Muslim99Muslim99
← Tafsir library

11. Hud

Hud · Meccan · 123 ayahs

سُورَةُ هُودٍ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 123

41

۞ وَقَالَ ٱرْكَبُوا۟ فِيهَا بِسْمِ ٱللَّهِ مَجْر۪ىٰهَا وَمُرْسَىٰهَآ ۚ إِنَّ رَبِّى لَغَفُورٌۭ رَّحِيمٌۭ

එයට ඔහු (තමන්ට ලැදි අයට) මෙය යාත්‍රා කිරීමටද, මෙය නතර කිරීමටද බලසම්පන්නයෙකු වන අල්ලාහ්ගේ ශුද්ධ වූ නාමය පවසා මෙහි ඔබ නැග ගනු. නියත වශයෙන්ම මගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටින්නේය” යයි පවැසුවේය.

නූහ් තුමාගේ සමූහයා හා පවුල අතරින් දෙවියන් විශ්වාස කළවුනට හෙතෙම මෙසේ පැවසීය. "නුඹලා නැවට ගොඩ වනු. අල්ලාහ්ගේ නාමයෙන් නැව යාත්රා කරනු ඇත. ඔහුගේ නාමයෙන් එය නතර වනු ඇත. සැබැවින්ම මාගේ පරමාධිපති තම ගැත්තන් අතර පසුතැවිලි වී පාපක්ෂමාව අයැද සිටින්නන් හට අති ක්ෂමාශීලීය. ඔහු ව විශ්වාස කළවුන් එම විනාශයෙන් මුදවා ගැනීම ඔවුන් කෙරෙහි දැක්වූ ඔහුගේ ආශිර්වාදයකි."

42

وَهِىَ تَجْرِى بِهِمْ فِى مَوْجٍۢ كَٱلْجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبْنَهُۥ وَكَانَ فِى مَعْزِلٍۢ يَٰبُنَىَّ ٱرْكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلْكَٰفِرِينَ

පසුව එම නැව කඳු වැනි විශාල රළ අතරේ ඔවුන්ව ඔසවාගෙන ගමන ආරම්භ කළේය. (ඒ අවස්ථාවේදී) නූහු තමන්ව අත්හැර ඈත්ව සිටි තම පුතාට “මගේ පුතාණෙනි! අප සමග (විශ්වාසය තබා) ඔබත් (මෙහි) නැග ගනු. (අපගෙන් ඈත් වී) ප්‍රතික්ෂේප කරන්නන් සමග ඔබ නොසිටිනු. (එසේ වුවහොත් ඔබත් ජලයෙහි ගිලී යනු ඇත)” යයි (ශබ්ද නගා) ආරාධනා කළේය.

කඳු මෙන් වූ විශාල රළ පහර අතරින් එහි සිටින ජනයා හා වෙනත් දෑ රැගෙන නැව යාත්රා කළේය. පිය සෙනෙහස හේතුවෙන් ඔහුගේ දෙවියන් ප්රතික්ෂේප කළ පුතණුවන්ට ද නූහ් (අලයිහිස් සලාම්) තුමා ඇමතුවේය. ඔහු තම පියාගෙන් හා තම සමූහයාගෙන් වෙන් ව එක් ස්ථානයක තනිව සිටියේය. "මාගේ පුතණුවනි! ගිලී යාමෙන් මිදීම සඳහා ඔබ අප සමග නැවට ගොඩ වනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන් සමග නුඹ නොවනු. එවිට ගිලී යාමෙන් ඔවුනට අත් වූ විනාශය ඔබට ද අත්වනු ඇත."

43

قَالَ سَـَٔاوِىٓ إِلَىٰ جَبَلٍۢ يَعْصِمُنِى مِنَ ٱلْمَآءِ ۚ قَالَ لَا عَاصِمَ ٱلْيَوْمَ مِنْ أَمْرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا ٱلْمَوْجُ فَكَانَ مِنَ ٱلْمُغْرَقِينَ

එයට ඔහු “(මෙම විශාල) ජල ගැල්මෙන් බේරීමට හැකි උස කන්ඳක් මතට මා නැග බේරෙන්නෙමි” යයි පැවසුවේය. එයට ඔහු “අල්ලාහ් දයාව පහළ කළහොත් මිස, ඔහුගේ නියෝගයෙන් බේරීමට අද කිසිවෙකුටත් නොහැකිය” යයි පැවසුවේය. (එවිට) ඔවුන් අතරේ එක් (විශාල) රළක් නැග හරස් වුනේය. ඔහුද ගිලී ගිය අය සමග ගිලී ගියේය.

නූහ්ගේ පුත් නූහ් දෙස බලා, "මා වෙත ජලය ගලා නොඑන පරිදි මම උස් කන්දක් වෙත ගොස් ආරක්ෂාව ලබමි." යැයි පැවසීය. නූහ් තම පුතණුවන්ට, "අද දින තම අභිමතය පරිදි තම දයාවෙන් කරුණා දක්වන අල්ලාහ් හැර මහා ජල ගැල්මෙහි ගිලී යාමේ ඔහුගේ දඬුවමින් නුඹලා වළක්වාලන කිසිවකු නැත." යැයි පැවසීය. නූහ් හා ඔහුගේ දෙවියන් ප්රතික්ෂේප කළ පුතණුවන් අතර මහා ජල රලක් පැමිණ ඔවුන් දෙදෙනා වෙන් කළේය. අවසානයේ ඔහුගේ පුතණුවන් දෙවියන් ප්රතික්ෂේප කළ බැවින් මහා ජලගැල්මෙහි ගිලී විනාශ වූවන් අතරට පත් විය.

44

وَقِيلَ يَٰٓأَرْضُ ٱبْلَعِى مَآءَكِ وَيَٰسَمَآءُ أَقْلِعِى وَغِيضَ ٱلْمَآءُ وَقُضِىَ ٱلْأَمْرُ وَٱسْتَوَتْ عَلَى ٱلْجُودِىِّ ۖ وَقِيلَ بُعْدًۭا لِّلْقَوْمِ ٱلظَّٰلِمِينَ

පසුව “ඕ භූමිය! ඔබ ඔබගේ ජලය ගිල දමනු. ඕ අහස! (වැස්ස වැසීම) නතර කර ගනු” යයි නියෝගයක් නිකුත් කළ වහාම ජලය සිඳී (ගියේය. මේ අතරේ ඔවුන් විනාශ වී ඔවුන්ගේ) කාරණාව අවසන් වී ගියේය. (එම ලී නැව) ජූදි (නමැති කන්දෙ)හි රැඳී සියේය. අපරාධ කළ ජනතාවට (මෙවැනි) විනාශයයි” යයි (ලොව පුරා) ප්‍රචලිත කෙරිණි.

ජල ගැල්ම නතර වූ පසු ව අල්ලාහ් මහපොළොව දෙස බලා: "අහෝ මහපොළොව! නුඹ මත තිබෙන ජලය නුඹ ගිල ගනු." යැයි ද අහස දෙස බලා, "අහෝ අහස! නුඹ රඳවා ගනු. වර්ෂාව පහළ නොකරනු" යැයි ද පැවසීය. මහපොළොව වියැළෙන තෙක්ම ජලය අඩු විය. ප්රතික්ෂේප කළවුන් අල්ලාහ් විනාශ කළේය. නැව ජූදී නම් කන්ද මත නතර විය. පසුව "දෙවියන් ප්රතික්ෂේප කරමින් ඔහුගේ සීමාවන් උල්ලංඝණය කළ ජනයාට විනාශයක්ම වේවා" යැයි පවසනු ලැබීය.

45

وَنَادَىٰ نُوحٌۭ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبْنِى مِنْ أَهْلِى وَإِنَّ وَعْدَكَ ٱلْحَقُّ وَأَنتَ أَحْكَمُ ٱلْحَٰكِمِينَ

(නූහු නබිගේ පුතා ඔහුව අත්හැර දමා ප්‍රතික්ෂේප කරන්නන් සමග ගිය වහාම ඔහුද විනාශ වී යනු ඇතැයි බිය වී) නූහු තම දෙවියන්ට “මගේ දෙවියනේ! මගේ පුතා මගේ පවුලේ අයෙකි! (ඔබම මගේ පවුලේ උදවියව බේරා දෙන බවට පොරොන්දු දී ඇත්තෙහිය). නියත වශයෙන්ම ඔබගේ පොරොන්දුව සත්‍යයකි. විනිශ්චය කරන්නන්ගෙන් ඔබ ඉතාමත් උසස් විනිශ්චයකරුවෙකි” යයි (ශබ්ද නගා) පැවසුවේය.

නූහ් (අලයිහිස් සලාම්) තුමා ඉතා බැගෑපත් ව තම පරමාධිපතියාණන් අමතා, "මාගේ පරමාධිපතියාණනි! සැබැවින්ම මාගේ පුතනුවන් ද ආරක්ෂා කරනු ලබන මෙන් ප්රතිඥා දුන් මාගේම පවුලේ කෙනෙකි. සැබැවින්ම නුඹේ ප්රතිඥාව කිසිදු කඩ කිරීමක් නැති සැබෑ ප්රතිඥාවකි. තීන්දු කරන්නන් අතර නුඹ ඉතා සාධාරණනීයය. එමෙන්ම ඔවුනට වඩා නුඹ මැනවින් දන්නාය." යැයි පැවසීය.

46

قَالَ يَٰنُوحُ إِنَّهُۥ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُۥ عَمَلٌ غَيْرُ صَٰلِحٍۢ ۖ فَلَا تَسْـَٔلْنِ مَا لَيْسَ لَكَ بِهِۦ عِلْمٌ ۖ إِنِّىٓ أَعِظُكَ أَن تَكُونَ مِنَ ٱلْجَٰهِلِينَ

එයට ඔහු “ඕ නූහ්! නියත වශයෙන්ම ඔහු ඔබගේ පවුලේ කෙනෙකු නොව; නියත වශයෙන්ම ඔහු නපුරු ක්‍රියාවන්ම කරමින් සිටියේය. (නපුරු ක්‍රියාවෙහි යෙදෙන්නා ඔබගේ පවුලේ කෙනෙකු නොව). එබැවින් ඔබ නොදන්නා කාරණාවන් ගැන මා වෙත (තර්ක කර), නොවිමසනු. නොදැනුවත් අයගෙන් කෙනෙකු බවට ඔබත් පත් නොවනු යයි මා නියත වශයෙන්ම ඔබට හොඳ ඔවදන් දෙන්නෙමි”යයි පවැසුවේය.

අල්ලාහ් නූහ් අමතා, "අහෝ නූහ්! මුදවා ගන්නැයි නුඹ මගෙන් ඉල්ලා සිටි නුඹගේ පුතණුවන් සැබැවින්ම නුඹේ පවුලෙන් ආරක්ෂා කරන බවට මම නුඹට ප්රතිඥා දුන් අය අතරින් කෙනෙකු නොවීය. සැබැවින්ම ඔහු දෙවියන් ප්රතික්ෂේප කළ අයෙකි. අහෝ නූහ්! නුඹේ මේ ඉල්ලීම නුඹට නොගැළපෙන එකකි. නුඹේ ස්ථානයේ සිටින්නන් හට සුදුසු නොවන්නකි. එහෙයින්, නුඹට කිසිදු දැනුමක් නැති දෙයක් නුඹ මගෙන් ඉල්ලා නොසිටිනු. සැබැවින්ම නුඹ අඥානයින් අතරට පත් වීම ගැන මම අවවාද කරමි. මාගේ දැනුමට හා මාගේ ප්රඥාවට විරුද්ධ නොවන දෑ නුඹ මගෙන් ඉල්ලා සිටිනු’ යැයි පැවසීය.

47

قَالَ رَبِّ إِنِّىٓ أَعُوذُ بِكَ أَنْ أَسْـَٔلَكَ مَا لَيْسَ لِى بِهِۦ عِلْمٌۭ ۖ وَإِلَّا تَغْفِرْ لِى وَتَرْحَمْنِىٓ أَكُن مِّنَ ٱلْخَٰسِرِينَ

එයට ඔහු “මගේ දෙවියනේ! මා නොදන්නා කාරණාවන් ගැන (මින් පසු) ඔබගෙන් නොවිමසන ලෙසට මා ඔබ වෙතින් ප්‍රාර්ථනා කරන්නෙමි. ඔබ මාව ක්ෂමා කර, ඔබ මා හට කරුණාව නොදැක්වුවහොත් නියත වශයෙන්ම මමද පරාජිතයින්ගෙන් කෙනෙකු බවට පත් වන්නෙමි” යයි පැවසුවේය.

නූහ් (අලෙයිහිස් සලාම්) තුමා, "මාගේ පරමාධිපතියාණනි! මාහට දැනුමක් නොමැති දෙයක් ගැන මම නුඹෙන් විමසා සිටීමෙන් සැබැවින්ම මම රැකවරණය හා ආරක්ෂාව පතමි. මාගේ පාපයට නුඹ මට සමාව නොදුන්නෙහි නම්, නුඹේ කරුණාවෙන් මට කරුණා නොකළෙහි නම් මතුලොව භාග්යයන් අහිමි වූ අලාභවන්තයින් අතරට මා ද පත් වෙමි" යැයි පැවසීය.

48

قِيلَ يَٰنُوحُ ٱهْبِطْ بِسَلَٰمٍۢ مِّنَّا وَبَرَكَٰتٍ عَلَيْكَ وَعَلَىٰٓ أُمَمٍۢ مِّمَّن مَّعَكَ ۚ وَأُمَمٌۭ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُم مِّنَّا عَذَابٌ أَلِيمٌۭ

(ජල ගැල්මෙන් ඇති වූ ජලය සිඳී නූහු නබිගේ ලී නැව ජූදි නමැති කන්ඳ මත රැඳී සිටි වහාම නූහුට) “ඕ නූහ්! අපගේ ශාන්තිය සමග (ලී නැවෙන්) ඔබ බැස ගනු. ඔබ කෙරෙහිද, ඔබ සමග සිටින අනිත් ජනතාව කෙරෙහිද ඉමහත් වූ භාග්‍යයන් ඇති වනු මැනව! (පසු කලකදී ඔබගේ) පරම්පරාවේ දරුවන් (විශාල ලෙස බෝවනු ඇත. මෙලොවදී) අපි ඔවුන්ව නියත වශයෙන්ම සැප සම්පත් බුක්ති විඳීමට සලස්වන්නෙමු. පසුව (ඔවුන්ගෙන් බොහොමයක් දෙනා පාපයන් කිරීමට ඉදිරිපත් වී, එමගින්) ඔවුන්ව අපගේ වේදනා ගෙන දෙන දඬුවම පැමිණ සේන්දු වනු අත” යයි කියන ලදී.

අල්ලාහ් නූහ් (අලයිහිස් සලාම්) තුමාට, "අහෝ නූහ්! සුරක්ෂිත ව හා අභයදායී ව නැවෙන් ගොඩ බසිනු. අල්ලාහ්ගෙන් වූ ආශිර්වාදයන් බොහෝමයක් නුඹටත් නුඹෙන් පසු පැමිණෙන නුඹ සමග නැවේ සිටි දේව විශ්වාසීන්ගේ පරපුරටත් ඇත. ඔවුන්ගෙන් පැවත එන දෙවියන් ප්රතික්ෂේප කරන පිරිසක් ද වෙති. මෙලොව ජිවිතයේ භුක්ති විදීමට අපි ඔවුනට අවකාශය දෙන්නෙමු. ඔවුන්ගේ ජිවනෝපායන් ඔවුනට අපි පිරිනමමු. පසුව මතුලොවෙහි අපගෙන් වූ වේදනීය දඬුවම ඔවුනට අත් වන්නේය.

49

تِلْكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهَآ إِلَيْكَ ۖ مَا كُنتَ تَعْلَمُهَآ أَنتَ وَلَا قَوْمُكَ مِن قَبْلِ هَٰذَا ۖ فَٱصْبِرْ ۖ إِنَّ ٱلْعَٰقِبَةَ لِلْمُتَّقِينَ

(නබියේ!) මෙය (ඔබට) සැඟවුණු ඉතිහාසයන්ගෙන් ඇති එකක් වන්නේය. වහී මගින්ම අපි මෙය ඔබට දැනුම් දුන්නෙමු. මෙයට පෙර ඔබ හෝ නැතහොත් ඔබගේ ජනතාව හෝ මෙය දැන සිටියේ නැත. එබැවින් (නබියේ! නූහු මෙන් ඔබත් අමාරුකම් විඳ දරාගෙන) ඉවසීමෙන් සිටිනු. නියත වශයෙන්ම (හොඳ) අවසානය භය භක්තිකයින්ටය.

නූහ් තුමාගේ මේ කතා වස්තුව ගුප්ත තොරතුරු අතරින් වූවකි. අහෝ දූතය! අපි නුඹට දන්වා සිටි දේව පණිවිඩයට පෙර නුඹ මෙය දැන සිටියේ නැත. එමෙන්ම නුඹේ සමූහයා ද මෙය දැන සිටියේ නැත. එබැවින් නූහ් (අලයිහිස් සලාම්) තුමා ඉවසීමෙන් සිටියාක් මෙන් නුඹ ද නුඹේ සමාජයෙන් ඇති වන හිංසාවන් මත හා ඔවුන්ගේ බොරු කිරීම මත ඉවසීමෙන් කටයුතු කරනු.

50

وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًۭا ۚ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ ۖ إِنْ أَنتُمْ إِلَّا مُفْتَرُونَ

ආද් (නමැති) ජනතාව වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව (අපගේ දූතයා වශයෙන්) යැව්වෙමු. (ඔවුන්ට) ඔහු මෙසේ පවැසුවේය: “මගේ ජනතාවෙනි! අල්ලාහ් එක් කෙනෙකුවම ඔබ නමදිනු. ඔහු හැර වෙන දෙවියෙකු ඔබට නැත. (වෙනත් දෙවියෙකු සිටින්නේය යයි පවසන) ඔබ මනක්කල්පිතව බොරු ගොතා පවසන්නන්ය”.

සැබැවින්ම අපි ආද් වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව (අලයිහිස් සලාම්) දහම් දූතයෙකු ලෙස එව්වෙමු. එවිට ඔහු ඔවුන් අමතා: "මාගේ ජනයිනි! නුඹලා අල්ලාහ්ට පමණක් ගැතිකම් කරනු. ඔහු සමග කිසිවෙකු හවුල් නොකරනු. නැමදුමට සුදුසු සුවිශුද්ධ වූ ඔහු හැර වෙනත් කිසිවෙකු නුඹලාට නැත. සැබැවින්ම ඔහුට හවුල්කරුවෙක් ඇතැයි නුඹලා කරන වාදයෙහි නුඹලා බොරුකාරයින් මිස නැත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.