Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 123

51

يَٰقَوْمِ لَآ أَسْـَٔلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ أَجْرِىَ إِلَّا عَلَى ٱلَّذِى فَطَرَنِىٓ ۚ أَفَلَا تَعْقِلُونَ

“මගේ ජනතාවෙනි! මේ වෙනුවෙන් මා ඔබ වෙතින් කිසිම කුලියක් ඉල්ලූවේ නැත. මගේ කුලිය මාව උත්පාදනය කළ අය වෙතම මිස, (වෙන කිසිවෙකු වෙත) නැත. (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවේද?”

"අහෝ මාගේ ජනයිනි! මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දන්වන දෑ සඳහාත් ඔහු වෙත නුඹලාව මා ඇරයුම් කිරීම සඳහාත් කිසිදු තෑග්ගක් මම නුඹලාගෙන් නොපතමි. මාගේ තෑග්ග මා මැවූ අල්ලාහ්ගෙන් මිස නැත. ඒ ගැන නුඹලා වටහා ගෙන මා කවර කරුණක් වෙත නුඹලා ඇරයුම් කරන්නේ ද ඒ සඳහා නුඹලා පිළිතුරු දිය යුතු නොවේද?"

52

وَيَٰقَوْمِ ٱسْتَغْفِرُوا۟ رَبَّكُمْ ثُمَّ تُوبُوٓا۟ إِلَيْهِ يُرْسِلِ ٱلسَّمَآءَ عَلَيْكُم مِّدْرَارًۭا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا۟ مُجْرِمِينَ

“මගේ ජනතාවෙනි! ඔබ ඔබගේ දෙවියන් වෙතින් පව් සමාව ඉල්ලා (පසුතැවිලි වී) ඔහු දෙසටම හැරෙනු. (ඔහු වළක්වා ඇති) වැස්ස ඔබ කෙරෙහි ඉතාමත් අධික වශයෙන් වැසීමට සලස්වනු ඇත. ඔබගේ ශක්තිය නැවත (නැවතත්) ඔබට වැඩි කරනු ඇත. එබැවින් ඔබ ඔහුව ප්‍රතික්ෂේප කර, වැරදි නොකරනු” (යයිද පැවසුවේය).

"මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිනු. පසුව නුඹලාගේ ෂිර්ක් නම් ආදේශ තැබීමේ මහා පාපය වෙනුවෙන් පසුතැවිලි වී පාපක්ෂමා අයැද සිටිනු. අධික ලෙස වර්ෂාව පහළ කිරීමෙන් ඔහු නුඹලාට කුසල් පිරිනමයි. අධික ලෙස ධන සම්පත හා දරු සම්පත තුළින් නුඹලාගේ ගෞරවයට ඉහළින් ගෞරවයක් වර්ධනය කරයි. මා කවර කරුණක් වෙත ඇරයුම් කරන්නේ ද එය ප්රතික්ෂේප නොකරනු. එවිට මාගේ ඇරයුමට නුඹලා පිටුපෑමෙන්, අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීමෙන් හා මා කවර කරුණක් ගෙන ආවේද එය බොරු කිරීමෙන් නුඹලා වැරදිකරුවන් අතරට පත්වනු ඇත."

53

قَالُوا۟ يَٰهُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍۢ وَمَا نَحْنُ بِتَارِكِىٓ ءَالِهَتِنَا عَن قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ

එයට ඔවුන් “ඕ හූද්! ඔබ (අපි කැමති ආකාරයට) යම්කිසි සාධකයක් අප වෙත ගෙන ආවේ නැත. ඔබගේ වදන වෙනුවෙන් අපි අපගේ දෙවිවරුන්ව අත්හැර දමන්නේ නැත. ඔබව අපි විශ්වාස කරන්නේද නැත” යයි පැවසූහ.

ඔහුගේ සමූහයා ඔහුට, "අහෝ හූද්! නුඹ ව අප විශ්වාස කරන තරමට නුඹ පැහැදිලි සාධකයක් අප වෙත ගෙන ආවේ නැත. කිසිදු සාක්ෂියකින් තොර ව නුඹ කරන හිස් වදන් හේතුවෙන් අපි අපගේ දෙවිවරුන් නැමදීම අතහරින්නේ ද නැත. සැබැවින්ම ඔබ දේව දූතයෙකු බව කරන වාදය විශ්වාස කරන්නන් ලෙස ද අප නැත" යැයි පැවසූහ.

54

إِن نَّقُولُ إِلَّا ٱعْتَرَىٰكَ بَعْضُ ءَالِهَتِنَا بِسُوٓءٍۢ ۗ قَالَ إِنِّىٓ أُشْهِدُ ٱللَّهَ وَٱشْهَدُوٓا۟ أَنِّى بَرِىٓءٌۭ مِّمَّا تُشْرِكُونَ

(තවද) “අපගේ සමහර දෙවිවරුන් ඔබට හානියක් ඇති කර දැමුවේය. (එමගින් ඔබ මනස අවුල් වී ගියේය!) යන්න මිස, (ඔබ ගැන) අපි වෙන කීමට කිසිවක් නැත” (යයිද පැවසූහ). එයට ඔහු “ඇත්තෙන්ම මා අල්ලාහ්ව සාක්ෂියට තබන්නෙමි. නියත වශයෙන්ම මා (ඔහු හැර), ඔබ සමානයන් තබා නමදින දැයෙන් ඈත් වූවෙමි. (මෙයට) ඔබත් සාක්ෂි වශයෙන් සිටිනු” යයි පැවසුවේය.

"අපගේ දෙවිවරුන් අප නැමද සිටීමෙන් නුඹ අප වළක්වන කල්හි ඔවුන්ගෙන් ඇතැමෙක් නුඹ ව උන්මත්තභාවයට පත් කරනු ඇතැයි මිස අප පැවසුවේ නැත." හූද් තුමා මෙසේ පැවසීය: ‘සැබැවින්ම මම අල්ලාහ් මත සාක්ෂි දරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින නුඹලාගේ දෙවිවරුන්ගෙන් සැබැවින්ම මා නිදොස් බව නුඹලා ද සාක්ෂි දරනු. මා හට උන්මත්තභාවය ඇති කරනු ඇතැයි නුඹළා විශ්වාස කරමින් සිටින නුඹලාගේ දෙවිවරුන් හා නුඹලා ද එක් ව කුමන්ත්රණ කරනු. පසුව නුඹලා මාහට අවස්ථාවන් නොදෙනු."

55

مِن دُونِهِۦ ۖ فَكِيدُونِى جَمِيعًۭا ثُمَّ لَا تُنظِرُونِ

“(එබැවින්) ඔහු හැර, ඔබ සියල්ලන්ම එකට එක්කාසු වී මා හට (කළ හැකි) කුමන්ත්‍රණයක් කර බලනු. (මෙහි) ඔබ මා හට පොඩියක් හෝ අවකාශයක් නොදෙනු”.

"අපගේ දෙවිවරුන් අප නමැද සිටීමෙන් නුඹ අප වළක්වන කල්හි ඔවුන්ගෙන් ඇතැමෙක් නුඹ ව උන්මත්තභාවයට පත් කරනු ඇතැයි මිස අප පැවසුවේ නැත." හූද් තුමා මෙසේ පැවසීය, "සැබැවින්ම මම අල්ලාහ් මත සාක්ෂි දරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින නුඹලාගේ දෙවිවරුන්ගෙන් සැබැවින්ම මා නිදොස් බව නුඹලා ද සාක්ෂි දරනු. මා හට උන්මත්තභාවය ඇති කරනු ඇතැයි නුඹළා විශ්වාස කරමින් සිටින නුඹලාගේ දෙවිවරුන් හා නුඹලා ද එක් ව කුමන්ත්රණ කරනු. පසුව නුඹලා මාහට අවස්ථාවන් නොදෙනු.

56

إِنِّى تَوَكَّلْتُ عَلَى ٱللَّهِ رَبِّى وَرَبِّكُم ۚ مَّا مِن دَآبَّةٍ إِلَّا هُوَ ءَاخِذٌۢ بِنَاصِيَتِهَآ ۚ إِنَّ رَبِّى عَلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ

“නියත වශයෙන්ම මා මගේ කාරණාවන් සියල්ල මාවද, ඔබවද උත්පාදනය කර, ආරක්ෂා කරන්නා වන අල්ලාහ් වෙතම බාර කළෙමි. සෑම ජීවියෙකුගේම ඉදිරි කුඩුම්බියද ඔහුම අල්ලාගෙන සිටින්නේය. නියත වශයෙන්ම මගේ දෙවියන් (නීතියේ) ඍජු මාර්ගයෙහිම සිටින්නේය”.

සැබැවින්ම මම අල්ලාහ් මත පමණක් සියල්ල භාර කරමි. මාගේ කටයුත්තෙහි ඔහු මත පමණක් රැඳෙමි. ඔහු මාගේ මෙන්ම නුඹලාගේද පරමාධිපතිය. මහපොළොවේ ගමන් කරන කිසිදු ජීවියෙක් ඔහුගේ පාලනය හා ආධිපත්යය යටතේ ඔහුට යටහත්ව කටයුතු කරනු මිස නැත. ඔහු අභිමත කරන පරිදි ඒවා වෙනස් කරනු ඇත. සැබැවින්ම මාගේ පරමාධිපති සත්ය හා සාධාරණය මත වෙයි. නුඹලා මා වෙත ආධිපත්ය දරන්නට ඔහු කිසි විටෙක ඉඩ සළසන්නේ නැත. හේතුව සැබැවින්ම මම සත්ය මත වන බැවින් හා නුඹලා අසත්ය මත වන බැවිණි.

57

فَإِن تَوَلَّوْا۟ فَقَدْ أَبْلَغْتُكُم مَّآ أُرْسِلْتُ بِهِۦٓ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّى قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُۥ شَيْـًٔا ۚ إِنَّ رَبِّى عَلَىٰ كُلِّ شَىْءٍ حَفِيظٌۭ

“ඔබ මාව ප්‍රතික්ෂේප කරන්නේ නම්, (ඒ ගැන මා දුක් වන්නේ නැත. මන්දයත්) මා ඔබ වෙත කුමක් සඳහා යවනු ලැබුවේද, එය නියත වශයෙන්ම මා ඔබට ගෙනහැර දැක්වූවෙමි. (ඔබව විනාශ කර දමා), ඔබ නොවන වෙනත් ජනතාවන් මගේ දෙවියන් ඔබගේ ස්ථානයෙහි තබනු ඇත. (මේ වෙනුවෙන්) ඔබ ඔහුට කිසිම හානියක් කළ නොහැක. නියත වශයෙන්ම මගේ දෙවියන් සියල්ල ආරක්ෂා කරන්නෙකු වශයෙන් සිටින්නේය. (එබැවින් ඔහු මාවද බේරා ගනු ඇත” යයිද පැවසුවේය).

"මා කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද නුඹලා එය පිටුපා ඒ ගැන කුමන්ත්රණ කරන්නෙහු නම් දැන ගනු මා සතු වන්නේ නුඹලාට දැනුම් දීම පමණි. අල්ලාහ් කවර කරුණක් මා වෙත එව්වේ ද එමෙන්ම කවර කරුණක් දන්වා සිටින මෙන් මාහට නියෝග කළේ ද ඒ සියල්ල මම නුඹලාට දන්වා සිටියෙමි. නුඹලා වෙත සාධක ඇත. මාගේ පරමාධිපති නුඹලා විනාශ කොට නුඹලාගෙන් පසු ව නුඹලා නොවන තවත් පිරිසක් ගෙන එනු ඇත. නුඹලා කරන නුඹලාගේ බොරුවෙන් හෝ නුඹලාගේ පිටුපෑමෙන් ලොකු හෝ කුඩා නපුරක් නුඹලා විසින් අල්ලාහ්ට සිදු කළ නොහැක. හේතුව, සැබැවින්ම ඔහු ඔහුගේ ගැත්තන්ගේ අවශ්යතාවන්ගෙන් තොර බැවිණි. සැබැවින්ම මාගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ නිරීක්ෂකය. නුඹලා කවර කරුණක් මට එරෙහි ව කුමන්ත්රණ කරන්නෙහු ද එවන් නපුරෙන් මා ආරක්ෂා කරනුයේ ඔහුය."

58

وَلَمَّا جَآءَ أَمْرُنَا نَجَّيْنَا هُودًۭا وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَنَجَّيْنَٰهُم مِّنْ عَذَابٍ غَلِيظٍۢ

(මින් පසුවද ඔවුන් ඔහුව ප්‍රතික්ෂේප කර හැරියහ. එබැවින්) අපගේ (දඬුවමෙහි) නියෝගය පැමිණි අවස්ථාවේදී හූද්වද, ඔහු සමග විශ්වාසය තැබූවන්වද අපගේ දයාවෙන් බේරාගෙන, දරුණු දඬුවමෙන්ද අපි ඔවුන්ව බේරා ගත්තෙමු.

ඔවුන් විනාශ කර දැමීමේ අපගේ නියෝගය පැමිණි කල්හි හූද් හා ඔහු සමග වූ දෙවියන් විශ්වාස කළවුන් අපගේ කරුණාවෙන් අපි මුදවා ගත්තෙමු. එම කරුණාව ඔවුනට අත් විය. එමෙන්ම දෙවියන් ප්රතික්ෂේප කළ ඔහුගේ ජනයාට අපි දඬුවම් කළ අති බිහිසුණු දඬුවමින් අපි ඔවුන් මුදවා ගත්තෙමු.

59

وَتِلْكَ عَادٌۭ ۖ جَحَدُوا۟ بِـَٔايَٰتِ رَبِّهِمْ وَعَصَوْا۟ رُسُلَهُۥ وَٱتَّبَعُوٓا۟ أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍۢ

(නබියේ!) මෙය ආද් ජනතාවගේ (ඉතිහාසය වන්නේය). ඔවුන් තමන්ගේ දෙවියන්ගේ සාධකයන් ප්‍රතික්ෂේප කර, (ඔවුන් වෙත යවනු ලැබූ) ඔහුගේ දූතයින්ට වෙනස්කම් කළහ. තවද මුරණ්ඩුකමෙන් යුත් නපුරු අය සියල්ලන්ගේ (නපුරු) දේශනාවන්ද ඔවුන් අනුගමනය කළහ.

මෙම ආද් සමූහයා ඔවුන්ගේ පරමාධිපති වන අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කළෝය. ඔවුන්ගේ දූත හූද්ට එරෙහි ව කටයුතු කළෝය. සත්ය පිළිගැනීමට උඬගු වී එය නොපිළිගත් මෙන්ම එයට යටත් නොවූ අපාරධකරුගේ සෑම නියෝගයක්ම පිළිපැද්දෝය.

60

وَأُتْبِعُوا۟ فِى هَٰذِهِ ٱلدُّنْيَا لَعْنَةًۭ وَيَوْمَ ٱلْقِيَٰمَةِ ۗ أَلَآ إِنَّ عَادًۭا كَفَرُوا۟ رَبَّهُمْ ۗ أَلَا بُعْدًۭا لِّعَادٍۢ قَوْمِ هُودٍۢ

මෙලොවදී (අල්ලාහ්ගේ) ශාපය ඔවුන් පසුපස එළවන්නේය. විනිශ්චය දිනදීද (ඒ අන්දමටය!) නියත වශයෙන්ම ආද් ජනතාව තමන්ගේ දෙවියන්ට වෙනස්කම් කළහ යන්නද හූද් (නබි)ගේ ජනතාව වන ආද්වරුන්ටද විපතකි යන්නද දැන ගනු.

මෙලොව ජීවිතයෙහි ඔවුනට අවමානය හා අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස්වීමක් අත් විය. එලෙසම ඔවුහු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ද අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් කරනු ලබති. එය ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙනි. දැනගනු. අල්ලාහ් ඔවුන්ව සෑම යහපතකින්ම දුරස් කරවා සෑම නපුරක්ම ඔවුනට සමීප කරවනු ඇත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.