Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 123

81

قَالُوا۟ يَٰلُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَن يَصِلُوٓا۟ إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍۢ مِّنَ ٱلَّيْلِ وَلَا يَلْتَفِتْ مِنكُمْ أَحَدٌ إِلَّا ٱمْرَأَتَكَ ۖ إِنَّهُۥ مُصِيبُهَا مَآ أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ ٱلصُّبْحُ ۚ أَلَيْسَ ٱلصُّبْحُ بِقَرِيبٍۢ

(එයට ලුත්ගේ අමුත්තන් ඔහුට) “ඕ ලුත්! නියත වශයෙන්ම අපි ඔබගේ දෙවියන් විසින් එවන ලද මලායිකාවරුන් වන්නෙමු. මොවුන් නියත වශයෙන්ම ඔබ වෙත පැමිණ සේන්දු විය නොහැක. (අද) රාත්‍රියෙහි සුළු කොටසක් ඉතිරිව තිබියදී ඔබ, ඔබගේ පවුලේ අය සමග (මෙතැනින්) පිට වී යනු. (ඔබගේ වදන නොඅසන) ඔබගේ බිරිඳ හැර, ඔබගෙන් කිසිවෙකුත් ඔවුන්ව හැරීවත් නොබලනු. ඔවුන්ව අල්ලා ගන්නා දඬුවම නියත වශයෙන්ම ඇයවද අල්ලා ගනු ඇත. (දඬුවම පැමිණි වහාම) නියත වශයෙන්ම මොවුන්ට පොරොන්දු දෙන ලද කාලය අළුයම් කාලය වන්නේය. අළුයම් කාලය සමීප වූවේ නැද්ද?”යි විමසූහ.

දේව දූතයෝ ලූත් (අලයිහිස් සලාම්) වෙත, "අහෝ ලූත්! සැබැවින්ම අපි අල්ලාහ් විසින් එවූ දූතයෝ වෙමු. නුඹේ ජනයා නුඹ වෙත කිසිදු නපුරක් ගෙන දෙන්නේ නැත. එහෙයින් රාත්රියේ අඳුර පවතින නියමිත හෝරාවෙහි පිට ව යනු. නුඹලා අතර කිසිවෙකු තම පසුපස හැරී නොබැලිය යුතුයි. නමුත් නුඹේ බිරිය හැර. ඇය හැරෙනු ඇත. ඊට හේතුව සැබැවින්ම ඇයද නුඹේ සමූහයා අත් විදින දඬුවම හිමි විය යුතු කාන්තාවක් වන බැවිණි. ඔවුන් විනාශ කිරීමේ ප්රතිඥත වේලාව අලුයම් කාලයයි. එය සමීපයෙන් පවතින ප්රතිඥාවකි.

82

فَلَمَّا جَآءَ أَمْرُنَا جَعَلْنَا عَٰلِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةًۭ مِّن سِجِّيلٍۢ مَّنضُودٍۢ

අපගේ නියෝගයෙහි (කාලය) පැමිණි වහාම ඔවුන්ගේ ගම උඩ යටිකුරු කර පෙරළා දැමුවෙමු. තවද (එයට පෙර) ඔවුන් කෙරෙහි පුළුස්සන ලද ගඩොල් කැට වලින් (වැස්සක් මෙන්) වසින්නට සැලැස්සුවෙමු.

ලූත්ගේ ජනයා විනාශ කිරීමේ අපගේ නියමය පැමිණි කල්හි ඔවුන්ගේ ගම්මානයේ උඩු කොටස ඔසවා ඔවුන් සමගම පෙරළා එහි පහළ කොටස බවට පත් කළෙමු. එකිනෙකට ඉහළින් ඇමුණුනු පසින් වෙළුණු ගල් වර්ෂාවක් අපි අඛණ්ඩ ව පහළ කළෙමු.

83

مُّسَوَّمَةً عِندَ رَبِّكَ ۖ وَمَا هِىَ مِنَ ٱلظَّٰلِمِينَ بِبَعِيدٍۢ

(වීසි කරන ලද සෑම ගඩොල් කැටයකම) ඔබගේ දෙවියන් විසින් සළකුණු කරනු ලැබ තිබුණි. (පෙරළා දමනු ලැබූ) එම ගම (මක්කාවෙහි වෙසෙන) මෙම අපරාධකාරයින්ට ගොඩාක් දුර නොව. (කැමති වුවහොත් එය මොවුන්ට කෙළින්ම ගොස් බැලිය හැකිය).

මෙම ගල් අල්ලාහ් අබියස විශේෂ සළකුණකින් සළකුණු තබන ලද දෑය. කුරෙයිෂ්වරුන් අතර සිටින අපරාධකරුවන්හට මෙම ගල් වර්ෂාව වඩාත් දුරකින් නොමැත. එය ඉතා සමීපයෙන් පවතී. ඔවුන් මත එය පහළ කිරීමට අල්ලාහ් නියම කළේ නම් එය පහළ වනු ඇත.

84

۞ وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ ۖ وَلَا تَنقُصُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ ۚ إِنِّىٓ أَرَىٰكُم بِخَيْرٍۢ وَإِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍۢ مُّحِيطٍۢ

මද්යන් (නමැති රට)වැසියන්ට ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ්ව (අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර වෙන කිසිම දෙවියෙකු ඔබට නැත. මිනුමද කිරුමද අඩු නොකරනු. ඔබ හොඳ තත්වයක සිටීමම මා දකින්නෙමි. (එසේ තිබියදී මිනුමද කිරුමද අඩු කර, කුමක් නිසා වංචා කරන්නෙහුද? එසේ කළහොත්) නියත වශයෙන්ම (ඔබව) වට කර ගත හැකි දඬුවම එක් දිනකදී ඔබ වෙත පැමිණ සේන්දු වනු ඇතැයි මා බිය වන්නෙමි.

මද්යන් වාසීන්ට ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අලයිහිස් සලාම්) තුමා ව එව්වෙමු. එතුමා, "මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට පමණක් නැමදුම් කර ගැතිකම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙක් නැත. මිනිසුනට නුඹලා කිරා දෙන විට හෝ මැණ දෙන විට එම ප්රමාණයෙහි අඩු නොකරනු. පෝෂණයෙන් හා සම්පතින් සමෘද්ධිමත් තත්ත්වයක මම නුඹලා ව දකිමි. අල්ලාහ්ගේ ආශිර්වාදයන් වෙනුවට පාපකම් සිදු කිරීමෙන් නුඹලා එය වෙනස් කර නොගනු. නුඹලා අතරින් සෑම කෙනෙකුවම ආවරණය කරන දින නුඹලා මත දඬුවම පහළ වීම ගැන සැබැවින්ම මම බියවෙමි. ඉන් පලායෑමක් හෝ ආරක්ෂාවීමක් හෝ නුඹලා නොලබනු ඇත." යැයි පැවසුවේය.

85

وَيَٰقَوْمِ أَوْفُوا۟ ٱلْمِكْيَالَ وَٱلْمِيزَانَ بِٱلْقِسْطِ ۖ وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ

“තවද මගේ ජනතාවෙනි! මිනුමද කිරුමද සාධාරණ ලෙසම පූරණය කර තබනු. මිනිසුන්ට (දිය යුතු) ඔවුන්ගේ භාණ්ඩ අඩු නොකරනු. භූමියෙහි අපරාධ කරමින් සැරි සැරීම නොකරනු.

"අහෝ ජනයිනි! නුඹලා කිරන්නේ නම් හෝ මනින්නේ නම් හෝ සාධාරණ අයුරින් කිරුම හා මිනුම සම්පූර්ණ කරනු. වංචාවෙන් හෝ කූට ලෙස හෝ අලාභහානි සිදු කිරීමෙන් නුඹලා ජනයා සතු දෑ කිසිවක් අඩු නොකරනු. ඝාතනය කිරීම හා සෙසු පාපකම් සිදු කිරීමෙන් නුඹලා මහපොළොවේ කලහකාරී ලෙස කටයුතු නොකරනු."

86

بَقِيَّتُ ٱللَّهِ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ ۚ وَمَآ أَنَا۠ عَلَيْكُم بِحَفِيظٍۢ

“ඔබ (ඇත්තෙන්ම) විශ්වාසය තැබූවන් වශයෙන් සිටින්නෙහු නම්, (ඔබගේ ව්‍යාපාරයෙහි ලාභ වශයෙන්) අල්ලාහ් ඉතිරි කර දීමම ඔබට ඉතාමත් උසස් වන්නේය. මා ඔබව අවධානය කරන්නෙකු නොව. (අල්ලාහ්ම ඔබව අවධානය කරන්නෙකු වන්නේය. එබැවින් ඔහුට ඔබ බිය වී කටයුතු කරනු)” යයි පැවසුවේය.

"මිනිසුන්ගේ අයිතිය සාධාරනණීය ලෙස ඉටු කළ පසු ව අනුමත දැයින් නුඹලාට ඉතිරි වන අල්ලාහ්ගේ ශේෂය වංචාවෙන් හා මහපොළොවේ ප්රචණ්ඩකාරී ව ක්රියා කරමින් ලබන අමතර දෑට වඩා අධික ප්රයෝජනවත් හා සමෘද්ධිමත් වන්නේය. නුඹලා සැබෑ ලෙස දෙවියන් විශ්වාස කරන්නන් නම් එම ශේෂය පිළිගනු. නුඹලාගේ ක්රියාවන් සටහන් කරන, ඒ ගැන විභාග කරන අධීක්ෂකයෙකු ලෙස මා නැත. සැබැවින්ම එය අධීක්ෂණය කරන්නා රහස් හා රහස් සාකච්ඡා පිළිබඳ දන්නාය.

87

قَالُوا۟ يَٰشُعَيْبُ أَصَلَوٰتُكَ تَأْمُرُكَ أَن نَّتْرُكَ مَا يَعْبُدُ ءَابَآؤُنَآ أَوْ أَن نَّفْعَلَ فِىٓ أَمْوَٰلِنَا مَا نَشَٰٓؤُا۟ ۖ إِنَّكَ لَأَنتَ ٱلْحَلِيمُ ٱلرَّشِيدُ

එයට ඔවුන් “ඕ ෂුඅයිබ්! අපි, අපගේ මුතුන් මිත්තන් නැමදූ දෙවිවරුන්ව අත්හැර දමන මෙන්ද, අපි අපගේ වස්තූන්ගෙන් අපේ කැමැත්තට අනුව කටයුතු කිරීම අත්හැර දමන මෙන්ද, (ඔබ අපට නියෝග කරන ලෙසද) ඔබගේ සලාතයද ඔබව පොළඹ වන්නේ? නියත වශයෙන්ම ඔබ ඉතාමත් කරුණාවෙන් යුතු ඍජු කෙනෙකි!” යයි (සමච්චලයෙන් මෙන්) පැවසූහ.

ෂුඅයිබ්ගේ ජනයා ෂුඅයිබ් දෙස බලා, "අහෝ ෂුඅයිබ්! නුඹ අල්ලාහ් වෙනුවෙන් ඉටු කරන නුඹේ සලාතය අපගේ මුතුන්මිත්තන් නමදිමින් සිටි පිළිම වන්දනාව අතහැර දමන ලෙස නුඹට අණ කරන්නේ ද එමෙන්ම අප අභිමත කරන පරිදි අපගේ ධනයේ ව්යාපාරික ගනුදෙනු කිරීම හා අප කැමති පරිදි එය වර්ධනය කිරීම අතහැර දමන ලෙස අණ කරන්නේ ද? සැබැවින්ම නුඹ ඉවසන සුළු ඍජු මාර්ගයේ සිටින්නෙකි. මෙම ඇරයුමට පෙර නුඹ ගැන අප දන්නා පරිදි නුඹ ප්රඥාවන්ත බුද්ධිමත් අයෙකි. දැන් නුඹට සිදු ව ඇත්තේ කුමක් ද?" දැයි විමසුවෝය.

88

قَالَ يَٰقَوْمِ أَرَءَيْتُمْ إِن كُنتُ عَلَىٰ بَيِّنَةٍۢ مِّن رَّبِّى وَرَزَقَنِى مِنْهُ رِزْقًا حَسَنًۭا ۚ وَمَآ أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَآ أَنْهَىٰكُمْ عَنْهُ ۚ إِنْ أُرِيدُ إِلَّا ٱلْإِصْلَٰحَ مَا ٱسْتَطَعْتُ ۚ وَمَا تَوْفِيقِىٓ إِلَّا بِٱللَّهِ ۚ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ

එයට ඔහු “මගේ ජනතාවෙනි! මගේ දෙවියන්ගේ පැහැදිලි සාධකයන් මත මා සිටීමද, ඔහු මා හට අවශ්‍ය ආහාරයද හොඳ අන්දමින් ලබා දීමද, ඔබ දන්නෙහිද? (මෙසේ තිබියදී ජනතාවට නපුරක් කිරීමට අවශ්‍යතාවයක් නැත. එබැවින්) මා (පාපයන්ගෙන්) ඔබව වළක්වන (පාපතර) කාරණාවන් කර, ඔබට වෙනස්කම් කිරීමට අදහස් කළේ නැත. (ඔබ නොකළ යුතුය යයි පවසන කාරණාවන් මමත් නොකරන්නෙමි). මා හට හැකි පමණින් (ඔබව) පිළිසකර කිරීම මිස, (වෙන කිසිවක්) මා කැමති වන්නේ නැත. අල්ලාහ්ගේ පිහිට නොමැතිව මා (ඔබව පිළිසකර කිරිමේ කාරණාවෙහි) ජයග්‍රහණය කළ නොහැක. ඔහු මතම මා විශ්වාසය තබා ඇත්තෙමි. ඔහුවම මා බලා සිටින්නෙමි”.

ෂුඅයිබ් තම ජනයාට, "මාගේ ජනයිනි, මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත සිටිය දී, ඔහු මට නබිත්වය ඇතුළු ව අනුමත සම්පතින් පෝෂණය කර තිබියදී, කිසිවකින් මා නුඹලා වැළැක්වීමට හා එම ක්රියාවෙහි නුඹලාට විරුද්ධ ව කටයුතු කිරීමට මා ප්රිය නොකළේ නම් නුඹලාගේ තත්ත්වය ගැන මට පවසන්න. මාගේ හැකියාවේ තරමට නුඹලාගේ පරමාධිපතිගේ ඒකීයත්වය හා ඔහුට අවනත වීම සඳහා මා නුඹලාට කරන ඇරයුම තුළින් බලාපොරොත්තු වන්නේ නුඹලා ව විධිමත් කිරීම පමණය. එය ළඟා කරවීම ශුද්ධ වූ අල්ලාහ්ගෙන් මිස මා වෙත කිසිදු භාග්යයක් නැත. මාගේ සියලුම කටයුතුවලදී මම ඔහු මත පමණක් විශ්වාසය තබමි. මා නැවත හැරී යන්නේ ඔහු වෙතය." යනුවෙන් පැවසුවේය.

89

وَيَٰقَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِىٓ أَن يُصِيبَكُم مِّثْلُ مَآ أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَٰلِحٍۢ ۚ وَمَا قَوْمُ لُوطٍۢ مِّنكُم بِبَعِيدٍۢ

“මගේ ජනතාවෙනි! ඔබට මා කෙරෙහි ඇති විරෝධතාවය නූහුගේ ජනතාවද, හුද්ගේ ජනතාවද සාලිහ්ගේ ජනතාවද අල්ලා ගත් දඬුවම මෙන් දඬුවමක් ඔබවද අල්ලා ගන්නා ලෙසට පත් කිරීමට ඉඩ නොතබනු. ලුත්ගේ ජනතාව (සිටි ස්ථානයද කාලයද) ඔබට එතරම් ඈතකින් නොව”.

"මාගේ ජනයිනි! මා කවර කරුණක් ගෙන ආවේද ඒ ගැන නුඹලා බොරුකිරීම නිසාවෙන් මා සමග පවතින සතුරුකම නූහ්ගේ ජනයාට හෝ හූද්ගේ ජනයාට හෝ සාලිහ්ගේ ජනයාට හෝ කාලයෙන් හා ස්ථානයෙන් නුඹලාට නුදුරින් වූ ලූත්ගේ ජනයාට අත් වූ දඬුවම් මෙන් දඬුවමක් නුඹලාට ද අත්වීම ගැන වූ බිය නුඹලා හසු නොකළ යුතුයි. ඔවුනට අත් වූ ඉරණම නුඹලා මැනවින් දන්නෙහුය. එහෙයින් අවධානයෙන් යුතු ව කටයුතු කරනු."

90

وَٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى رَحِيمٌۭ وَدُودٌۭ

“එබැවින් ඔබගේ දෙවියන්ගෙන් ඔබ සමාව ඉල්ලා සිටිනු. (ඔබගේ පාපයන්ගෙන් පසුතැවිලි වී) ඔහු වෙතම ඔබ හැරෙනු. නියත වශයෙන්ම මගේ දෙවියන් ඉතාමත් දයාබරව හා (කරුණාවෙන් යුතුව) ආදරය කරන්නෙකු වශයෙන්ද සිටින්නේය” යයි පැවසුවේය.

"නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා සමාව අයැද සිටිනු. පසු ව නුඹලාගේ පාපකම් සඳහා පසතැවිලි වී ඔහු වෙත යොමු වනු. සැබැවින්ම මාගේ පරමාධිපති පාපක්ෂමාවේ නිරත වන්නන් ගැන ඉවසන සුළුය. ඔවුන් අතර පසුතැවිලි වී ඔහු වෙත යොමුවන්නන් හට ඔහු මහත් සේ සෙනෙහෙවන්තය."

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.