු පිණිස, (ඔබවද, මේවාද ඔහු උත්පාදනය කළේය. නබියේ! ඔබ මිනිසුන්ගෙන්) “ඔබ මිය යාමෙන් පසු නියත වශයෙන්ම (පණ ලබා දී) නැගිට්ටවනු ලබන්නෙහුය” යයි පැවසුවහොත්, එයට (ඔවුන්ගෙන් වූ) ප්‍රතික්ෂේප කරන්නන් “මෙය ප්‍රකට සූනියමක් මිස, වෙන කිසිවක් නැත” යයි පවසන්නාහ.

අහස් හා මහපොළොව ඒ දෙකෙහි විශාලත්ව ය මැව්වේ ශුද්ධ වූ අල්ලාහ්ය. එමෙන්ම ඒ දෙකෙහි දෑ දින හයකින් ඔහු මැව්වේය. ඒ දෙක මැවීමට පෙර අල්ලාහ්ගේ රාජධානිය පිහිටියේ ජලය මතය. අහෝ ජනයිනි! නුඹලා අතරින් කවරෙකු අල්ලාහ්ගේ පිළිගැනීමට ලක් වන දැහැමි ක්රියාවන් සිදු කරන්නේ දැයි ද, නුඹලා අතුරින් කවරෙකු ඔහුගේ කෝපයට ලක් වන නපුරු ක්රියාවන් සිදු කරන්නේ දැ?යි ද ඔහු පරීක්ෂා කරනු පිණිස (මෙසේ කළේ)ය. ඒ සෑම දෙයකටම එයට අදාළ ප්රතිඵල ඔහු පිරිනමනු ඇත. "අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලාගේ මරණයෙන් පසු ව විභාග කරනු පිණිස නුඹලාව යළි අවදි කරනු ලබන්නෙහු යැ" යි අහෝ දූතය! නුඹ ඔවුනට පවසා සිටියේ නම් අල්ලාහ් ව ප්රතික්ෂේප කළ, යළි අවදි කරනු ලැබීම පිටු දැක්කා වූ ජනයා "නුඹ පාරායනය කරන අල් කුර්ආනය පැහැදිලි මායාවක් මිස නැත. එය නිෂ්ඵල බව පැහැදිලි වූ ව්යාජයකි" යැයි පවසති.

8

وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ ٱلْعَذَابَ إِلَىٰٓ أُمَّةٍۢ مَّعْدُودَةٍۢ لَّيَقُولُنَّ مَا يَحْبِسُهُۥٓ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِم مَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ

(ප්‍රතික්ෂේප කිරීමේ හේතුවෙන්) ඔවුන්ට (ලැබිය යුතු) දඬුවම සුළු කාලයක් ප්‍රමාද කළ අවස්ථාවේදී “එය වළක්වා දැමුවේ කුමක්ද?”යි (සමච්චලයෙන් මෙන්) විමසන්නාහ. ඔවුන් වෙත එය පැමිණෙන දිනදී ඔවුන්ගෙන් එය වළක්වා දැමීමට නොහැකිය යන්නද ඔවුන් සමච්චල් කරමින් සිටියහ. (දඬුවම) ඔවුන් සියල්ලන්වම වට කර ගන්නේය යන්නද ඔවුන් දැන ගත යුතු නොවේද?

දෙවියන්ට ආදේශ තබන්නන්ගෙන් මෙලොව ජීවිතයේ දී ඔවුනට නියම වූ දඬුවම නියමිත කාලයක් දක්වා අපි ප්රමාද කළේ නම්, එය ඉක්මන් කරන මෙන් පතමින් හාස්යයට ගෙන, "අපගෙන් දඬුවම නවතාලීයේ කුමක්දැ?"යි විමසති. දැනගනු. ඒ සඳහා ඔවුනට නියම වූ දඬුවම අල්ලාහ් වෙත ඇත. එය ඔවුනට පැමිණෙන දින ඔවුන්ගෙන් එය හරවා යවන්නට කිසිදු හැරවුම්කරුවෙක් ඔවුන් නොලබනු ඇත. ඔවුනට එය සිදු වන්නේමය. ඔවුන් සරදමට හා හාස්යයට ලක් කරමින් ඔවුන් ඉක්මන් කරන මෙන් පැතූ දඬුවම ඔවුන් ආවරණය කරනු ඇත.

9

وَلَئِنْ أَذَقْنَا ٱلْإِنسَٰنَ مِنَّا رَحْمَةًۭ ثُمَّ نَزَعْنَٰهَا مِنْهُ إِنَّهُۥ لَيَـُٔوسٌۭ كَفُورٌۭ

අපගේ වරප්‍රසාදයන් මිනිසුන් බුක්ති විඳින ලෙසට අපි සලස්වා පසුව එය ඔහුගෙන් අපි එය පහ කර හැරියහොත්, නියත වශයෙන්ම ඔහු විශ්වාසය බිඳී ඉමහත් කෙළෙහිගුණ නොදන්නෙකු බවට පත් වන්නේය.

පොහෝසත්කමේ හා සුවයේ ආශිර්වාදය වැනි ආශිර්වාදයක් අපි මිනිසාට පිරිනමා පසු ව ඔහුගෙන් එම ආශිර්වාදය ඉවත් කළ විට සැබැවින්ම ඔහු අධික ලෙස අල්ලාහ්ගේ කරුණාව ගැන බලාපොරොත්තු සුන් වී ඔහුට පිරිනැමූ ආශිර්වාදය මහත් සේ ප්රතික්ෂේප කරනු ඇත. අල්ලාහ් ඔහුගෙන් එය වැළැක් වූ විට ඒ ගැන අමතක කරනු ඇත.

10

وَلَئِنْ أَذَقْنَٰهُ نَعْمَآءَ بَعْدَ ضَرَّآءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ ٱلسَّيِّـَٔاتُ عَنِّىٓ ۚ إِنَّهُۥ لَفَرِحٌۭ فَخُورٌ

ඔහුට සිදු වූ දුක් ගැහැට පහ කර, ඔහු සැපත බුක්ති විඳීමට අපි සැලැස්සුවහොත් එයට ඔහු “නියත වශයෙන්ම මගේ දුක් ගැහැට සියල්ල පහ වී ගියේය. (මින් පසුව ආපසු එන්නේ නැත)” යයි පවසන්නේය. මන්දයත් නියත වශයෙන්ම මිනිසා (ඉතා ඉක්මනින්) සතුටට පත් වන්නෙකු වශයෙන්ද, උඞඟූ බස් ෙදාඩන්නෙකු වශයෙන්ද සිටින්නේය.

තමන්ට අත් වූ දිළිඳුකම හා රෝගීභාවයෙන් පසු පෝෂණයේ හා සුවයේ සමෘද්ධිය විඳින්නට අප ඔහුට සැලැස්සුවේ නම්, ඔහු: "නපුර මගෙන් ඉවත් වී ඇත. පීඩා ව පහව ගොස් ඇතැ"යි පවසයි. නමුත් ඒ සඳහා ඔහු අල්ලාහ්ට කෘතවේදී නොවෙයි. සැබැවින්ම ඔහු තමන්ට අල්ලාහ් පිරිනැමූ ආශිර්වාදය ගැන ප්රමෝධමත් වී, ජනයා අපයෝජනයට ලක් කරමින් මහත් ආඩම්භරයෙන් යුතු ව සතුටින් ඉපිළ යයි.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.