Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 123

71

وَٱمْرَأَتُهُۥ قَآئِمَةٌۭ فَضَحِكَتْ فَبَشَّرْنَٰهَا بِإِسْحَٰقَ وَمِن وَرَآءِ إِسْحَٰقَ يَعْقُوبَ

(ඒ අවස්ථාවේදී එහි) සිටගෙන සිටිමින් සිටි ඔහුගේ බිරිඳ (ලුත් නබිගේ ජනතාව කරමින් සිටින නපුරු කාරණාවන් ගැන ඇසී) සිනාසුනාය. නමුත් ඒ අවස්ථාවේදීම ඇයට ඉස්හාක් (නමැති පුතෙකු) ගැනද, ඉස්හාක්ට පසු යාකූබ් (නමැති මුණුබුරෙකු ඉපදීමට යාම) ගැනද ශුභාරංචි පැවසුවෙමු.

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාගේ බිරිය සාරා එහි සිටගෙන සිටියාය. සතුටු දන්වන ආරංචියක් අපි ඇයට දන්වා සිටියෙමු. එනම් ඇය ඉස්හාක් නම් දරුවා බිහි කරන බවත් ඉස්හාක්ට පසුව යඃකූබ් නම් දරුවා ඉපදෙන බවත්ය. එවිට ඇය සිනහ වී ඇයට ඇසුණු පුවත ගැන සතුටු වූවාය.

72

قَالَتْ يَٰوَيْلَتَىٰٓ ءَأَلِدُ وَأَنَا۠ عَجُوزٌۭ وَهَٰذَا بَعْلِى شَيْخًا ۖ إِنَّ هَٰذَا لَشَىْءٌ عَجِيبٌۭ

එයට ඇය “මගේ ශෝකය! (මාස් සුද්ධිය නැවතී) මා මැහැළියක් වශයෙන්ද, මගේ මෙම ස්වාමිපුරුෂයා මහල්ලෙකු වශයෙන්ද වූවායින් පසුවද මා (ගැබ් ගෙන) දරුවෙකු ප්‍රසූත කරන්නේ! නියත වශයෙන්ම මෙය මහා පුදුමයකි!” යයි කීවාය.

සාරා තුමියට මලක්වරුන් මෙම පුදුම සහගත ශුභාරංචිය දන්වා සිටි කල්හි ඇය, "මා දරුවන් පිළිබඳ බලාපොරොත්තු සුන් වූ මැහැල්ලියක තත්ත්වයේ සිටිය දී මාගේ සැමියා ද වයෝවෘද්ධභාවයේ සිටිය දී මට කෙසේ නම් දරුවකු ලැබිය හැක්කේ ද? මෙම තත්ත්වයේ දරුවකු පිහිටීම ආශ්චර්යමත් කරුණකි. එය අසාමාන්ය සිදුවීමකි" යැයි පැවසුවාය.

73

قَالُوٓا۟ أَتَعْجَبِينَ مِنْ أَمْرِ ٱللَّهِ ۖ رَحْمَتُ ٱللَّهِ وَبَرَكَٰتُهُۥ عَلَيْكُمْ أَهْلَ ٱلْبَيْتِ ۚ إِنَّهُۥ حَمِيدٌۭ مَّجِيدٌۭ

එයට ඔවුන් අල්ලාහ්ගේ ශක්තිය ගැන ඔබ පුදුම වන්නෙහිද? අල්ලාහ්ගේ දයාවද, ඔහුගේ භාග්‍යයන්ද, (ඉබ්රාහීම්ගේ) මෙම නිවසේ සිටින ඔබ කෙරෙහි ඇත්තේය. නියත වශයෙන්ම ඔහු ඉතාමත් ප්‍රශංසාහායදැයව හා ගෞරවාවින්තවද සිටින්නේය” යයි පැවසූහ.

ශුභාරංචිය ගැන සාරා තුමිය පුදුමයට පත් වූ කල්හි මලක්වරුන් ඇයට මෙසේ පැවසූහ, "අල්ලාහ්ගේ තීන්දුව හා ඔහුගේ නියමය ගැන ඔබ පුදුමයට පත්වන්නී ද? ඔබේ මේ සිද්ධිය සැබැවින්ම මෙවන් දෙයක් කිරීමට අල්ලාහ්ට බලය ඇති බව සැඟවී යන්නේ නැත. ඉබ්රාහීම්ගේ නිවැසියනි ඔබට අල්ලාහ්ගේ ආශිර්වාදය හා සමෘද්ධිය අත්වේවා! සැබැවින්ම අල්ලාහ් ඔහුගේ ගුණයේ හා ඔහුගේ ක්රියාවෙහි ප්රශංසාලාබීය. කීර්තිමත් මෙන්ම උත්තරීතරය.

74

فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَٰهِيمَ ٱلرَّوْعُ وَجَآءَتْهُ ٱلْبُشْرَىٰ يُجَٰدِلُنَا فِى قَوْمِ لُوطٍ

ඉබ්රාහීම්ගේ තිගැස්සීම පහ වී ශුභාරංචි ලැබුනායින් පසු ලුත්ගේ ජනතාව (විනාශ කර දැමීම) ගැන ඔහු අපගේ (මලායිකාවරුන් සමග) තර්ක කිරීමට ආරම්භ කළේය.

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා පිළිගැන්වූ ආහාරය අනුභව නොකළ ඔහුගේ ආගන්තුකයින් සැබැවින්ම මලක්වරුන් යැයි දැනගත් පසු ඇති වූ බිය පහ ව යාමෙන් සාරා ඉස්හාක්ව බිහි කරන්නට යන බවත් පසුව යඃකූබ්ගේ උපතත් ගැන තොරතුරුත් පැමිණීමෙන් පසු ව ඔහු අපගේ දූතවරුන් සමග ලූත්ගේ ජනයාගේ සම්බන්ධයෙන්, ඔවුන්ගෙන් දඬුවම ප්රමාද කරන්නේ ද ලූත් හා ඔහුගේ නිවැසියන් මුදවා ගන්නේ ද යනාදී තර්කයෙහි නිරත විය.

75

إِنَّ إِبْرَٰهِيمَ لَحَلِيمٌ أَوَّٰهٌۭ مُّنِيبٌۭ

නියත වශයෙන්ම ඉබ්රාහීම් ඉතාමත් උණුවන සිතක් ඇත්තෙකු වශයෙන්ද, ආදරයෙන් යුතු කෙනෙකු වශයෙන්ද (මෙයට පෙර) අප දෙසටම හැරුණු කෙනෙකු වශයෙන්ද සිටියේය.

සැබැවින්ම ඉබ්රාහීම් ඉතා දයාලුය. දඬුවම ප්රමාද කිරීම ප්රිය කළේය. තම පරමාධිපති වෙත වඩාත් පහත් ව කටයුතු කළේය. අධික ලෙස ප්රාර්ථනාවන්හි නිරත වූ අතරම ඔහු වෙත පශ්චාත්තාප වී සමාව අයැද සිටියේය.

76

يَٰٓإِبْرَٰهِيمُ أَعْرِضْ عَنْ هَٰذَآ ۖ إِنَّهُۥ قَدْ جَآءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ ءَاتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍۢ

(එබැවින් එම මලායිකාවරුන් ඉබ්රාහීම්ට) “ඕ ඉබ්රාහීම්! ඔබ මේ (ගැන තර්ක නොකර) ප්‍රතික්ෂේප කර හරිනු. නියත වශයෙන්ම (ඔවුන්ව විනාශ කර දැමීමට) ඔබගේ දෙවියන්ගේ නියෝගය නිකුත් විය. තවද නියත වශයෙන්ම ඔවුන් විසින් වැළැක්විය නොහැකි දඬුවම ඔවුන් වෙත පැමිණ සේන්දු වනු ඇත” (යයි පැවසූහ).

මලක්වරුන් මෙසේ පැවසූහ. "අහෝ ඉබ්රාහීම්! ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් වූ තර්කය ඔබ අතහැර දමනු. ඔවුනට අල්ලාහ් නියම කළ දඬුවම සිදුවීම ගැන නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණ ඇත. ලූත්ගේ ජනයා වෙත අතිමහත් දඬුවමක් පැමිණීම නියතය. කිසිදු තර්කයකින් හෝ ප්රාර්ථනාවකින් එය වැළැක්විය නොහැක.

77

وَلَمَّا جَآءَتْ رُسُلُنَا لُوطًۭا سِىٓءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًۭا وَقَالَ هَٰذَا يَوْمٌ عَصِيبٌۭ

(ඉබ්රාහීම් වෙතින්) අපගේ මලායිකාවරුන් ලුත් වෙත පැමිණි අවස්ථාවේදී ඔහු (එම මලායිකාවරුන්ට තම ජනතාවගෙන් කෙසේ නම් ආරක්ෂා කර ගන්නේදැයි) දුකට පත් වී ඔහුගේ සිත හැකිළී “මෙය ඉතාමත් දුක්ඛිත දිනයකි” යයි පැවසුවේය.

මලක්වරුන් පිරිමි හැඩරුවෙන් ලූත් වෙත පැමිණි කල්හි ඔවුන්ගේ පැමිණීම ඔහුට නපුරක් විය. ස්ත්රීන් හැර දමා තම කාමාශාවන් පිරිමින් සමග සංසිදුවා ගත් තම සමූහයා ඔවුන් සමග කටයුතු කරන ආකාරය ගැන බිය ඔහුගේ හදවත පීඩනයට පත් කළේය. ලූත් තුමා, "සැබැවින්ම තම සමූහයා තම ආගන්තුකයින් සම්බන්ධයෙන් අබිබවා කටයුතු කරනු ඇතැයි සිතූ බැවින් මෙය ඉතා බිහිසුණු දිනයක්" යැයි පැවසීය.

78

وَجَآءَهُۥ قَوْمُهُۥ يُهْرَعُونَ إِلَيْهِ وَمِن قَبْلُ كَانُوا۟ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ ۚ قَالَ يَٰقَوْمِ هَٰٓؤُلَآءِ بَنَاتِى هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَٱتَّقُوا۟ ٱللَّهَ وَلَا تُخْزُونِ فِى ضَيْفِىٓ ۖ أَلَيْسَ مِنكُمْ رَجُلٌۭ رَّشِيدٌۭ

(මේ අතර) ඔහුගේ ජනතාව දිව ආවාහ. මීට පෙරද ඔවුන් නපුරු කාරණාවන්ම කරමින් සිටියහ. (මේ අදහසින්ම ඔවුන් වෙත, ඔවුන් පැමිණියහ). එයට (ලුත් නබි ඔවුන්ට) “මගේ ජනතාවෙනි! මෙන්න මගේ දියණියන් සිටින්නාහ. (ඔවුන්ව විවාහ කර ගැනීම) ඔබට ඉතාමත් පරිශුද්ධ දැයකි. අල්ලාහ්ට ඔබ බිය වනු. මගේ අමුත්තන්ගේ කාරණාවෙහි මාව ඔබ අවමන් කර නොදමනු. (ඔබට හොඳ ඔවදන් ලබා දෙන) හොඳ මිනිසුන් එක් කෙනෙකුවත් ඔබ වෙත නැත්තේද?”යි විමසුවේය.

ලූත්ගේ ජනයා තම ආගන්තුකයින් සමග අශීලාචාර ලෙස හැසිරෙන්නට සිතා යුහුසුළුව ලූත් වෙත පැමිණියෝය. මීට පෙර ද තම කාමුක ආශාවන් කාන්තාවන්ගෙන් නොව පිරිමින්ගෙන් සංසිදුවා ගැනීම ඔවුන්ගේ සිරිත විය. ලූත් තුමා තම ආගන්තුකියින් ඉදිරියේ තම ජනයා වළක්වාලමින් හා තමන් වෙනුවෙන් සමාව ඉල්ලමින්, "මේ නුඹලාගේ කාන්තාවන් අතර සිටින මගේ දූවරුන් විවාහ කර ගනු. මෙම අශීලාචාර ක්රියාවට වඩා ඔවුන් නුඹලාට පිවිතුරුය. එහෙයින් නුඹලා අල්ලාහ් ගැන බියවනු. මාගේ ආගන්තුකයන් අතර නුඹලා මා ලැජ්ජාවට පත් නොකරනු. අහෝ ජනයිනි! මේ පිලිකුල් සහගත ක්රියාවෙන් නුඹලා වළක්වන ඍජු බුද්ධිමත් මිනිසෙකු නුඹලා අතර නොමැත්තේද?" යැයි පැවසීය.

79

قَالُوا۟ لَقَدْ عَلِمْتَ مَا لَنَا فِى بَنَاتِكَ مِنْ حَقٍّۢ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ

එයට ඔවුන් “ඔබගේ දියණියන් වෙත අපට කිසිම අයිතියක් නැත යන්න ඔබ හොඳින් දන්නෙහිය. අපි කැමති වන්නේ කුමක්ද යන්නද නියත වශයෙන්ම ඔබ හොඳින් දන්නෙහිය” යයිද පැවසූහ.

ඔහුගේ ජනයා ඔහුට, "අහෝ ලූත්! නුඹේ දූවරුන් හා නුඹේ සමූහයා අතර සිටින කාන්තාවන් අතර කිසිදු කාමුක අවශ්යතාවක් අපට නොමැති බව නුඹ දන්නෙහිය. එමෙන්ම අපි අපේක්ෂා කරනුයේ කුමක්දැ?යිද සැබැවින්ම නුඹ දන්නෙහිය. එහෙයින් අපි පිරිමින් මිස වෙනත් කිසිවෙක් අපේක්ෂා නොකරමු." යැයි පැවසූහ.

80

قَالَ لَوْ أَنَّ لِى بِكُمْ قُوَّةً أَوْ ءَاوِىٓ إِلَىٰ رُكْنٍۢ شَدِيدٍۢ

එයට ඔහු “ඔබලාව වැළැක්වීමට ප්‍රමාණවත් ශක්තිය මට තිබිය යුතු නොවේද? නැතහොත් (ඔබව වැළැක්විය හැකි) ශක්තිමත් පිහිට ආධාරයක් මා අත් කර ගත යුතු නොවේද?”යි (ඉතාමත් දුකෙන් බරව) පැවසුවේය.

"නුඹලා මෙයින් වළක්වාලන්නට මට ශක්තිය තිබුණා නම් එසේ නැතහොත් වළක්වන පරම්පරාවක් සිටියා නම් නුඹලා අතර හා මාගේ ආගන්තුකයින් අතර මැදිහත් වී කටයුතු කරමි." යැයි ලූත් තුමා පැවසීය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.