۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَٰلِحًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ ۖ هُوَ أَنشَأَكُم مِّنَ ٱلْأَرْضِ وَٱسْتَعْمَرَكُمْ فِيهَا فَٱسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ ۚ إِنَّ رَبِّى قَرِيبٌۭ مُّجِيبٌۭ
සමූද් (නමැති ජනතාව) වෙත ඔහුගේ සහෝදර සාලිහ් (අපගේ දූතයා වශයෙන් යැව්වෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔබට ඔහු හැර, වෙන කිසිම දෙවියෙකු නැත. ඔහුම ඔබව භූමියෙන් උත්පාදනය කළේය. එහිම ඔහු ඔබව ජීවත් වීමටද සැලැස්සුවේය. එබැවින් ඔබ, ඔහු වෙතම සමාව ඉල්ලා ඔහු දෙසටම හැරෙනු. නියත වශයෙන්ම මගේ දෙවියන් (ඔබට) ඉතාමත් සමීපස්තයෙකු වශයෙන්ද, (ප්රාර්ථනාවන්) බාර ගන්නෙකු වශයෙන්ද සිටින්නේය” යයි පැවසුවේය.
සමූද් වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් (අලයිහිස් සලාම්) තුමා ව අපි එව්වෙමු. ඔහු, "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් නැමද ගැතිකම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට සුදුසු වෙනත් කිසිවෙකු නුඹලාට නැත. මහපොළොවේ පසින් නුඹලාගේ පියාණන් ආදම් මවා පසුව ඔහුගෙන් නුඹලා ව ඔහු මැව්වේය. එහි පාලකයින් බවට ද නුඹලා ව ඔහු පත් කළේය. එහෙයින් නුඹලා ඔහුගෙන් සමාව අයැද සිටිනු. පසුව අවනතව කටයුතු කරමින් හා පාපකම් අතහැර දමමින් ඔහු වෙතට යොමු වනු. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුට අවංකව කටයුතු කරන්නන් හට ඉතා සමිපය. එවැන්නන්ගේ ප්රාර්ථනාව පිළිගන්නාය.